Thursday, August 3, 2017

 Older post..



දිනය ජූූලි   12 වෙනි බදාදා


  රාත‍්‍රී බලූ කපුටු දානය ගනිමින් සිටින විටදී ටෙලිපෝනය හැඩවුන අතර එය තිබුනේ ඉහල මාලයේය අප ආහාර ගන්නේ පහලය මා කීප වතාවක්ම දුරකථනය හැඩවුන නිසා කෑම නවතා එය ගොස් බැලූ අතර හෙල්බොඩ වත්තේ දෙවෙනි නිළධාරියා වන ධනුෂ්ක ය මා ආපසු ගත් අතර ඔහු හා සම්බන්ධ වීමෙන් අනතුරුව ප‍්‍රකාශ කලේ මහේෂ් හට ආයේ වත්තට ඒමට ඉඩ නොදෙන බවක් සහ හැබිටාට් ආයතනයට හොද පාඩමක් උගන්වන බවයි. හේතුව නම් මහේෂ් විසින් ඔහු හට එස් එම් එස් එකකින් අන කිරීමක් ආකාරයට ඔහුගේ අවසරයකින් තොරව කිසිදු ගෙවීමක් නොකරන ලෙස කියා සිටීමය. මෙයට ඔහු ප‍්‍රතිචාර දක්වා ඇත්තේ පළමුව මහේෂ්ගේ අම්මා මතක් කර තර්ජනය කර පසුව මේ සම්බන්ධව මහේෂ් ගේ බාස්ලා වන ප‍්‍රභාත්ගේ වැරදි අඩුපාඩු සියල්ල අමාත්‍යාශ මට්ටමින් ඉහලට දැනුම් දීමෙනි.
ධනුෂ්ක විසින් මා හට මේ සියල්ල කීමට හේතුව නම් දිනක් වත්තේ සිදුවූ සිදුවීමක් මා ඔහුට පියවරෙන් පියවර නිසි පරිදි දැනුම් දීම තුලින් ගොඩ නගා ගත් විශ්වාසවන්ත කම නිසාය. ඒ සිදුවීම නම් වත්තේ ත්‍යාගරාජ්ගේ බිරිද බාස්ලාට බැන වැදීමේදී මා ගත් පියවරයි. එදින ඒ සම්බන්ධව ඔහුට දැනුම් දුන්නේ වතුඅධිකාරී වේදමුත්තු මහතා ලෙඩ නිවාඩු ගොස් සිටීම නිසාත් ඔහුගේ දුරකථන අංකය මා ලග නොමැති වීමත් මෙන්ම ඔහු සමග සියළු සම්බන්ධකම් පවත් වන්නේ රෝහිත නිසාත්ය.
ඔහු කතා කරමින් පැවසූවේ මීට පෙරද වත්තේ අයහට මහේෂ් කතා කර ඇත්තේ වත්තේ අයටත් වඩා තදින් අන දෙමින් බවය. ඔහු හැබිටාට් ආයතනයේ අයහ ට එලෙස කතා කලාට වත්තේ අයටත් තමාටත් අන දීම ඔහු කවුද යන්න විමසයි.
මා ප‍්‍රකාශ කලේ ඔබ මේ පිළිඹදව වහාම රෝහිත මහතාට දැනුම් දෙන ලෙසත් මේ සම්බන්ධව එපමන දුරකට නොයා කෙටියෙන් බේරා ගැනීම වඩාත් හොද බවත් කියාය. ඒ ඇයි යන්න විමසු විට මා ප‍්‍රකාශ කලේ අප සියල්ලන් අතින්ම වැරදි සිදුවන බවත්  ඒ ඒ වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යාමට අප සැමට අවස්ථාව ලබා දීම මහත්මා ගතියක් බැවින් ඔවැනි දේවල් අවවාදාත්මක ස්වරයෙන් සාකඡ්චා කර විසදීම වඩාත්ම උචිත බැව් නැත නැවතත් දන්නා අප මේ කල සාකඡ්චාව ගැන රෝහිත මහතාට දන්වන් එපා යයිද කීවෙමි. ඔහුද මේ වන තෙක් එය දන්වා නැත.
පසුව මා කෑම කා කාර්යාලයට පැමිනි විට මහේෂ් සහ එඞ්වර්ඞ් රෝහිත සමග මේ ගැන කතා කරනවා ඇසුනු අතර පසුව ධනුෂ්කද ඔහුට කතා කලාය. රෝහිත ධනුෂ්ක සමග කතා කලේ තමාට ඉදිරියටත් ඔවුන් සමග වත්තේ නිවාස ව්‍යාපෘතිය කල හැකි ආකාරයට සම තමන් බේරෙන ආකාරයට ඉඩ කඩ සාදමිනි. පසුව එඞ්වර්ඞ් හට කතා කර මහේෂ් කතා කරද්දී යම් යම් සීමාවන් ඉක්මවා යන ආකාරයට කතා කිරීම මීට පෙරද කර ඇති බව පැවසීය.
රෝහිත සියලූ කතාවලින් පසුව මා වෙත පැමින ප‍්‍රකාශ කලේ මහේෂ් ප‍්‍රශ්ණයක් හදාගෙන ධන්ෂ්ක සමග ධනුෂ්ක හොදටම බැනලා වත්තට එන්නත් එපා කියලා  මරනවා කියලා  මහේෂ් ඒ කියපුවා රෙකෝඞ් කරගෙන ඒක එඞ්වර්ඞ්ට යවලා  මහේෂ්ගෙ ගෙදර අය මහේෂ්ට අස්වෙන්න කියනවාලූ  අරකලූ මේකලූ  සේරම කීවා  මම අහගෙන හිටියා විතරයි






ජූූලි   14 දින

අද උදේම මම රෝහිත සමග කියාස්ගෙ වාහනේ පී එච් ඞී ටී එකට ගියා රත්වත්තේ මහතාගෙන් අත්සන් ගැනීමට අදාල ලිපිගොනු වලට. එහිදී අපව සුපුරුදු පරිදි විනාඩි 46ක් ප‍්‍රමාද කරලා අත්සන් කලා. එහිදී රත්වත්තේ මහතා විවිධ මාතෘකා ඔස්සේ රාජ්‍ය නොවන සංවිධාන වල වැරදි අඩුපාඩු අක‍්‍රමිකතා ¥ෂණ ගැන කතා කලේ අපටද වක‍්‍රව ඇගිල්ල දිගු කරමින්ය. මිනිසුන්ගෙන් එක් එක් කාරනාවලට ලිපි ලේඛණ ගැනීමෙන් ඔබලා විසදුම් සෙවීමට තැත් කලත් එය අවසානයේ තවත් ප‍්‍රශ්ණයක ආරම්භයක් බවද ඔහු ප‍්‍රකාශ කලේ අත්දැකීම් පෙන්වා දෙමිනි. ඇත්තෙන්ම එය රෝහිතට අලූත් පාඩමක් වූවාට සැකයක් නැත. ඔහු කරන්නට දන්නේ ද එපමනක් බැවින්ය. මා ඒ සම්බන්ධව රත්වත්තේ මහතාට නිහඩවම සිතින් ස්තූතිවන්ත වූවාය. එමෙන්ම ඔහු කී තවත් කරුනක් නිසා මා සිත පිනා ගියේය. එනම් තමන්ට කරදරයක් වෙන වැඩක් කරන්නට නොදෙන නිළධාරීන් හට ඉඩක් ලද විගස  අම්මා මෝ නැතුව කුනුහරපෙන් බැනීමෙන් සිත සන්සුන් වෙන බවය. එය සම්පූර්න ඇත්තය. මාද කරන්නේ එයම නිසා එහි ගුනාගුණ මා දන්නවාය. එය සැබවින්ම ප‍්‍රත්‍යක්‍ෂ අත්දුටු බෙහෙතකි.
එම ආයතනයේ සම්පත් සමග මහේෂ්ගේ ප‍්‍රශ්ණය ගැන කතා කල අතර ඒ සම්බන්ධව ඔහු රත්වත්තේ මහතා සමග කතා කලේ නැත.
පැමිනෙන විටදී වේදමුත්තු මහතාගේ නිවසට ගියේ ඔහුගේ අසනීප තත්වය බැලීමටය. ඒ සදහා ගත් කෙසෙල් සහ ගස්ලබු සදහා ආයතනයෙන් ගෙවීමට අවසර ගත හැකි බව පැවසුවේ කිසිදු හිරිකිතයකින් තොරවය. නමුත් මා ප‍්‍රකාශ කලේ ඒ සදහා අප දෙදෙනා සාමූහික වියදමක් අතින් දැරුවානම් එය වටිනාකමකින් යුක්ත නොවේද යන්නය. නමුත් කුම්මැහියන් හට ඒවා කීමෙන් වන්නේ මගේ රුකියාවේ ආයු කාලය අඩු කර ගන්නා බවට සිතුවිලි පැමිනෙද්දී මා වැරුද්ද කර හමාරය






Wednesday, August 2, 2017


මම  සදුදා උදේම ආවා ගම්පොල මහේෂ ඇවිත් තනියම බඩු ටික වාහනේට පටවගෙන කොටා යමු කියලා යන්න ගත්තා කියාස්ගෙ වාහනේ මහේෂ් වෙනමම ගියා  මම උදේ 4 ට එන්න ගත්තෙ තාම තේ එකක් වත් නෑ මූ ඇහුවෙත් නෑ පිටරට අය හෝටලෙන් අරගෙන ආවා සයිට් එකට ඇවිත් කොටා පැංචා එක්ක කොහෙද ගියා මහේෂ ඊයෙ පෙරේදා ඇවිත් ඔක්කොම සෙට් කරලා මේ කොට මෙලෝදෙයක් කලේ නෑ මම මූ ගියාට පස්සෙ කන්න තැනක් බැලූවා මොකුත් නෑ ලමයි බලා ගන්න නාගරාජ්ගෙ පවුලගෙන් ලමයින්ට හදපු ත‍්‍රී පෝෂ ගුලියක් ඉල්ලාගෙන කෑවා  දවල්ට කන්න ගියෙ 2 ට විතර එතකං මූ නිකමට වත් ඇහුවෙ නෑ අඩුම ගනනනෙ තේ එකක් වත් බීවද කියලා’’ මම දඹුල්ලෙ තිස්ස ඩ‍්‍රයිවර්ටත් තේ එකක් නාගරාජ්ගෙ පවුලට කියලා හදවලා දුන්නා මූ ඒකවත් කලේ නෑ මහේෂ් කියනවා මූ කඩෙන් කාලා තේ එහෙම බීලාලූ ආවෙ උදේම

මම තමා මූට උයලා දෙන්නෙ අද ඉදන් ඒකත් කරන්නෙ වෙන විදිහට
 පරයෙක්  මූ මහේෂටත් පට්ට කැපිල්ලක් දාන්නෙ  මට පුහුණුවටත් යන්න දුන්නෙ නෑ මේ කොටා ඇත්තටම මොනවද කලේ මොනවද කරන්නෙ කොම්පියුටරයක් ගාව ලියන්න විතරයි දන්නෙ   තීරනයක් ගනියම ගන්න බෑ වගකීමක් දරන්න බෑ වෙන කෙනෙකුට වගකීමක් බාරදෙන්නෙත් නෑ

Monday, July 31, 2017

මූට සාප වෙනවා කරපු ඔය වැඬේට නම්

අද මම වත්තට යනකොට බිසෝමැනිකා මම දිහා බලාගෙන ඉන්නවා ඈතට වෙලා  මම ලගට ගිහින් කතා කලා එයාගෙ ගේ අත්තිවාරම් දැම්මට පස්සෙ කවුද සර් ඒකනැති කලේ කියලා මගෙන් අහනවා අඩ අඩා මට කට උත්තර නෑ මම කීවා මොනවා හරි කරන්න බලමු ක්ියලා
මම මේ ගොන් බූරුවන්ට කීවා මුලින්ම කරන්න අවශ්‍ය දේවල් කොටා සත පහකට ගනන් ගත්තෙ නෑ ඌ සරාප්ට යි ඌටයි  ඕනා  ඕනා විදිහට තමා වැඩ කරන්න ගත්තෙ
දෙමල අයට විතරයි කීවාම මට තගක් දැම්මා එහෙම නෑ කියලා 
තනි පොටෝ ගන්න එපා තේරුමක් නෑ කීවාම ඔයා ගන්න මම බලා ගන්නම් කීවා
ලයිමෙ තියලා පවුල් පොටෝ ගන්න අවශ්‍යයි කියපුවාම ඒකත් අවශ්‍යය නෑ කියලා පවුලෙ කෙනෙක් හිටියත් ඇතියි කීවා
දැන් මම කීව සේරම කරන්න උනානෙ
මම ඇවිත් ඇහුවා කෙලින්ම බිසෝමැනිකෙට උන දේ නම්  හෙන ගහන අපරාදයක් 
එක්කො අපි කතා කරන්ල  ඕනා කලින්ම මේක ට සල්ලි ආවෙ නෑ කියලා කියන්න
එහෙම නැත්නම් වත්තෙ අය හිතුමනාපෙට ගෙවල් හදන්න පටන් ගන්න  ඕනා 
ඔය දෙකෙන් එකක් නිසා අර ගෑනිට කෙලවුනා කියලා
කොටා නෙමෙයි වචනයක් කතා කලේ 
ඒ ගොනාට කියන්න හරි එහෙමම නැත්නම් සල්ලි පාස් උන අයගෙ නම් ලිස්ට් එක හරි දෙන්න තිබුනානෙ වත්තෙ අයට
මුකුත් කලේ නෑ පකයා වාගෙ බලාගෙන හිටියා අරයා කරනවා මෙයා කරනවා කිය කිය රිපෝට් නම් යවනවා නියමෙට එච්චරයි
පවු අර අහිංසක ගෑනි හැබැයි
මූට සාප වෙනවා කරපු ඔය වැඬේට නම් 


තමන්ගෙ වැඬේ වෙනුවෙන් ඔනාම එකෙක් බිල්ලට දෙන්න ලෑස්ති එකෙක් තමා කොටා වැඩක් පලක් කර ගන්න දන්න එවුන් නම් කමක් නෑ නිකං ඉදන් අන්ත් එවුන්ට උගුල් නම් අටවනවා හරි ගානට
 යමු ඔහොම බයිබලේ තියනවා දෙමව්පියො ඇඹුල් කනකොට දරුවන්ගෙ දත් හිරි වැටෙනවා කියලා


වැඬේ ගැන ඒ යකා දන්නෙත් නෑ
අපිට 25 තමා කීවේ 27 28 මඩකලපුවෙ ඉදිකිරීම් සම්බන්ධ වැඩ සටහනකට යන්න ලොක්කා මාවයි ශාන්තවයි තෝරාගෙන තියනවා කියලා 24 මට මහේෂ් කීවා
 නමුත් ඔය වැඩේ මට එන්න  ඕනා එක්කො එඩා හරි කොටා හරි හරහා නිසා මම කට වහගෙන හිටියා  ඔන්න එඩා 25 කීවා  වැඬේ ගැන ඒ යකා දන්නෙත් නෑ මේකෙ මොන කොටසද අපිට වැදගත් දවස් කීයක් අපි ඉන්න අවශ්‍යද ඒකෙන් අනාගතයට ආයතනයට ඇති වැඬේ මොකද්ද කියන ඒවා දන්නෙ මෙච්චරයි මහේෂ් එක්ක කතා කරගන්න ඔච්චරයි
 කොටා වැඩට ආවෙත් 25  මම 25 උදේම වත්තට ගියා කොටාගෙ අන පරිදි  එනකොට 2-30 මම දවල්ට කෑම ලෑස්ති කලෙත් නෑ ගෙබා ආවෙත් 25 කොළඹ ඉදන් ගෝබිනාත්ට බයික් එකක් අරන්
ඒකට මොකද කරන්නෙ කියලා කොටා මගෙන් අහනවා මම කීවා ඒ බයික් එක ඔපිස් එකෙන් බාලා හොදට රෙපයාර් කරලා අඩුපාඩු බලලා වත්තට එවන්න මොකද මොනවා හරි උනොත් ගෝබිි අමාරුවෙ වත්තෙ තියෙන්නෙ කන්ද නෙ කියලා මේ ගොන් මෝඩයා ඒකත් අපෙන් අහන්නෙ
 ගෙබා කියනවා මේක හොදයි කොළඹ පැදපු බයික් එක කිසි අවුලක් නෑ නියමයා කියපා හැබැයි හෙල්මට් එකක්වත් එවලා නෑ ඒ අනිත් සක්කිලියා
කොහොම හරි මම වත්තෙ ඉදන් කාර්යාලයට ආවා මුං දවල්ට හරියට කාලා නෑ කොටා දැන් ඌට විතරනෙ බත් ගේන්නෙ ඒක බෙදාගෙන කෑවා ඇයි දවල්ට උයලා නැත්තෙ කියලා ගෙබා මගෙන් ඇහුවා  මම මුකුත් කීවෙ නැ ඒ වෙලාවෙ
මයික් එකට හෙල්මට් ජැකට් ගන්න උං ගම්පොල ගියා  මම ගෙදර ගියා හෙට මඩකලපු යන්න බඩු ගේන්න තියනවා කියලා

පහුවදා උදේම 26 දා මම කිරිබත් හදාගෙන ආවා තනුජා හැදුවෙ  මම එපා කියද්දි මේ ගෑනි හදලා දුන්නෙ  මමත් අරගෙන ආවා’ මුං වත්තට යන්න ලෑස්ති වෙලා මම හිටියා මොකද මහේෂ් එක්ක මඩකලපු යන්න තියන නිසා
නමුත් දවල් වෙනකොට මහේෂ් කෝල් කලා එයාට යන්න බැරිවෙයි  කොටා කතා කරලා ඇහුවලූ ජී වී ටීම් එකක් එනවා ඒකට ඔයා ප්ලෑන් කරලා තියනවද අරකද මේකද කියලා මම කීවා බලමු කියලා  දැන් සාන්තත් කතා කරලා ලෑස්ති වෙලා 
ඔන්න වාහනේ ආවා මම නැග්ගා ගම්පොල රේල් පාර පහුවෙන්න හම්බුනේ නෑ මහේෂ් කීවා වැඬේ කැන්සල් කලා ලොක්කා කියලා
ඹම ආපහු ගියා විතරයි ගෙබා කතා කරලා අහනවා කොහෙද ඉන්නෙ කියලා  මම කීවා අපි යනවා වැඬේට  දැන් දඹුල්ලත් පහු කරලා කියලා මූ රෝහිතට මොනවද කියලා පෝන් එක කට් කලා ඒ පමාවටම කොටාත් ගත්තා කොහොද  කියලා අහනවා  මම කීවා තාම මහේෂ් වාහනේ එවුවෙ නෑ කියලා  එතකොට කොටා කියනවා ගමන යන්න වෙන එකක් නෑ ලොක්කා කීවා සදුදා වෙනකොට දෙවෙනි පේමන්ට් වලට ෆයිල් 12 ක් එවන් කියලා වහාම මම කීවා කරමු කියලා
ඔන්න වැඩ  මහේෂ්ට කියලා ක්‍ි වී වැඬේ ඇද ගන්නයි  මට කියලා ෆයිල් ට්ක හදාගන්නයි කෑම උයා ගන්නයි තියන නිසා මූ ගානට එඩා හරහා වැඬේ දුන්නා
මහේෂ් කතා කලා ආයෙත් මම කීවා වෙච්ච දේ මහේෂ් තියනවා රෝහිත එයාව කපනවා කියලා මම හිතන්නෙ එඩා කියලා වාගෙ  වෙ කවුරුත් ඔය දේ කියන්න කෙනෙක් මහේෂ්ට නෑ ප‍්‍රධාන කාර්යාලයෙන් මම දන්න විදිහට නමුත් දැන් මහේෂ්ට තේරිලා නොටා ගැන  කිසි වැඩක් දන්නෙ නැත් ලොබ්බ හරකෙක් කියලා බැන්නා මුං ඉන්නකං මේකට හරියන්නෙත් නෑ ඉන්න අයට වගතුවක් නෑ කියලා දැන් අපූරුවට කියනවා  මම දැනුයි මේකා ගැන දන්නෙ මේකා සර්පයෙක් කියලා කියනවා 

ඔන්න පස්සෙ ශාන්ත කතා කරනවා ඇයි චානක මෙහෙම කලේ උඹ ෆයිල් හදන්න තියා ගත්තා ඒක හරි මහේෂ ජී වී එකට තියා ගත්තා ඒකත් හරි එතකොට මාව මාව නිකම්ම ලොස්නෙ ෆ‍්‍රැන්සිස් අහනවලූ ඇඅයි ලොක්ක උඹත් එක්ක මොකක් හරි තරහක් තියනවද කියා මේකට උඹවත් කැන්සල් කරන්න  ඒ අනික් අපතයා එහෙමත් අහනවද ඒ වාගෙ අහිංසකයෙක්ගෙන්  මම කීවා මමත් දන්නෙ දැන් මචං මම වාහනේටත් නැගලා මගක් ඇවිත් නෙ වැඬේ දන්නෙ කියලා

 මූ කියනවා මරු කතාවක් ඌ ඩිරෙක්ටර් නම් අපිව පුහුණුවටත් යවලා සෙනසුරාදා ඉරිදා ඒ වැඬේ කරන්න මාව යොදවනවා කීවා  ඒ දින දෙකට ගානක් වැඩිපුර දෙනවා කිවා  එතකොට ඒ වැඩෙයි මේ වැඩෙයි දෙකම වෙනවලූ අනික තමා ශාන්ත කියන්නෙ කෙලින්ම ඒක අදාල මැනේජර්ට කරන්න කියන එක ඒකාට ඒක කරන්න බැරිනම් මොකටද ඔතන ඉන්නෙ  වැඬේ දන්න වැඬේ කරන එකාටනෙ බාරදෙන්න අවශ්‍යය මුලූ වැඬේම කියලා මිනිහා කියනවා

  මේකට තියන නායකත්ව කොලිටිය මහ එකාට නැති එක ගැන හරිම දුකයි