Tuesday, June 6, 2017

මම ඊයෙ කොළඹ මෙතෝදිස්ත මූලස්ථානයේ ඔඩිටෝරියම් එකේ පරිසරය ගැන වැඩසටහනක් කලා... ඒකෙ විස්තරයක් මම අපේ කාර්යාලයේ දිනේෂ මහතාට යැව්වා.. ඒක ගැන පොහොම හොද කියලා එයා ඒකම සියළුම කළමණාකරුවන්ට නැවතත් හරවලා මේල් කරලා තිබුනා.. ක්ලැරන්ස්  සහ මෙලිෂා මට සුභ පතලා තිබුනා.. අද එඩ්වර්ඩ් අහනවා රෝහිත ගෙන් මම නිවාඩු දාලද ඒකට ගියෙ කියලා.. රෝහිත කියනවා කොළඹ කාර්යාලයේ සමහරු බලන්නෙ වැරුද්දක් හොයන්න කියලා..
මම නම් දන්නවා එහෙම හොයන්නෙ කවුද කියලා... එඩා විතරයි මගෙ කොනක් අල්ලන්න බලන් ඉන්නෙ.. වෙන කවුරුත් නෑ.. එක දවසක් එය නාකියා එක්ක මම හරි ගම්පොල ඉදන් එනකොට මම කීවා මම අද කොම්පියුටර් පංති යනවා මාව මගින් දාන්න කියලා.. මේකා හාර හාර මොන තරම් දේවල් ඇහුවද කොම්පියුටර් පංතිය ගැන..
මෙහෙම බල්ලොනෙ අපිත් එක්ක ඉන්නෙ ..
තමන්ගෙ නොහැකියාව වහ ගන්න වැඩක් කරන එකාගෙ කුණු හොයන්න විතරයි මූ දන්නෙ.. ඇත්තටම මෙහෙම උනුත් එක්ක මෙච්චර කාලයක් මම බේරිලා හිටපු එකම ලොකු දෙයක්.. මේක රෝහිතට තේරෙන්නෙ නෑනෙ..



No comments:

Post a Comment