Tuesday, March 15, 2011

රතු ලෙයින් නිමවූ සොදුරු අසපුව
වැඩවසම් ක‍්‍රමය රදල වාදය ඒකාධිපති වාදය පැසිස්ට් වාදය ධනවාදය ආදී නම්වලින් විවිධ පාලන ක‍්‍රම හැදින්වූවත් ඒ සෑම ක‍්‍රමකින්ම පිළිඹිමු කරන්නේ පාලකයන්ගේ ම්ලේච්ඡුත්වය හා කෲරත්වයයි, එදාසිට අද දක්වා එවන් පාලකයන්ගෙන් ම්ලේච්ඡුත්වයෙන් හා කෲරත්වයෙන්  මිදිමට ජනතාව විසින් කරන ලද අරගල වලින් මානව ඉතිහාසය පිරී ඇතඒ හැම අවස්ථාවකදීම සන්නද්ධ අරගලවලට පිටුපසින් ජනතාව ඉලක්කය කරා යොමුකල පිරිසක් වූහ, ඒ කලාකරුවන්ය, ලේඛකයන්ය, සාහිත්‍යධරයන්ය, ගායකයන්ය, සංගීතඥයන්ය, පුවත්පත් කලාවේදීන්ය, චිත‍්‍ර ශිල්පීන්ය, නාට්‍ය ශිල්පීන්ය, ඔවුන් කැපී පෙනෙන පිරිසක් වෙයි,
    රුසියානු විප්ලවය පිටුපසින් සිටි ලියෝ තෝල්ස්තෝයි මක්සීම් ගෝර්කි, ඉන්දියානු නිදහස් සටනට උර දුන් රවීන්ද්‍රනාත් තාගෝර්, ප‍්‍රංශයේ කෲර පාලනය පෙරලා දැමීමට දැමීමට පුරෝගාමීන් වූ පුවත්පත් කලාවේදී පිලිපොන් කාටූන් ශිල්පී හොනරේ  ඩුමියර් හා ගායක බෙරෙන්ජර් විප්ලවීය ගී ගයමින් ගිටාර් වාදනය කොට දඩුවම් වශයෙන් සිය ඇගිලි අහිමි කරගත් වික්ටර් හාරා  ඉන් කීප දෙනෙක් පමනි,
    ජනතාවාදී කලාකරුවන්ට ලෝක ඉතිහාසයේ කොතැනකවත් රාජ්‍ය සම්මාන ලැබී ඇතැයි සිතිය නොහැක, ඔව්හු බොහෝවිට රාජ්‍ය උදහසට ලක්ව සිරබත් කමින් ඇතැම්විට මරනීය දන්ඩනය පවා හිමිකම් කීමට සිදුවු අය වෙත,  මරණය ඔවුනට අරුමයක් නොවීය, ඔවුන්ගේ සටන්වල ප‍්‍රථිඵලයක් ලෙසින් ලෝකයේ සදාචාරය ශිෂ්ඨ බව මනුෂ්‍යත්වය හැකි  පමණින් හෝ රුක ගැනීමට හැකිව තිබේ,
    මේ පිළිඹදව කතා කිරීමේදී ජනතා අරගලවලට සම්මාදම් වූ කලාකරුවන් හා සිදුවීම් පිළිඹදව පැවසීමට ඇති දෑ බොහෝය, මා මෙහි සදහන් කරන්නට අදහස් කලේ අරගලයකින් පසුව ජනතාව ජයගත් ආකාරය මුර්තිමත් කර ඇති තැනක් පිළිඹදව කතාවකි,
    පාලකයන්ගේ  ම්ලේච්ඡුත්වය හා කෲරත්වය ඊට එරෙහිව කරන ලද අරගලයක ජයග‍්‍රහනය පිළිඹද ස්මාරකයක් චීනයේ වෙයි, එයට පසුබිම් වූයේ ටිබෙට් රටෙහි ලාමාවරුන් සහ පාලකයන් එකතුව ගෙනගිය වැඩවසම් පාලන ක‍්‍රමයයි,
    ටිබෙට් දේශයේ දහසය ලක්‍ෂයක් පමණ ජනගහනයෙන් සහ ස්වාභාවික සම්පතින් පරිපූර්ණව පැවතියේය,    වැඩවසම් සමාජ ක‍්‍රමයක් පැවති එහි වහලූන්ගෙන් වැඩගැනීමේ ක‍්‍රමය පැවතුනි, එම පාලන ක‍්‍රමය පවත්වාගෙන යනු ලැබූයේ ලාමාවරුන් සහ ඉඩම් හිමියන් ගෙන් සැදුම් ලත් ඉතා කෲර පාලන පැලැන්තියක් මගිනි,  රටෙහි සියලූ දේපල ලාමා වරුන් සහ රදලයන් සතුවිය,

     මුලූ ජනගහනයෙන් සියයට අසුපහක් පමණ ජනයා වහලූන් වු අතර ඔවුන්  පීඩනයෙන් හා මර්ධනයෙන් පෙළනු ලැබීය, ඔවුන් වහලූන් මෙන් වැඩකල අතර කවර ආකාරයක හෝ අයිතිවාසිකමක් හෝ නිදහසක් භුක්ති විදිමට තරම් වාසනාවන්තයෝ නොවූහ,
    වහලූන්ගෙන් වැඩ ගැනීමේදී ස්ත‍්‍රි පුරුෂ කියා හෝ  බාල මහලූ කියා හෝ රෝගී නිරෝගී කියා හෝ වෙනසක් නොවීය, යන්ත‍්‍රයකට ලැබෙන තරමේ විවේකයක්වත් ඔවුනට නොලැබින,   සුන්‍දා ප‍්‍රමාදයකදී පවා කස පහරින් පීඩා විදින්නට ඔවුනට සිදු විය,  උසුලාගත නොහැකි බර පැටවූ කල දුර්වල මහල්ලෝත් කාන්තාවෝත් බිම ඇදගෙන වැටුනහ, නිළධාරීන්ගේ ප‍්‍රතිචාරය වූයේ සම පැලී ලේ වැගිරෙන තුරු කස පහර දීමයි,
    කුසට අහරක් නැතිව ඉනට යන්තම් දැවටූ කඩමාලූ වලින් සැරහී මුන්‍දා ජීවිත කාලයම වහලූන්ව සිටිමට ඔවුනට සිදුවී තිබුණි, හැම බිම් අගලක්ම සියයට පහක් වු පාලකයන්ට හිමිව තිබු අතර ඒ හැම බිම් අගලක්ම සියයට අනු පහක් වූ වහලූන්ගේ ලෙයින් සහ දහදියෙන් තෙත්ව සරුසාරව තිබුනි එහෙත් ඔව්හු ඒවායේ අස්වැන්නට නොව එයින් කුසගින්න නිමා ගැනීමට තරම් දෙයක් ලබැගැනීමට තරම් වත් වාසනාවන්තයෝ නොවූහ,
    තරුණ වියේ පසුවු හැම වහලෙක්ම සීමිත ඉඩකඩක් ඇතිව දෑත් සහ දෙපා යදම් වලින් බැද ලනු ලැබීය, වචනයකින් හෝ විරෝධතාවයක් දැක්වූ වහලූන්ට ඉතාම අමානුෂික ලෙසින් වධ දෙනු ලැබීය, වධ දීමේ එක් ක‍්‍රමයක් වූයේ ගෙල වටා විශාල ලෑලි වලල්ලක් දමා සිරකොට ඇගිලිවල නියපොතු අස්සට ඉදිකටු ගසා ජාවාධික ගවයකුගේ පිටට තබා වහලා බැද ගවයා වේගයෙන් දිවවීමය,
    හැම ගමනකටම බාධාවක් ඇත, වැඩවසම් ක‍්‍රමයටද එම බාධාවට මුහුණ දීමට සිදු විය, සදාකාලික වහලූන් ලෙස පීඩනයට මර්ධනයට ගොදුරු වීමට ඔවුන් සූදානම් නොවූහ, පීඩනයට හා මර්ධනයට එරෙහිව නැගී සිටින්නට  ඔවුහු එක් දිනක තීරනය කළහ, ලක්‍ෂ සංඛ්‍යාත දාසයෝ සහ වහලූන් පාලකයන්ගේ කසයට පිහියට හෝ රයිපලයට බියෙන් හැමදාමත් හිස නැමීමට සූදානම් නොවූහ,
    සියයට අනු පහක් වනජනතාවකට යියයකට පහක් යනු මොන තරම් සුන්‍දා දෙයක්ද ? සටන් කොට ජයගතහොත් සදාකාලික ජයයි, පරාජය වුවහොත් මරණයයි. මළවුන් සේ ජීවත් වීමත් මරණයත් අතර වෙනසක් ඇද්ද ? එවන් භීෂණ සමයක මරණය ජීවත් වීමට වඩා දහසින් සම්පතකි ඔවුහු එය අවබෝධ කර ගත්හ, ක්‍ෂණිකව අරගලයකට හැරුනහ ඔවුනට ඇයුධ නොවීය තමාගේ දෑතට දමා තිබූ යදම් වැඩට ලබාදුන් උදලූ නගුල් සහ ගල් පොලූ වැනි දෑ ආයුධ ලෙස භාවිතා කිරීමට ඔවුහු තීරණය කළහ, එකම මොහොතක එකම ඉලක්කයක් කරා සියන්‍දාම ජනතාව තම උපරිම ශක්තිය යොදා ප‍්‍රහාරය එල්ල කළහ, එහි ප‍්‍රථිඵලයක් ලෙස කෲර පාලකයන්ගේ මැදුරු ගිනිබත් වූහ ජනතාවගේ ප‍්‍රහාරයට ලක්වු පාලකයෝ මරු වැළඳ ගත්හ, සමාජයේ පූර්ණ පරිවර්ථනයක් සිදුවිය,
    ඉතිහාසයේ සදහන් වන්නේ මේ අරගලය 1918 දී සිදුවූ බවයි මෙම අරගලයේ නියමුවා වන්නේීනෝර් ලහාමෝීනම් කාන්තාවකි,
    මෙම සැබෑ සිදුවීම අනාගත පරපුරට දැකගත හැකිවන පරිදි මූර්තිමත් කල යුතු යයි චීන විප්ලවයෙන් පසු අදහසක් ඇති විය, ඒ අනුව සේන්යෑන් හි ලූ සුං චිත‍්‍රකලා විද්‍යාලයේ  ආචාර්ය වරයෙකු පීකිං චිත‍්‍රකලා ඇකඩමියේ මූර්ති ශිල්පීන් පිරිසක් සමග අති විශාල ස්මාරකයක් තැනීම ආරම්බ කලේය, ස්මාරකය ඇරඹීමට පෙර මෙම සිදුවීම් සිදුවූ ටිබෙට් දේශයේ කිලෝමීටර 5000 කට වඩා ඇවිද විවිධ පුද්ගලයන් ගෙන් තොරතුරු රුස් කොට යුගය සංස්කෘතිය ආදිය ගැනද පූර්ණ ගවේශනයක් කරන ලදි,
    මෙම ගවේශනයෙන් ලත් සැබෑ තොරතුරු වලට අනුකූලව ඔවුහු ස්මාරකයේ වැඩ ඇරඹූහ, එය අති විශාල කලාගාරයකි සජීව් ප‍්‍රමානයේ ගැහැණු පිරිමි මුර්ති 106 කින් එය සමන්විතය, ඒ හැරුණ විට පසුබිමෙහි බිත්තිවල අඹන ලද අර්ධ උන්නත පසුබිම් දර්ශන රාශියකි ඒ සදහා යොදාගත් මාධ්‍ය වූයේ මැටිය, මෙම ස්මාරකය තනා නිම කිරීම සදහා මාස දහ අටක් ගතවී ඇත,

මෙම මුර්ති කලාගාරය කොටස් හතරකින් සමන්විතය එනම්
x    වැඩවසම් සමාජ ක‍්‍රමය
x    ලාමා ක‍්‍රමය
x    ක ෂා ( දේශීය පාළන ක‍්‍රමය *
x    වහලූන් ගේ අරගලය
    පිළිඹිඹු වේ මූර්ති වල කැපී ලෙනෙන ලක්‍ෂණ දෙකකි ඒ ඒවායේ

x    කලාත්මක භාවය හා
x    ජීවමාන භාවයයි,
    මෙම නිර්මානයේ වැදගත්කම වනුයේ එහි කලාකෘතියක් වීම පමණක්ම නොවේ, එක් අයුරකින් එය ඉතිහාසය කියා පායි, තවත් අයුරකින් එය අනාගත පරපුරට ආදර්ශයක් දෙයි,

විනී හෙට්ටිගොඩ


විනී හෙට්ටිගොඩ විසින් මෙම ලිපිය 1988 වර්ෂයේ දිවයින පුවත්පතට ලියූවක් වන අතර එයට අදාල පුවතේ මෙම විස්තරය දැනට ඉදිරිපත් කෙරෙන අතර වහල් සේවකයන්ගේ වෛරය නම් එම පොතේ සම්පූර්ණ පරිවර්තනය අචාල චිත‍්‍ර සමගම  ඔබට මී හරකා   බ්ලොග් අඩවියෙන් නොබෝ දිනකින් කියවීමට හැකිවනු ඇත.