Thursday, September 21, 2017


Dogs

2014 ඉදලා මම නිකම්ම නිකං චානක. ඒකනෙ දිනේෂ් මගෙන් ඇහුවෙ ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා. ඇත්තටම ඒකට දෙන්න තියන හොදම එකම උත්තරය තමා ඒ ප‍්‍රශ්ණයම දිනේෂ් ගෙන් ආපහු අහන එක. හඩ ඒසව්ගේ අත යාකොබ්ගේ විදිහ තමා. කටහඩ දිනේෂ්ගෙ උනාට ඒ අදහස් ඒඞ්වර්ගේ.
පහුගිය වකවානුවේ හරි හැල හැප්පීම් උනා. එකින් එක මෙහෙම ලියමු

මටයි මහේෂ්ටයි ශාන්තටයි මටකලපුවේ පෙරෝ සිමෙන්ට් තාක්‍ෂණයෙන් කොන්ක‍්‍රීට් හදන පස් වලින් සිමෙන්ති ගල් හදන පුහුණුවකට යන්න අවස්ථාවක් ලැබුනා. ඒ වාගෙම ඒස තියෙම විශ්ව ගම්මාන කන්ඩායමක් එනවා කැනඩාවෙ ඉදන් . මම හාංකවිසියක් දැනගෙන උන්නෙ නෑ කොටා මේ වැඬේට කෙලියි කියලා. එඩාටත් කියලා දිනේෂ්ටත් කියලා වැඬේ කැන්සල් කලේ මහ බලූ විදිහට. කොටා ගෙබා දෙන්නම වත්තට ගියා. මම නැවතුනා. මහේෂ් වෙන කොහෙද ගිහින් වෑන් එක එවුවා මාව ගන්න. ඊට පස්සෙ මහේෂ්ව අරගෙන යන ගමන් දඹුල්ලෙන් ශාන්තව අරගෙන දින 3 කට පුහුණුවට අපි යනවා මඩකලපු. මම වෑන් එකට නැගලා ගම්පොල රේල් පාර ලගට යන්න උන් නෑ මට කෝල් එකක් එනවා ආපහු යන්න වැඬේ කැන්සල් කියලා. ආවා ආපහු ගම්පොලට. මම කීවා ශාන්තට වැඬේ හබක් කියලා. රෝහිත කතා කරනවා මෙන්න එතකොට . කොහෙද ඉන්නෙ අහනවා. මම කීවා අපි යනවා මඩකලපු කියලා. කොටා අහනවා වැඬේ කැන්සල් නේද කියලා. මම කීවා දන්නෙ නෑ කියලා. තිබුබා පෝන් එක. ඔන්න ගෙබා ගන්නවා ඒකම අහනවා. මම කීවා අපි යනවා කියලා මම තිබ්බා පෝ්න් එක. මූ සේරම කරලා ඉන්නවා සද්ද නැතිව.


මට ඩෙංගු වාගෙම උන ගත්තා.  කොටාගෙන් බෝ උනේ. උගෙ ලමයට පහුගිය සති 2-3 නේම උන. කොහොම හරි මටත් හැදුනා.  හැදුනත් වැඩ කරන්න උනා. වැඩි උනා. එහෙම වෙලත් මේ කොටා මට උයන්න උදව් කලේ නෑ. මට කන්න කිසිම ආසාවක් නෑ. ඒත් මම කොටාට උයලා දුන්නා නමුත් මේක කිසිම උදව්වක් නෑනෙ දුන්නෙ. මම ලේ බලලා ගෙදර ගියා සතියක්ම හිටියා එච්චරම තමා
මම කොළඹ ගියා රාජකාරි වලට. ස්ටාප් මීටින්. කවුද ලියුමක් එවලලූ මහේෂ් ගැනයි රෝහිත ගැනයි කියලා. ඒකට මාවයි ප‍්‍රගීත්වයි සක කරනවා කියලා මට එහෙදි හොරෙන්ම කෙනෙක් කීවා. ලොක්කා ඒ ගැන කතා කලා. ඉන්දියන් නිවාස රුස්වීමෙදි මහේෂ් කීවා ලක්‍ෂ 5 ක් එයා බාස් ගෙන අරගෙන එයාගෙ එකවුන්ට් එකට දාලා තියාගෙන ඉන්න බව. මොකා ලීවත් ඇත්තනෙ. නමුත් ඒක එඞ්වර්ඞ්  ට කියලා කරපු නිසා අවුලක් නෑ කියලා ලොක්කාම කීවා. මගේ අතින් පෙටි කෑෂ් වලින් කීයක් හරි එහෙ මෙහා උනානම් ගෙදර.
එදාම මට ඉන්ටර්විව් එකක් තිබුනා ඊ යූ ඒකේ  බලමු හරි ගියොත් මේ කොට පරයට උයන රස්සාව නැතිවෙනවා මටත් ගරුත්වයක් ඇතුව වගකීම් දරාගන යමක් කරන්න පුලූවන්. එහෙම උනාම අඩුම ගනනෙ හිතයි මෙච්චර හැකියාවක් තියාගෙන ඇයි මේ වාගෙ අය උයන්නයි පක්කලි වැඩ වලටයි දාලා තිබ්බෙ කියලා


අද 21 වෙනිදා ඉන්දියානු න්ිවාස වැඩසටහනට සහබාගී වෙන ආයතන වල ඒ වැඩ සටහනට සම්බන්ධ අය සියල්ලන්ට ම පුහුණුවක් දෙනවා. අදයි හෙටයි. කොටා ගෙන් මම අහපුවාම ගිය සතියෙ මූ කියනවා දිනේෂ් මේල් දාලලූ මහේෂ්ටයි එයාටයි විතරක් යන්න කියලා. හැබැයි ගෝපිටත් කොටා යං කීවා. කොටා අද ගෝපිත් අරගෙන තමා ගියෙ. දිනේෂ්් පිටින් තියලා මූ උගේ සතුට වැඩිකර ගන්නවා.  මමත් උයන්නෙ නැතිව මගෙ සතුට තියා ගන්නවා.