Wednesday, July 19, 2017

කතා කලාට මොනවද කතා කරන්නෙ කියලත් දැන ගන්න අවශ්‍යයි



අද උදේ මම ගියා ගම්පොල ටවුමට පොටෝ කොපි ගහන්න. ෆවුරි මාව දැකලා ඇවිත් කතා කලා.. බොහොම ආවේගයෙන් සැරෙන් කතා කලේ.. රෝහිත එක්ක ගනුදෙනුවක් බේරාගන්න තියනවා කීවා.. ඒකට ගේබරියල් එක්කත් ගනුදෙනුවක් තියනවා කීවා. මිනිහගේ අතිකාල දීමනා සියල්ලම කැපුවා කීවා.. රෝහිත කීවලු මම හෙට කොළඹ යනවා . ගිහින් මේ ගැන කතා කරනවා. එහෙම කතා කරලා මම කෝල් කරන්නම් කීවා. නමුත් කතා කලෙත් නෑ  මම කෝල් කරනකොට පෝන් එක උස්සන්නෙත් නෑ.. පට්ටහොරු.
අනික තමා රෝහිත අසාර්ට කියලා තියනවාලු මමයි උගෙ බ්ලොක් ගල් බිස්නස් එක නවත්තලා වෙන තැනක් සෙට් කලේ කියලා.. රෝහිත කියපු එක නිසා මෙයා එක්ක අසාර්   පැටලිලා.  අහුවෙන්න එපා කියන්න කීවා.. මම ඇවිත් බේරා ගන්න හැදුවෙ  පස්සෙ මම නිකං දැන දැන අවුල් කර ගන්න අවශ් නැ මම ටවුමෙන් මිනිහායි ගේබරියලුයි ුල්ලා ගන්නම් කීවා

වටේට හිටපු රීවීල් කාරයො ඔක්කොම බලාගෙන හිටියෙ.. මූ කීවා මෙයා වැඩ කරන තැන පොරවල් තමා මට  ගේම  දුන්නෙ මාස එකහමාරක්ම බඩගින්නෙ ඉන්න.. මෙයා එක්ක අවුලක් නෑ අනිත් උං තමා අම්බ කැරියො කියලා..

 ගේම..

ඊයෙ උදේම මහේෂ් ආවා. ඇවිත් වැඩ පටන් ගත්තා. මිනිහා ගාවට හිමීට රෝහිත ඇවිත් කීවා මට රිපෝට් එකක් හදා ගන්න අවශ්‍යයි. ඒක කරලා දෙන්න කියලා. මෙන්න මූට මල පැන්නා.. කීවා රෝහිතට කට උත්තර නැති වෙන්නම.. මම වැඩ කීයක් කරනවාද.. හැමෝගෙම වැඩයි මගෙ වැඩයි ඔක්කොම කරන්න වෙලානෙ.. මම මේක ඉවර වෙච්ච ගමන් අස් වෙනවා. හරිම කරදරයක්.. අරෙහෙ යන්න කියනවා  මෙහෙ යන්න කියනවා.. රැුටත් වැඩ කිසිම නිවාඩුවක් නෑ...
යාළුවා හිමීට තමන්ගෙ තැනට ආවා..
පස්සෙ හෙල්බොඩ ගියා.. එතන මෙයා ඉන්ද‍්‍රාණි මිස්ටයි ධනුෂ්කටයි කියලා තිබුනෙ ගෙවත් හදන තැන රුස්වීම කැදවන්න කියලා.. නමුත් පාසලේ තමා ඒක ලෑස්ති කරලා තිබුනෙ.. එතනත්ඉන්ද‍්‍රාණි මිස් හිටියෙ නෑ.. පුතාගෙ එන්ගේජ්මන්ට් එක කියලා මාරු උනා.. ධනුෂ්ක ඇවිත් හිටියෙත් නෑ..
එතනත් මුල් තැන ගත්තෙ මහේෂ්.. මෙයා කතා කලාට හරයක් නෑ...

වත්තෙ අය මෙයාට දැන් ගේම.. මෙයා වේදමුත්තු පස්සෙන් ගියා විතරයි.. වේදමුත්තුට කියලා මෙයාගෙ වැඩ ටික කරගන්න තමා බැලුවෙ.. දැන් වේද මුත්තු නැති නිසා අනිත් අය සේරම වේදමුත්තුගෙන් කාපු පරිප්පුත් මෙයාගෙ පිටින් අරිනවා...  වේද මුත්තුත් අද එනවා හෙට එනවා තියනවා මිසක් තාම එන්නෙ නෑ...

වත්තෙ දෙවෙනියා උනාට ධනුෂ්ක මෙයාව ගනන් ගන්නෙ ම නෑ.. මූනට හොදයි මම හිතන්නෙ මහේෂගෙ කේස් එකෙන් පස්සෙ මුං ගානට අපිට අරිනවා වාගෙ... ප‍්‍රජා සංවර්ධනය කියන්නෙ දැලි පිහියෙන් කිරි කන වැඩක්... ඒක තෙරෙන්නෙ නැති උනාම ඔන්න ගේම..

Monday, July 17, 2017

දේවගැති පෝල්

මේ දැන් මට දේවගැති පෝල් කියන කෙනෙක් කතා කලා..සිස්ටර් ජෝන් තමා මගෙ නොම්මරේ දීලා තියෙන්නෙ..මගෙන් යම් යම් උදව් ඉල්ලුවා කීප දෙනෙක් සදහා.. මම කීවා මේ ගැන වැඩක් කරන්න පුළුවන් අය නම් එඩ්වර්ඩ් කියන කෙනා තමයි කියලා කියුවා විතරයි මිනිහට මල පැන්නා..මට හොද ආකාරයට එයා ගැනි රෝහිත ගැනයි කීවා..මුං මොන තරම් සවුත්තු වෙච් අයද කියලා මට අදයි තේරුනේ.. මම හිතාන හිටයෙ මට විතරයි මු ගේම දෙන්නෙ  කියලා.. දැන් බලපුවාම මුංව එතන හිටපු අනිත් අයටත් හරාම්..මේ ලගදි එඩායි රෝහිතයි දෙන්නාම ආවලු මෙයා ඉන්න තැනට.. ඇවිත් රාත‍්‍රිය ගත කරලා ගියාලු.. අඩුම ගනනේ මෙයාගෙ ආර්ථික තත්වය ගැනවත් ඇහුවෙ නෑ කියලා කීවා..සිස්ටත් මුං දෙන්නා ගැන හොදට දන්නවා.. මුං තමා කිතුණු සාසනය කන්නෙ කීවා..
මම කීවා මමත් මුං හින්දා අපහසුතාවයට පත්වෙලා ඉන්නෙ..වැඩක් කරන්න දෙන්නෙ නෑ.. මුංගෙ වැඩ ටික කර ගන්න විතරයි මාව තියා ගෙන ඉන්නෙ කියලා.. සිස්ටර් සේරම එයාට කීවාලු ඒ ගැන..

මට ඇවිත් හමුවෙන් කීවා.. එයා ඉන්නෙ නුවරලු.. මෙහෙ එන්නෙ නෑ කීවා රෝහිතගෙ මූන වත් බලන්න ආස නැ.. කියලා.. කතා කරපුවාම කතා නොකර බැරි නිසි කතා කරනවා කීවා..

යකෝ මුං ගැන මම විතරක් නෙමෙයිනෙ දන්නෙ...




රෝහිත අද මරු කතාවක් කීවා... වසන්ත අලුවිහාර මංත‍්‍රීගෙ ලේකම්ට එඩ්වර්ඩ් කතා කරලා අර මාතලේ වතුර ටැංකිය ගැන.. මොනවා හරි එඩා නොදන්න දෙයක් කතා කරන් ගිහිං ලේකම් අම්බානක බැනලා පෝන් එකත් තියලා... මේක රෝහිතට එඩා කියලා ෂේප් කරන්න කියලා..අනේ ඉතිං රෝහිතත් අර හාදයට කතා කරලා එ කතා කරපු කෙනා වැඩිය කරුන් කාරනා දන්නෙ නෑ කියලා සමාව ඉල්ලා  ඒකට රෝහිත අත දාපුවාම ලේකම් ඇහුවලු අර කතා කරපු මෝඩයා මොකාද කියලා.. එහෙ ඇහුවා කියලා එඩාටත් මේ හාදයා කීවා කියපංකො... එඩා ඉවරයි නේද.. අපිට මහ ලොකු ටෝක් දැම්මට අපිත් දන්නවා මේකා පට්ට මෝඩයෙක් කියලා.. අපිට ඒක මූනට කියන්න බැරි කම විතරයි.. අනිත් අය එහෙම නෙමෙයිනේ.. මරු...