Wednesday, February 2, 2011

කාල් මාක්ස්



  කාල් මාක්ස්



  



බුදුරජානන්වහණ්සේ,

ජේසුස් වහන්සේ,

මහම්මත් තුමා     වැනි ආගමික නායකයින්ට සමාන බලපැමක් ලෝකයා කෙරෙහි ඇති කල තවත් අයෙකු ලෙස කාර්ල් මාර්ක්ස් හැදින්විය හැක. ලෝකයේ මැතක් දක්වා විහාල ලෙස විකිණි ඇති පොත් තුනෙන් එකක් වන්නේ කාල් මාක්ස්ගේ ප‍්‍රාග්ධනය නමැති කෘතියයි. අනිත් දෙක වුයේ බයිබලය සහ ප්‍රෙඞ්රික් නිට්ෂේගේ සරතුස්ත‍්‍රා ය.


ධනපති ක‍්‍රමයේ ප‍්‍රධානම අභියෝගය හා භයංකාර සිහිනය ලෙසත්, මධ්‍යස පන්තියේ බුද්ධිමය ස්වරුපය හසුරුවන හා බොහෝ වේලාවට එය සසල කරන ප‍්‍රධාන බලවේගය ලෙසත් පිඩිත කම්කරු පන්තියේ එකම ගැලවුම්කාරයා ලෙසත් අභාවප‍්‍රාප්ත වි වසර 125 ක් ඉක්මවුවද තවමත් සලකනු ලබන්නේ කාල් මාක්ස්ය.


කාල් මාක්ස් ජර්මනියේ ප‍්‍රසියාවේ ටි‍්‍රයෙර් නමැති නගරයේ වර්ෂ 1818 මැයි 05 වනදා යුදෙව් පවුලක උපත ලැබිය. ඔහුගේ පියා වෘත්තියෙන් නිතිඥයෙක් විය. ප‍්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයෙන් පසු මාක්ස් අවුරුදු 17 දි එනම් 1835 දි තම පියාගේ බලපැම උඩ නිතිය හැදැරිම සදහා බොන් විශ්ව විද්‍යාලයට ගියමුත් නීති විෂය ගැන කලකිරිමෙන් අනතුරුව දර්ශනය විෂයය හැදැරිමට බර්ලින් විශ්ව විද්‍යාලයට ගියේය.





ෆියුබා බෲනෝ බවර්, ස්ටර්නර්, ප්රුෙදාන් සහ බකුනින් ආදින් මුලදි මාක්ස්ගේ මිත‍්‍රයන් වු නමුත් පසුව එ් සියල්ලෝම පාහේ මාක්ස්ගේ ශාස්ත‍්‍රිය සතුරෝ වුහ. මාක්ස්ට ඔහුගේ ශාස්ත‍්‍රිය මෙන්ම හිතෛශි මිතුරා වු ෆ්‍රෙඞ්රික් එංගල්ස් හමුවුයේ 1844 දිය. මාක්ස්ගේ මරණය දක්වාම එංගල්ස් ඔහුගේ එකම හිතවතා සහ ශාස්ත‍්‍රිය ආධාරකරුවා විය. මාක්ස්, න්‍යායක් වර්ධනය කිරිම සදහා පමණක් ලියුවෙකු නොවු අතර ඔහු තමාගේම දර්ශනය මත ක‍්‍රියාකාරි දේශපාලනයේද නිරත වුවෙකි. ප‍්‍රායෝගික ක‍්‍රියාකාරි දේශපාලනයේ නිරතවිම නිසාම ආර්ථික වශයෙන් දිළින්දෙකු විමෙන් මැදි වයසේදිම සෞඛ්‍ය ප‍්‍රශ්නවලට මුහුණ දිමට ඔහුට සිදු විය. ඒ නිසාම එ් අතර වාරයේ දරුවන් දෙදෙනෙකු ලෙඩවිම සහ දරුවන් දෙදෙනෙකුම අකාලයේ මියයාම නිසා මාක්ස් කම්පනයට පත්ව සිටියද එය දරා ගැනිමට ඔහුට ආත්ම ශක්තියක් තිබිණි.


අප‍්‍රතිහත ධෛර්යකින් යුතුව තමාගේ ෙඔතිහාසික කාර්යභාරය සම්පුර්ණත්වයකට පත් කිරිමට දිවා රාත‍්‍රි වෙහෙසිම නිසා රෝගාතුර වු කාල් මාක්ස් නමැති මේ අග‍්‍රගණ්‍ය චින්තකයා 1883 මාර්තු 14 දින මෙලොවින් සමුගත්තේය.


ලිපිය මුලදි අප දැක්වු ආකාරයේ අති විශාල බලපෑමක් සමකාලින ලෝකය කෙරෙහි මාක්ස් ඇති කලේ කෙසේද? මෙයට හේතුව ශුද්ධ බුද්ධියෙන් හා කාල්පනික චින්තනයෙන් එතෙක් විස්තර කරනු ලැබු ලෝකය කඩා බිද දැමිම සදහා පළමු පියවර ඔසවනු ලැබුවේ කාල් මාක්ස් විමයි.

 ලෝකය යනු විස්තර කල යුතු එකක් නොව වෙනස් කල යුතු හා ගොඩනැගිය යුතු එකක් බව මුල් වරට පැවසුයේ කාල් මාක්ස් විසිනි. මෙම විකල්පිය දර්ශනය සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ භෞතිකවාදි දර්ශනයක් වශයෙනි.


මාක්ස් මෙම දර්ශනයෙන් පළකර සිටියේ ජෝර්ජ් හේගල් සිතුපරිදි ඉතිහාසය යනු මිනිසුන්ගේ අදහස්වල ආපෝහක චලනය පිලිබද ඉතිහාසයක් නොව භෙෘතික කරුණු හා ප‍්‍රත්‍යන්ගේ ආපෝහක චලනය පිලිබද ඉතිහාසය වන බවයි. අදහස් හා චින්තනය යනු අවසාන විශ්ලේශනයේදි භෞතික ලෝකයේම පිලිඹිඹුවක් මිස භෙෘතික ලෝකය අදහස්වල පිලිඹිඹුවක් නොන බව මාක්ස් අවධාරණය කලේය. ඥණය පිලිබද සමාජ විදයාවට මාක්ස් විසින් කරන ලද කොපර්නිකියානු විප්ලවය  මෙය විය. කැම බිම හා වාස්සථාන සපයා ගැනිම මිනිසාගේ පැවැත්මේ ප‍්‍රධානතම අංගය බව මාක්ස්ගේ පළමු ප‍්‍රස්තුතය විය. මිනිස් පැවැත්මේ ස්වාවය ඉහත කි මාර්ග නිපදවා ගැනිම මත තිරණය වෙයි. මිනිස් සමාජය අවසානයේදි මනෝමුලික විස්තරවලින් ඇත්වි මෙම භෙෘතික සත්‍යයෙන් කාර්ය ආරම්භ ක යුතුයැයි මාක්ස් පෙන්වා දෙනුයේ මේ නිසාය.


නිෂ්පාදන ප‍්‍රකාරයන්ගේ ස්වභාවයට අනුව මිනිස් සමාජයේ අවධි 04 ක් දැනට ඉදිවි ඇත. ප‍්‍රාථමික කොමියුනිස්ට් සමාජය හැරෙන්නට අනෙක් සමාජවලදි මිනිසුන් පෞද්ගලික සන්තකය හා ශ‍්‍රම විභජනය මත පන්තිවලට බෙදුණහ. සැම වැදගත් සමාජ වෙන්සවිමක්ම පන්ති අරගලය හා සම්බන්ධවන අතර මේ නිසාම මේ දක්වා පැවති සමාජයන්හි ඉතිහාසය වනාහි පන්ති අරගලවල ඉතිහාසයක් ලෙස මාක්ස් හා එංගල්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ සදහන් කළහ. ඉතිහාසය තුල සමාජයන් එකින් එක ඉදිවී පෙරලී ගොස් අලූත් සමාජ බිහිවිම නිෂ්පාදන මාර්ගයන්ගේ වෙනස්විම හා සම්බන්ධතාවයන් අතර ඇතිවන පරස්පර විරෝදයන්හි වර්ධනය අවසාන හිණිපෙත්තට පත්විමත් සමග සමස්ත නිස්පාදන ප‍්‍රකාරයේ ගුණාත්මක වෙන්සවිමක් ඇතිවන බව මාක්ස් පැවසිය. සමාජ වෙනස්විම පිලිබදව හේතුඵලවාදි විස්තරයක් නොව මාක්ස් විසින් අපෝහකවාදි පැහැදිලි කිරිමක් කරන ලදි.


සමාජය යනු කුමක්ද? යන්නට පිලිතුරු සපයනවාට වඩා    මාක්ස් උත්සාහ කලේ සමාජයේ වෙනස්විම සහ වර්ධනය සදහා න්‍යායක් :විදි ක‍්‍රමයක්* සැපයිමටය. හේගල්ගේ විඥනවාදය ප‍්‍රතික්ෂේප කල මාක්ස් ඔලූවෙන් සිටගෙන සිටි හේගල්ව පමණක් නොව ඔලූවෙන් සිටගෙන සිටි සැම දෙනාවම පාහේ කකුල් දෙකෙන් සිටුවිමේ අවශ්‍යතාවය හොදින් දැන සිටියේය. හේගල්ගේ විදික‍්‍රමය ඓතිහාසික භෞතිකවාදි සන්දර්භයකට භාවිතා කරමින් ඔහු අලූත් නිගමනයක් කරා පැමිණියේය. එ් එ් ප‍්‍රත්‍යයන් තුළ නෛසර්ගිකව පවතින පරස්පර විරෝදයන්ගේ සංඝට්ටනය තුලින් නව බිහිවිමක් සිදුවේය යන්නට සංස්ථිතිකවු භෞතික අර්තකථනයක් ඉදිරිපත් කළේ මාක්ස්ය.


සමාජය කෙරෙහි මිනිසාගේ අවබෝධය පුලූල් කිරිම සදහා මාක්ස් විසින් අලූත් විධික‍්‍රමයක් අලූත් දර්ශනයක් ඉදිරිපත් කරන ලදි. මාක්ස් අභාවප්ප‍්‍රාප්ත වි අවුරුදු 125 ක පිරෙන මොහොතක වුවත් එ් අග‍්‍රගණ්‍ය චින්තකයා කෘත ගුණ පුර්වකව අප විසින් අනුස්මරණය කල යුත්තේ එහෙයිනි. කරනු ලබන කැප කිරිම් නොහොත් ආයෝජනයන් ධනපති ක‍්‍රමය උදුරාගනු ලබන සහන සහ අයිතින් ධනවාදය වර්ධනය විමේ හේතුවෙන් බිහිවු පරිතයාගයන් හැටියට හැදින්විමට ධනවාදය සමත්වි ඇත.  ලෝක ආර්ථිකයේ ව්‍යුහයෙහි හා ශ‍්‍රිතයේ සාමාන්‍යයෙනුත් ලාංකිය ආර්ථිකයේ අයහපත් තත්වය දෙස විශේෂයෙන් බැලිමෙනුත් ධනවාදයේ සියලූම ප‍්‍රකාර ගැලවිය නොහැකි අර්බුදයකට මුහුණ දෙමින් පවතින බව පෙනේ. එම දේශපාලන අර්ථ ක‍්‍රමය පිලිබද මාක්ස් එදා කළ විචාරය අපට පමණක් නොව ධනවාදයෙන් බැටකන සකල පිඩිතයින්ටම ගැලපෙන බව කිව යුතුය.


සමෟද්ධිමත් ධනවාදයක් පිලිබදව මිත්‍යාව පැතිරුණු අවධියේ මාක්ස්ගේ චින්තනය දිරා වැහැරි ගිය එකක් බව පෙන්විම සදහා තවත් අදහසක් ඉදිරිපත් විනි. මෙයිව් කියවුනේ කම්කරු පන්තිය සමස්තයක් වහයෙන් ධනේශ්වර පන්තියට උසස් වෙමින් පවතින බවයි. මෙම මතය මධ්‍යම පංතිකරණවාදය වශයේන හැදින් වේ. මෙයද කාර්මිකරණවාදය පිලිබද මතය මෙන්ම සත්‍යයෙන් තොර බව මෙම ලිපියෙන් පසුව අවබෝධවනු ඇත. මාක්ස්වාදි දර්ශනය යල්පැන ගොස් ඇති නිසා වර්තමාන ලෝකය වටහා ගැනිමට එයින් ලැබෙන රුකුලක් නැතැයි ද මාක්ස්ගේ ප‍්‍රධාන ප‍්‍රස්තුත බොහොමයක් පාහේ ධනවාදයේ වර්ධනය ඉදිරියේ මාක්ස් සමගම මිහිදන්ව ඇතැයි ද බොහෝ අය පවසති.



                   මෙය හරිහැටි  වටහා  නොගත් බොහෝ අය මාක්ස්ගෙන් නිරපේක්ෂ, නොවෙනස් දේව වාක්‍යයන් වැනි සත්‍යන් බලාපොරොත්තු වෙති. මාක්ස් එම බලාපොරොත්තු ඉටු නොකිරිම නිසාම ඔහු යල්පැන ගිය චින්තකයෙකු හැටියට සලකා බැහැර කරයි. මෙම වැරදි නිගමනයට හේතු දෙකක් ඇත. ඉන් පළමු වැන්නම් මොවුන් ආගමික පරාඩිමයක සහ සමාජ පරාඩිමයක වෙනස හදුනා නොගැනිමයි.  ආගමික පරාඩිමයක සත්‍යය නොසෙල්වන ආකාරයට ආගම විසින් නිර්වචනය කර ඇත. සමාජ පරාඩිමයකදි සත්‍යයට සාපේක්ෂ අර්ථයක් ලැබෙන අතර එය අඛණ්ඩව ගොඩනැගෙමින් යන්නක් ලෙස නිර්වචකය වෙනු ලබයි.

බාහිර ලෝකයේ සත්‍යත් තමාගේ දර්ශනය තුල සත්‍යය පිලිබද සංකල්පත් මාක්ස් අර්ථවත් කලේ එපරිදිය. මාක්ස්ගේ නයායන් අද අසත්‍ය වි ඇත ආදි නිගමනයන් මේ අනුව පරාඩිමයන් දෙකක් පටලවා ගැනිම නිසා ජනිත වු එ්වා වෙයි. දෙවැන්න නම් ධනවාදි දෘෂ්ථිවාදය විසින් එදා සිට අද දක්වාම මිනිසාගේ දැස් පුරුදු පුහුණු කලේම සත්‍ය යථාර්ථය නොදකින්නටත් එ් වෙනුවට ව්‍යාජ ක‍්‍රියා සන්තතියක් යථාර්ථය ලෙස දකින්නටත්ය.

ධනවාදය



මේ නිසා දෘෂ්‍යමානයෙන් සහ තාවකාලික වාසිවලින් සැනසෙන බොහෝ අය ධනවාදයේ සශ‍්‍රිකත්වය ඔසවා තබමින් ධනවාදයේ සෘජු පරස්පර විරෝධය හැටියට පත්ව ඇති මාක්ස්ගේ චින්තනයේ කාලින වැදගත්කම ප‍්‍රතික්ෂේප කිරිමට පෙළඹි ඇත. මාක්ස්වාදය ඇත්තෙන්ම අවලංගු වු කාසියක්ද? මාක්ස්ගේ ආකෘතිය ශතවර්ෂයකින් පමණ පරණ වි ගොස් ඇති නිසා එය අද තත්වයට භාවිතා කල නොහැකිද? මාක්ස්ගේ කාර්ය සංසිද්ධිය සැමරිමේදි මෙම ප‍්‍රශ්නයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන නිසා කෙටියෙන් හෝ එ් ප‍්‍රශ්න විග‍්‍රහ කර බැලිම වැදගත් වනු ඇත.


                21 වන ශත වර්ෂයේ සමාජය සැහෙන පරිමාණයකින් වෙනස්වි ඇති බව සත්‍යයකි. මෙම අලූත් සංසිද්ධින් හා ප‍්‍රවණතාවයන් මාක්ස්ගේ ආකෘතිය තුල සටහන්ව නොතිබුනු බවද සත්‍යයකි. එයට හේතුව නම් විෂය බද්ධ ක‍්‍රියාවලින් සිදුවන්නේ මාක්ස්ගේ ආකෘතියට අනුව හෝ එකගව නොවන නිසාය. කෙසේ වුවද ධනවාදි අර්ථ ක‍්‍රමය යම් යම් සහනයන් ජනතාවට මතු පිටින් සපයා ඇති බව අප පිලිගත යුතුය. එහෙත් මෙයින් ධනවාදය පිඩිත ජනතාවගේ ගැලවුම්කරුවා යැයි පිලිගත හැකිද? ඇරත් ධනපති පන්තිය කම්කරුවාට සහන සපයන්නේද අවංක කැමැත්තකින් නොවන බවද අප පිලිගත යුතුය.


ශ‍්‍රි ලංකාවේ කම්කරුවන්ගේ වැටුප් පසුගිය කාලයේ අංකවලින් ඉහල ගිය බව සත්‍යනමුත්, මුදලේ අගයට සාපේක්ෂව ගත්කල ඔවුන්ගේ ජිවන තත්වයේ ඉහලයාමක් සිදුවුනිද? නැත. ආර්ථික වර්ධනයෙන් බිහිවු වාසි හා ජිවන තත්වය ඉහල යාම සමස්ත ජනතාව අතර සමානුපාතිකව බෙදි ගියේද? නැත. නිදහස ලබාගත් දවසේ සිට අද දක්වා ලංකාවේ පැවති ධනේශ්වර තට්ටු මාරු(?* ආණ්ඩු විසින් කරන ලද ආර්ථික සංවර්ධනයේ කැපි පෙනෙන ලක්ෂණය නම් සහනාධාර වලින් යැපෙන 70 ලක්ෂයක ජනතාවක් බිහි කිරිම පමණි. ලෝක ජනගහණයෙන් 2/3 ආසන්න ප‍්‍රමාණයක් අවම ජිවන තත්වයක් මත සිටින බවද මෙහිදි සදහන් කළ යුතුව ඇත.



අද සමාජයේ නව මැද පංතියක් බිහිව ඇතැයි සමහරු පවසන අතර මෙම මැද පංතිය සකස් වි ඇත්තේ වෘත්තිය, ශිල්පිය,  පරිපාලමනය , ලිපිකරු, කළමණාකරණය ආදි රැුකියාවන් කරන පිරිසකගෙනි. මෙය ධනවාදයේ ව්‍යුහය වෙනස් කර ඇති නිසා මාක්ස්ගේ පංති පිලිබදව කල විග‍්‍රහය වෙනස් කල යුතු කාලය එළඹ ඇති බවක් කියැවේ. සමාජ පංතිය නිර්වචනය කල යුත්තේ හිමිකාරිත්ය පිලිබද නිතිමය ප‍්‍රකාරයක් හැටියට නොව නිෂ්පාදන මාර්ගයන්ගේ සාර්ථක පාලනය සැලකිල්ලට ගෙන යැයි මේ අය පවසති. මෙම නිරික්ෂණය නම් තරමක් බැරුරුම් ලෙස ගත යුතු සත්‍යමුත් ප‍්‍රධාන පංතින් අතර ගැටුම අවබෝධ කරගැනිමට අවශ්‍යය මුලික තාර්කික පදනම  මාක්ස් විසින් සපයා දි ඇති බව පිලිගැනිමට එය බාධාවක් නොවේය යන්න මගේ හැගිමයි.


දේශපාලන ආර්ථික ක්ෂේත‍්‍රයේ එදා සහ අද නිරන්තරයෙන් ඉස්මතුවන චලනයන් හා දිශානතින් පමණක් නොව ආගම්වල ආකෘතිය සහ භුමිකාව වටහා ගැනිම සදහා මෙන්ම විද්‍යාවේ නව්‍ය ස්වභාවය තේරුම් ගැනිම සදහාද මාක්ස් විසින් කරන ලද ශාස්ත‍්‍රිය දායකත්වය මිළ කල නොහැකි බව අවධාරණය කල හැකි අතර මාක්ස්ගේ මරණයෙන් 125 වසරක් ගෙවෙන මෙම වර්ෂයේදි එම ශ්‍රේෂ්ඨ චින්තකයා සිහිපත් කල යුත්තේ බටහිර දර්ශනයේ යුග-ප‍්‍රවර්තක අග‍්‍රගණ්‍ය මානවවාදි චින්තකයා අවිවාදයෙන්ම ඔහු පමණක් බැවිනි.
















මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකා ආරච්චිගේ දේශනයක් ඇසුරිනි

Tuesday, February 1, 2011

නිවැරදි පෝෂණය


මෙය ඉතා වැදගත් වගේම සියල්ලන්ගේම ජීවිත වලට වඩාත් සමීප කාරනාවක්  එය නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා  නිවැරදි පෝෂණය යන මාතෘකාවයි  මෙහි වඩාත්ම අවධාරානාත්මක වචන දෙක නම් නිවරදි පෝෂණය වේ

ඇයි අපි එහෙම පවසන්නේ අපිට නිවරදි සෞඛ්‍ය සම්පන්නභාවය ලබා දෙන්න උදා කරලා දෙන්නෙ මේ ලිපිය කියවන 90% ක්ම රුවටිලා බාවිතා කරන වැරදි ආහාර රටාව නොවන නිසා. එය නොමෙයි මේ නිවරදි පෝෂණය කියලා කියන්නෙ. ඒ වාගෙම මේ මාතෘකාවේ තෙක්රුම් කරගත යුතු තවත් කාරනාවක් වන්නේ අද අපේ සමාජයේ බහුතරයක් හුදු  කය දිහා පමනක් බලලා නිරෝගීභාවය තීන්දු කරන ස්භාවයක් තියනවා. සත්‍ය නිරෝගීභාවය යනු වෙන් අප හදුන්වන්නේ එනම් නිවරදි සොඛ්‍ය සම්පන්න භාවය යන්නෙන් අදහස් කරන්නේ කායික සෞඛ්‍ය සම්පන්න කම විතරක්ම නොවේ. එහෙනම් මොකද්ද ...  

කායික සෞඛ්‍ය සම්පන්න කම

මානසික සෞඛ්‍ය සම්පන්න කම

අධ්‍යාත්මික සෞඛ්‍ය සම්පන්න කම

සමාජීය සෞඛ්‍ය සම්පන්න කම

ආර්ථික සෞඛ්‍ය සම්පන්න කම මෙන්ම අලූතෙන් එක්කල සංකල්පය වන්නේ

පාරිසරික  සෞඛ්‍ය සම්පන්න කමයි.

ඇය් අපිට ඩෙංගු හැදෙන්නෙ පාරිසරික  සෞඛ්‍ය සම්පන්න කම නොමැති නිසා නේද? එසේ නම් අප මෙහිදී නිවරදි පෝෂණය කියා හදුන්වන්නේ කුමක්ද? පුලූල් පරාසයක නිවරදි සෞඛ්‍ය සම්පන්න කම යනු කායික මානසික අධ්‍යාත්මික සමාජීය ආර්ථික පාරිසරික නිරෝගී බාවයකට මං පාදන පෝෂණයයි. මෙන්න මේ මූල්ක අවබෝධය සහිතව අප ඉදිරියට යමු. ලෝකයේ මෙතෙක් බිහි වෙලා තියන කුමන වෛද්‍ය විද්‍යාව හෝ කුමන පෝෂණ විද්‍යාව අනුව බැලූවත් නිවරදි පෝෂණ්‍ය නීරෝගී බාවයේ පදනමයි. එමෙන්ම එහි විරුද්ද පැත්තෙන් ගත් කල වැරදි පෝෂණය ලෙඩ රෝග වල පදනමයි. ඒ අනුව අප හට අවධාරනය වන්නේ නිවරදි පෝෂණය යනු නීරෝගීව සිටීමේ රහස යන්න ය.

                 අද අපට මේ කියන කායික මානසික අධ්‍යාත්මික සමාජීය ආර්ථික පාරිසරික නීරෝගී බාවයෙන් යුක්ත නිවරදි පෝෂණ රටාවක් තියනවාද ? අපි ඒගැන තවදුරටත් ප‍්‍රායෝගික මට්ටමෙන් කැරුනු කාරනා කීපයක් සොයා බලමු. ඒ  කරුනු කාරනා පිළිඹදව සාමුහිකව සිතා බලමු. එවිට අප කාටත් පොදු නිගමනයකට පැමිනෙන් පුලූවන් මේ නිවරදි පෝෂණ රටාව ගැන.

පළමු කාරනාව ලෙෂ මෙලෙස සලකා බලමු එනම් අපේ පෝෂණ රටාව නිවරදි නම් අපි මනා සෞඛ්‍ය සම්පන්න ජන සමූහයක් විය යුතුයි. එහිම තවත් පැතිකඩක් වන්නේ අපේ පෝෂණය නිවරදි නම් අපිට වැරදි පෝෂණය නිසා ඇතිවන ලෙඩ රෝග කිසිසේත්ම ඇතිවන්නට ඉඩක් නැත යන්නයි.


සැබෑම සත්‍ය එයද ?



නැහැ කිසිසේත්ම නැහැ අද අපේ පවුල් අපේ සමාජය අපේ රට අපේ සායන වාට්ටු රෝහල් පෞද්ගලික ආරෝග්‍යශාලා පිරිලා ඉතිරිලා ගිහිං තියෙන්නේ වැරදි පෝෂණය නිසා ඇතිවන රෙඩ රෝග නිසා.

මොනවාද මේ ලෙඩ රෝග

දියවැඩියාව

කොලස්ටරෝල් අධික බව

තරබාරුබව

අධි රුධිර පීඩනය

පිළිකා

ගැස්ටයිටි‍්‍රස්

මලබද්ධය නිසා ඇතිවන විවිධ රෝග සහ අර්ශස්

දැඩි කෑම අරුචිය

වැනි දේවල්. මේ සියලූ ලෙඩ රෝග වලට ප‍්‍රධාන හේතු වන්නේ වැරදි ආහාර රටාවත් ඒ හා අත්වැල් බැදගත් වැරදි ජීවන රටාවත් නිසාය.

උදාහරනයක් ලෙස ගතහොත් අද මේ රටේ 20% ක්ම දියවැඩියා රෝගීන් බව හෙලි වෙලා තියනවා. ඒ කියන්නෙ රටේ ඉන්න සෑම හතර දෙනෙක් ගෙන්ම එක් අයෙකුට දියවැඩියාව. දියවැඩියා ගැන සුද්දාගෙ පොතේ මොන විදිහට ලියවිලා තිබුනත් ලංකාවෙ නම් 99%ක්ම හැදෙන්නෙ වැරදි ජීවන රටාව වාගෙම ඒ හා බැදුන අධික විස සහිත ආහාර පරිභෝජන රටාව නිසායි. ඒකට සොබා දහම ලබාදෙන දඬුවමක් ලෙසයි මම දකින්නෙ.

පළමුවෙන්ම  ඔවැනි ලෙඩ රෝග බහුල වීමෙන්ම පෙන්නුම් කරන්නෙ අපි වැරදි ජීවන රටාවකට ඇතුල්වෙලා කියන එක නේද? අපේ පෝෂණයත් වැරදියි කියන එකම නේද ඒ ගැන ඔබම සිතා බලන්න.

දෙවැන්න නම් අද අපේ රටේ ගමේ පාසලේ සිට සුපිරි පාසල දක්වාම බහුලව දකින්න ලැබෙන දෙයක් එනම් උදෑසන රුස්වීමේදී මේ ස්වාභාවික හිරු එලියෙන් විටමින් ඞී පවා ලැබෙන සෞම්‍ය හිරු කිරන මතදීම ඒක වත් දරා ගන්න බැරිව එකා පිට එකා කලන්තෙ දාලා වැටෙනවා. අපි කුඩා කාලේ මෙහෙම ප‍්‍රශ්ණයක් තිබුනාද? ඒ කාලෙ අපි ඉස්කෝලෙ ගියේ මොනවා හරි බඩට දාගෙන හීල් බත් බත් කොස් දෙල් අලබතල කුරහන් මුංඇට කඩල එහෙමත් නැත්නම් ඉදි ආප්ප හරි පිට්ටු හරි දාගෙන තමා ගිාය. අඩුම ගානෙ බඩ පිරෙන්න කොලකැද එකක් හරි ගහලා ගියෙ. නමුත් අද කොහොමද පාසලට යන්නෙ’ මහා ලොකුවට කතා කරන නෙස්ටමෝල්ට් එකෙන් දවස පටන් අරන් නේද ඒ කිරි එක බීලා තමයි ගේමට බහින්නෙ. මේවා මහා උජාරුවෙන් පෙනී සිටිනවා ඒකේ ප‍්‍රථිඵල තමා පාසල් රුස්වීමේදී ලමයා බඬේ මොකුත් නැතුව ළමයා පාසල් රුස්වීමේදී කලන්තෙ දාලා වැටෙනවා.

පෝෂණය ගැන අදහසක්

මෙය ඉතා වැදගත් වගේම සියල්ලන්ගේම ජීවිත වලට වඩාත් සමීප කාරනාවක්  එය නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා  නිවැරදි පෝෂණය යන මාතෘකාවයි  මෙහි වඩාත්ම අවධාරානාත්මක වචන දෙක නම් නිවරදි පෝෂණය වේ
ඇයි අපි එහෙම පවසන්නේ අපිට නිවරදි සෞඛ්‍ය සම්පන්නභාවය ලබා දෙන්න උදා කරලා දෙන්නෙ මේ ලිපිය කියවන 90% ක්ම රුවටිලා බාවිතා කරන වැරදි ආහාර රටාව නොවන නිසා. එය නොමෙයි මේ නිවරදි පෝෂණය කියලා කියන්නෙ. ඒ වාගෙම මේ මාතෘකාවේ තෙක්රුම් කරගත යුතු තවත් කාරනාවක් වන්නේ අදඅ ලේ සමාජයේ බහුතරයක් හුදු  කය දිහා පමනක් බලලා නිරෝගීභාවය තීන්දු කරන ස්බාවයක් තියනවා. ෂත්‍ය නිරෝගීභාවය යනු වෙන් අප හදුන්වන්නේ එනම් නිවරදි සෙූඛ්‍ය සම්පන්න භාවය යන්නෙන් අදහස් කරන්නේ කායික සෞඛ්‍ය සම්පන්න කම විතරක්ම නොවේ. එහෙනම් මොකද්ද ... 
x    කායික සෞඛ්‍ය සම්පන්න කම
x    මානසික සෞඛ්‍ය සම්පන්න කම
x    අධ්‍යාත්මික සෞඛ්‍ය සම්පන්න කම
x    සමාජීය සෞඛ්‍ය සම්පන්න කම
x    ආර්ථික සෞඛ්‍ය සම්පන්න කම
මෙන්ම අලූතෙන් එක්කල සංකල්පය වන්නේ
x    පාරිසරික  සෞඛ්‍ය සම්පන්න කමයි.
ඇය් අපිට ඩෙංගු හැදෙන්නෙ පාරිසරික  සෞඛ්‍ය සම්පන්න කම නොමැති නිසා නේද? එසේ නම් අප මෙහිදී නිවරදි පෝෂණය කියා හදුන්වන්නේ කුමක්ද? පුලූල් පරාසයක නිවරදි සෞඛ්‍ය සම්පන්න කම යනු කායික මානසික අධ්‍යාත්මික සමාජීය ආර්ථික පාරිසරික නිරෝගී බාවයකට මං පාදන පෝෂණයයි. මෙන්න මේ මූල්ක අවබෝධය සහිතව අප ඉදිරියට යමු. ලෝකයේ මෙතෙක් බිහි වෙලා තියන කුමන වෛද්‍ය විද්‍යාව හෝ කුමන පෝෂණ විද්‍යාව අනුව බැලූවත් නිවරදි පෝෂණ්‍ය නීරෝගී බාවයේ පදනමයි. එමෙන්ම එහි විරුද්ද පැත්තෙන් ගත් කල වැරදි පෝෂණය ලෙඩ රෝග වල පදනමයි. ඒ අනුව අප හට අවධාරනය වන්නේ නිවරදි පෝෂණය යනු නීරෝගීව සිටීමේ රහස යන්න ය.
    අද අපට මේ කියන කායික මානසික අධ්‍යාත්මික සමාජීය ආර්ථික පාරිසරික නීරෝගී බාවයෙන් යුක්ත නිවරදි පෝෂණ රටාවක් තියනවාද ? අපි ඒගැන තවදුරටත් ප‍්‍රායෝගික මට්ටමෙන් කැරුනු කාරනා කීපයක් සොයා බලමු. ඒ  කරුනු කාරනා පිළිඹදව සාමුහිකව සිතා බලමු. එවිට අප කාටත් පොදු නිගමනයකට පැමිනෙන් පුලූවන් මේ නිවරදි පෝෂණ රටාව ගැන.
පළමු කාරනාව ලෙෂ මෙලෙෂ ෂලකා බලමු එනම් අපේ පෝෂණ රටාව නිවරදි නම් අපි මනා සෞඛ්‍ය සම්පන්න ජන සමූහයක් විය යුතුයි. එහිම ගවත් පැතිකඩක් වන්නේ අපේ පෝෂණය නිවරදි නම් අපිට වැරදි පෝෂණය නිසා ඇතිවන ලෙඩ රෝග කිසිසේත්ම ඇතිවන්නට ඉඩක් නැත යන්නයි. සැබෑම ෂත්‍ය එයද ?  නැහැ කිසිසේත්ම නැහැ අද අපේ පවුල් අපේ සමාජය අපේ රට අපේ සායන වාට්ටු රෝහල් පෞද්ගලික ආරෝග්‍යශාලා පිරිලා ඉතිරිලා ගිහිං තියෙන්නේ වැරදි පෝෂණය නිසා ඇතිවන රෙඩ රෝග නිසා.
මොනවාද මේ ලෙඩ රෝග
x    දියවැඩියාව
x    කොලස්ටරෝල් අධික බව
x    තරබාරුබව
x    අධි රුධිර පීඩනය
x    පිළිකා
x    ගැස්ටයිටි‍්‍රස්
x    මලබද්ධය නිසා ඇතිවන විවිධ රෝග සහ අර්ශස්
x    දැඩි කෑම අරුචිය
වැනි දේවල්. මේ සියලූ ලෙඩ රෝග වලට ප‍්‍රධාන හේතු වන්නේ වැරදි ආහාර රටාවත් ඒ හා අත්වැල් බැදගත් වැරදි ජීවන රටාවත් නිසාය.
උදාහරනයක් ලෙස ගතහොත් අද මේ රටේ 20% ක්ම දියවැඩියා රෝගීන් බව හෙලි වෙලා තියනවා. ඒ කියන්නෙ රටේ ඉන්න සෑම හතර දෙනෙක් ගෙන්ම එක් අයෙකුට දියවැඩියාව. දියවැඩියා ගැන සුද්දාගෙ පොතේ මොන විදිහට ලියවිලා තිබුනත් ලංකාවෙ නම් 99%ක්ම හැදෙන්නෙ වැරදි ජීවන රටාව වාගෙම ඒ හා බැදුන අධික විස සහිත ආහාර පරිබෝජන රටාව නිසායි. ඒකට සොබා දහම ලබාදෙන දඬුවමක් ලෙසයි මම දකින්නෙ.
පළමුවෙන්ම  ඔවැනි ලෙඩ රෝග බහුල වීමෙන්ම පෙන්නුම් කරන්නෙ අපි වැරදි ජීවන රටාවකට ඇතුල්වෙලා කියන එක නේද? අපේ පෝෂණයත් වැරදියි කියන එකම නේද ඒ ගැන ඔබම සිතා බලන්න.
දෙවැන්න නම් අද අපේ රටේ ගමේ පාසලේ සිට සුපිරි පාසල දක්වාම බහුලව දකින්න ලැබෙන දෙයක් එනම් උදෑසන රුස්වීමේදී මේ ස්වාබාවික හිරු එලියෙන් විටමින් ඞී පවා ලැබෙන සෞම්‍ය හිරු කිරන මතදීම ඒක වත් දරා ගන්න බැරිව එකා පිට එකා කලන්තෙ දාලා වැටෙනවා. අපි කුඩා කාලේ මෙහෙම ප‍්‍රශ්ණයක් තිබුනාද? ඒ කාලෙ අපි ඉස්කෝලෙ ගියේ මොනවා හරි බඩට දාගෙන හීල් බත් බත් කොස් දෙල් අලබතල කුරහන් මුංඇට කඩල එහෙමත් නැත්නම් ඉදි ආප්ප හරි පිට්ටු හරි දාගෙන තමා ගිාය. අඩුම ගානෙ බඩ පිරෙන්න කොලකැද එකක් හරි ගහලා ගියෙ. නමුත් අද කොහොමද පාසලට යන්නෙ’ මහා ලොකුවට කතා කරන නෙස්ටමෝල්ට් එකෙන් දවස පටන් අරන් නේද ඒ කිරි එක බීලා තමයි ගේමට බහින්නෙ. මේවා මහා උජාරුවෙන් පෙනී සිටිනවා ඒකේ ප‍්‍රථිඵල තමා පාසල් රුස්වීමේදී ලමයා බඬේ මොකුත් නැතුව ළමයා පාසල් රුස්වීමේදී කලන්තෙ දාලා වැටෙනවා.

Monday, January 31, 2011


සියල්ල මත බදු බර පැටවී ඇත. වැසියෝ බියෙන් පීඩාවෙන් සිය උපන් දේශය තුළම අසරණව බලා හිඳිති. ජාතියක් යටත් කළ තවත් ජාතියක් උදාරම්ව තව තවත් උන් පෙළන්නට නීති සාදති. ජීවිත අවිනිශ්චිතය. මිථ්යාව කරපින්නාගත් පාලකයෝ දූෂණයේ කෙවිටෙන් මිනිසුන් පෙළති. විරුද්ධව කෙළ පිඬක් හෝ හෙළන්නට ප්රශ්න කරන්නට කිසිවෙකුදු නැත. ‍tnkaoka විය හැකියයි සැක කරනු ලැබුවන් පවා සිරකූඩු වලය. සිරගතවූවන් ගැන ඇස්තමේන්තු ke;. පවුල් බලය යොදමින් කරන ගසා කෑම්, වංචා දූෂණ සාමාන්යකරණය වූ දේවල්ය. ලෙඩ රෝග වසංගත වෙමින් පැතිරේ. දරුවන් වැඩිහිටියන් බෙහෙත් පහසුකම් නැතිව මියැදෙද්දී පාලකයෝ වගක් නැතිව ක්රීඩා තරග නරඹති. මේ සියල්ලට ප්රභූ පැළැන්තියේ පූජක සංඝයේ ආශිර්වාදය නොමදව හිමිය. එකිනෙකා බලය රස විඳියි. ඉදින් වරද එළිපිට වේ නම් එකිනෙකා ඒවා විසින් සාධාරණීකරණය කොට නීත්යානුකූල කිරීමේ මුද්රාව තබයි. රාජ්යය විසින් ආගමික යාන්ත්රණයට... ආගමික යාන්ත්රණය විසින් රාජ්යයට..... එකිනෙකින් පෝෂිත පරපෝෂිත දේහය දිනෙන් දින මිනිසුන් කා දමමින් සිටියි.

රැය උදාවෙයි..... මිථ්යාවෙන් අන්ධ වූ රජු සදා කල් සිහසුන රැක ගනු වස් රැයේ උපන් සියළු පිරිමි දරුවන් මරා දමන්නට අණ දෙයි. තෝර තෝරා හිඳින්නට වෙලාවක් නැත. ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක්; ගහක් ගලක් වුව ඕනෑම මොහොතක සිහසුනට සතුරු විය හැක. හොඳම දෙය නීත්යානුකූලව වනසා දැමීමය. වැසියන් තැන තැන මුණු මුණූ ගෑව , යම පල්ලෝ විත් මේ දැන් ගර්භාෂයෙන් ප්රවේශමින් එළියට ගත් මව් කිරි උරන දරුවා ඇදගෙන ගොස් මරා දැමුව කෝපයට පත්ව කැරළි ගසන ජනතාවක් මෙහි නැත. දහස් ගණන් පිරිමි දරුවන් මෙසේ මියෙද්දී එක් දිරිය මවක් වඩුවෙකු වන සිය වියපත් සැමියා සමග සිය බිළිඳා රැගෙන වෙනත් දෙසකට පළා යයි.

නොරටක බොහෝ දුක් විඳ දරුවා ඇති දැඩි කරන මා පිය යුවළ යළි සිය රට ඒමට වසර ගණනක් ගත වෙයි. යළි පැමිණිය සියල්ල එසේමය. වඩු පවුලේ යෞවනයා වැඩෙන්නේ දූෂණය, වංචාව, මැරකම්, රාජ් ත්රස්තවාදය සේම රාජ් පාලනයේ ප්රබල හස්තයක් වන පූජක යාන්ත්රණයේ කුහකත්වය අත්දකිමිනි. වසර තිහක ජීවිතය තුළ ඔහු වඩුකම ආගම සහ සමාජය මිනිස් ස්වභාවයන් සහ තම ඇතුළාන්තය විමසමින් හදාරා තිබේ. වසර සිය ගණනක් සහෝදර වැසියන්ට පුරුදුව පැවති වහල් බව ඉවසන, හිස පහත් කොට දීන වන ස්වභාවයෙන් වෙනස් වන්නට ඔහු තීරණය කරයි. තීරණය අනාගත ලෝකයේ බොහෝ ජීවිත සංසිද්ධින් උඩු යටිකුරු කරන එකක් බැව් ඔහු දැන සිටියාදැයි දන්නේ ඔහුම පමණි.

එතැන් පටන් සිය නිවස පවුල වඩු වැඩ අත්හරින ඔහු තමන්ට ආවේනික වූ ශෛලියකින් ආගමික පදනමකින්, පවත්නා දූෂිත ක්රමය ප්රශ්න කිරීම අරඹයි. ඔහුට පිරිවර වන්නේ උගතුන් බුද්ධිමතුන් හෝ ප්රභූවරුන් නොවේ. කම්කරු මිනිසුන්, ගැහැණුන් සහ ගණිකාවන්ය. විටෙක ඔහු දේශන පවත්වයි. විටෙක මිනිසුන්ගේ අවශ්යතා වෙනුවෙන් වෙහෙසෙයි. විටෙක පූජක පණ්ඩිතයින් සමග ගැටෙයි. පල්ලියේfonsvs පිළිවෙතට කෙළ ගසයි. ආගම, බලය උදෙසා ගණිකා වෘත්තියේ යොදවන, ධර්මය හැර සියල්ල ක්රියාවේ යොදවන ආශිර්වාද ලත් පූජකයින්ට අභියෝග කරයි.

මෙහි ප්රතිඵලය වූයේ විය යුතු පරිදිම පල්ලිය වියරු වැටීමයි. පාලක අධිරාජ්යයෙන් ලද බලය ජන සමාජයක් මත යොදවමින් මහත් වරප්රසාද භුක්ති විඳිමින් සිටින ඔවුනට ප්රත්යන්ත දනව්වක සිට පැමිණි වඩුවෙකුගේ මේ රංගනයෙන් සිය බල වේදිකාව 'කෙළෙසෙනු" දකින්නට අවැසි වන්නේ නැත. ඇකයේ උන් දරුවන් මරා දමද්දී නිහඬව උන් ජනතාවක් කිසිවෙකු අතින් ඇවිස්සෙනු දකින්නට පූජකයින්ට මෙන්ම අධිරාජ්යයට අවශ් නැත. අවසාන පැය එළඹෙන්නේ නපුරන් විසින් මිතුරන් මිළට ගැනීම්, පාවා දීම් සහ පිරිවර හැරයාම් සමගිනි.

එපමණකි.

වධදීම් වලින් පසුව ඔහුව කුරුසියේ ඇණ ගසා මරා දමන ලදි.

මරා දැමූ තරුණයාගේ නම ජේසුස්ය.
ඔහු ඉපදුණ බව ලෝකය යළි යළිත් සමරයි. මේ සීතල දෙසැම්බරයේ එය සිදුවෙයි.
ඔහු ඉපදුණු බව අප දන්නේ ඔහු මරා දැමූණු නිසාය.
ඔහු මිය ගියේ අනුන් වෙනුවෙනි. මිනිස් සමාජයක් වෙනුවෙනි.
මානව ඉතිහාසය තුළ අනුන් වෙනුවෙන් දිවි පුදා ඇණ ගැසූ ලෝකයා විසින්ම වඩාත්ම උත්කර්ෂයට නංවනු ලැබූ මිනිසා ඔහුය.

වසර දෙදහසකට පෙරය.

අදත්......


කුරුස සූ දා මි නි !

ජේසුස්ලා....?


උපුටනයකි