Monday, November 20, 2017

this is the day



සරණාගත කාලකන්නි අපත හිගන්නන්ට තනතුරු දීලා කන්න බොන්න දීලා  දැනුමක් තියන යමක් කමක් කල්පනා කරන උන්ට කෙලවුන කාලය ඉවර වේගෙන එනවා වාගෙයි...

Tuesday, October 10, 2017


 ජාත්‍යන්තරයෙන් ආපු විගනන කණ්ඩායම
අද හැබිටාට් ජාත්‍යන්තරයෙන් ආපු විගනන කණ්ඩායම (එයාලා ආවෙ මීට දින කීපයකට කලින් හැබිටාට් තොයිලෙ දඹුල්ලෙ අමායා එකේ තියන්නත් දින දෙකක් හෝ තුනකට කලින් ලංකාවට ආවෙ මට ආරංචි උනේ ඊ යූ ප්‍රොජෙක්ට් එකට එන කතාවක්* ගම්පොලට  ආවා  පෙටි කෑෂ් බැලූවා සුද්දි ගානක් වරද්දා ගත්තා ක්ලැරන්ස් ගෙ මූන ඇඹුල් උනා පස්සෙ ආවාම මම කියලා හදා ගත්තා එතකොට ක්ලැරන්ස් ගෙ මූණ මලක් වාගෙ උනා
මාත් එක්ක මහ්න්ද්‍රන් කතා කලා ටෝනි ගෙ කාලෙ තමා මහේන් ව ජාත්‍යන්තර හැබි්ටාට් එකට යැවුවෙ මිනිහට මාව මතකයි  මමත් එක්ක කතා කලා කෙලින්ම ප‍්‍රශ්ණයට බැහැලා ඔයාට මොනවද කියන්න තියෙන්නෙ කියලා ඇහුවා.  මම මට එඞ්වර්ඞ් ලා රෝහිතලා කරපු කියපු දේවල් සියල්ල කීවා මගෙ සී වී එකකුයි සෙටිපිකේට් වල කොපි සෙට් එකකුයි දුන්නා මට වැඩ කරන්න ඇති හැනියාවයි ඒනට ඉඩකුයි හොයලා දෙන්න කීවා
? වෙලා මම සේරම ටික චින්තකට කීවා එයා කියනවා අර ඇවිත් හිටපු සුද්දිට කතා කලා නම් හරි එයා ජාත්‍යන්තරයෙන් ඇවිත් තියෙන්නෙ මහේණ් පරිවර්තන වැඩට විතරයි ආවෙ කීවා කමක් ණෑ මහේන් සියල්ල ලියා ගත්තා
බලමු   වෙන දෙයක් වෙයිනෙ

Tuesday, September 26, 2017


 ගෙවලයෙක් බහිරවයෙක් වාගෙ මෙතනම ඉන්නවා

උදේම බතුයි පරිප්පුයි උූයලා කරවල බැද්දා. කොටා දවල්ටත් එක්කම ඇඹරුවා.
අද එඩා ආවා. කොටා ඌත් එක්ක හෙල්බොඩ ගියා. මම ගම්පොල. ගිහින් එන්නම් කියලා විතරයි කීවෙ. මමත් ලෑස්ති උනා. ගියා ගම්පොල පොටෝ කොපි ගහන තැනට . අවශ්‍ය ඩොකියුමන්ට් එකෙන් 400 ක් ගැහැව්වා. බිලදැම්මා ගෙව්වා . එලවලූ ගත්තා බනිස් ගත්තා අඩු පාඩු ගත්තා කාර්යාලයට ආවා. ඇවිත් හිටියාතේ බීලා එහෙම. කොටා ආවා 2ට විතර. මූට බඩගිනියි වාගෙ. අහනවා කෑම ඊවද කියලා. මම නෑ කියලා සැමන් එකක් ගෙනත් හැදුවා. මම ටිකක් කාලා ඇවිත් චිත‍්‍රපටියක් බලන්න ගත්තා. කොටා බලා ඉදලා අහනවා කමුද කියලා. අන්න එතකොට මමත් හා කියලා නැගිට්ටා.
සැමන් එක යාන්තමට ඉතිරි උනා. ඒක තමා රූට කන්නෙ රිමික්ස් කරලා . වතුර දැම්මා මිරිස් කුඩුයි තුනපහ කුඩුයි දැම්මා රත්කලා එච්චරයි. පාන් එකක් ගෙනාවා. ඒක ගන්න ගියාම කඩෙන් බිත්තර ආප්පයක් ගාලා ප්ලේන්ටියක් බීලා මුදලාලිගෙ නෝනා, පුතා එක්ක චැට් එකක් දාලා තමා ආවෙ,
දවල් කනකොට කොටා කියනවා වත්තට ආපු සල්ලි වල පොලිය ලක්‍ෂ ගානක් තියන නිසා මිනිහා ඉන්දියන් එම්බසි එතේ ලොක්කාට යෝජනාවක් ගෙනාවලූ හදන ගෙවල් 100 න් හොදම ගෙවත්තවත් 10 ට තෑග්ගක් මුදලින් දෙන්න සෙට්කරන්න මිනිහා ප්ලෑන් කරලා තියනවා කියලා. එම්බසි එකේ ලොක්කා ඒකට හරි සතුටුයිලූ.
 මෙතනින් මම ගත්තෙ වෙනමම අදහසක්. ඒ කියන්නෙ කොටා මේ ව්‍යාපෘතිය දාලා යන්නෙ නෑ. ගෙවලයෙක් බහිරවයෙක් වාගෙ මෙතනම ඉන්නවා. මම මෙකන හිටියොත් මේකට උය උයම ඉන්න වෙනවා.

 MAD LEADER

මාසයක් විතර ලියන්නෙ නැතිව හිටියා. ලිව්වා කියලා මම තව තවත් හිත පාර ගන්නවා කොටායි නාකි එඩා එක්කයි වෛර බදිනවා විතරයි කියලා. ඒත් ආයෙත් ලියන්න හිතුනෙ හැමදාහ දීපිකාගෙ මහත්තයා සුරේන් කතා කරනවා ශාන්තත් කතා කරනවා ඞීසනුත් දුක කියනවා  ඇත්තටම මේවා ලියවෙන්න අවශයයයි කවදා හරි් කවුරු හරි කියවන්න මේවා අන්තර්ජාලයේ පාකරන්නම අවශ්‍යයයි අනාගතයේදී
එඩා දැන් උපදේශකවරයෙක් වශයෙන් සතියට දින තුනක් පරන රුකියාව වන වැඩසටහන් කළමණාකරුගෙ වැටුපම අරගෙන එදා සතියට දින පහක් ඇවිත් කරපු බොරු වැඬේ දින තුනක් කරනවා. මාරයි . ඒ එක්කම වැඩසටහන් කළමණාකරුවරයෙක් ගන්න දැන්වීම් දානවා. කාටද පිස්සු කියලා මට හිතාගන්න බෑ
කොටාටත් ඔය ටිකම තමා.  ඕකාවත් සතියට දින තුනක් වතුකරයේ නිවාස සම්බන්ධව උපදේශකවරයෙක් විදිහට බදාදා බ‍්‍රහස්පතින්දා සිකුරාදා ඇවිත් පරන පඩියටම වැඩ කරලා යයි. මම මෙතනම තියාගෙන ඌට කඹුරන්න වෙයි.
හරි හමන් නායකයෙක් නැති උනාම ඔහොමයි
මම කොළඹ ඉන්නකොට මේ දිනේෂ් චෝගම් එකට කිසි තේරුමක් නැතිව වියදම් කරපු විදිහයි ඞී.ජේ. එකක් ඇනවුම්කරලා ටයි කෝට් දාගෙන නටපු නැටිල්ලයි වගේම රජයේ ලාංඡුනය ලගින් හැබිටාට් ලාංඡුනය මුද්‍රණය කරන්න වෙන චාන්ස් එකක් නෑ කියලා මාර ස්වයං වින්දනයක් ගත්ත එකයි දැක්කාම මම දැනගත්තා මේකා අර සමන් කියපන ජාතායෙ එකෙක් තමා කියලා. ඒ වාගෙම ත‍්‍රිකුණාමලයේ ටෙක්නිකල් නිළධාරියෙක් මියගිය වෙලාවෙ හැම තැනම දුව දුව ”මම මොකද දැන් කරන්නෙ මට මෙලෝදෙයක් තේරෙන්නෙ නෑ” කිය කිය දුවනකොටම දැනගත්තා මෙයා මෙතනට නෙමෙයි කොතනටවත් නියකයෙක් විදිහට ගැළපෙන්නෙ නෑ කියලා.
 ඕනාම දෙයකට ලෝස් නැතිව වියදම් කරනවා. ඒක අවශ්‍යද නැද්ද කියලා වගේ වගක් නෑ. ඞී.ජේ. සෙටප් එකක් නැති කිසිම දෙයක් නෑ. මූත් නටනවා මුගෙ ගෑනිත් නටනවා. ඒ මැද්දට නාකි හමා එඩා ඌත් පැනලා නටනවා. වයස 66ක් ඌට, ඒත් නටනවා.
දැන් පවුල් කදවුර ඔක්තෝබර් 5-6-7 යන දින වල. 5වෙනිදා දවල් කෑමෙන් පටන් ගත්තා 7වෙනිදා දවල් කෑමෙන් ඉවර කළා. එක් කාමරයකට දවසකට රුපියල් 24 දාහයි කෑම සමග. දින දෙකකට 458 දාහක්. ඞී ජේ වෙනමම ඌටත් කාමරයක් දෙන්න එපායැ උගෙ ගානට අමතරව. පුතාගෙ යාලූවො දෙන්නෙක් එනවලූ ගිටාර් ගහන්නයි ඩ‍්‍රම් ගහන්නයි උන්ටත් ගෙවන්න අවශ්‍යයි ඒ වාගෙම උන්ටත් 24 දාහ ගානෙ කාමර දෙන්න අවශ්‍යයි. පාස්ටර්ලා දෙන්නෙක් පවුල් එක්කම එනවා එතනත් දින දෙකකට 24 දාහ ගානෙ. එයාලටත් මුදලක් දෙන්න එපායැ. 6 වෙනිදා රූට ට බාබකිවු එකක් දාන්න රුපියල් ලක්‍ෂ 4 හමාරක් යනවලූ. ඊට අමතරව හැමදාම පාස්ටර්ලාගෙ දේශණාවලින් පස්සෙ ස්නැක් සහ ටී වලට හෝටලයේ එක්කෙනෙකුට ගාන 1750 ක් ඒකත් ඇනවුම් කරලා එන්න යන්න වෙනමම ගෙවීම් කරලා වාහන ගන්න ගොඩාක් අය ඉන්නවා කොටා මයියංගනේ ඉදගම එන්න වෑන් එකක් ගනී ඒවාටත් යන්නෙ සල්ලි තමා   කාමර මදි නි්සා අහල පහල හෝටල් වලින් කාමර කීපයක් බුක් කරලා ඒවාත් සල්ලි  ඔක්කොම දැන් බලනකොට රැුපියල් ලක්‍ෂ 55ක් විතර යයිලූ
ටෝනි මෙහෙම කලාද කවදාවත්
මේවා  අහිංසක අයගේ සල්ලි නේද

Thursday, September 21, 2017


Dogs

2014 ඉදලා මම නිකම්ම නිකං චානක. ඒකනෙ දිනේෂ් මගෙන් ඇහුවෙ ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා. ඇත්තටම ඒකට දෙන්න තියන හොදම එකම උත්තරය තමා ඒ ප‍්‍රශ්ණයම දිනේෂ් ගෙන් ආපහු අහන එක. හඩ ඒසව්ගේ අත යාකොබ්ගේ විදිහ තමා. කටහඩ දිනේෂ්ගෙ උනාට ඒ අදහස් ඒඞ්වර්ගේ.
පහුගිය වකවානුවේ හරි හැල හැප්පීම් උනා. එකින් එක මෙහෙම ලියමු

මටයි මහේෂ්ටයි ශාන්තටයි මටකලපුවේ පෙරෝ සිමෙන්ට් තාක්‍ෂණයෙන් කොන්ක‍්‍රීට් හදන පස් වලින් සිමෙන්ති ගල් හදන පුහුණුවකට යන්න අවස්ථාවක් ලැබුනා. ඒ වාගෙම ඒස තියෙම විශ්ව ගම්මාන කන්ඩායමක් එනවා කැනඩාවෙ ඉදන් . මම හාංකවිසියක් දැනගෙන උන්නෙ නෑ කොටා මේ වැඬේට කෙලියි කියලා. එඩාටත් කියලා දිනේෂ්ටත් කියලා වැඬේ කැන්සල් කලේ මහ බලූ විදිහට. කොටා ගෙබා දෙන්නම වත්තට ගියා. මම නැවතුනා. මහේෂ් වෙන කොහෙද ගිහින් වෑන් එක එවුවා මාව ගන්න. ඊට පස්සෙ මහේෂ්ව අරගෙන යන ගමන් දඹුල්ලෙන් ශාන්තව අරගෙන දින 3 කට පුහුණුවට අපි යනවා මඩකලපු. මම වෑන් එකට නැගලා ගම්පොල රේල් පාර ලගට යන්න උන් නෑ මට කෝල් එකක් එනවා ආපහු යන්න වැඬේ කැන්සල් කියලා. ආවා ආපහු ගම්පොලට. මම කීවා ශාන්තට වැඬේ හබක් කියලා. රෝහිත කතා කරනවා මෙන්න එතකොට . කොහෙද ඉන්නෙ අහනවා. මම කීවා අපි යනවා මඩකලපු කියලා. කොටා අහනවා වැඬේ කැන්සල් නේද කියලා. මම කීවා දන්නෙ නෑ කියලා. තිබුබා පෝන් එක. ඔන්න ගෙබා ගන්නවා ඒකම අහනවා. මම කීවා අපි යනවා කියලා මම තිබ්බා පෝ්න් එක. මූ සේරම කරලා ඉන්නවා සද්ද නැතිව.


මට ඩෙංගු වාගෙම උන ගත්තා.  කොටාගෙන් බෝ උනේ. උගෙ ලමයට පහුගිය සති 2-3 නේම උන. කොහොම හරි මටත් හැදුනා.  හැදුනත් වැඩ කරන්න උනා. වැඩි උනා. එහෙම වෙලත් මේ කොටා මට උයන්න උදව් කලේ නෑ. මට කන්න කිසිම ආසාවක් නෑ. ඒත් මම කොටාට උයලා දුන්නා නමුත් මේක කිසිම උදව්වක් නෑනෙ දුන්නෙ. මම ලේ බලලා ගෙදර ගියා සතියක්ම හිටියා එච්චරම තමා
මම කොළඹ ගියා රාජකාරි වලට. ස්ටාප් මීටින්. කවුද ලියුමක් එවලලූ මහේෂ් ගැනයි රෝහිත ගැනයි කියලා. ඒකට මාවයි ප‍්‍රගීත්වයි සක කරනවා කියලා මට එහෙදි හොරෙන්ම කෙනෙක් කීවා. ලොක්කා ඒ ගැන කතා කලා. ඉන්දියන් නිවාස රුස්වීමෙදි මහේෂ් කීවා ලක්‍ෂ 5 ක් එයා බාස් ගෙන අරගෙන එයාගෙ එකවුන්ට් එකට දාලා තියාගෙන ඉන්න බව. මොකා ලීවත් ඇත්තනෙ. නමුත් ඒක එඞ්වර්ඞ්  ට කියලා කරපු නිසා අවුලක් නෑ කියලා ලොක්කාම කීවා. මගේ අතින් පෙටි කෑෂ් වලින් කීයක් හරි එහෙ මෙහා උනානම් ගෙදර.
එදාම මට ඉන්ටර්විව් එකක් තිබුනා ඊ යූ ඒකේ  බලමු හරි ගියොත් මේ කොට පරයට උයන රස්සාව නැතිවෙනවා මටත් ගරුත්වයක් ඇතුව වගකීම් දරාගන යමක් කරන්න පුලූවන්. එහෙම උනාම අඩුම ගනනෙ හිතයි මෙච්චර හැකියාවක් තියාගෙන ඇයි මේ වාගෙ අය උයන්නයි පක්කලි වැඩ වලටයි දාලා තිබ්බෙ කියලා


අද 21 වෙනිදා ඉන්දියානු න්ිවාස වැඩසටහනට සහබාගී වෙන ආයතන වල ඒ වැඩ සටහනට සම්බන්ධ අය සියල්ලන්ට ම පුහුණුවක් දෙනවා. අදයි හෙටයි. කොටා ගෙන් මම අහපුවාම ගිය සතියෙ මූ කියනවා දිනේෂ් මේල් දාලලූ මහේෂ්ටයි එයාටයි විතරක් යන්න කියලා. හැබැයි ගෝපිටත් කොටා යං කීවා. කොටා අද ගෝපිත් අරගෙන තමා ගියෙ. දිනේෂ්් පිටින් තියලා මූ උගේ සතුට වැඩිකර ගන්නවා.  මමත් උයන්නෙ නැතිව මගෙ සතුට තියා ගන්නවා.



Tuesday, August 22, 2017

මම අද තීරනයක් ගත්තා.

 ඒ අදින් පස්සෙ පකයෙක් වාගෙ ඉන්නවා කියන එක මේ හැබිටාට් එක ඇතුලෙ. දිනේෂ් ආවට පස්සෙ මම මොනවද මේ ආයතනයට කලේ.  මගෙන් මොනවද මේකෙ ඉන්න එවුන් ලබා ගත්තෙ. මොකුත්ම නෑ. හැබැයි මම ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා දිනේෂ්ට කීවා. මිනිහට තියෙන සුලූ දැනුමෙ හැටියට මිනිහා මම එහෙම කියන හැමලේම මට කීවෙ එඞ්වර්ඞ් එක්ක කතා කරන්න කියලා විතරයි.  එඞ්වර්ඞ් කලේ මාව කැලේට තල්ලූ කරන එක තමා. ඇත්තටම මාව රෝහිත තියාගත්තෙ ඌට උයවාගන්නයි ලියුමක් ලියා ගන්නයි උගෙ ෆයිල් ටික හදන්නයි විතරයි. වසර දෙකක් තිස්සෙම ඒකම කර කර හිටියා. ඔය කාලෙ ඇතුලත කී දෙනෙක් විදේශ පුහුනු වලට යැව්වද? මට පස්සෙ ආපු ඔක්කොම ගියා. මට ඉස්සෙල්ලා ආපු අයගෙන් ශාන්ත ඇර අනිත් එවුන් සේරමත් යැව්වා. ශාන්තටයි මටයි එඩා සහ කොටා කැපිල්ල දාන බව දිනේශ් හැර අනිත් එවුන් සේරම දන්නවා. දිනේෂ් පවා නොදැන නෙමෙයි ඉන්නෙ කියන එක මම තේරුම් ගත්තත් වැඩක් නෑ.

දැන් එඩාට 66 යි. කොටාට 60 යි. උන් තාමත් වැඩ  කරන හැම වැඩක්ම ෆේල්. මම නෙමෙයි දිනේෂ්මයි කියන්නෙ. ඒත් උන් කියන එකමයි ඒකාත් අහන්නෙ. දැන් මුං දෙන්නාව උපදේසකවරු හැටියට අර පඩියම ගෙවලා දිගටම තියා ගන්නලූ හදන්නෙ. කොටා අපිට හරි බයිලා ගහනවා මම හෙට යනවා ඔයාලා ගැන අද කතා කරනවා  මෙහෙම රස්සාව කරලා වැඩක් නෑ කියලා. ශාන්ත දැන් කොළඹට ගෙන්නලා ඔහේ ඉන්නවා. ඞීසන්ටත් වැඩක් නැල්ලූ. ශාන්තටයි ඞීසන්ටයි මේ ලගදි ක්ලැරන්ස් කතා කරලා කියලා ඔයාලා දැන් මෙතන නිකං ඉන්නෙ මුකුත් දන්නෙ නැති නිසානෙ. අඩුම ගනනෙ ඉංග‍්‍රීසිවත් දන්නවානම් මොකක් හරි කරන්න තිබුනා  කිසිම පාඨඹාලාවක්වත් කරලා නෑනෙ කීවලූ. මේක මට කීවෙ කොටා. මිනිහට හරියට හිතට අමාරුයි ක්රුන්ස් එහෙම කීවට . ඒක එඞ්වර්ඞ් කීවානම් අවුලක් නෑ. කොටා කලෙත් ඔය වැඬේම තමා අපිට මට එහෙම. වැඩ දන්න උන්ගෙන් වත් වැඩක් ගත්තෙ නෑ ඒකා. ක්රුන්ස් නම් ඇත්ත කීයලා තියෙන්නෙ එක මුල්‍ය පැත්තෙන්. නමුත් වැඩ සටහන පැත්තෙන් කරන්න කිසිම දෙයක් නැද්ද ඒ දෙන්නට.
ඉතිං මුං තාමත් ඉන්නවා කියන්නෙ අපිට කිසිම සරණක් නෑ. අපි අසරණයි. ඉතිං අසරණ කම තියාගෙන කටයු පුකයි වහගෙන දෙන දේ ඇගෙන තියන දෙයක් කාලා කියන දෙයක් අහගෙන ඉන්නවා
එච්චරයි
වෙලාව එනකං තමා  ඒහෙම ඉන්නෙත් කියන එක අමතක කරන්න එපා





පුදුමාකාර පීඩාකාරී කාලයක්
මැදින් තමා මම 2013 සිට ගමන් කරම්න් සිටින්නේ
මාව ටෝනි 2012 කොළඹට ගත්තේ මට ඔය දේ වෙන බව දැනගෙනමයි
ඔහුගේ විශ‍්‍රාමයෙන් පසු රෝහිත ගාව සිටීමෙන් මම මොනවාගෙ තත්වකට පත්වෙනවාද සහ ඔහු යටතේ සිටියදී මා සිටි ආස්ථානයත්  ඔහු දන්නා නිසා ඔහු මා කොළඹට ගෙන විශාල වගකීමක් පැවරුවා ඔහු නොමැති විටදී පවා මා ආයතනය වෙනුවෙන් ඒ වගකීම නොපිරිහෙලා 100 ක් විශ්වාශවන්තය ඉටුකල වග දිනේෂ් දන්නවා
නමුත් මට කලේ කුමක්ද  එතනින් මා නැවතත් රෝහිත යටතට ක‍්‍රමිකව ගෙන මන්නාරමට අල්ලා වීසි කලා
එතනින් මාව නැවතත් කුරුණෑගලට දැම්මා එහිදී මට මතකයි එඩා මට කියනවා මම ඔහේ ගැන හිතලා මේ කුරුණෑගල මාරුව දෙන්නෙ කයලා ඒ වාගෙම ක්ලැරන්ස් මට ඒකම කීවා  දිනේෂ් කීවෙත් එකම දේමයි මොනවා නමුත් මම කුරුණෑගල රිකවරි කරන්නෙක් උනා හිටපු තත්වයෙන් පහලටම තමා වැටුනෙ  දිනේෂ් ආව වෙලාවෙ ඉදන් 

මාව අනුරාධපුරයෙන් මාතලේට දාපු වෙලාවෙ ඉදන් මට ටෝනි මොකක් හරි වැඩක් බාර දෙනකම්ම මම හිටියෙ මොකද්ද කරන්නෙ ඊලගට කියලා තේරුමක් නැතිව මොකද්ද කරන්නඅවශ්‍ය කියලා මට කීවෙත් නෑ මම දන්නෙත් නෑ  ඒ දේවල් සේරම කලේ සෙනරත් නන්දනී විතරයි  කාලයක් ගියාම ශාන්ත ආවා මිනිහට වැඩ රෝහිත දුන්නත් සෙනරත් නන්දනී එයාට වැඩ කරන්න දුන්නෙත් නෑ මම කලේ ඔහේ පුටුවට වෙලා බලාගෙන ඉන්න එක විතරයි

රෝහිත කරපු දේමයි මට දිනේෂ් ආවාම එඞ්වර්ඞ් කලෙත්
මාව රෝහිතගෙ සපත්තුවෙන් අයින් කරලා එඞ්වර්ගෙ සපත්තුව අස්සට ඔබා ගත්තා
එච්චරයි
මාව නොපෙනෙන්න නිතරම තද කරලා තියා ගත්තා
රෝහිතයි එඞ්වඩුයි කිසිම වැඩක් නොදැන සුදුසු කමක් නැතිව එයාලා ඉහල තනතුරුවල වැජබෙනවා
ඇඩුම ගනනෙ මගෙ තියන කිසිම සුදුසකමකින් වැඩක් එයාලා ගන්නෙත් නෑ නෙ
 කෙනෙකුට ගන්න දෙන්නෙත් නෑ
වෙන මොනවා හරි අවස්ථාවක් ලැබුනොත් ඒකටත් කිසිම ඉඩක් දෙන්නෙ නෑ  
මට ඒක හරි වේදනාවක්  
ඒ වේදනාව මට එලියට දාන්න අවස්ථාවක් නෑ 
එහෙම දෙයක් කලොත් ඒක මගෙ රුකියාව සම්බන්ධ අවසාන තී්රනය වෙන බව මම දන්නවා
මටඅවශ්‍යතාවය තිබුනත් ඒ වේදනාව කාට හරි කියන්න ඒකෙන් වැඩක් වෙන්නෙත’් නෑ 
මම දිනේෂ්ට කීවා ඇයි මට රුපියල් 60000ක් දීලා නිකං තියාගෙන ඉන්නෙ කියලා 
එයාටත් කට උත්තර නෑ ආයතනයේ අධ්‍යක්‍ෂ වෙලත්
ඊට පස්සෙ තමා මට ඉන්දියාවෙ යන්න අවස්ථාවක් ලැබුනෙ
ඒක එඞ්වර්ඞ් කපද්දි බලාගෙන හිටියෙත් දිනේෂ් 
  මම ආයතනයට වැරදි වැඩක් කරලා නෑ අද වෙනකං 
හරිදේ කරන්නම තමා අදටත් උත්සාහ ගන්නෙ 
වැරදි කරන අය කියන දේ විතරයි දිනේෂ අහන්නෙත්  
මම කාටද මේ වේදනාව කියන්නෙ
මේවා සරල දේවල් නෙමෙයි
කීප දෙනෙක් එක්වෙලා පුද්ගලයෙක්ව තනි කරලා මානසිකව වට්ටන එක මොන තරම් භයානක අපරාධයක්ද කියන එක තේරෙන එකෙක් වත් මේ මානව දයාවේදී ආයතනයේ නෑ
වැඩ දන්න එක තමා මට තිබුන එකම ප‍්‍රශ්ණය
මේ දෙන්නට සාපේක්‍ෂව 
මීට කලින් පූර්ණකාලිකව  කලින් වැඩ කරපු ආයතන දෙකේදිම මගෙන් වගේ අනිත් අයගෙනුත් වැඩ ගන්න හිටපු අය දක්‍ෂයෝ 
වැඩ බැරි අයට වැඩ දන්න අය කියලා දෙනවා 
වැඩ නොකරන අයගෙන් වෙනත් වෙනත් වැඩ ගන්නවා
හැබැහි ඒ එක්කෙනෙක්වත් මම අරවැඬේ කලා මම මේ වැඬේ කලා කියලා තමන්ට පල්ලෙහා අයට කියලා වැඩ කරවාගෙන ලකුණු දාගත්ත අය හිටියෙනෑ
ඒකටත් එක්ක මෙතන
 මමත් එක්ක වැඩ කරපු කලමනාකාරවරු 3 දෙනෙක් හිටියා උං ඔක්කොම කරන්න කිසි දෙයක් දන්න නැති කතා කරන්න විතරක් දන්න
ඒකත් මොන ආකාරයටද කරන්න ඇවශ්‍ය කියලා දන්නෙ නැති හරක් තුන් දෙනෙක්

මම මුංව දකින්නෙ මේ විදිහට  එංගල්ස් කීවා මේ පද්ධතිය තුල අපි හැමෝම අපේ යම් ශරීර අවයවයක් කුලියට දීලා තමා මුදල් උපයන්නෙ කියලා ගනිකාව වගේ ඒකටත් නිකම්ම බෑ හැකියාව තියෙන්න අවශ්‍යයයි  නමුත් මේ ආයතනයේ වෙන්නෙ එරංගල්ස්ටත් ලියන්න බැරිවෙච්ච දෙයක්  මේ කෙ ගනිකාවන්ටත් වඩා අන්ත එවුන් දෙන්නෙක් තමා ඉන්නෙ   මුං ඒ ගනිකාවන්ට පිංපි වැඬේ කරන එවුං ගනිකාව එක් එකාට විකුනලා ඒ ලැබෙන මුදලින් ටිකක් ගනිකාවට දීලා වැඩි හරිය මුං ගන්නවා එහෙම එවුන් එක්ක තමා මම වැඩ කලේ තාමත් කරන්නෙ  වැඩ කරනවා නෙමෙයි බලාගෙන ඉන්නවා