Tuesday, February 28, 2017

මම හැබිටාට් එකට අව දවසේ ඉදලා මට මොන තරම් කෙනෙහිලිකම් ආවත් මගෙ හයියට හිටියා ටයිටස් අයියයි ටෝනි මහත්තයයි. ටයිටස් අයියා මියගියාට පස්සෙ ටෝනි මාව අතහරින්නෙ නැතුව අනිත් අයට හානියකුත් නොකර මගෙන් ෂේප් එකේ වැඩ අරගෙන ඔක්කොමලා ගානට තියා ගත්තා, ඔක්කොමලා කියන්නෙ එඞ්වර්ඞ් රෝහිතයි ෆ‍්‍රැන්සිස් යන අයගෙන් තමා මට ප‍්‍රශ්ණ තිබුනෙ.
 ටෝනිටත් මෙයාලාගෙන් තමා ප‍්‍රශ්ණ තිබුනෙ අවසානයෙදිත්. මොකද ප‍්‍රශ්ණ මතු කර කර හිටපු අනිත් අය විවිධ කාල සීමාවල් වලදි ආයතනයෙන් ඉවත් උනා. මේ අපතයො තුන් දෙනා තමා මෙලෝ දෙයක් කර ගන්න බැරිව අනිත් උන්ට වල කප  කප ඇත්තටම අනිත් උන් කිව්වට මටයි ටයිටස්ටයි තමා ටෝනිට අමතරව ගේමට හිටියෙ. මොකද අපි ටෝනිගෙ මිනිස්සු කියලා මෙයාලා අපිව අංවඩු ගැහැව්වා. හැබැයි අපි හොරකම් කලේ නෑ දෙන වැඬේ හරියට කලා කාටවත් නරකක් කලේ නෑ අපිට නෙමෙයි කතුණු දාගත්තෙ ආයතනයට තමා ගෞරවය ලැබෙන්න වැඩ කලේ. මුංට ඒක ඇල්ලූවෙ නෑ.
පස්සෙ ටෝනිත් ගියාම මම තනිවුනා. එතකොට මට ඇතිවන තත්වය හිතා ගන්න පුලූවන් නෙ නේද ? හැබැයි මාත් ඉතින් දත් තිස්දෙක මැද්දෙ තියන පුවක් කෑල්ල වාගෙ හැපී හැපී හිටියා. මුං මාව හපනකොට හයියෙන් හැපෙන්න කැඩෙන්න වෙන්වෙන්න අවස්ථාවක් නොදී මුං අතරින්ම ගමන් කලා. වෙන විකල්පයකුත් නෑ. මට තව අවුරුදු 4 ක් පමන කාලයක්  තියනවා මෙතන ඉන්න ඊට පස්සෙ ගෙදර එතකං වෙ තැනකට යන්න දගලන්න අවශ්‍ය නෑ කියන ස්ථාවරයෙ තමා මම ඉන්නෙ.
එතකොට ආවා දිනේෂ් කනගරත්නම් කියලා නව අධ්‍යක්‍ෂකවරයෙක්. එයාව ආපු ගමන් එඞ්වර්ඞ් සහ ක්ලැරන්ස් අල්ලා ගත්තා නියමෙට අල්ලාගෙන දුන්නා අපි ගැන  ඇත්තටම මම ගැන වෙන කෙනෙක් ගැන කියන්න අවශ්‍ය නැහැනෙ

Monday, February 27, 2017

ආයතනයේ නිවාස ව්‍යාපෘතියක් පටන් ගත්තා අරනායක නාය ගිය ගෙවල් 40 ක නිවාස ලාබීන්ට. ඒකෙ ගෙවල් හදන අයට උපකාර කරන්න අපේ තිබුනා විශාල වැඩ සටහනක් බාලදක්‍ෂ ව්‍යාපාරයත් සමග. 2017 පෙබරවාරි 24 සහ 25 වැඬේ අරනායකදි තිබුනා. විශාල වැඩසටහනක්. බාලද‘ක්‍ෂයෝ 200ක් විතර ඇවිත් හිටියා. කුඩා ලමයි තමා සියයට 90 ක්ම හිටියෙ. වි‘හාලෙ ටෙන්ට් 10 ක් විතර ගහලා සවුන්ඞ් සිස්ටම් ගෙනත් මීටර් 1000 ත් පමන ප‍්‍රදේශයක් ආවරනය වෙන්න ශබ්ද විකාශණය කරලා  ඞීජේ කෙනෙක් ගෙනල්ලා වෙනමම ක්‍ායාරූප ශිල්පියෙක් පවා කොළඹින් ගෙනත් තිබුනා. බීම කෑම සියල්ල හොද කේටරින් සර්විස් එකක් වන කෑගල්ලෙ ශාලිකාවෙන් තමා ඇණවුම් කලේ. අපි 23 රාත‍්‍රී නවා තැන් ගත්තෙ විලා පින්න රෙස්ට් එකේ. ඒක පින්නවල තියෙන විශාල හෝටලයක්.
පළවෙනි සමාරම්බක උළෙලේ කතා පවත්වන වෙලාවේදී ගම වෙනුවෙන් වැඩිහිටියෙක් කතා කලා. සම්ප‍්‍රදානුකූල ආකාරයට සුදු සරමයි සුදු කමිතයයි ඇදලා හරිම අනුවේදනීය ආකාරයට එයාලාට උන විපද නිය ට හසුවුන අයට උන විපත ගැන හැගීම්බරව කතා කලා. කතා කරලූ සීයටත් වඩා වයස කෙනෙක් තමා අපේ ආයතනයේ ජාතික වැඩසටහන් කළමණාකාර පදවිය උසුලන්නෙ. එයා ඇවිත් අර කතා කරන කෙනාට කියනවා කෙටියෙන් කියලා ඉවර කරන්න කියලා. ඇත්තටම එහෙම කියන්න අපිට අයිතියක් තියනවාද .....ඇත්තෙන්ම එහෙම කියන්න හිතෙනවාද...එයාලගෙ ගම එයාලගෙ දුක ප‍්‍රකාශ කරන්න තියෙන වෙලාව.ඇවිත් ඉන්න අයට මේක කියන්න අවශයයි. මැරුන අය එයාලගෙ දේපට හානිය තවමත් කූඩාරම් වල ඉන්න අනිත් හිතවතුන් ඥාතීන් ගැන ඒ අයගෙ අවශ්‍යතාවයන් ගැන....... මෙලෝ දෙයක් කියන්න දුන්නෙ නෑ....
කතා පවත්වලා  පිළි අරගෙන ජාතික කොඩිය ඔසවලා ජාතික ගීය කියලා ඞීජේ එකකට නටලා වැඬේ පටන් ගත්තෙ 11 යි තිහට. 12 ට ස්නැක් ආවා.  1 තිහට බත් ආවා.
3 ට බීම ආවා කේක් එක්ක 4 ට වැඬේ ඉවරයි. පෝලිම් කරා. ජාතික වැඩසටහන් කළමණාකාරවරයා මෙහෙම කතාවක් කළා. මේ පුංචි ළමයින්ගෙන් අහනවා මයික් එකෙන්... නංගිලා මල්ලිලාට සතුටුද......... හෙටත් එනවද..........වැඩ කරන්න ආසද...... හරියට  සකුරා නයිට් එතේ එනවුන්ස් කරන විදිහට තමා දුන්නෙ ටෝන් එක.....තමන්ගෙ මුනුබුරු මිනිඉිරීලා වාගෙ දුවා දරුවන්ටඉ තමා මේ ආකාරයට කතා කලේ. පස්සෙ ඞීජේ දැම්මා නැටුවා ගෙවල් වලට ගියා.
අපිව හෝටලයට අරන් යන්න තිබුනා අපි ආපු වාහට කොළඹින් මඩකලපුවෙන් එහෙම කේ ඞී එච් වෙහිකල් තිබුනෙ...අපි යනකොට අර පුංචි  ළමයි බස් එනකං පාරෙ ඉන්නවා හවස 5ත් පැනලා.
රූ හොද ආහාර වේලක් ලැබුනා. ඒ හෝටලෙත් ඞීජේ දාලා නැටුවා කට්ටියම. අපේ අධ්‍යක්‍ෂක තුමා නැටුවා ඇතිවෙන්න.
ආයෙත් පහුවදා උදේ එහෙමම ගිහින් වැඩ පටන් ගත්තා. වැඩ 3 ට ඉවර වුනා නැටුවා හරි.  ඞීජේ එකට ඔක්කොම නැටුවා අපේ ආයතනයේ. ගමේ කීපදෙනෙකුත් නැටුවා.
එච්චරයි......

විශාල වියදමක් යන්න ඇති ලක්‍ෂ 50 පනින්න ඇති