Tuesday, June 6, 2017

 සරත් මහතා මාතලේ සිට අද මා හට කතා කලා
පසුගිය දිනක එඞ්වර්ඞ් මහතා සහ රෝහිත මහතා සවස නවරත්නගොඩ රුස්වීමක් ඇමතීමට පැමින ඇති අතර එහිදී සරත් මහතා මෙතෙක් කල් සිදුවූ වැඩවල ප‍්‍රගති සමාලෝචනයක් ඉදිරිපත් කර පසුව මෙතෙක් නිම කල වැඩ ගැනද ඇතිවී තිබෙන ප‍්‍රශ්ණ අඩුපාඩු ගැනද කතා කර ඇත. එඞ්වර්ඞ් මහතා කෝපයට පත්ව තදින් ඔවුන් අමතා ඇති අතර  මෙවැනි ආකාරයක් ගැන දන්නේ නම් මේ ව්‍යාපෘතිය මෙම ගමමානයට ලබා නොදෙන්න තමා කලින් පියවර ගන්නා බවද එය කිරීමට නොහැකි වීම ගැන මේ මොහොතේ කනගාටුවන බවද පවසා ඇත.
එවිට සරත් මහතා ඔබලා එලෙස කතා කරන්නෙ ග‍්‍රාම සංවර්ධනය කරනා ආකාරය නොදන්නා නිසා බවත් ඔබලා කොළඹින් ආවා කියා ඔබලා කියන කියන දේ කිරීමට අප එකග නැති බවත් ගමට හරිදේ පමනක් කරන්නට ගම් වැසියන් වශයෙන් අප සූදානම් බවත් ප‍්‍රකාශ කර ඇත.
ගම්මුන්ගෙන් කිසිදු සහයෝගයක් ලැබුනේ නැති බව එඩා කී පසු සරත් පවසා ඇත්තේ එය බොරුවක් බවත් මේසන් වරයාගේ වැඩ කිරීම් වලදී  ගම්මුන් අදාල දායකත්වය සපයා ඇති බවත්ය .
අවසාන වශයෙන් එඩා ප‍්‍රකාශ කර ඇත්තේ අදාල ජල ව්‍යාපෘතිය සදහා ගමෙන් මුදල් දායකත්වයක් නොලැබෙන්නේ නම් මෙය වසා දැමීමට තමා පියවර ගන්නා බවයි.
ඔහු අසන්නේ මෙයද හැබිටාට් ආයතනයේ ග‍්‍රාම සංවර්ධනය හෝ ප‍්‍රජා සංවර්ධනය කරන පිලිවෙල කියාය.
ඇත්තෙන්ම ඔහුගේ ප‍්‍රශ්ණය වෙනුවෙන්  මගේ පැත්තෙන්ද අසන්නට යමක් තිබේනම් එයම වේ මෙහෙමද ග‍්‍රාම සංවර්ධනය හෝ ප‍්‍රජා සංවර්ධනය කරන පිලිවෙල කියාය. මේ වැඩසටහන් නිළධාරිවරයාගේ සුදුසුකම් අතර ඇති මේ විස්තරය අමූලික බොරුව බව වැටහෙන්නේ මට විතරද 






Qualification and skills
·       Degree /Diploma in community development/
·       Ability to speak English and sinhala and understanding of Tamil
·       5 year experience in Social development /Community development in International or National NGO
·       Knowledge of Program implementation and monitoring and evaluation
·       Prepaeration of project proposals/ budgeting and report writing
·       Basic knowledge of constructions
·       Computer literacy- Word/excel/ powerpoint
·       Good analytical skill
·       Ability to motivate the people
·       Interpersonal skills
·       Willingness to travel
·       Team player
 එඞ්වර්ඞ් ගෙ සුදුසුකම් මේවා තමා කියලා හැම තැනම ලියලා තියෙන්නෙ හැබැයි මේ සම්බන්ධව එක් සහතිකයක් වත් නෑ ලිපි ගොනුවෙ. තියෙන්නේ අ පො ස උ පෙ යන්තමට ගා ගත්ත සහතිකයයි පූජකවරය ලැබුනාම ලැබෙන සහතිකයයි විතරයි 
මම ඊයෙ කොළඹ මෙතෝදිස්ත මූලස්ථානයේ ඔඩිටෝරියම් එකේ පරිසරය ගැන වැඩසටහනක් කලා... ඒකෙ විස්තරයක් මම අපේ කාර්යාලයේ දිනේෂ මහතාට යැව්වා.. ඒක ගැන පොහොම හොද කියලා එයා ඒකම සියළුම කළමණාකරුවන්ට නැවතත් හරවලා මේල් කරලා තිබුනා.. ක්ලැරන්ස්  සහ මෙලිෂා මට සුභ පතලා තිබුනා.. අද එඩ්වර්ඩ් අහනවා රෝහිත ගෙන් මම නිවාඩු දාලද ඒකට ගියෙ කියලා.. රෝහිත කියනවා කොළඹ කාර්යාලයේ සමහරු බලන්නෙ වැරුද්දක් හොයන්න කියලා..
මම නම් දන්නවා එහෙම හොයන්නෙ කවුද කියලා... එඩා විතරයි මගෙ කොනක් අල්ලන්න බලන් ඉන්නෙ.. වෙන කවුරුත් නෑ.. එක දවසක් එය නාකියා එක්ක මම හරි ගම්පොල ඉදන් එනකොට මම කීවා මම අද කොම්පියුටර් පංති යනවා මාව මගින් දාන්න කියලා.. මේකා හාර හාර මොන තරම් දේවල් ඇහුවද කොම්පියුටර් පංතිය ගැන..
මෙහෙම බල්ලොනෙ අපිත් එක්ක ඉන්නෙ ..
තමන්ගෙ නොහැකියාව වහ ගන්න වැඩක් කරන එකාගෙ කුණු හොයන්න විතරයි මූ දන්නෙ.. ඇත්තටම මෙහෙම උනුත් එක්ක මෙච්චර කාලයක් මම බේරිලා හිටපු එකම ලොකු දෙයක්.. මේක රෝහිතට තේරෙන්නෙ නෑනෙ..