Thursday, June 20, 2013

මම පාරෙ යනකොට දකින්නෙ නිතරම මගේ ගෙවල් ලග තියන මුස්ලිම් කඩ දෙක දිහා .එකෙ නිතරම සෙනග පිරිලා . මුස්ලිම් උං විතරක්ම නොවෙයි අපේ සිංහල එවුන්ත් යනවා. අපේ උං තමා වැඩියෙන්ම යන්නෙ. මම වැඩ කරන්නෙ සිංහල කඬේක. මම නම් මුස්ලිම් කඩයක වැඩට යන්නෙ නැ. මට උං අරහං . මම හොද බෞද්ධයෙක් . මම සිංහල බෞද්ධයෙක් . මේක අපේ රට . මුං බලා ඉන්නකොට දියුනු වෙනවා. ඒක නැතිකරන්න ඕනා. ගෙරි මස් කන හැත්ත මම නම් කවදාවක් හරක් මස් කන්නෙ නෑ. මම කන්නෙ කුකුල් මස් ඌරු මස් එළු මස් තව දඩ මස් විතරයි’. හරකා කියන්නෙ අම්මා වාගෙ සතෙක්. මේ හැත්ත අම්මා මරගෙන කන ජාතියක්. අපේ ඥාන සාර හැමුදුරුවො කියනකං අපි දරනන් හිටියෙ නෑනෙ මේ වගේ වගක්. අනික මුංගෙ තේ කඩයක් බලන්න. අපේ එවුන් යනවා. ඒ වුනාට මුං කවදාවත් අපේ සිංහල තේ කඬේකට තේ බොන්න යනවාද? බත් කනවාද ? මලාට නෑ. ඒකට අපේ එවුන් උං හැම එකටම රිංගනවා. දෙමලුන්ගෙ සයිවර් කඩෙන් තමා හැම දේම කන්නෙ. එහෙම නැත්නම් තම්බියෙක්ගෙ කඬේට රිංගනවා.
උං කවදාවත් බංකොලොත් වෙන්නෙ නෑ උංගෙ ඔවුන් කොහොම හරි ඌව නැගිට්ටවනවා. අපේ එකෙක් වැටුනොත් වැටුනාමයි. උං හැමදාම පල්ලි යනවා ඒ වාගෙම උංට පල්ලිය බලනවා. අපේ ඔකෙ අනිත් පැත්ත අපි කොච්චර පන්සල් ගියග් අපිට පංසලෙන දෙන්නෙ බන විතරයි’ . ඒ හිංදා මුංගෙ ඵල්ලි ටිකත් කඩලා දාන්න ඕනා. මෙහෙම ගියොත් මුං රටම අල්ලනවා එහෙම වුනොත් මම කොහේ කියලා යන්නද මුං නම් අරාබියට හරි යයි ඇත්තටම බොදු බල සේනා ආවෙ නැත්තම් මේ ටික වත් අපි දන්නෙ නෑ. ඒ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න ඕනා අපිට හරි මාර්ගය කියලා දුන්නාට. එතුමන්ලා වාගෙ අය තමා මේ රට පාලනය කරන්න ඕනා. එ ල් ටී ටී එකෙන් පස්සෙ අපිට අළුත් හතුරෙක් ඉන්න පව පෙන්නපු එකම ඇති මේ උත්තමයලා නිවන් දකින්න
ඊයෙ පෙරේදා දවසක මොකද්ද රූපවාහිනී නාලිකාවක දිලානිද කවුද කියලා මහ අංගපුලාවකට නැති එකියක් මේ උන්නාන්සෙය අපහසුතාවයට පත්කොරලා තියනවා කියලා අහල පහල එවුං කියනවා. මේ අත්තමයලා ඕවාට සැලෙන්නෙ නෑ. බුද්හාමුදුරුවන්ටත් ඔය චිංචිමානවිකාව කියලා එකියක් අලූගුත්තේරුවැඩක් කරන්න ඇවිත් පච වෙලා ගියෙ . ඕවා ඔහොම තමා. හෙට අනිද්දා කියයි පිටරට ඇන්ජී ඕ කාරයො ෂල්ලි දීලා මේවා කරනවා කියලා. රටේ ඔක්කොම මම වාගෙ නෑනෙ.
උනික මගෙ යාළුවෙක් ඉන්නවා ක‍්‍රිස්තියානි එයත් අපිත් එක්ක මේ මුස්ලිම් විරෝධය වෙනුවෙන් බෞද්ධ අපේ පැත්ත අරන් ඉන්නෙ. කොච්චර එකක්ද ඒ ආගමික සහජීවනය කියන එක මේ විදිහට පෙන්නන්න පුළුවන් උනාම

Tuesday, June 18, 2013

උක්කුං මහත්තයගෙ චුට්ටං කතාව


අප්පච්චි මාස තුන හතරක් තිස්සේ ම ? දාවල් බලන්නේ නැතිව මහන්සි වෙලා මහන්සි වෙලා තමයි ගොයම් ටික කපලා ගෙට ගන්නේ. ඒ අස්වැන්න කියන්නේ පසුගිය මාස තුන හතරෙම අපේ ගෙදර හැමෝම මහන්සියේ අග‍්‍ර පලේ කිවුවොත් හරියටම හරි. ගෙදර ඉන්න ඔක්කොමලාගේ ම ඔක්කොම හීන ටික එකතුවෙලා තියෙන්නේ එතන. පසුගිය කාලේ වෙච්ච වෙහෙස මහන්සියට හරියන්න අස්වැන්න විතරක් නෙවෙයි ඊළග කන්නෙට ගන්න ටික තියෙන්නෙත් ෙමි ගත්ත වි ටිකෙන්ම තමයි.
     ගෙමි හැමෝගෙම වී ගන්න ගමට ලොරි එනවා එ්ත් ගෙමි අය වැඩිපුර ම වී විකුණන්නේ හංදියේ කෙඩි මුදලාලිට. මොකද එයා ටිකක් වැඩිපුර ගෙවනවානේ. අනික එයාට වී මෝලක් තියනවනේ. එයා අපෙන් වී අරගෙන හාල් කරනවා. ඊට පස්සේ අපෙන් ගත්ත ගානන් එක්ක අල්ලලා, එයාගෙ වියදමත් පියවාගෙන කීයක් හරි වැඩිපුරත් තියාගෙන විකුණනවා. එයා කරන්නේ ගොයම් කැපෙන කාලෙට අපෙන් වී ගන්න එක විතරයි. හැබැයි වී කිලෝ එකක් අරගෙන ඒක හාල් කරන්න යන වියදම වගේ සෑහෙන ගානකට තමයි ඒවා විකුණන්නේ. එ් කියන්නේ එයා විකුණන ගාන ඇතුලේ අප්පච්චිට දුන්නු ගානයි හාල් කරනවා. ගියපු ගාණයි, එයාගෙ ගානයි ඔක්කොම තියනවා.
 ගමට උඩහින් පොඩි දොළ පාරක් යනවා. එ්ක කෙළවර වෙන්නේ ගෙමි වැවෙන්. වැෙවි ඉ`දන් ලොකු අප්පච්චි ඉන්නේ මුහුද අයිනේ. අප්පච්චි ගොවිතැන් කරනවා වගේ ම ලොකු අප්පච්චි මුදු යනවා. අපේ කොල්ලෝ එකතු උනාම සමහර දවස්වල දොලේ බැහැලා හරි, ඇලේ බැහැලා හරි, එහෙමත් බැරි වුණොත් වැවට පැනලා හරි මාළු ටිකක් අල්ලාගන්නවා. ඒ අල්ලා ගන්න මාළු කොහෙන්ද කියලා කවුරුත් අහන්නේ නෑ. මොකද ඒ අපි මහන්සි වෙලා අල්ලා ගත්ත උන්නේ. ඒකට කාටවත් සල්ලි දෙන්නෙත් නෑ ඔීනෑ වෙන්නේ අපේ මහන්සිය විතරයි. අප්පච්චිලත් එහෙම කවදාවත්ම මාළු කන්න සල්ලි දෙන්නේ නෑ ඒත් අල්ලන් එන මාළු විකුණනවා. හැබැයි ටවුන් එකට ගියාම මාළු කඩෙන් ඔිනෑ මාළුවෙක් ගන්නත් පුළුවන්. ඒකටනම් ඉතිං සල්ලි දෙන්න ඔිනෑ. අපිට ඔින්නම් වැවෙන් හරි ඇලෙන් හරි අල්ල ගන්න පුළුවන් ඒකට සල්ලි ඔිනේ නෑ. එහෙම නැත්තම් පොඞ්ඩක්වත් මහන්සි නොවි කෙඩිට ඇවිල්ලා සල්ලි දිලා ඒ මාළුම අරන් යන්නත් පුළුවන්. මට වෙලාවකට හිතෙන්නේ වැෙවි ඉද්දී නිකන් ම හම්බවුණු මාළු, කෙඩිට එනකොට ගණන් උස්සනවා. පුදුම වැඩැක් නේ ද කියලත්. ඒත් වැෙවි ඉද්දී මාළුවට ගාණක් කියන්න බෑ. ඇල්ලූවට පස්සේ ගණන් කියන්න පුළුවන් . එතකොට මාළුවාට ඒ ගාණ උනේ කොහොම ද? මේ ගාණ දැම්මේ  කවුද? එත් වැවේ ඉන්නකොට කවුරුත් ගණන් කියන්නේ නැත්තේ ඇයි? එතකො මාළුවා වැවේ ඉද්දි මේ ගාණට වටින්නේ නැත්ද?
     අපේ ලොකු අක්කාගේ ලොකු  පුතා දැන් ස්කොලේ තුනේ පන්තියේ. දුව  එක වසරේ ඒ දෙන්නාටම ස්කොලෙන් නිකන් රෙදි දෙනවා. ඇඳුම් මහ ගන්න කියලා. පොඩි අක්කා නිවාඩු දවස් වල ඒ රෙදි මහලා දුන්නා. ඒත් මේ පාර හන්දියේ රෙදි කඩයට ගෙනිච්චා. ඒත් මේ පාර ඇඳුම් මැහුව කෙනා එකට සල්ලි අරගෙන. නිල ඇඳුමට රෙදි නිකන් හම්බ වෙලත් , කලිසම් කමිස වුනේ සල්ලි වලින් නේද කියලා හිතෙනවා. මහ ගන්න  පුළුවන් උනානම් ගෙදර දිම රෙදි ටික කමිස කලිසම් කරගන්න තිබ්බා. දුවට අරන් දුන්න රෙදි වල කලිසම් කමිස තිබ්බේ නැත්ද? හැබැයි ඇත්තටම ගත්තෝත් නිකම් දුන්න  රෙදි කමිස කලිසම් වුණේත් , වී හාල් වුනෙත් මාළු වලට වටිනාකමක් එකතු වුණෙත් එක්ම විදිහට නේද?
 එත් කොහොමද එහෙම වුණේ ? ගෙදර හඳන එළදෙනගේ කිරී එරෙන්නේ නිකන් . ඒ ටික දොවලා ගත්තාම එක ගන්න ගාණක් ගෙවන්න  ඕනේ. ඒ කිරි මුදවාපුවම ගාණ අරට  වැඩි වෙනවා. ඒ කිරි මී කිරි උණාම ගාණ තවත් වැඩි වෙනවා. ඒත් ඒ හැම තැනකම තියන්නේ එළදෙනගේ කිරි. කොහොම ද එහෙම වෙන්නේ ? එතකොට කිරි දොවනකොට ඒතන චිස් තිබුණේ නැත්ද?
අනේ මන්දා, මේවා කල්පනා කළාම ගමේ ඉන්න අය මට පිස්සු කියලත් කියයි. ඒත්  බලන් ගියාම මේ හැම දෙකටම වටිනා කමක් එන්න හේතවක් තිබුණා. අප්පච්චිගේ මහන්සිය වී වලට වටිනා කමක් දුන්නා. මුදලාලී මහන්සි වෙලා වී හාල් කරලා හාල් වලට වටිනා කමක් දුන්නා. වැවේ හිටපු මාළු අල්ලන්න වුන මහන්සිය නිසා ඒවාට වටිනා කමක් ලැබුණා. ඒ නිසා තමයි මුහුදු මාළු උම්බලකඩ වෙද්දි ගණන් වැඩි වෙන්නේ. නිකම්ම නිකම් හම්බ වුණු රෙදි මහන්සි වෙලා ඇඳුම් කළ  නිසා ගෙවන්න වුණා. නිකම් තියන කළු ගල් මහන්සි වෙලා කැඩුවට පස්සේ විකුනන්න පුළුවන්.
බලන්  ගියාම මේ හැම  එකක්  පිිටි පස්සේ තියන්නේ එකම දෙයයි. ඒ තමයි අපේ මහන්සිය. ඒකට මාක්්ස් කිව්වේ ශ‍්‍රමය කියලයි. ඔව්. මිනිස්් ශ‍්‍රමය එකතු උනාම එකේ  වටිනාකම වැඩි වෙනවා . ඒත්  අපි ඒක හරියටම දන්නවානම් අපිට කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද නේ ද?


පුවත් පතකින් උපුටා ගත්තකි

Tuesday, June 11, 2013

   

ශ‍්‍රි ලංකාව පොහොසත් ස්වභාවික සම්පතින්ද, ඊටම නොදෙවෙනි දියුණු මිනිස් සම්පතින්ද ආඪ්‍ය රටකි. නොයෙකුත් පර සතුරු උවදුරුවලට අභිතව මුහුන දුන්, ස්වාධිනත්වයේත්, ආර්ථික සෞභාග්‍යයෙත්, සංස්කෘතික විචිත‍්‍රත්වයේත් ඉතිහාසයක් එයට ඇත. නමුත්, බටහිර අධිරාජ්‍යවාදින්ට පරාධීනව ගෙවු සියවස් හතරකට පසුව ලැබු නිදහසින් අවුරුදු හැටක් ගතවු පසුව, තවමත් එ් ඉපැරණි සෞභාග්‍යය තබා අන්ත දරිද්‍රතාවයෙන් ගොඩ එන්නටත්වත් එයට හැකි වි නැත.

ජනගහනයෙන් සියයට හැත්තැවක් වෙසෙන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළය. මේ එකම දර්ශකය පමණක් වුවත් රටේ දුක්ඛිත තත්වය පැහැදිලිව පෙන්වන්නට එය සෑහේ. මේ දිළින්දන්ගේ තත්වය ටිකෙන් ටිකවත් දියුණු වන්නේ නැත. ඔවුන් දිනෙන් දින දිළිදු වන අතර ධනවතුන් දිනෙන් දින ධනවත්  වේ. නිතිපතා වර්ධනය වන ආදායම් බෙදි යාමේ විසමතාවය කියා පාන්නේ එයයි. ආර්ථික සංවර්ධනය රටක සංවර්ධනයේ අඩි තාලමයි. එය පදනම් කොටගෙනය සමාජ සාධාරණත්වයත් සංස්කෘතික සහජිවනය හා විචිත‍්‍රතාවයත් ඇති කිරිමට කටයුතු කළ හැකි වන්නේ. මේ සරළ සත්‍යය තේරුම් ගැනිමට අපහසු එකක්ද? කිසිසේත්ම නැත. එසේනම් එය තේරුම් ගත් අයුරින් ද පසුගිය අවුරුදු හැට තුළ අප කටයුතු කොට ඇත්තේ? නැත, කිසිසේත්ම නැත.

ආර්ථික වෘර්ධිය ඇති කර ගැනිම සදහා විසදුම ලෙස අත්‍යන්තයෙන්ම බොළඳ සිංගප්පුරු සිහිනය අටවා ඇත. එ් අතර ජාතික ආදායමෙන් වැඩි පංගුවක් උපයා ගැනෙන්නේ ජාතියේ දියණිවරු මැදපෙරදිග අනේක විධ පිඩා පතා කඹුරන්නට සැලැස්විමෙනි. පිරිමින් ලැජ්ජා විය යුතු තත්වයක් නොවේද?
 මෙය, අපේ මුතුන් මිත්තන් දැනගෙන සිටියානම් ඔවුන් අපට සාප නොකරාවිද ?
අපේ මව්වරුන්ගේ සොයුරියන්ගේ බිරින්දන්ගේ දැරියන්ගේ කදුළු පිස දැමිමට ඔවුන් සතුටින් තැබිමට සමත් වි තිබේද අප ?
නැත. ඔවුන්ගේ විලාප ලතෝනි වැළපුම් ඉකිබිදුම් අඩු වි තිබේද  මේ රටේ?
ලැජ්ජා විය යුතු නොවේද අප ?
ඔවුන් සතුටින් තබන්නේ නැතිව පවුල් ගොඩ ගත හැකිද ?
ජාතියේ දරුවන් ?
පෙරදිග ලෝකයේ මුතු ඇටය ලෝකය දැන් දන්නේ ළමා කාම පාරාදිසයක් ලෙසය. අපේ දරුවන් කාමයට විකුණන දින ජාතියක් බවට පත්වි නොතිබේද? අප
ලැජ්ජා විය යුතු නොවේද ? ළමා මන්ද පෝෂණය දිනෙන් දින උග‍්‍ර වෙයි. දරුවන්ට කන්ට දිය නොහැකි ජාතියක් බවට පත්වි නැතිව අප?
ලැජ්ජා විය යුතු නොයේද? ජාතියේ අනාගතව සුරක්සිත කිරිමට යැයි සලකා අධ්‍යයාපනය නම් හබකක් අටවා කෙළ කප්පරක් උපදෙසුත් මුළු ලෝකයේම ඇති කුනු කන්දල් දරුවන්ගේ ඔළුගෙඩි තුළට වත්කෙරේ.
ඉංග‍්‍රිසියත් උගන්නන්ට වලිකමු. අවරුදු දහතුනක්ම උගන්වාත් ඉංග‍්‍රසිිය තබා මව්බසවත් නිසි පරිදි හසුරුවන්නට අපේ දරුවන්ට හැකිවි තිබේද?
මේ අධ්‍යයාපනය හරහා අපට මව් බස උගන්වන්නට බැරි කල අනෙක් විෂයයන් ඉගැන්විම ගැන කියනුම කවරේද?
 ලැජ්ජා විය යුතු නොයේද අප ?
ඉතින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන්නේ කෙලෙසද?
දරුවන්ගේ අනාගතය සුරක්ෂිත නොවි රටේ අනාගතය සුරක්ෂිත වන්නේ කෙලෙසද?

එ් හැර තවත් කුමක් කැරේද ? වැදගත්ම දේ හැර අනෙකුත් සියළුම දේ කැරේ. වැදගත් දෙයට හැර අනෙකුත් සියපුම දේට වියදම් කෙරේ. වැදගත් කරුණු හැර අනෙක් සියළුම කරුණු සාකච්චා  කැරේ. වැදගත් දෙයම හැරුනු විට අනෙක් සියලූම දෙයට මහන්සි ගැනේ. ලංකාවේ සමස්ථ ආයතන පද්ධතියේම හරස් කඩක් මේ දැක්වුයේ. නාස්තිය දුෂණය රජ කෙරි ඇත. ටෙන්ඩර් මගඩි දුෂණ වංචා පගා ගැනිම් වැහි වැහැලාය. උදේසිට සවස් වන තුරාම ධර්මයම කන තුලට වත් කරලාත් අධර්මයම රජ කෙරි ඇත. මිනිස්කම මරා දැමේ. කාන්තාවන්ට මහ මග තනියෙන් යන්නට බැරිය. දැරියන් දුෂණය කෙරේ. දරුවන් හොදින් සාදා ගන්නට පරිසරයක් නැති බව පමණක් නොව ඔවුන් බේරා ගන්නටත් මහත් වෙහෙසක් දරන්ට සිදුව තිබේ. නිති ගරුක මිනිසුන්ට ජිවත් විය නොහැකිය. අහිංසක මිනිසුන් බලපුලූවන් කාරයන්ට යටත් වි ජිවත් විය යුතුය. විරුද්ධ වෙන්ට බැරිය.එසේ වුවහොත් නැති කරදර ඇතිවේ. ජිවිතය කෙටි වන්නට පුලූවන. කිසිවෙකු කිසිම වරදකට විරුද්ධ වන්නේ නැත. ජාතියේම කොන්ද කඩා දමා තිබේ. මුලූ මහත් ජාතියම ඉන්නේ සතුටින් නොවේ. කදුලූ පමණය, සිනහ නැත. අවිශ්වාසය පමණය ,විශ්වාසය නැත. මරණය පමණය. අර්ථවත් ජීවිත නැත.

x    ඇති තරම් ස්වබාවික සම්පත් තිබේ.
x    ඇති තරම් මිනිස් සම්පතුත් තිබේ.
එක් එක් ක්ෂේත‍්‍රවල උගතුන් බුද්ධිමතුන්  ඕනැතරම් සිටි. රටක් දියුණු කරන්නට උවමනා වන්නේ මේ ප‍්‍රධාන සාධක දෙකයි. එනම් ස්වභාවික සම්පත් හා මිනිස් සම්පත්ය. සමාජ සාධාරනත්වය ඇති කරන්නට උවමනා වන්නේත් මේ ප‍්‍රධාන සාධක දෙකයි. ස්වභාවික සම්පත් නැතිව මිනිස් සම්පතින් පමණක් දියුණු කෙරුනු රටවල්ද  ඕනා තරම් තිබේ. එ් දෙකම යහමින් ඇතුවත් අපට දියුණු වන්නට නොහැකි වී තිබේ. සමාජ සාධාරණත්වය ඇති කරන්න්ට නොහැකි වි තිබේ. සංස්කෘතික දියුනුව ඇති කරන්නට නොහැකි වි තිබේ. අවුරුදු 60 ක් තිස්සේම අප දැන් බකන් නිලාගෙන සිටිමු. අපට සතුටු විය හැකි වර්තමානයක් නැත. අනාගතයකුත් නැති බව සහතිකය. එසේ නම් ජිවත් විමේ ඵලය කුමක්ද? එක වැඩක් කල හැකිය. එ් අතිනුත් අප වාසනාවන්තය. රට වටේටම මුහුද තිබේ. එයින් වැඩි වැඩක් ගන්නේත් නැත. සියළු දෙනාම අත් අල්ලාගෙන මුහුදට පනිමු. දරුවන් මුලින්ම තල්ලූ කර දමමු. අනාගතයක් නැති දිවයිනේ ඔවුන් තනි කර දමා යාමට හිත හදා ගන්නේ කෙලෙසද ? එ් නිසා ඔවුන් කලින්ම තල්ලූ කර දමමු. ඊට පසු අපි පනිමු. මේ විදියට ජිවත් විමට වඩා නම්බුකාර නොවේද මුහුදට පැන මිය යාම ? අද අපේ අසරණ මව්වරු කර කියා ගන්නට දෙයක් නැති වු තැන අනාගතයක් නැතැයි පෙනුනු කල එය නොවේද කරන්නේ? දරුවන් පළමුව ගඟට මුදට හෝ ලිදට දමා තමනුත් එයටම පැන මිය යාම? එ් නිසා මැරෙමු. මුහුදට පැන මැරෙමු.

හා, හා, නවතින්න !  එවිටම අපට ඇසෙනු ඇත. ආණුඩුවේ මහත්වරුය. මදකට නවතින්න. තව ටිකක් ඉවසන්න. යුද්ධය අවසන් වීය. වහාම අපි රට සුඛිත මුදිත කරන්නෙමු. එයිට අප අතරින්ම මෙසේ ඇසෙනු ඇත. අවුරුදු හැටක් ඉවසපු එකේ ඔන්න ඔහේ තව ටිකක් ඉවසමු. වෙන මක් කරන්නද? ඉතින් අප ඉවසමු. අප වන් හීන දීන නිහීන ජාතියක් මේ මිහි පිට තවත් ඇතිද ?  ඕනැම මෝඩයෙකුට අපව රවට්ටන්නට පුලූවන්. බකංනිලාගෙන සිටිම අපගේ ප‍්‍රධාන ජාතික ගුණාංගය වි ඇත. අපගේ ප‍්‍රදාන ගුණාංග තුනක් තිබේ.
රටට හෙණ  ගැහිලාත් අපි ඉවසමු.
 ඕනැම මෝඩයෙකුට අපි රැුවටෙමු.
පිටරට මහත්වරුන්ට නම් දෙකට තුනට නැමි අපි රැුවටෙමු.
මෙන්න මේවාය අපේ ප‍්‍රදාන ගුණාංග තුන. දැන් ආණ්ඩුවේ මහත්වරු කියන විදියට මෙතෙක් කල් රට සුඛිත මුදිත කරන්නට නොහැකි වි ඇත්තේ යුද්ධය නිසාය. අපේ මේ දුක්ඛිත තත්වයට හේතුව යුද්දයි. යුද්ධය අවසන් වු කල රට සුඛිත මුදිත කළ හැකිය. ඉතින් අපි සියල්ලෝම මේ කැරට් අලයට රැුවටි  තවත් ටික දුරක් යමු. එවිට තවත් කරට් අලයක් ලැබේ.. ජාතියක් ලෙස කිසිවක් කරන්නට උවමනා නැත. කැරට් අල පස්සේම පන්නමු.


ආදරනිය මිනිසුනි, මොහොතක් සිතා බලන්න, 2009 වසර සදහා ඇස්තමේන්තු ආරක්ෂක වියදම රුපියල් කෝටි 17700 කි. යුද්ධය අවසන් වුවාය. එයිට ඉතිරි කර ගත හැකිවනු ඇත්තේ රුපියල් කෝටි 17700 කි. එ්ත් නැත. ආරක්ෂක වියදමෙන් සියයට 50 කට වඩා වැය වන්නේ සෙබලූන්ගේ වැටුප් හා ආහාර සදහාය. යුද්ධය අවසන් වුවාට පසුව සෙබලූන්ට වැටුප් නොගෙවා ඉන්නටද? එසේත් නැතිනම් ඔවුන් නිරාහාරව තබන්නද? මේ දෙකම කල නොහැකිය. එබැවින් ඉතිරි කර ගත හැකි වනු ඇත්තේ ආරක්ෂක වියදමෙන් හරි අඩක් හෝ ඊට අඩු ප‍්‍රමාණයකි. එනම් උපරිමව රුපියල් කෝටි 9000 ක් පමණ ප‍්‍රමාණයකි. 2009 වසර සදහා පුරෝකථිත අයවැය පරතරය රුපියල් කෝටි 34000 ක් පමන වේ.  එ් අනුව බලන කල යුද්ධව අවසන් වුවාට පසුව අඩුවන ආරක්ෂක වියදම මගින් අපට පියවා ගත හැකි වනු ඇත්තේ අය වැය පරතරයෙන් හතරෙන් පංගුවක් පමණකි.  එයද සැක සහිතය. මන්ද යුද්ධය නැති වුවත් මේ ආරක්ෂක සුදානම පවත්වාගෙන යාමට සිදුවුන ඇත. වෙඩි තබන උණ්ඩවලට යන වියදම අඩු වුවත් යුද්ද උපකරණ නඩත්තුව සදහා කෙරෙන වියදම් නවත්වන්නට අපට නොපුලූවන් වනු ඇත. එ් අනුව සැබැ ඉතිරිය රුපියල් කෝටි 9000 ට වඩා බොහෝ අඩු එකක් වනු ඇත.

එ් කෙසේ වෙතත් සිදුවන ඉතිරිය රට සුඛිත මුදිත කරන්නට නම් සැහෙන්නේ නැත. වාර්ෂිකව අපෙ ගෙවිය යුතු පොලි ප‍්‍රමාණය සලකා බලමු. අපි දැන් වසරකට රුපියල් කෝටි 48000 ක් අප ලබාගෙන ඇති ණය කන්දරාව සදහා  පොලි ලෙස පමණක් පිටරටවලට ගෙවමු. ඉතින් යුද්ධය නැවතුනු පමණින් මේ ණය පොලි මුදල අපට ලැබෙනවාද ? නැත. මේ ඉතිරි වන රුපියල් කෝටි 9000 මුදල අපට ලොකු ඉතිරියක් බව සැබවි. නමුත් එය රට සුඛිත මුදිත කරන්නට නම් නොසැහේ. ණය ගෙවනවා තබා ණය පොලියවත් ගෙවන්නට මුදල් සොයා ගන්නේ නැතිව රට සුඛිත මුදිත කළ හැකිද ? නොහැකිය. නමුත් අප රැුවටෙමු. අප සතු ජාතික යුතුකම රැුවටිමට හසු වීම බවට පත් වි ඇති සේය. එතරම්ම පහසුවෙන් අපි රැුවටෙමු.

යුද්ධය අවසන් වු පලියට රට සුඛිත මුදිත වන්නේ නැති වුවත් අප ණැන නුවණ මෙහෙයවා කටයුතු කලොත් රට සුඛිත මුදිත කිරිමේ දිහාවට පදනමක් දමා ගන්නට අපට අවස්ථාවක් සැලසෙනු ඇත. එමෙන්ම යුද්ධය අවසානයේ  අපට ජයග‍්‍රහණයන් විශාල ප‍්‍රමාණයක්ද ලැබෙනු ඇත. විශාලම ජයග‍්‍රහණය නම් පුරා අවුරුදු 30 ක්  පීඩිත භාවයේත් යුද්දයෙත් ගොදුරු බවට පත්වි සිටින උතුරෙහි වෙසෙන අපේ ජනතාව එයින් මුදවා ගැනිමට අපට හැකි විමයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන් රටේ පොදු ආර්ථික ජිවිතයට සම්බන්ධ කර ගැනිමටද අපට හැකි වනු ඇත. රටේ ආර්ථික වැඩ පිලිවෙල සලකා බැලූ කල, එ් එක්සත් බව කල්පවතින ආර්ථික වෘර්ධියක් සදහා අවශ්‍ය ශක්තිමත්ම අඩිතාලම වනු ඇත. එය විශාලම ජයග‍්‍රහනයයි. උතුරේ දැනට විනාශ වි නැති සැලකිය යුතු භෞතික සම්පත් නැතත් භුමිය විශාල සම්පතකි. වැදගත්ම කාරණය නම් අපට එක්සත් ජාතියක් ලෙස නැගී සිටිමට හැකි වනු ඇති විමයි. එමගින් ඇති වනු ඇති විභවය ප‍්‍රමාණනය කිරිමට අසීරු තරම් විශාලය. නමුත් විභවයක් ද්‍රව්‍යමය හා ආධ්‍යයාත්මික වටිනාකම් බවට පෙරාලාගත් හැක්කේ අප එම විභවයන් වැඩට ගන්නා ප‍්‍රමාණය අනුවය. අපට දැනටත් තිබෙන විභවය ප‍්‍රයෝජනයට ගත්තා නම් මේ රට ලෝකයේ ම අති පරමාදර්ශී ම රට බවට පත් කරන්නට අපට හැකි වන්නට තිබුනි. ඉතින් රටෙන් කොටසක් හා ජනගහනයෙන් කොටසක් හරියට කළමණාකරනය කර ගන්නට නොහැකිව තිබියදි මුළු රටම හා ජනතාවම නිසි පරිදි කලමනාකරනය කළ හැකි යැයි පැවසිම මොන මිනුම් දඩුවකට අනුවද පිලිගත හැක්කේ? අපේ වර්තමාන කලමනාකරනයේ මට්ටම අප ඉහතදි නොදිටිමුද? අද වර්තමාන ය දෙස බැලූ විට වව්නියාව ප‍්‍රදේශයේ මැනික් ෆාම් කදවුර තුල වෙසෙන අපේම ජනතාව සහ එහි සියල්ල කළමණාකරනය කරන ආකාරය මුළු ලොවම දනී. අප නොදනී.මෙලෙස අපේ කලමනාකරනයේ මට්ටම දිනපතා අපි අත් නොදකින්නෙමුද ? ඉතින් එසේ නම් මේ අලූත් තත්වය කලමනාකරනය කර ගන්නට දැනුම ගෙනෙන්නේ පිටරටින්ද ? දැන් අපේ”සිංගප්පුර් ආර්ථික විද්‍යයා මහත්වරු නැතුව, නැතුව,” යයි කියනු ඇත.    අහෝ ජාතියකට ගිය කල. මේ පිටරටුන්ගේ කලමනාකරන දැන් මේ පිහිටෙන් නොවේද මෙතුවක් කල් පුරා අප මේ මඩ වලේ ඉන්නේ? මේ පිටරටුන්ගේ කලමනාකරන දැනුමේ පිහිටෙන් නොවේද අනාගතයක් නැති වන තැනට අප අද පත්වී ඇත්තේ. කෙලවා ගත් සුත‍්‍රයම පාවිච්චි කරමින් නැවත නැවතත් කෙලවා ගැනිමට අප ඉතාමත් දක්ෂය. එපමණක් නොවේ. මේ මහ්තවරු මේ රට සුඛිත මුදිත කිරිමට බලා සිටින්නේ විදේශ ආයෝජන එන තෙක්ය. මේ මහත්වරු අපට කියන්නේ සාමය ඇති වු පසු විදේශ ආයෝජන ගලා එන බවයි. වනිදේශ ආයෝජකයන් දැන් බලා ඉන්නේ ලංකාවේ සාමය ඇති වන තෙක්ය. සාමය ඇති වු සැනින් ඔවුන් ඔවුන්ගේ සෙෘභාග්‍යය ඇති කරන මැජික් පොලූ රැුගෙන අප රටට ගොඩ බසිනු ඇත. එයිට අපේ රටේ සෙෘභාග්‍යය ඇතිවේ. රට සුඛිත මුචිත වේ. කිරියෙන් පැණියෙන් ඉතිරේ.
කෝටි 250 ට නොවැඩි ණයක් නම් පසුගිය දිනක යන්තම් ලැබුනාය. එයද අපේ පසුගිය නයට පොලී වාරික කිහිපයක් ගෙවීමට පමනක් සෑහේ යන්න දන්නෝ දනී.

ආදරණීය මිනිසුනි, පරණ කෙලවා ගැනිමේ සූත‍්‍රයම නොවෙයිද මෙය, සිංගප්පුරු පන්නයේ විදේශ ආයෝජන සුත‍්‍රය මත නේද අපි මේ අවුරුදු හැටෙන් බාගයකට වැඩි කාලයක් තුළ අප මේ රැුදි ඉන්නේ? එ් විදේශ ආයෝජන සුත‍්‍රය පිලිපැදිම නිසා නොවේද  මේ දුක්ඛිත භාවය අප මත පැටවී ඇත්තේ ?   ඉතින් එයම නැවත නැවතත් පලිප්පු දම දමා පිලිගැනිමට නොවේද මේ සැරසෙන්නේ ? අප කවදාවත්ම ඉගෙන ගන්නේ නැද්ද ? ආදරනිය මිනිසුනි ! මොහොතකට සිතා බලන්න. අපගේ විභවයන් අප පාවිච්චියට නොගන්නා නිසා නොවේද මේ වින්නැහිය අපට සිදුවී ඇත්තේ. අපේ මිනිසුන් අවදි වී වැඩ පටන් ගත හොත් මේ සුඛිත මුදිත බව අත් කර ගැනිම අපට කජ්ජක්ද? අප එසේ නොකරන නිසා නොවේද මේ දුක්ඛිත බවට අපේ ජාතියම ගෙදුරු වි ඇත්තේ. ඉතින් දැන් අවදිකරන්නට අපට අවස්ථාවක් ලැබි තිබේ.

යුද්ධයේ අවසානය අපට එවැනි අවස්තාවක් සලසා දුන්නාය.  ඉතින් අප එය දැක තිබේද? අප එයට සුදානම්ද? නැත. සුපුරුදු හීන තුළ තවමත් අප සිරවි සිටිමු. අප කලේ කුමක්ද ? අවුරුදු 30 ක යුද්ධයෙන් මැරුන අයගේ පෙර කර්ම ඵලයන් නිසා එය සිදු විය. අප ජීවත්වී සිටින්නේ අපගේ වාසනාව නිසාය. මින් එහාට එම කර්ම ඵලයන් අහෝසිය. එනිසා කමු බොමු ජාතික කොඩිය ඔසවමු තිතට මත්වී ඒ මතම වැතිරෙමු. මෙය නොවේද සිදුවූයේ?
 දැන් අපේ සමහරු ජාතික ආර්ථිකයක් ගැන කතා කරති. තවත් සමහරු ජනතා ආර්ථිකයක් ගැන කතා කරති . නමුත් ජනතාව සංවිධානය කිරිමක් නම් නැත. ජාතික වැඩ පිලිවෙලක් හෝ නොමැත. මේ කතා රුපවාහිණියටත් පුවත්පත්වලටත් වේදිකා වලටත් පමනකි. සියළු දෙයට මාධ්‍ය සාකච්ඡුා කැදෙවේ. එ්වායෙහිදි ඇඟ කිලි පොලා යන වැඩ පිලිවෙලවල් ඉදිරිපත් කෙරේ. එතැනින් එහාට කිසිවක් නැත. මේ කතා රූපවාණියටත් පුවත්පත්වලටත් පමණකි. . නමුත් ඉදිරියේ එලැඹෙන අවස්ථාව සදහා ජනතාව සුදානම් කිරිමක් නැත. එම අවස්ථාව මැතිවරනයක් නම් සියළුම ආන්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඒ සදහා එම පලාතේ ජනතාවගේ ඡුන්දය ලබාගැනීමට සූදානම් වැඩපිලිවෙලක් ජාතික මට්ටමින් කි‍්‍රයාත්මක කරයි. ජනතා ආර්ථිකයක් ගැන කථා කරන අය සමඟ ජාතිය නැත. එසේ සංවිධානය කර ගැනිම සදහා උත්සාහයක් නැත. ඉතින් මේ අය මේවා නොදනිද? දනි. එසේ නම් මේවා කරන්නේ? මැතිවරණ දෙස බලාගෙනය. දැන් බොහෝ දෙනාට ජනතාව මතක් වෙන්නේ මැතිවරණ ලංවු විටය එසේත් නැතිනම් මැතිවරණ ලග එනවා යැයි ප‍්‍රචාරය වු විටය. එවිට වහ වහාම මැතිවරණ සංවිධාන ගොඩ නැගේ. ජනතාව ගොඩ ගන්නටද? නැත. ජාතිය ගොඩ ගන්නටද ? නැත. ජන්ද ලබා ගන්නටය. ජනතාව ගොඩ ගන්නට යත්න දැරුවොත් ජනතාව ජන්දය දෙන බව මේ අයට නොතේරිම පුදුමයකි. නොතේරෙනවා නොවේ. කරදර වෙන්නේ ඇයි? ඊට වඩා පහසු නැද්ද පුවත් පත් සාකච්ඡුා කැදවිම රුපවාහිනියට කථා කිරිම. දැන් අපේ සියළුම දේශපාලක පක්ෂ කටයුතු කරන්නේ මේ ආකාරයටය. අද අපේ රටේ සියලූම ආදර්ශ ගෙඩනගන්නේ අපේ දේශපාලන පක්ෂවල උගතුන් විසිනි. ඔවුන්ට ආදර්ශයට ගෙන අපේ රටේ දැන් සියළුම වැඩ කෙරෙන්නේ රුපවාහිනි තිරය මත පමණි. නැත්නම් පත්තර පිටු මත පමණි. වැඩ නැත. කතා පමණකි. සර්කස් එකේ  බල්ටි නැත.විසිල් පමණි. විහිළු පමනි.
දැන් මේ කතා ගැනම සම්බන්ධ තවත් ප‍්‍රශ්ණයක් තිබේ. ඒ යුද්ධයේ සාර්ථකත්වය සදහා ලකුණු දමා ගැනීමේ තරගයයි. සියලූම දෙනා තරගයට මෙන් යුද්ධය සදහා මුල පටන්ම දරදිය සැපයූ ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ සියල්ලන් අමතක කොට දමා කතා සටනක යෙදෙයි. එසේ සිදුව ඇත්තේ ඇයි කියා බැලීමේදී ද දක්නට ලැබෙන්නේ ඉදිරි අභියෝග සදහා ශක්තිමත් වැඩ පිළිවෙලක් නොමැති වීමේ හේතුවයි එවුන්ට එසේ කරන්නට සිදුව ඇත්තේ.
එනිසා දැන් සියල්ලෝම කරන්නේ කුමක්ද ? මුළු වෙර යොදා පී‍්‍රති ඝෝෂා නැගීමයි. දැන් අපට අතීතය අමතකව තිබේ මේ තාවතාලිකව නිමවූ යුද්ධය අප මත බලෙන් පැටවූ එකක් බව දැන් අපට අමතක වී තිබේ.එය එසේ කලේ කව්ද? එදා මෙදා පාලනය හෙබවූ අපේ රටේ පාලක කල්ලි විසිනි. බලයට පැමිනීමේ සිට බලය රුක ගැනීම හරහා එම බලය පවත්වා ගැනීමේ කි‍්‍රයාවලිය සදහා ජාතිවාදය පාවිච්චි කිරීම මගිනි, සරලව විසදාගත හැකිව තිබූ ප‍්‍රශ්ණයක් මහා පරිමාන මුදල් දේපල සහ ජීවිත විනාශ කරන්නාවූ ගැටළුවක් බවට පරිවර්තනය කරනු ලැබුවේ. එයට අලූත් පරන සියලූ පාලකයින් වග කිව යුතුය. එයට අප සියලූ දෙනාමත් අඩු වැඩි නැතුව වගකිව යුතුය. අප වගකිව යුත්තේ ඇයි ? මෙතුවක් කල් මෙතරම් දෙයක් වනතෙක්ම සහ අද මෙපමන දෙයක් වෙමින් පවතිද්දී පවා බකන්නිලාගෙන සිටීම නිසාය. මේ කි‍්‍රයාවලියට විදේශ අධිරාජ්‍යවාදීන් සම්බන්ධ බව නොදන්නේ කව්ද ? ඔවුන්ට උවමනා පරිදි අප රට පාලනය කිරීම උදෙසා අපේ රට අස්ථාවර කිරීමේ අඛණ්ඩ කි‍්‍රයාවලියක ඔවුන් මේ වන විටත් යෙදී සිටී. එබැවින් ඔවුන්ගේ මැදිහත් වීම් වලදී අපි ඊට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍යය. ඒ උදෙසා ප‍්‍රචාරක උද්ඝෝෂණ කටයුතු වල යෙදීම අවශ්‍යය. නමුත් එය සම්පූර්න කාර්යයේ එක් කොටසක් පමණි. එහි අනෙක් කොටස වන්නේ ජාතියම වෙලාගෙන ඇති ගැටළු වලට පිළිතුරු සෙවීම සදහා සමස්ථ ජාතියම අවදි කිරීමයි.දැනුවත් කිරීමයි සංවිධානය කිරීමයි.එහෙත් එයම නොවේද සිදු නොවන්නේ? එට සිදු නොවන නිසා ම නොවේද පී‍්‍රති ඝෝෂා නගන්න කාලය ඉතුරුව ඇත්තේ?  වර්තමාන යුද්ධයේ නිමාවට පී‍්‍රති ඝෝෂා නගන්න එපා කියනවා නොවේ. වැඩි හානියකින් තොරවබොහෝ කාලයකට කලින් ඉතා  සරලව විසදාගත හැකිව තිබූ ප‍්‍රශ්ණයක් එවිට විසදානොගැනීමේ ගොන්කම , නොහොත් අප සාමාන්‍යයෙන් ප‍්‍රශ්ණ විසදා ගැනීමේ පිළිවෙල අනුගමනය කරමින් කල්ගතවී මිනිසුන් දහස් ගනනක් සහ සම්පත් කන්දරාවක් අහිමි කර ගනිමින් විසදාගැනීමේ කි‍්‍රයාවලියයි. එනිසා එහි පී‍්‍රති ඝෝෂා නගන්න තරම් දෙයක් නොමැත ඒ ඉතිහාසය ගැන දුක්වී එයින් පාඩම් ඉගෙන ගෙන අධිෂ්ඨනශීලීව කි‍්‍රයා කිරීමයි කළ යුත්තේ.මේ පැත්තේ මෙන්ම ඒ පැත්තේද මාරී වැටුනේ අපගේම අහිංසත තරුන පරම්පරාවේ පුරුක්ය. ඔවුන් ත‍්‍රස්තවාදයේ මොලසේදීමට ලක් වූවෝ වෙති. ඔවුන්ට උගන්වා ඇත්තේ ඊලාම් ඉතිහාසයයි. ඔවුන් ලෝකය ගැන දන්නේ නැත. වෙනත් ජාතිකත්වයක් ආශ‍්‍රය කොට නැත. ඔවුන්ගේ ලෝකය ඉතා පටුය සත්තකින්ම යුද්ධය ඊලාම්වාදීන් සහ පටු චේතනා සහිත අධිරාජ්‍යවාදීන් විසින් ඔවුන් මත බලෙන් පටවන ලද්දකි ආදරනීය මිනිසුනි, සගයෙනි , මේ තත්වය තේරුම් ගෙන කටයුතු කිරීම නොවේද අප විසින් කල යුත්තේ ? ජාතිය ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීමට එකාවන්ව කටයුතු කිරීම නොවේද,
අප විසින් සිදු කල යුතුව ඇත්තේ ? එසේ කලහොත් පමනකි එලෙස සිතා සූදානම් වූවොත් පමනකි අපට ගැබෙන්නට යන එක්සත් ජාතියක් වීමේ අවස්ථාව නිසි පරිදි කළමනාකරනය කරගෙන ජාතියේම ජයග‍්‍රහනයක් බවට එය හරවා ගනු හැකිව ඇත්තේ. මේ සියළු දෙයෙහි පරීක්‍ෂා කරනු ඇත්තේ අපේ කළමණාකරන හැක්යාව මිස අන් දෙයක් නොවේ කළමණාකරන හැකියාව යනු කුමක්ද අපසතු සම්පත් සහ විභවයන් අපේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා ඵලදායක හා කාර්යක්‍ෂම ලෙෂ යොදා ගැනීමේ හැකියාවයි මේ අවුරුදු හැටක ඉතිහාසයේ අප එවැන්නක් ගැන සිතා වත් නැත. ඒ ඇයි ? අපේ ජාතිය සදාකාලික දුඛිතභාවයේ තබන්නට මග පෑදු මේ ගැටළුව කුමක්ද?
   
රටේ නිසි සම්පත ප‍්‍රයෝජනයට නොගැනිමයි.
 වෙනත් කුමක්ද? වෙන කිසිවක් නොවේ. මෙය ඉතා සරළව තේරුම් ගත හැකිය. ලංකාවේ සියලූම වර්ගයේ ආයතනවල හරස්කඩක් සලකන්න. එවිට ඔබට හමුවන ආයතන අතර ආණුඩුව ආන්ඩුවේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා සමාගම් අධ්‍යයාපන ආයතන ස්වේච්ඡුා හෝ රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන පක්ෂ යනාදිය තිබෙනු ඇත. මේ ආයතනවලින් කීයක් එම ආයතනවල ප‍්‍රකාශිත අරමුණු සාර්ථකව ඉටු කරනවාදැයි සලකා බලන්න. එවැනි ආයතන කීයක් ඔබ දන්නේද? එවැනි ආයතන ලංකාවේ නැත.
 එ් ඇයි?
ප‍්‍රකාශිත අරමුණ  කරා වාර්ශිකව වැය කරන මුදල (ප‍්‍රාග්ධන විියදම*මෙන් කි ගුණයක් එම ආයතන පවත්වාගෙන යාමට (පුනරාවර්ථන වියදම* වැය කරනවාද? ඇයි එලෙස වන්නේ................එම ආයතනවල සිටින වැඩ කල හැකි මිනිසුන්ට වැඩ කරන්නට ඉඩ නොදෙන නිසාය. එයට ඉඩ නොදෙන්නේ වැඩ කරන අය පාලනය කිරීමට සිටිනා, කිසිදු වැඩක් කිරීමට බැරි අය එයට ඉහලින් සියලූ වරප‍්‍රසාද සහිතව වැජබෙන නිසාය. ලංකාවේ තරම් වැඩ කල හැකි මිනිසුන් ඉවත දමන වෙනත් රටක් නැත. එමෙන්ම ලංකාව දියුණු මිනිස් සම්පත අතින් කිසිම රටකට ලෙහෙසියෙන් දෙවැනි වනනේද නැත. නමුත් වැඩ කල හැකි මිනිසුන් විසි කෙරේ. එක්කෝ ආයතන තුලම ඔවුන්ට වැට කඩොළු බැදේ. එක්කෝ ස්ථාන මාරු කරනු ලැබේ. එක්කෝ විශ‍්‍රාම ගන්වනු ලැබේ. එක්කෝ රට හැර යාමට සලස්වනු ලැබේ. එක්කෝ මේ එකකට වැඩි ගණනක් කරනු ලැබේ.එලෙස නොහැකි නම් කෙසේ හෝ තාවකාලික ව නිහඩ කරවයි. අපේ රටේ යමක් කල හැකි අයට සිදුවි තිබෙන්නේ තම හැකියාවද හිසින් දරාගෙන රටට වන වින්නැහිය දිනපතා දරා ගනිමින් අනේ අපේ රටට යමක් කරන්නේ කවදාදැයි සිතමින් ළතැවිමටයි. ළතැවෙමින් දිනපතා මැරි මැරි ඉපදීමටයි. අපේ රටේ සියළුම තැන්වල සිදුවන්නේ මෙයයි.
අද ආන්ඩුව කර ඇති සාර්ථකම දේ යුද්දය නිමා කිරීම සහ මැතිවරන ජයග‍්‍රහන කිරීම පමනක් යයි අප දකිමු. ආර්ථික සහ සමාජීය අංශවල ආණ්ඩුවේ අසමත් කම මොනවට පෙනී යයි.
දැන් මේ යුද්ධය සාර්ථකව නිම කර ඇත්තේ ආන්ඩුවේ අත් සූක්‍ෂම කළමනාකරණයේ පිහිටෙන්ද? ඇත්තෙන්ම නැත. එසේ නම් ඒ කළමනාකරන හැකියාව ආර්ථික ක්ෂේත‍්‍රයටත්  අනෙක් සියළුම ක්ෂේත‍්‍රවලටත් යොදන්න තිබුනේ නැද්ද? ෂත්‍යය නම් එවැනි කළමනාකරන හැකියාවක් ආණ්ඩුවට නැති බවයි. දැන් යුද්ධයේදී සිදුව ඇත්තේ කුමක්ද?ඒ ඒ ක්ෂේත‍්‍ර පිළිබද විශේෂඥයන් මෙන්ම යුද්ධය පිළිබද විශේෂඥයෝද මේ රටේ සිටිති. යුද්ධය සම්බන්ධ ප‍්‍රශ්ණයේදී ආණඩුව කර ඇත්තේ එය කල හැකි සුදුස්සන් සොයා ඒ කාර්යය පැවරීමයි. එහිදී සැලකිල්ලට ගැනී ඇත්තේ වැඩ කිරීමේ හැකියාව,ජයග‍්‍රහණය ගබා දීමේ හැකියාව, දක්ෂතාවය විනා ජේෂ්ඨත්වය හෝ සේවා කාලය වගකීම් බාර කිරීමේදී සැලකිල්ලට නොගෙන ඇති බවයි.
ආණ්ඩුව යුද්ධ කිරිමට නොහැකි අතර යුද්ධ හමුදාවට ආණ්ඩු කිරිමටද නොහැකිය. කළ හැක්කේ හා කල යුත්තේ වගකීම් ආයතන අතර නිසි පරිදි බෙදාගෙන එ් එ් ආයතනවල එ් එ් කටයුතු සදහා දක්ෂ මිනිසුන් පත් කිරිමය. ඉතිං මේ සරළ සුත‍්‍රය රටේ අනෙකුත් සියළුම ක්ෂේත‍්‍රවලටත් නොයොදන්නේ ඇයි? සියළුම ආයතනවල මේ පිලිවෙත ක‍්‍රියාවට නොනඟන්නේ ඇයි?
පිලිතුර ඉතාම සරළය . එලෙස වුවහොත් දැනට එ් ආයතනවල මුල් පුටුවල වැජඹෙන අසාර්ථක නායකයන්ට එ් තැන්වලම වැජඹෙන්නට නොහැකි නිසාය.  එසේ වැඩ කිරිමට දුනහොත් එ් අය එ් පුටුවලින් විසිවේ යැයි යන බිය නිසාය, වැඩ කල හැකි අයට වැඩ කිරිමට නොදෙන්නේ. ඉතින් එසේ හිදිමින් ඔවුන් කරන්නේ කුමක්ද? එ් එ් ආයතනවල සියළුම කටයුතු සුත‍්‍රගත කරති. එ් සුත‍්‍ර සකස් කරන්නේ ආයතනයේ අරමුනු ඉටු කර ගැනිම සදහා නොවේ. ඔවුන්ගේ අධිපති පාලනය පවත්වාගෙන යාම සදහායි. එ් නිසා සිදුවන්නේ කුමක්ද ආයතනවල සැබැ අරමුණ එක පැත්තකය. ආයතනය දුවන්නේ වෙන පැත්තකය. මෙසේ නොවන ආයතන සාමාන්‍යයෙන් අපේ රටේ නොමැත. ඉතින් වැරදිලාත් එකක් දෙකක් තිබුනොත් ඔබට වහාම නොවරදින තිරණයකටඑලඹිය හැකිය. එ්වා අති සාර්ථකය  යනුය. එ් මෙන්න මෙලෙසිනි. අපේ රටේ වැඩ කල හැකි අය නිහඩ කර දමා තිබෙන්නේ යයි මොහොතක් නැවති සිතා බලන්න. අපගේ සියළුම ආයතනවල මහා අජිවි බවක් කලකිරිමක් ඔබට නොදැනේද? සමහර විට එ් ආයතනයක ඔබ සේවය කරනවා වන්නට පුලූවන. ඔබට ඔබේ ආයතනයේ සජිවි ගතියක් ප‍්‍රබෝධයක් දැනෙනවාද? එසේ නම් ඔබ වාසනාවන්තය. නමුත් අපේ රටෙ බොහෝ ආයතනවල තත්වය එසේ නොවේ. එ් තත්වයට හේතුව නායකයන්ගේ පිලිවෙතයි. මේ නායකයන්ට සාර්ථක ප‍්‍රතිථල උදා කර දෙන්නට නොහැකිය. නමුත් ඔවුන්ට මුල් පුටුවල වැජඹෙන්නට උවමනාය. ඉතින් මුලූ රටම එක තැනක පල්වේ. මෙයට වන්දි ගෙවන්නේ කවුද, මුළු මහත් ජාතියමයි. ජාතියේ අනාගත පරම්පරාවයි.
අප ඉහතින් කතා කල ආයතන තුල මෙන්ම දේශපාලන  පක්ෂ තුලද අද සිටිනා නායකයින් වැඩ කල හැකි අයට වැඩ කරන්නට නොදෙන්නේ ඇයි? ඔවුන්ට මිනිසුන් කෙරෙහි සැබැ ආදරයක් හෝ විශ්වාසයක් නැති නිසාය. ඔවුන්ට විශ්වාසය ඇති වන්නේ වැඩ කල හැකි මිනිසුන් කෙරේ නොවේ. ඔවුන්ට කීකරු වන්නන් කෙරෙහි පමණි. ඔවුන් කියන විදියට කටයුතු කලහොත් අනුගාමිකයින්ගේ අනාගතය අදුරේය. ඔවුන් හට යන එන මං නැතිවේ. අද දවසේ සමකාලින ලංකාවේ සියලූම ස්ථානවල තත්වය මෙයයි. ඉතින් මෙයාකාර නායකයන්ගේ අත්තනෝමතික කි‍්‍රයා හිස් මුදුනින් පිලිගන්නා කීකරු හිලෑ අනුගාමික කන්ඩායමක්  අද දවසේ සියළු ආයතන තුල සිටි. නායකයන්ගේ අත්තනෝමතික කි‍්‍රයාමාර්ගවලට නිත්‍යානුකුල බවක් ලැබෙන්නේ මෙම අනුගාමිකයින් මගිනි. මොවුහු වැඩ කල හැකි අයට එරෙහි වන්නෝ වෙති. එ් අත්තනෝමතික නායකයන් මෙන්ම මේ අනුගාමිකයෝද රටේ අනාගතයට එකසේම හානි ගෙන දෙති. සමතුන්ට වැඩ කිරිමට නොදෙන්නේ මොවුහුය. මෙවැනි නායකයින්ද මෙවැනි අනුගාමිකයින්ද සිටින දේශපාලන හෝ වෙනත්  ඕනැම ආයතනයක් අසාර්ථක බවද ඉරණම් කරගෙන පවති. එ් හේතුවෙන් මුලූ රටම අසාර්ථක බවම ඉරණම් කරගෙන පවති. මේ නායකයින් අසමත් අය වීම පුදුමයට කරුණක්ද? මේ ලොව සියලූ පෙර නොවූ විරු දෑ බිහි කෙරෙන්නේ මිනිසාගේ නිර්මාණශිලි ආශ්චර්යේ මහිමයෙනි. මේ නිර්මාණශිලිත්වයේ උල්පත එක් එක් මිනිසාගේ ශ‍්‍රමයයි. ශ‍්‍රමය එහි උපරිම ඵල ලබන්නේ එය පොදු බවට පැමිනවීමෙනි. එ් පොදු බව තුලය ගතවෙන සැම දිනක් පාසාම මහා ආශ්චර්යවත් නිමැවිම් නිමැවෙන්නේ. නමුත් මේ අසාර්ථක නායකයින්ගේ මුලිකම නායකත්ව ගුණාංගය මිනිස් වර්ගයාගේ මිනිසත් බවේ වඩාත් වැදගත්ම න්‍යායට එරෙහිවය පවතින්නේ.


එහෙත් ඔවුහු යෙහෙන් වැජබෙන්නේ කෙසේද?
වැඩ කල හැකි මිනිසුන් වැඩවලින් ඈත් කිරිමෙනි. ඔවුන් මහත් අභිරුචියෙන් වර්ණනා කරන ඔවුන්ගේ දේශපාලන උපාය මාර්ගික කෙෘශළ්‍ය මනින මිනුම් දඬුව වන්නේ මිනිසුන් අවිශ්වාස කිරිමට ඔවුන්ට ඇති හැකියාවයි. ඔවුන් විශ්වාස කරන අන්දමට වැඩි දෙනෙක් වැඩිදුරට අවිශ්වාස කිරිමට කෙනෙකුට හැකි නම් දක්ෂතම දේශපාලන හෝ ආයතනික උපාය මාර්ගික විශේෂඥයන් ඔවුන්යය. ඉතින් මිනිසුන් මෙවැනි නායකයින්ගේ ව්‍යාපාර හැර යෑම හෝ එ්වා වෙත ඇදී නොඑ්ම පුදුමයක් නොවේ.
මෙහිදී විස්තර කල යුතු යමක් තිබේ. මිනිසුන්ට හෝ තම ආයතනයට හෝ  එහි ප‍්‍රකාශිත අරමුන කෙරෙහි සේවය කරන්නාවූ අයවලුනට අපිරිමිත ලෙස ආදර කරන්නාවූ සහ ඒ වෙනුවෙන් කැප වෙන්නා වූ අය අපට හමුවේ. නමුත් ඒ සියළු දෙනාම ජනතාව දුකින් මිදවීමේ හෝ ම ආයතනයට හෝ  එහි ප‍්‍රකාශිත අරමුන කෙරෙහි සේවය කරන්නාවූ අයවලුනට අපිරිමිත කරුනාවෙන් තම කර මතට ගත්තෝ නොවෙති. කිසියම් නායකයෙකුට තම ආයතනයේ හෝ ව්‍යාපාරයේ වැඩපිළිවෙල අවබෝධයක් ඇතිකරවන්නේ, එවැනි වගකීමක් සිතට දැනෙන්නේ නැතිව වැඩ පිළිවෙලක් පිළිඹදව  පිළිඹද අදහසක් නියකයන්ට ඇතිවන්නේ නැත.වෙනත් විධිහකට පැවසුවහොත් එම වැඩ පිළිවෙලේ දියුණු බව විසින් අපට එම නායකයාගේ වගකීමේ ප‍්‍රමානය මැනගත හැක. එම වැඩ පිඵීවෙලේ දියුනු බව මනින්නේ එම අරමුන සදහා කොපමන සේවය කරන්නේද යන්න මතයි.
( එසේ නොමැතිව අනුන් කරනා වැඩ වලින් තමන්ට ල කුණු දමා ගැනීමත් වැටුප් වර්ධකයන් හා විවිධ තනතුරු ලබා ගැනීමත් අවසාන වශයෙන් තම නායකයාව පවා පාලනය කරමින් තමන්ගේම න්‍යාය පත‍්‍රයන්ට අනුව ආයතනය ව්‍යාපාරය ගමන් කරවීම නොවේ* අද මේ  ආයතන අතර ආණ්ඩුව ආන්ඩුවේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා සමාගම් අධ්‍යයාපන ආයතන ස්වේච්ඡුා හෝ රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන පක්ෂ යනාදිය සියල්ලම තම ප‍්‍රකාශිත අරමුණු සදහා නොව වෙනත් අරමුනු සදහා සේවය කරන බවයි. අපගේ සියළුම දේශපාලන ව්‍යාපාර රට ගොඩනැගමටත් ජනතාව දුකින් මුදවා ගැනිමත් අරමුණු කරගත් එ්වා වෙති. නමුත් ඔවුන්ගේ වැඩ පිලිවෙල දෙස බැලූ විට අපට පෙනෙන්නේ එ්වා ප‍්‍රකාශිත අරමුනු වෙනුවෙන් නම් කිසිසේත්ම සේවය නොකරන බවයි.
මේ කරුමයෙන් ගැලවීමට අප කුමක් කල යුතුද ?

නිශ්මි පොතෙන් උපුටා ගත් ලිපියකි.





Thursday, May 16, 2013

සොරකමේ සැබෑ පියා සෙවීම නොහොත් අපරාධය සහ දඩුවම


ඉහත මාතෘකාවට සම්බන්දව කතාකර ඇති ග‍්‍රන්ථය හමුෙවි අපට සිහිවන්නේ ඇලෙක්සැන්ඩර්ඩුමාය.
 ‘‘ මනුතාපය’’ කෘතියේ ජනවර්ජන නීතිය හමුෙවි පල් හොරෙකි. එහෙත් ඔහු කල හොරකම් වුයේ කුසගින්නට පාන් ගෙඩියක් හොරකම් කිරීම පමණි.
ජනවර්ජන පසුපස හඹා යන ජන්තුට ඔහු පාන් ගෙඩියක් හොරකම් කලේ ඇයිද ? යන්න අදාල නැත. ජනවර්ජන සිරගත කිරීමට යන ජන්තුට සිරගෙදරදී තම ළමා විය ගත කිරීමට හේතුවු සංසිද්ධිය වත් අදාළ නැත .ඔහුවද නිර්මාණය කර ඇත්තේ යුක්තිය ස`දහා නොෙවි.
ඒ වෙනුවට නීතිය ආදේශ කරමින්ය. අපරාධකරුවන්ට ද`ඩුවම් ඉල්ලන බොහෝ දෙනෙකුගේ සංෙවිදනයන් මනුතාපයේ ජන්තුගේ වැනිය. එහෙත් මනුතාපය කියවු පාටකයා තුළ ඩුමා නිර්මාණය කරණ සංෙවිදනය එයට හාත්පසින්ම වෙනත් එකකි.
ඒ ජනවර්ජනයට පමණක් නොව , ඔහු හඹා යන ජන්තුද තම තමන්ට පරිබාහිර බලෙවිගයක කෲරත්වයෙන් පීඩාවට පත්වු සමාන ඉරනමක කොටස්කරුවන් බව දැනෙන සංෙවිදනයයි. ජනවර්ජනයට කුසගින්න දැනුණේ එම බලෙවිගය නිසාය.
1852 ‘‘ රෙයින්ස්චෙසෙයිටුන්ගේ ’’ පුවත්පතට ලිපියක් ලියමින් මාක්ස් දැව හොරුන් පිළිබ`ද නීතිය ගැන අදහස් දක්වා ඇත. සොබාදහමේ ඇති පොදු දෙයක් ලබාගන්නා අරුතින් වියලි දර කෝටුවක් හෝ ගසක අත්තක් කපා ගන්නා මිනිසා වරදකරුවෙකු කර සිරගත කිරීම ප‍්‍රතික්ෂේප කරන මාක්ස් සොබාදහම සිය පෞද්ගලික අයිතියට කොල්ලකා ගත් ඉඩම් හිමියා වරදකරුවෙකු නොෙවිදැයි ප‍්‍රශ්න කරයි.
මාක්ස් ගේ එම පැහැදිලි කිරීම ජනවර්ජනයට කුසගින්න දුන් බලෙවිගය හදුනා ගැනීමට අවශ්‍ය ආලෝකය සපයයි. ඒ බලෙවිගය නම් අන් කිසිවකු නොව ජනවර්ජන වැනි පීඩිතයන්ට කිසිවක් ඉතිරි නොකර සියල්ල සිය පතට බෙදාගත් අධිපති පන්තිය හැර වෙන කවුද? මිනිස් ඉතිහාසයේ සොරකම නැමැති සංසිද්ධිය බිහිවු වකවානුවේි හොරකමක් සිදු කිරීමට කරුණු දෙකක් සම්පුර්ණවීම අවශ්‍ය විය.
* පළමු වැන්න හි`ගකමක් තිබිය යුතුය.
* දෙවැන්ත හොරකම් කිරීමට යමක් තවකෙක් සතුව තිබිය යුතුය.
මෙම දෙවන කරුණ ඓතිහාසිකව සම්පුර්ණ වුණේ අතිරික්ත නිධ්පාදනයක් බිහිවීමත් සමගය. එම අතිරික්ත නිෂ්පාදනය අධිපති පන්තිය කොල්ල කා ගන්නා ලදී. ‘‘ පෞද්ගලික දේපළ යනු නීතිගත කරණ ලද සොරකම්’’යැයි ජෙමින් පෘදොන් ස`දහන් කලේ එබැව්නි.
එබැවින් එය හොරකම විය. එම කොල්ලයේදී පීඩිතයා අසීමිත ලෙස තළා පෙළා දමන ලදී එතැන් පටන් ගතවු මුළුමහත් ඉතිහාසයම ගතවුයේ එම නීතිගත කරන අපරාධය මත පදනම්වය. පෞද්ගලික දේපළ ක‍්‍රමය තුළ සිය හෙට දවසේ පරිභෝජණ අවශ්‍යතා හැමවිටම මිනිසාට අවිනිශ්චිතය. එබැවින් හි`ගකම වෙනුවෙන් ගොඩගසා ගැනීමද ඒ වෙනුවෙන් හොරකමද ඇරඹුණි. අධිපති පන්තිය නීතිගත කරන ලද හොරකම් යෙදුණි.
නීතිගත කරන හොරකමට පිටින් එනම් , දැනටමත් සොරාගත් එහෙත් නීතිගතකරන ලද දේපළ සොරා ගැනීම නීති විරෝධි සොරකමක් ලෙස හදුන්වන ලදී. එයද නීතිගත කර සමාජ සම්මතයක් ලෙසට හදුන්වන ලදී. වහල් හිමියා වහලාගෙන් සොරාකන ලදි. ඉඩම් හිමියා ප‍්‍රෙවිනි දාසයාගෙන් කොල්ල කන ලදී. ධනපතියා නිර්ධනයාගෙන් කොල්ල කන ලදී. එහෙත් එය කොල්ලයක් ලෙස එැදින් වෙන්නේ නැත. මක් නිසාද එය මුගුරේ කඩුෙවි හෝ තුවක්කුෙවි බලයෙන් නීතිගත කර සමාජ ගත කර ඇති නිසාය.
එහෙත් යම් දිනක වහලෙකු ප‍්‍රෙවිනිදාසයකු හෝ නිර්ධනයකු සිය දිවිපැවැත්ම ගැට ගසා ගැනීම වෙනුවෙන් අධිපතියා තමන්ගෙන් සොරාගත් දෙයින් සොච්චමක් ඉල්ලා නොලැබුන තැන එය කෙසේ හෝ ලබාගතහොත් ඔඑු සොරෙකු අපරාධකරුවකු ලෙස හංවඩු ගසා ද`ඩුවම් දෙති. එයට අධිකරණ පද්ධතියක් තුළ නීතියක් ලෙස ස්ථාපිත කර ඇත.
එහෙත් අධිපතියා තමන්ගෙන් උදුරාගත් දෙය ආපසු ලබාගැනීමට පීඩිතයාට ශුද්ධවු අයිතියකත් ඇත. එය විශ්ව මානව හිමිකම් ප‍්‍රදාප්තියේ ස`දහන් නුවුවාට මනුෂ්‍යයන්ගේ හෘදසාක්‍ෂියේ තදින් ලියවී ඇත. සෑම ආගමික සාස්තෘවරයෙක්ම පවසා ඇත්තේ ‘‘ අනුන් සතුදේ නොගන්නා’’ ලෙසින්ය. එමෙන්ම ‘‘ තමන් සතු දේම ගන්න’’ ලෙසිනි. තමන් සතුදේ ගැන බරපතළ විග‍්‍රහක අනුගාමික ප‍්‍රාදේශීය නායකයන් යෙදී නැත්තේ ඔවුන් අද ආගම්වල නාමයෙන් ඒ අපරාධ නීතියේම පිහිටෙන් නීතිගත කරන කොටස් පුර්ණ වරප‍්‍රසාද භූක්ති ‘‘ ඩුරිං විරෝධය ’’ කෘතියේ එංගල්ස් මෙසේ ස`දහන් කරන ලදී ‘‘ රොබින්සන් කෲසෝට කඩුවක් ලබාගතහැකි වුයේ කෙසේද? එලෙසම එක් සුන්දර උදෑසනක ප‍්‍රයිෙඩි නම් මිනිසා පතරොම් දමන ල`ද තුවක්කුවක් අතින් ගෙන පැමිණිය හැක. එතැන් පටන් හිංසා කිරීෙමි බලය මත රුදි සම්බන්ධතාවය ප‍්‍රතිණිර්මානය ෙවි’’ මාක්ස්වාදීන් වන නුඹලා අපරාධකරුවන් සාධාරණිකරනය කරන්නට යන්නේ යයි චෝදනාවකට ෙමි ලිපිය කියවන මා හට සිතන්නට හැක. ඒ ගැන චෝදනා කිරිමට කලබල නොවන්න. අලංකාරොක්තියක් ලෙස එංගල්ස් එම යෙදුම යොදා ගත්තේත් මා එය සටහන් කළේත් ප‍්‍රශ්නය විසදා ගත හැක්කේ එලෙස යැයි කීමට නොෙවිය. 
සරදියෙල්ගේ හෝ රොබින්හුඞ්ගේ ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරන අතර එහෙත් පීඩිතයාට ඉතිහාසය පුරාම සිදුවු අපරාධයට එරෙහිව නැගී සිටින්නට අයිතිය තහවුරු කල යුතුව ඇත. බයිබලයේ වැරදි කරන ලද ස්ත‍්‍රීයට ගල් ගැසීමට නම් වැරදි නොකළවුන්ට ඉදිරිපත්වන ලෙසට යේසුස් වහන්සේ ආරාධනා කලේය. වර්තමාන සමාජයේදී නීතිය මගින්ද,  ඒහා  ජානගත කර ඇති සමාජ සම්මත මගින්ද වරදකරුවන් කරන්නේ ධනවාදය විසින්  නිර්මාණය කළ දුෂ්ඨම පීඩනයන්ගෙන් ප‍්‍රහාරයට ලක්වු මිනිසුන් මිස ඔවුන් එම අකාරුණික ඉරණමකට හිරකල ධනේශ්වර නොවන්නේ නීතිය, සම්ප‍්‍රදාය ගොඩ නැගී ඇත්තේ පවත්නා ක‍්‍රමය රුක ගැනීමට පමණක් බැවින්ය
එහෙත් තමන් කළ වරදකින් පීඩාවට පත්වු මිනිසුන් එම පීඩාවන් කෙසේ හෝ ගැලවෙන්නට උත්සාහ කරන කළ යළි යළිත් තලා පෙලා පීඩාවට ලක් කිරීමට ධනපතීන්ට ඇති අයිතිය කුමක්ද? ඔවුන්ගේ නීතියට ඇති අයිතිය කුමක්ද? ධනවාදය මිනිසා පීඩාවට ලක්කරයි. එපමණක් නොව, එම පීඩනයෙන් මිදීමට දුරාචාරය ස`දහා ද ම`ග පෙන්වයි. ඒ ස`දහා විවිධ දුරාචාර පවත්වාගෙන යමින් ඒවාද නීතිගත කර සමාජ ගත කරයි ඒ ස`දහා මත් ද්‍රව්‍ය පරපීඩක කාමය කුල්මත් කරවන නිල් චිත‍්‍රපට, අපරාධ කරා මෙහෙයවන්නන්ට පොළඹවන  චිත‍්‍රපට නිපදවමින් සිටි. ඒවාට යොමුවීමට අවශ්‍යය යටිතල පහසුකම් ගමින් ගමට ඈත් කිරීමට නව නීතිය සම්පාදනය කරයි. පීඩකයාගේ පීඩනයද තම ආදායම් මාර්ගයක් බවට පත්කර ගනී ඔහු ඒ මග ගොස් අපරාධකරුවකු වු එම අපරාධය නැවතත් මාධ්‍ය ඔස්සේ මිල කරයි. එයින් තවත් ආදායම් මාර්ගයක් විවර කර ගනී.
පසුව අපරාදකරුවා පීඩකයාගේ සුවච කීකරු මෙහෙකරුවෙක් බවට පත්කර එම පීඩනයම එරෙහි වන්නන් මර්දනයම යොදා ගනී. අවසානයේ ඔහුද පීඩකයාගේ ගොදුරක් බවට පත්වෙති. නිතිගතකර ඇති හොරකම් සැබෑ ස්වභාවයයි. නමුත් නැවතත් සමාජ ගතකර ඇති ඒ මහා බොරුවෙන් ප‍්‍රකාශ වන්නේ ෙමිවාට හේතු ඒ අපරාධකරුවන් විසින් සිය කැමැත්තෙන් නිර්මාණය කරගත් ඒවා බවය. ඒ  පිළිබ`ද කරුණු කාරනා යළි යළිත් ගෙන හැර දක්වමින් විචාරාත්මක ලෙස මනෝ විග‍්‍රහයක් කරමින් ආගමික සංස්ථා සහ මනෝ සමාජ සංස්ථාවන් ව්ව්ධ ලෙස අර්ථකථනයන් දෙමින් මුලික සත්‍ය බැහැර කරමින් නැවත නැවතත් සමාජයම මුලාෙවි හෙළයි.
එහෙත් අප කළ යුත්තේ ඔවුන් අඩහැරයට හුමිටි නොදී සැබෑ අපරාධකරුවා වන ධනවාදයට එරෙහි හ`ඩ නැගීමයි. ෙමි සියල්ල පවතින ධනේශ්වර ක‍්‍රමය විසින් නිර්මාණය කළ අසාමානත්වයන්ගේ ප‍්‍රතිථලයන් නිසා ඇතිවු හේතුන්ය. පීඩනයට පත්වන්නා අපරාධකරුවෙක් වන්නේ කෙසේද? යන්න සැබෑ වරද කරුවා ඇත්තේ පෙර අත්භවයේ වත් වර්තමාන මනෝ විද්‍යාත්මක සාධක තුලින් නොව ෙමි කුණුවී පල්ගද ගසන ධනේස්වර සමාජක‍්‍රමයේ බවයි. එනිසා අප අද කළ යුත්තේ ජනවර්ජන සිර ගත කරන්නැයි පාලක පන්තිය සමග හ`ඩ නැගීම වෙනුවට ජනවර්ජනයට පාන් දුන් සමාජය එරෙහිවද සිය අලූත උපන් කිරිකැටියාට වින කල මවටත් ජිවතිවීමට ඉඩ නොදුන් කාරණා ඇති කළ සමාජයට එරෙහිව එම නිර්මිත හේතුන්ට එරෙහි හ`ඩ නැගීමය. සාධාරණ සමාජයක් උදෙසා හ`ඩ නැගීමය. සත්‍ය ජය ගන්නට හැකි වන්නේ එවිටය. 

ලෝකයේ ඇති බරපතළ වැරදි හතක්





ගාන්ධි ලෝකයේ ඇති බරපතළ වැරදි හතක් ගැන කියයි   
x    වැඩකිරීමෙන් තොරව උපයන ධනය
x    හෘදසාක්ෂියකින් තොරව විදින්නාවූ වින්දනය
x    යහපත් චරිතයකින් තොරව ලබා ගෙන ඇති දැනුම
x    ආචාර ධර්මයන්ගෙන් තොරව කරගෙන යන ව්‍යාපාර
x    මනුෂ්‍යත්වයෙන් තොර විද්‍යාව
x    කැපකිරීමෙන් තොරව කෙරෙන වන්දනාව
x    ප‍්‍රතිපත්තිවලින් තොර දේශපාලනය




 Gandhi describes seven blunders of the world.
  • Wealth without work 
  • Knowledge without character
  • Pleasure without conscience 
  • Commerce without morality 
  • Science without humanity 
  • Worship without sacrifice
Politics without principle

බයිබලය සහ කාන්තාව



 

wdoï f.a b, weghlska ks¾udkh l, tajd kï jQ m%:u ldka;dj mru jQ mdmfha tkï uq¿ udkj j¾.hdf.au mdmfha wd§ uj m;alrñka bka mej; tk iEu ldka;djlau iudc .; lr we;af;a my;au wdldrhgh'th ;j ÿrg;a ;yjqre lsÍu ioyd lqmam;a kuq;a ffO¾hiïmkak jvqfjl= jQ fhdafima újdynia § isá ußhd kï jQ;a" ish¨ ÿIaGlï j,g úreoaOj bÈßhg hk ;u mq;%hdj bka fjkalsÍug jokla fyd fkdìkQ jQ;a fY%aIaG ujlajQ ußhd lSlre wysxil ldka;djla lrñka wysxil lkHdjla lrñka m%;srem.; flrefka mj;sk l%uhg tfrysh hdfï wef.a ffO¾hiïmkak igkaldó;ajh úlD;s lrñks' tf,i jy,a l%ufhka tydg hñka jy,sh jQ ldka;djo jy,d jQ msßñhdo jevjiï iudc l%uh ;=, ;jÿrg;a m%fõKs odihd yd m%fõKs odish fjñka ;jÿrg;a isr.; lrkq ,enQfõ ta ioyd wjYH wdh;ksl rdjlao f.dvk.ñks' ta ioyd ro,hd m%uqL md,l mka;sh úiska md,k hdka;%Khkao iudc .; flreks'
        mdmfha j.lSu uõlsßj, mgkau ldka;d md¾Yjh u; megùu iy oyia ixLHd; iudc ;yxÑ u.ska mqreI wdêm;H flfrys jk wef.a fuu hg;aùu l%shd;aul fjkafkah' uq,au .eyeksh f.i yÿkajk tajd jkdyS uq,au mqreIhd f,i yÿkajk wdoïf.a b, weghlska Tyqf.a ish¨ wdYdjka ix;¾mkh ioyd ks¾udkh lrkq ,oaolehs úiajdi lsÍug wmg iudcfhkq;a Y=oaOjQ ,shú,af,kq;a n, fldg we;' iuia; ñksia j¾.hdu jkaÈ f.úh hq;= uq,au mdmhg ia;%sh j.lsjhq;= nj;a foúhka yd tu foaj jpkhg lSlrej isàfuka tu j.lSfuka ksoyia jk njg;a úYajdi lsÍug wm fmd<Ujd ;sfí'
        fï w¾Ofhka rch"mjq," m,a,sh" mdi," jevm," wd§ jYfhka jQ iEu iudc wdh;khlau yryd mqreIdOm;H iy ia;%Ska hg;a fldg ;nd .ekSu foaymd,ksljo wd¾Óljo iñÔhho ixialD;sljo nqoaêuh jYfhkao n, mj;ajkq ,efí'

kuq;a wm fláfhka tu miqìfï jQ ldka;dj yg tod fhaiqia l%sia;=ia jykafia ie,l+ wdldrh foi n,uq'

ldka;dj$ fhaiqia jykafia

        fhaiqia jykafiaf.a f,dj my, ùu n,d isá lSm fofkla w;r ldka;djka 3 fofkla .ek w,q;a .súiqu l;d lrkjd' ta wkakd" t,sifn;a iy ußhd fõ' fuys § ußhd;=ushh jvd;a jeo.;a jkafka ta t;=ushf.a jhi yd tl, ;snQ iudc miqìu u; ldka;djg uqyqK oSug isoqj ;snQ .eg¿ iy.; nj ksidh' tajdg ks¾NS;j uqyqK §ug ta t;=ushg ;snQ wm%udK Yla;sh ksidhs' ffOrahu;andjh ksidhs' tl, hqfoõ ldka;djka úYd, f,i mSvkhlg Ndckh ù isáh fldgila'
  • iskf.da.hg hdug whs;shla ke;'
  • wOHdmkh ,eîug whs;shla ke;'
  • /lshdjl fh§ug ñ, uqo,a bmhSug yelshdjla ke;'
  • ;uka okakd foa wka whg W.kajkak nE'
  • ;ud leu;s flfkla iu`. újdy ùug whs;shla kE'
  • ;udg leu;s jhfia § újdy ùug whs;shla kE'
  • kvqjl§ idlaIs §ug yelshdjla kE'
  • wmsßisÿ flfkla f,i ^udia Y=iaêh ksid& .kka .efka' yv k.d l;dlsÍug$ iskdiSug fkdyel'
  • mqf;la isàkï muKla mqreIhd ush.sh miq Tyqf.a f.a foam,j,g whs;shla we;'
  •  wkdpdrhys fhoqkd hhs mjid  .,a .id urd ±ñh yel'
        fujka mSvkhlg" ueÈj isák jhi wjqreÿ 16la muK ußhd ;=ñh fuu ish,a, úÈñka ord .ksñka isák úfgl foaj ¥;hd mjikafka Tn z.eí wrf.kZ lshdh'
uolg is;kak wka mqreIfhla yd isg wiqjqkfyd;a .,a .id urd ouk iudchl  újdy fkdjQ ldka;djla yg orefjla ,efnkak hkjd lSu' th iudch oek.;fyd;a  .,a .id urK ;rug n,j;a fohla '' kuq;a weh .kakd ;ks ;SrKh fl;rï ffO¾h jka;o lshd' uq¿ Ôú;hu weh ta Wfoid lem lrkjd' w¨;a .súiqï tla ia:dkhl ;sfnkjd' wehj újdy .súiSug isá ;eke;a;d jk fhdafima wehj ryiska w;a yßkak is;=jd lshdZZ ta weh Tyqgo fkdlshd .;a fï ;ks ;SrKh ksidfoda lshd ud ys;kjd'
        wm t,sifn;a foi n,uq' uy¿ jhfia§ weh .eí .;a nj foaj ÿ;hd ioyka ,. úg weh f.or ie`.jqkd' t<shg my,shgj;a wdfõ kE' ,eÊcdjg m;a Wkd' f.d¨ Wkd' kuq;a Tjqka Y=oaOd;aufhka  mq¾k Wkd lsh,d lshkjd' ta lshkafka wm idudkH ukiska olsk fohg jvd n,j;a ±laula Tjqka ;=, ;sfnkjd' talhs ldka;dj wmsßisÿhs lshkd mqreI uQ,sl iudc jgmsgdjl ldka;djka yg Y=oaOd;aufhka  mq¾k jkak foúÿka bv yßkafka'
        orejdg kï ;eîfï § mjd uq¿ n,h t<sifn;a ;u w;g f.k wjg iudcfha we;s kS;s Í;a  iuqm%odhkql+, w.hka iudcfha we;s ta yr moao;shg mhska .id  bj;g ,d foaj leue;a;g hg;a ù orejdg ku ;shkjd' wehhs ku ;nkafka' t;k § tu ia;dkfha  mej;s mqreIdêm;H mjd th wkqu; lrkjd'
        tfukau wdkd kï Èjeiajels  lshkaksh foio n,uq' Èjeia jels hkq   mqoa.,sl fkdj m%isoaêfha mjik fohla' tl, wd.ñl kdhlhkag mjd ìhla fkdue;sj foaj leue;a;g hg;a ù mj;sk iïm%odh lvñka Èjeiajels m%ldY lrkak weh ìh jQfha ke;' merKs .súiqï ldka;djka wdkd g;a jvd bÈßfhka isáh nj ta ;=,ska wmg fmkS hkjd'

ta t;=ud  n,dfmdfrd;a;=j isá lka;djka' wms n,uq t;=ud iu`. isá ldka;djka foi uola'
        ;u uj jk ußhd;=ñh urKh olajd u t;=ud ,.ska isáhd' ud¾;d iy ußhd kï fofokla t;=ud lsÜgqfjkau wdY%h l<d' iudrsfha ia;%Sh iy uoa.,dfha ußhd wmg w¿;a .súiqï fmkajkjd'
;uka t;rï m%isoaO fkdue;s kuq;a fha'j' iu.ska isá t;=udf.a Wmldr ,nd ldka;djka fndfyda .Kkla isákjd'
zzfÊiqiaf.a kekaoïudZZ wehf.a lsisÿ b,a,Sula fkdue;sj kuq;a ksjfia wka whf.a b,a,Su u; wehg iqjh ,nd fokjd' weh iksm fjkjd' iqjh ,enqjdhska miq  we;af;kau ÈjHuh iqjh ,nd.;a;dg miq weh fudlo lf,a ksyvj f.dia wef.a Wmia:dk fufyh mgka .kakjd' ^wo lrkafka ij fufyhka lsh,d há.sßfhka YíojdyskS j,ska hdÉ{d lr,d iqjh ,enqjjqka  fu;ek frÈ lvdf.k kgk tl' Bg miafia lrkafk;a  ta iqjh ,enQ whf.a fmdfgda .y,d m%pdrh lrk tl' &
nhsn,h meyeÈ<sj lshkjd jev keje;ajQQ ia:dkfha mgka weh jev wdrïN l,d lsh,d'
zzl=ÿ ia;s%hlaZZ iqj lr,d nekqï weyqjd' kuq;a t;=ud lshkjd weh wdn%yïf.a ÈhKshla' WU,d ta wdn%yïf.a jxYfha' WU,dg neß Wkd WU,df.a Wreufha ÈhKshla iqjlrkak' tal l,du fodia lshkjd' ueh;a iqjh b,a¨fõ kE' kuq;a Wkajykafia wjYH;djhg  uq,a ;ek ±kakd'
zzu;f,a frda.S ia;s%hzZ
weh nf,ka Tyqqfhaka iqjh .;a;d' t;=ud m%isoaêfha wehg m%;sldr lr th ukqIHhkag m%ldY lrd' th fkdokajd .shd kï th iodld,sl ryila njg m;afjkjd' hï kS;s wkmk;a ñksidg wjysrhla ndOdjla fjoa§ tajd fy,d ±lald' bj;a l,d' ldk;djka thg i;=gq Wkd'tl,ays
  • ldka;djg Èlalido ùug fkdyels w;r mqreIhdg th mq¿jka
kuq;a fhaiqia lSfõ msßñ Èlalidoh lrkafk lduñ;Hpdrh msKsi ioyd muKla lshk thska w¾: .ekafjkafka Èlalido b;d oreKq f,i ldka;djg n,mdk njhs'
l;ka;dj fl;rï wirK fjkjdo hkak t;=ud f;areï .;a;d
fïhdldr ;;ajhg m;ajQ ia;s%hla ;ud zziudßfha ia;s%hZZ weh mjqldr ia;s%hla fkdfõ' mj;sk iudc l%uh úiska wehg ta ;;ajhg m;ajk bv yer tu ;;ajfha whj¿kag úreoaOj kS;s mjd iïmdokh lr ;sfnkjd'
^fuh wog;a j,x.=hs' ldka;dj fld;rï wirKo Widúhlg fmd,sishlg .shdu" wysxil .eñ ldka;djka .%du ks,OdÍ .djgj;a hkafka kE' ;j;a lror fjhs lsh,d' tfyu l%uhla ;=,fka wms bkafk'&

m%isoaêfhau m%ldY l, ldka;dfjda
        mqreIhd ñh .shdu orefjda fkdue;s kï ta lkHdjg wjdrgu wjrhs' t;=ud ta ksid ;ud fy,s,Sk jekaoUqjkag Woõ Wmldr lrkak f.da,hka fm<UjQfha' iEu ;drd;srlu ldka;djkag t;=ud;a Woõ lf,a'
tla ldka;djla lshkjd zzTng lsßÿka mfhdaOro Tn ±rE l=iho jdikdjka;hsZZ ta orejka isák wïud flfkla yg lshkak mq¿jka Wmßu i;=gq odhl jpk' kuq;a t;=ud fokjd Bg;a jvd wNsfhda.hla' ta ;ud zzfoaj jpkh wid th ms<smÈkd wh Bg;a jgd jdikdjka;hs lsh,d'ZZ
 foajud,s.dfõ mvqr ±uQ jekaoUq ldka;dj'
fujeks foa úúO wh lrkak we;s' fï ;udg ;snQ tlu jia;=j foajud,s.djg mQcd l, wh fldf;l=;a bkak we;s' kuq;a t;=ud m%uqLia;dkh  fokafka fï ÿmam;a jekaoUq ldka;djg' ta wehs hkak óg fmr mßÉfPohl wm l;d l,d'
^kuq;a wo fujeks ÿmam;a wirk foajNh we;sj ysi jidf.k whÈk ;ud ika;lfha we;s tlu jia;=j remsh,la o tal;a foajud,s.djg mQcd lrk ldka;djka yg fjkafk fudlo @ biafi,a,au wykak fjkafgk tfyu wh Tn foajia:dkfha isákjdo lsh,d' wo foaj fiajlhska leu;s jeäfhka mvqre odk ysi muKla fkdj YÍrh o wdjrKh fkdlrk ldka;djka iu. ks;ru .ejfikak' k;a;,a  Èkh .ek muKla is;kak' mrdl%u ksß we,a,hkaf.a m,uqfjkshd iy wka;suhd n,kak' ta fyd|gu we;s i;H l=ulao lshd f;areï .kak&
fhaiqia jykafia l=reishg ;eîu'
tu ia:dkfha  ldka;djka iuQyhla t;=ud fjkqfjka ÿlafjkjd' je,fmkjd' t;=udf.a isrer ìug ndk fj,dfj;a ldka;djka isákjd' t;=udf.a W;a:dkh ùu .ek m%:ufhkau ±k.kafka ldka;djka' tys§ o t;=ud ldka;djkag uq,a ia:dkhla fokjd' fï yryd .;a l, wo ls;=kq iudcfha ;sfnkafka l=ula o@
        foajia:dkhg tk n,h Okh we;s ldka;djka iy wirK ÿmam;a ldka;djka w;r we;s fjki wE;ska isg fyda ,.ska isg fyda n,kak' we;af;a iudc widOdrKh fkdfõ o@' thg tfrysj hdug iDcq fldkaola ,ndÿka  fhaiqiajykafiaf.a wk.%dñlhka wo lrkafka l=ula o@
        nhsn,fha we;s úuqla;s yrh wul,d tys wOHd;ausl jákdlï j,g iudc iy uq,H jákdlula § uQ,sl m%Yak wu;l lrkjd fkdfõ o@
mj;sk ÿ¾odka; md,k l%ufha úúO w;=re M, f,i ldka;djka$ <uqka$ mqreIhska fldákau .;fyd;a uq¿ uy;a iudchu  wirK jk úg frda.S jk úg  wmg wm foajia:dk md<lhka mjikafka hdÉ{d f,ihs' tu ÿ¾odka; md,k l%uhg hym;a l%uhla wdfoaY lsÍug yels jgmsgdjlg iuia: ckhd fhduqlrkakg fyda tu l%uhg j.lsjhq;a;ka yg tfrysj fudr.ikak yelshdjla we;s lfYareldjla we;s  foaj fiajlhska tu l%ufhau fldgia njg m;a ùu wmg o  iñÿkag o lrkafka  uyd fødayS lula fkdfõ o@
        Bkshd ldka;d úuqla;shg iNdfõ fldgi l=ula o@ weô,smsáh orejka isyslsÍu ioyd bÈl, wysxildrduhg iy w;=reoyka jQjkaf.a  iaudrlhg meñfkk nyq;rhla ldka;djka fkdfõ o' tau iaudrl úkdYl,miq  ta ldka;djkag ta wïu,dg  l, widOdrkhg hqla;sh ,efnkafka flfia o@
frdfIka pdklf.a ujg ifydaorehkag fmïj;shg Tyqf.a uD; foayh ;enQ wjidk foaj fufyh ;=,§;a widOdrkh idOdrkSlrK lSÍug Wr ÿka mQcl mka;sh wmg fmkakqï lrkafka  l=ulao @
y,dj; § urdouk ,o  weka;ks fidhqrdf.a  ìßhg Èhkshg fidhqßhkag wo ks, ls;=Kq m%cdjka ,efnk iyfhda.h l=ula o@
foúhka .ek fkdj fuh wmyg foúhka f.a u. fmkakqï lrkd ud¾f.damfoaYlhkaf.a m%Yakhla ù we;'
wmg lSug we;af;a fuhhs' b,a,Sug yd wh§ug we;af;a fuhhs'
foúÿks fodia;r,df.ka f,vqka fírd .; uekj' Tnf.a neg¿ megjqka yg u.fmkajk tfâreka úiska neg¿jka urdf.k lhs' uia álo úl=Khs' wm fírd.kq uekj'