Wednesday, July 19, 2017

කතා කලාට මොනවද කතා කරන්නෙ කියලත් දැන ගන්න අවශ්‍යයි



අද උදේ මම ගියා ගම්පොල ටවුමට පොටෝ කොපි ගහන්න. ෆවුරි මාව දැකලා ඇවිත් කතා කලා.. බොහොම ආවේගයෙන් සැරෙන් කතා කලේ.. රෝහිත එක්ක ගනුදෙනුවක් බේරාගන්න තියනවා කීවා.. ඒකට ගේබරියල් එක්කත් ගනුදෙනුවක් තියනවා කීවා. මිනිහගේ අතිකාල දීමනා සියල්ලම කැපුවා කීවා.. රෝහිත කීවලු මම හෙට කොළඹ යනවා . ගිහින් මේ ගැන කතා කරනවා. එහෙම කතා කරලා මම කෝල් කරන්නම් කීවා. නමුත් කතා කලෙත් නෑ  මම කෝල් කරනකොට පෝන් එක උස්සන්නෙත් නෑ.. පට්ටහොරු.
අනික තමා රෝහිත අසාර්ට කියලා තියනවාලු මමයි උගෙ බ්ලොක් ගල් බිස්නස් එක නවත්තලා වෙන තැනක් සෙට් කලේ කියලා.. රෝහිත කියපු එක නිසා මෙයා එක්ක අසාර්   පැටලිලා.  අහුවෙන්න එපා කියන්න කීවා.. මම ඇවිත් බේරා ගන්න හැදුවෙ  පස්සෙ මම නිකං දැන දැන අවුල් කර ගන්න අවශ් නැ මම ටවුමෙන් මිනිහායි ගේබරියලුයි ුල්ලා ගන්නම් කීවා

වටේට හිටපු රීවීල් කාරයො ඔක්කොම බලාගෙන හිටියෙ.. මූ කීවා මෙයා වැඩ කරන තැන පොරවල් තමා මට  ගේම  දුන්නෙ මාස එකහමාරක්ම බඩගින්නෙ ඉන්න.. මෙයා එක්ක අවුලක් නෑ අනිත් උං තමා අම්බ කැරියො කියලා..

 ගේම..

ඊයෙ උදේම මහේෂ් ආවා. ඇවිත් වැඩ පටන් ගත්තා. මිනිහා ගාවට හිමීට රෝහිත ඇවිත් කීවා මට රිපෝට් එකක් හදා ගන්න අවශ්‍යයි. ඒක කරලා දෙන්න කියලා. මෙන්න මූට මල පැන්නා.. කීවා රෝහිතට කට උත්තර නැති වෙන්නම.. මම වැඩ කීයක් කරනවාද.. හැමෝගෙම වැඩයි මගෙ වැඩයි ඔක්කොම කරන්න වෙලානෙ.. මම මේක ඉවර වෙච්ච ගමන් අස් වෙනවා. හරිම කරදරයක්.. අරෙහෙ යන්න කියනවා  මෙහෙ යන්න කියනවා.. රැුටත් වැඩ කිසිම නිවාඩුවක් නෑ...
යාළුවා හිමීට තමන්ගෙ තැනට ආවා..
පස්සෙ හෙල්බොඩ ගියා.. එතන මෙයා ඉන්ද‍්‍රාණි මිස්ටයි ධනුෂ්කටයි කියලා තිබුනෙ ගෙවත් හදන තැන රුස්වීම කැදවන්න කියලා.. නමුත් පාසලේ තමා ඒක ලෑස්ති කරලා තිබුනෙ.. එතනත්ඉන්ද‍්‍රාණි මිස් හිටියෙ නෑ.. පුතාගෙ එන්ගේජ්මන්ට් එක කියලා මාරු උනා.. ධනුෂ්ක ඇවිත් හිටියෙත් නෑ..
එතනත් මුල් තැන ගත්තෙ මහේෂ්.. මෙයා කතා කලාට හරයක් නෑ...

වත්තෙ අය මෙයාට දැන් ගේම.. මෙයා වේදමුත්තු පස්සෙන් ගියා විතරයි.. වේදමුත්තුට කියලා මෙයාගෙ වැඩ ටික කරගන්න තමා බැලුවෙ.. දැන් වේද මුත්තු නැති නිසා අනිත් අය සේරම වේදමුත්තුගෙන් කාපු පරිප්පුත් මෙයාගෙ පිටින් අරිනවා...  වේද මුත්තුත් අද එනවා හෙට එනවා තියනවා මිසක් තාම එන්නෙ නෑ...

වත්තෙ දෙවෙනියා උනාට ධනුෂ්ක මෙයාව ගනන් ගන්නෙ ම නෑ.. මූනට හොදයි මම හිතන්නෙ මහේෂගෙ කේස් එකෙන් පස්සෙ මුං ගානට අපිට අරිනවා වාගෙ... ප‍්‍රජා සංවර්ධනය කියන්නෙ දැලි පිහියෙන් කිරි කන වැඩක්... ඒක තෙරෙන්නෙ නැති උනාම ඔන්න ගේම..

Monday, July 17, 2017

දේවගැති පෝල්

මේ දැන් මට දේවගැති පෝල් කියන කෙනෙක් කතා කලා..සිස්ටර් ජෝන් තමා මගෙ නොම්මරේ දීලා තියෙන්නෙ..මගෙන් යම් යම් උදව් ඉල්ලුවා කීප දෙනෙක් සදහා.. මම කීවා මේ ගැන වැඩක් කරන්න පුළුවන් අය නම් එඩ්වර්ඩ් කියන කෙනා තමයි කියලා කියුවා විතරයි මිනිහට මල පැන්නා..මට හොද ආකාරයට එයා ගැනි රෝහිත ගැනයි කීවා..මුං මොන තරම් සවුත්තු වෙච් අයද කියලා මට අදයි තේරුනේ.. මම හිතාන හිටයෙ මට විතරයි මු ගේම දෙන්නෙ  කියලා.. දැන් බලපුවාම මුංව එතන හිටපු අනිත් අයටත් හරාම්..මේ ලගදි එඩායි රෝහිතයි දෙන්නාම ආවලු මෙයා ඉන්න තැනට.. ඇවිත් රාත‍්‍රිය ගත කරලා ගියාලු.. අඩුම ගනනේ මෙයාගෙ ආර්ථික තත්වය ගැනවත් ඇහුවෙ නෑ කියලා කීවා..සිස්ටත් මුං දෙන්නා ගැන හොදට දන්නවා.. මුං තමා කිතුණු සාසනය කන්නෙ කීවා..
මම කීවා මමත් මුං හින්දා අපහසුතාවයට පත්වෙලා ඉන්නෙ..වැඩක් කරන්න දෙන්නෙ නෑ.. මුංගෙ වැඩ ටික කර ගන්න විතරයි මාව තියා ගෙන ඉන්නෙ කියලා.. සිස්ටර් සේරම එයාට කීවාලු ඒ ගැන..

මට ඇවිත් හමුවෙන් කීවා.. එයා ඉන්නෙ නුවරලු.. මෙහෙ එන්නෙ නෑ කීවා රෝහිතගෙ මූන වත් බලන්න ආස නැ.. කියලා.. කතා කරපුවාම කතා නොකර බැරි නිසි කතා කරනවා කීවා..

යකෝ මුං ගැන මම විතරක් නෙමෙයිනෙ දන්නෙ...




රෝහිත අද මරු කතාවක් කීවා... වසන්ත අලුවිහාර මංත‍්‍රීගෙ ලේකම්ට එඩ්වර්ඩ් කතා කරලා අර මාතලේ වතුර ටැංකිය ගැන.. මොනවා හරි එඩා නොදන්න දෙයක් කතා කරන් ගිහිං ලේකම් අම්බානක බැනලා පෝන් එකත් තියලා... මේක රෝහිතට එඩා කියලා ෂේප් කරන්න කියලා..අනේ ඉතිං රෝහිතත් අර හාදයට කතා කරලා එ කතා කරපු කෙනා වැඩිය කරුන් කාරනා දන්නෙ නෑ කියලා සමාව ඉල්ලා  ඒකට රෝහිත අත දාපුවාම ලේකම් ඇහුවලු අර කතා කරපු මෝඩයා මොකාද කියලා.. එහෙ ඇහුවා කියලා එඩාටත් මේ හාදයා කීවා කියපංකො... එඩා ඉවරයි නේද.. අපිට මහ ලොකු ටෝක් දැම්මට අපිත් දන්නවා මේකා පට්ට මෝඩයෙක් කියලා.. අපිට ඒක මූනට කියන්න බැරි කම විතරයි.. අනිත් අය එහෙම නෙමෙයිනේ.. මරු...

Wednesday, July 12, 2017



මට අද හෙල්බොඩ යං කීවා.. මෙයාගෙ තනියට..මම මොකටද මේ යන්නෙ .. නිකං... මේ හාල් කෑල්ලගෙ තනියට විතරයි... නොගියා කියලා වැඩකුත් නෑ ගියා කියලා වැඩකුත් නෑ.. ඊයෙ ආයෙත් වත්තෙ වැඩ කරනකොට ගන්න කියලා පොතට මිලකැදවීම් ගත්තා.. ඒක අද දෙනවා කීවා.. ඒකත් අමතකයි වත්තට යං කියනකොට.. ඇත්තටම කිසිම පෙර සූදානමක් නැති වැඩසටහනක් හිතලා සැලසුම් කර ගන්න පැරි අපතයෙක්.. මෙච්චර කල් වැඩ කලේ අපිට පිං සිද්ධ වෙන්න

හැබිටාට් එකට ආපු අලුත ඩීසන්  එතකොට ශාන්ත තමා සියල් අතට පයට කරලා දීලා තියෙන්නෙ.. උං වෙලාවකට මා එක්ක මේ සෙරම වමාරන නිසායි මමත් දන්නෙ..මාතලේ ඉන්නකොට නන්දනී සෙනරත් ඔක්කොම කරලා ලගටම ගෙනත්  දුන්නා.. එතකොටත් හරි.. ඊට අමතරව ලමයි බලා ගන්න ඒවා තනියට නොතනියට යන ඒවාත් ගේබ‍්‍රියල් එහෙම කරලා මේකගෙ දුවව මොන්ටිසෝරි එක්කාගෙන යනකොට වාහනේකටත් අහුඋනේ..  දැන් මෙතන ගම්පොල වැඩේට අහුකර ගත්තෙ මාව.. ඒකට පාර හැදුවෙ එඩා..

හැබිටාට් වාගෙ ආයතනයකට හිතලා මතලා වැඩක් කරන්න පුලුවන් ලොක්කෙක් හිටියනම් අද මේ ආයතනය හරහා රටේ මොන තරම් සෙනගකට උදව් කරන්න හැකිවෙලාද..  කෝ ඒකටත් එක්ක මුං.. තමන්ගෙ වපසරිය ඇතුලෙ පමනක් යම් යම් දේවල් කර කර ඉන්නවා මිසක් වැඩිය දුරට හිතන්නෙත් නෑ වෙන එකෙකෙුට හිතලා වැඩක් කරන්න දෙන්නෙත් නෑ




අනික මහා ලොකු ගාම්බීරත්වයක් ආරූඩ කරගෙන තමා ඉන්නෙ.. හරි බැරූරුම් ආකාරයට හැසිරෙන්නෙ... හැබැයි කරන්න යන හැම දෙයක්ම චොර... තනියම කිසි දෙයක් කර ගන්න බෑ.. අතට පයට ඔක්කොම කරලා දෙන්න අවශ්‍යයි අනිත් එවුං..
රෝහිත එඩා මුං දෙන්නාම එකයි... හිතාගෙන ඉන්නෙ මේක පල්ලිය .. අපි උන්ගෙ පල්ලි අප්පුලා කියලා.. 

Sunday, July 2, 2017

මෙහෙම සක්කිලියෙක්.. ගේබ‍්‍රියල් කියන යන එකා ගැනයි මේ ලියන්නෙ.. මූ  කොළඹ සති දෙකක් විතර ඉදලා ආයෙත් ගම්පොලට ආවා.. යන්න කලින් මෙතන වෙ ඒවා සමහරක් වියදම් ගැන ඒවාගෙම ක්ලැරන්ස්ට කියන්න එපා කියපුවාත් මූ කියලා රෝහිතටයි එඩාටයි මල පැනලා හිටියෙ..

දැන් මූ ආවා ආයිත් මෙහෙ වැඩට.. ආපු වෙලාවෙ ඉදන් පට්ට ගේමක් දෙන්නෙ රෝහිතට... කෑම පිගාන හෝදනවා.. කෑම බෙදලා දෙනවා.. වතුර එක ලගට ගෙනත් දෙනවා.. කෑවාම පිගාන හෝදනවා..
රෝහිතත් මූට පට්ට ඇල්ලිල්ලක් අල්ලනවා.. අද මාතලේ ඔක්කොම වියදම් කරන්න මූට සල්ලි දුන්නා.. හෙට අනිද්දා වෙන කොට ආයෙත් පෙටි කෑෂ් ටිකත් දෙයි... කෑමට වියදම් කරන සල්ලිත් මූටම බාරදෙයි.. මම දවසක් හිටියෙ නෑ.. ගෙබා රෝහිතට කෙසෙල් ගෙනත්  එලවලු රොටී ගෙනත්.. බලන්න එපායැ..

වහල්කමේ නීච කම.. වතු දෙමල කම නෙමෙයි මෙතන තියෙන්නෙ නිවට කම.. මඩකලපුවෙදි මූ රෝහිතට වහින වෙලාවක කුඩේ ඉහලගෙන  රෝහිතගෙ බෑග් එකත් අරගෙන   මහදැන මුත්තයි පුවක් බඩිල්ලායි වාගෙ යනවා.. සුජී සහ තයාපරන් හිනාවුනා ඒක දැකලා.. අදත් එහෙමමයි.. මහෙදා දවසක් මූ තනියම මුගෙ බෑග් දෙකක් කර ගහගෙන වෑන් එහකට යනවා.. රෝහිත තනියම හිස් අතින් මූත් එක්ක ඇවිදගෙන යනවා.. ඌ කවදාවත් තව කෙනෙක්ගෙ බරකට සහයෝගයක් දෙන්නෙ නෑ.. පරිසිවරු සහ සද්දුසිවරු කියලා යේසුස් වහන්සේ කීවෙ මුං ගැන තමා..







Wednesday, June 28, 2017

 මීඩියා පොයින්ටර් සහ නන්දනී

මට කීවා මාතලේ ව්‍යාපෘතියෙ සෙනගට වැඩසටහනක් කරන්න කියලා. මම වැඩ සටහන් දෙකක් හොදට සතියක් විතර අරගෙන සූදානම් වෙලා   ලැප් ටොප් එකට පවර් පොයින්ට් වැඩක් කරනකොට අත්‍යවශ්‍යම මීඩියා පොයින්ටර් එකකුත්  ගත්තා.  රුපියල් 4000ක් උනා ඒකට.. මමයි සල්ලි වියදම් කලේ. වැඩ සටහනට ගොඩාක් වියදම් කලා..
ගිය පාර කරපු එකට මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරු දෙන්නාට රුපියල් 15000 ක් දුන්නා  මම නිකං කීවා මට රුපියල් 4000ක් වියදම් උනා ඒකට ගන්න බැයිද කියලා. මොකද්ද කියලා අහලා කැප්ටොප් එක සම්බන්ධ නිසා ඒක කොලඹ අයි ටී මැනේජර්ගෙන් අහන්න අවශ්‍යයි කීවා. මම කීවා අවශ්‍ය නෑ කියලා.. පස්සෙ ආයෙත් කතා කරලා අහනවා මොකට හරි දාන්න බැයිද කියලා මගෙන් ඒ සල්ලි ගන්න.. මම කීවා ඔයා අතේ තමා ඒක තියෙන්නෙ .. එච්චරයි..

වැඩ කරපු එකාට මොකුත් නෑ...අතින් වියදම් කරගෙන වැඩේ කලා..
 වැඩ කරනවා බලන්න ආපු එවුන්ට ගමන් ගාස්තු කෑම වියදම් ඔක්කොම...

වැඩේ ඉවර උනාම නියමෙට කලා කීවා...
මට මෙච්චරක් වියදම් උනා කීවාම.. ම්හු.......


හැබැයි නන්දනීට රුපියල් 3000 ක් දෙන්න පුළුවන්. ගමගේ කියන පත්තර වාර්තා කරුට රුපියල් 1000ක් දෙන්න පුළුවන්..
වෙන කෙනෙක් වැඩේ කලා නම් 15000 ක් දෙන්න පුළුවන්.. මට දෙන්න බෑ
ඔන්න රෝහිතගෙ හැටි...



Wednesday, June 14, 2017


 මෙය ඉතා පැරනි ලිපියක්.. නමුත් මා එදා මෙය ආවේගයෙත් ලියූවද මෙහි පල කිරිමට අමතක වී  තිබී පසුව පල කලේය මෙය පාදක වන්නේ 2013- 2014  වකවානුවල මධ්‍ය කාලයයි.


අහිගුන්ඨිකයෙක් සමග මාස කිහිපයක්

ඇත්තෙන්ම මෙවැනි මාතෘකාවක් ගැන මාගේ සිතක වත් තිබුනේ නැති අතර, මා සිහිනෙකින් වත් නොසිතන පුද්ගලයෙක් මෙවැනි තත්වයකට පත්වීමට හේතු වූ කාරනා කටයුතු මේවනතුරු මටද සිතා ගැනීමට නොහැක. මොහුගේ සහේදර සහෝදරියන් විශාල පොහොසතුන්ය. ඉන් කීපදෙනෙක් සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවේ ය. ඔවුනුත් කරන්නේ එහි රාජ්‍ය සේවයේ ඉහල මට්ටමේ රුකියාවන්ය. මොහුගේ පිරිමි දරුවාද සිටින්නේ ද ඔස්ටේ‍්‍රලියාවේ ය. ගැහැණු දරුවා දැනට ලංකාවේ පරිඝණක ඉංජිනේරු විද්‍යාව හදාරයි. ඇයට අවශ්‍ය සියළු වියහියදම් ලැබෙන්නේ විදේශ ගත ඥාතීන්ගෙනි.
මොහු මෑතක සිට අන් අයගේ රුකියා පවා හෑල්ලූවට ලක්කරමින් වන් මෑන් ෂෝ ක‍්‍රියා කලාපයක් අනුගමනය කරයි. නමුත් මගේ පරිකල්පනයට අනුව තම වයස නිසා වෙනත් ස්ථානයක රුකියාවක් සොයාගැනීමට ඇති නොහැකියාවත් ලැබී ඇති නාමික තනතුරු නිසා පිම්බී ඇති පුහු  මාන්නයත් මෙම තත්වයට ඔහුව හෙලා ඇත.
සෑම  ව්‍යාපෘතියකටම අදාල පරිපාලන ඒකකයක් සහ එයට වෙන්කරන ලද යම් මුල්‍ය සංචිතයක් ඇත. එයින් පවත්වාගන්නේ අදාල ව්‍යාපෘතිය සදහා නේවාසිකව කටයුතු කරන්නාවූ සේවකයින්ගේ අත්‍යාවශ්‍ය පහසුකම් සලකා බලා ඔවුන් ලවා අදාල ව්‍යපෘතිය නිසි ලෙස කරවාලීම සදහා මෙන්ම වෙනත් අමතර පරිපාලන වියදම් සදහාය.
මෙහිදී අප ආයතනයේ ප‍්‍රධාන කාර්යාලය සිට මෙම ව්‍යාපෘති සදහා මුල්‍ය කටයුතු සහ වැඩසටහන් මෙහෙයවන්නන් විසින් හදුන්වා දෙන නවතම තත්වය වනුයේ අවම පහසුකම් පවා කපා දැමීමය. එයටම සරිලන ආකාරයට මෙම පුද්ගලයා එයට හැඩ ගැසී ඇති අතර මොහුගේ වැඩ පිලිවෙල නිසා අන් සේවකයන් හටදද එයටම හුරුවීමට පරිපාලනය පුරුදු පුහුනු කරවීම පුදුම සහගතය.
මෙහි තවත් විස්මය දනවන තවත් පැතිකඩක් ඇත. එනම් ආයතනයේ ප‍්‍රධාන පරිපාලය විසින් ව්‍යාපෘතියේ යම් යම්  අත්‍යවශ්‍ය කොටස්  සහ වෙනත් වියදම් කපා දැමීමට යම් අදහසක් ඉදිරිපත් කල වහාම එයට අවශ්‍යවන උපදෙස් සහ කැපීම කර ඒ මුදල් ආයතනයට ඉතිරි කර දීමට නොපැකිලව ඉදිරිපත් වීම සහ ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයන් ප‍්‍රශ්ණ කල විට ඒ කාරණය සාධාරනීකරණය කිරීමටද කටයුතු කිරීමය.
අප හට මනරම් නිවසක් ලැබී තිබේ. හොදකට ඇත්තේත් ආයතනයේ ගෞරවය ආරක්‍ෂා වී ඇත්තේත් ඒ නිවස තුල අප වෙසෙන නිසාම පමනක් බව කට පුරාම කිව හැක. ආඩම්බරකමකට ඇත්තේ එපමනය. අන් සියල්ල ගැන කීමට දෙයක් නැත. නමුත් නොකියාම බැරිය. ආහාර පිස ගැනීම සදහා ඇති ඇලූමීනියම් සාස්පානක් ම තේ සෑදීමට වතුර උනුකර ගැනීමට පාවිච්චි කරයි. ගෑස් වලින් ආහාර පිසීමට ලබා දී ඇති තනි දැල්ලේ ලිපේ ඇත්තේ අදාල වළද හෝ තාච්චිය රඳවාගැනීමට අවශ්‍ය රුඳවුම් තුඩු තුනක් පමනය. එපමනකට පරන ලිපක් අප හට නිවාස 100 ක ව්‍යාපෘතියක් සඳහා ලැබී ඇත.  දිනක උදෑසන තේ බීමට මා වතුර උනුකිරීමට ගත් උත්සාහයකදී එය පෙරලී කකුලට උනු වතුර වැටී දින 15 ක් පමන ඔත්පලව සිටීමටද සිදුවිය. නිවාඩු පමණක් ලැබින. මොකද වුනේ යන්න ඇසීමට කිසිවෙක් සිටියේ නැත. මාගේ මිතුරන් කිහිප දෙනෙක් විමසා බැලූ නමුත් ආයතනයේ පරිපාලනය උන්නාද මලාද ගැන සොයා බැලූවේ නැති බව සතුටින් ප‍්‍රකාශ කරන්නේ අප ආයතනයේ නාමයටම සරි ලන ආකාරයට ක‍්‍රියා කරන නිසාය. එම සිද්ධයෙන් පසු මා මාගේ අතේ ඇති මුදලින් විදුලි කේතලයක් රුගෙන ආ අතර කිසිදු හැල හොල්මනකින් තොර එයින් ප‍්‍රයෝජන ගනී.
මෙම පුද්ගලයා නම් මාගෙන් ඒ ගැන විමසූ අතර ඔහු ප‍්‍රකාශ කර සිටියේ ”මම ඔයාට කීවානෙ පරිස්සමට වතුර උනුකරන්න කියලා” ය. එය සැබෑවකි. මා මන්නාරමට ආ පළමු දිනම ඇසූ ප‍්‍රශ්ණය වූයේ තේ සෑදීමට විදුලි හීටරයක් ගන්නේ නැද්ද? ඔහු පැවසුවේ දිනක් එය වතුර රත් කිරීමට ප්ලග් කලාට පසු ආ දුරකථන ඇමතුමකට සම්බන්ධ වී අපසු එනවිට අදාල වතුර බාජනය සහ හීටරය එකම  උනු ප්ලාස්ටික් ද්‍රවයක් වී තිබූ බවයි. එයට විකල්ප ක‍්‍රමයක් ලෙස  ඔහු වතුර උනු කිරීමට යොදා ගත්තේ බත් පිසීමට බාජනය වේ. එහි භයානක කම ගැන මට ඒ අවස්ථාවේ කරුනු පැහැදිලි කල අතර වෙනත් ක‍්‍රියා මාර්ගයක් කරා අවතීර්න වූයේ නැත.
කාර්යාලයද තිබෙන්නේ මෙ නිවසේය. එහි ඇත්තේ කුඩා ම ප‍්‍රමානයේ මේස දෙකක් පමණි. පරිඝණක මේසයකටත් වඩා ඉතා කුඩා මෙම මේස උඩ තබන්නට හැක්කේ ෆයිල් ගොඩවල් දෙකක් පමණි.
ඇඳක් ඇත. ඇත්තේ කුඩාම මදුරු දැලකි. එය අදාල ඇඳට දැමීමට ඉතා අහසුය.
මේ දිනවල දහවල් 12 පසු වර්ෂා සහිත කාලගුණයක් පවතින නමුත් අප හට කුඩයක් නොමැත. අවශ්‍යකරන දෙයක් හෝ ආහාර සදහා යමක් ගැනීමට කඩමංඩියට යාම උගහටය. ඇත්තේද එක් යතුරු පැදියක් පමනි. ඔහුට යතුරු පැදි පැදවීමට හැකියාවක් ද නැත.
මොහු ආහාරයට ගන්නේ සීමිත වර්ග කිහිපයක් පමණි. පරිප්පු අල තක්කාලි බොම්බයි ළුනූ සහ හාල්මැස්සන් වේ. අප සමග සේවය කරන දෙමල සගයා බිත්තර කිහිපයක ඉදහිට ලබා දෙන අතර ඒවා තම්බා ආහාරයට ගැනීමටද ප‍්‍රියතාවයක් දක්වයි. ඇති සෑම කෙටි ආහාරයක්ම හැකි පමණ වේගයෙන් කුසට යවා ගැනීම මොහුගේ විනෝදාංශයයි.
අපහට තිබෙන්නේ එක පාන් කපන පිහියක් පමනි. එය බහු කාර්ය පිහියක් බවට පත්්වී තිබේ. එළවළු කැපීමද කරවල සහ අනිකුත් සියල්ල මෙන්ද වත්ත පිරිසිදු කිරීමේදී අතු රිකිලි කපා දැමීම සඳහාද මෙම පිහිය ප‍්‍රයෝජනයට ගනී. එහි සුමට භාවයක් දැන් නැත.
මේ පුද්ගලයාවද අප ආයතනය එලෙසම ප‍්‍රයෝජන ගනී. ඇත්තෙන්ම ඔහු ඉදිකිරීම් සම්බන්ධව මනා දැනුමක් ඇත. ඒ සඳහා දෙන මූලික වැටුප අදටත් ඔහු හිමිකාරීත්ය ලබයි. නමුත් එයට අමතරව වෙනත් කේෂේත‍්‍ර වල වැඩකටයුතුද ඔහුට පැවරීමේදී නොපිරි හෙලා ඒ වගකීම්ද තම පරම යුතුකම් සේ තමන් සතුු මුදලින් වියපැහැදම් කර ආයතනයට ඉටු කර දෙයි. අද මන්නාරමේ නම් හෙට ගාල්ලට යන්න කී විට රාත‍්‍රිය පුරා ගමනේ යෙදී හෙට දින ගාල්ලට ගොස් ඒ වගකීම් ඉටුකර එදින රාත‍්‍රියේම ගමන් කර පසුදින කොළඹ ප‍්‍රධාන කාර්යාලයට වාර්ථා කරයි. නමුත් ලැබෙන්නේ අර සොච්චම් වැටුප පමණි. ඉංජිනේරුවරයාගේ කටයුතු මොහු කරන නිසා ආයතනයේ එම රුකියාව අදන නැත. සම්පත් කළමණාකරුවන් හට වාහනයක් දී තිබෙන නමුත් මොහුට කිසිත් දී නොමැත. නමුත් ඒ තනතුරේ සියල්ල කරන්නේ පොදු ප‍්‍රවාහන පහසුකම් උපයෝගී කර ගනිමින් හෝ තව කෙනෙකුන් සමග යතුරු පැදියක යමින්ය. මොහු බාර ගන්නා සෑම වෘත්තීයකම ඇති ගරුත්වය අද දින බල්ලාට දමා ඇත.  තමාට හැකිදේ නොහැකි දේ තෝරා බේරා නොගෙන දෙන සෑම සහ ඉල්ලා ලබා ගන්නා දේවල්ද කරන්නේ අන් අයගේ වෘත්තීයන් පවා අනතුරේ හෙළමිනි.
ආයතනයෙන් මන්නාරමට අන්තර්ජාල පහසුකම් සදහා (විද්යුත් තැපෑල* ඩොන්ගලයක් දී ඇති අතර එය තුලින් මොහු තම විදේශගත ඤාතීන් සමග ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ දිනකට පැය කිහිපයක් කතා කරන අතර අන් කිසිවෙක් හට එම පහසුකම ලබාදීමට ඔහු වෙහෙස වන්නේ නැත. අවම වශයෙන් මාගේ පරිඝනකයට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ප‍්‍රවේශය සාදා ගැනීමට මා හට මාස දෙකකට වඩා කල්මැරීමක් සිදු විය. එය ද යම් ආකාරයකින් මාගේ තීක්‍ෂණ කම නිසා සිදු විය. එයට මොහුගේ එතරම් කැමැත්තක් තිබුනේම නැත. එය මාගේ පරිඝණකයට බාගත කල පසුවත් මා හට ඩොන්ගලය ද ඉල්ලීමට පමනක් ලබා දෙයි. එය තමාට ඇති පෞද්ගලික වරප‍්‍රසාදයක් ලෙස සිතන බවක් මා හට පෙනී යයි.
එමෙන්ම අප ඉදිරියේ ඔහු තම විදේශිය ඤාතී සමූහයා සමග පැය ගනන් සතුටු සාමීචියේ යෙදී සිට පසුව මා හට ප‍්‍රකාශ කරනුයේ ” මේ සෙල්ලම කරන්න ගියොත් ආය මට වැඩ කරන්න හම්බ වෙන්නෙ නෑ. ආයෙ එහෙම මම මේ විදිහට කතා කරන්නෙ නෑ” යනුවෙනි. මා ඒ සම්බන්ධව ඔහුට කිසිදු මතයක් මේ වනතෙක් ප‍්‍රකාශ කර නොමැත. නිතරම ඔහු අන්තර්ජාලය විවෘතව තබා ගෙන ඇත. පැය 24ම හැකි නම් එලෙස තබා ගැනීමට ඔහු පැකිලෙන්නේ නැත. ඔහුගේ නිවසේද 24 පැයම විවෘතව ඇති පරිඝණක පද්ධතියක් ඇත. එයට අමතරව මෙම ආයතනික ඩොන්ගලයද නිවසට රුගෙන ගොස් එසේම පාවිච්චි කරයි. මා හට අවම වශයෙන් මාගේ ආයතනික විද්යුත් තැපෑල පරීක්‍ෂා කිරීමටත් මොහුගෙන් ඉල්ලීම් කල යුතුය. මා එසේ කරන්නේ නැත. ලැබුනොත් බලන අතර ඉල්ලීම් නොකරයි. ඒ අප කුඩා වුන් නොවන නිසාය.
යම් ඉදිකිරීම් ව්‍යාපෘතියක අදාල වියපැහැදම් ඉතා අවම වනසේ සකසා මුල්‍ය වාර්තා සකසන මොහු එම වාර්තාවෙන්ද තවත් අත්‍යාවශ්‍ය අයිතම කපා හරිමින් ආයතනයට සරි ලන ලෙස තම කීකරු කම ප‍්‍රදර්ශනය කරනුයේ ආයතනයේ ඉහල බලාධිකාරියේ සුවච කීකරු ගෝලයා සේ පෙනී සිටිමින්ය.
මොහු ආයතනයේ ඉහල බලාධිකාරියට දෙන පනිවිඩය මාගේ මනසට ගෝචර වන ආකාරයනම් මෙසේය. මට වයස 62 වුවාට මා ඔබ කියන ලෙසට වැඩ කිරීමට සූදානම්ය. මා අන් අය ලෙස නොව ඔබේ කීකරු සේවකයාය. මා කරන්නේ ඔබ ට අවශ්‍ය දේ පමණි. මා හට දෙන වැටුප සෑහේ. මම තවත් කල්ප කාලාන්තරයක් මෙලෙස කිරීමට සූදානම්ය. මෙය ඔහුගේ පනිවුඩයයි.

මේ පනිවුඩයට අප ආයතනයේ පාළනාධිකාරිය මහත් සේ ඇලූම් කරන අතර ඒ තුලින් අපවද දඩයම් කරයි.

අපේ පනිවුඩය වන්නේ කුමක්ද?



ඒක ඒ සතා ලබා උපන් හැටි ඔයා උනත් ලබන ආත්මේ ඒ වගේ වෙන්න පුලුවන්...ඔයාට ඒ සතා කැත උනා කියලා ඒ සතාව ඝාතනය කරන්න අයිතියක් කොහෙත්ම නෑ අයියේ.. "නංගි අන්න කැරපොත්තෙක් මං ඌව මරලා එන්නම් කියලා..ෆෝන් එක තිබ්බා..
ඒ තප්පර පහට ඔයා ඝාතනය කලා..අඩුම ලෝකෙට වත් ඔයාට වත් කරදරයක් නැති අහිංසක සතෙක් ව..ඌ කරපු වරද කැතට ඉපදුන එකද.. කැතයි කියලා ජීවිතයක් නැති කරන්න පුලුවන්ද... ඌ මොනවද ඔයාගේ කෑවේ.. ඌ විතරයි කිව්වා නේද ඉන්නෙත්..ඔයා හරි ලස්ස්න කෙනෙක්ද
ඔයා කැතයි කියලා කවුරු හරි ඔයාට පොල්ලකින් ගහලා මැරුවොත්..ඒක ප්‍රජාතන්ත්‍රවාදී ද..කවුද ඒ අහිංසක සතාගේ යුක්තිය වෙනුවෙන් කතාකරන්න ඉන්නේ..අයියේ ඒ ප්‍රාන ඝාතනයක්..මොන ආගමේ විදියට උනත් ඒක ඔයාට විදින්න වෙයි...
පොඩි කැරපොත්තෙක් මැරුවා කියලා ඔයාට හිත හදාගන්න බෑ
ඌ වෙනුවෙන් ඒ අහිංසක ජීවිතය වෙනුවෙන් හිමිකම් තියෙද ජනාධිපති කොමිශන් තියෙද..ඔයා උදේට කොස්සෙන් එහාට විසිකලාම ජීවිතයක් ඉවරයි.. ඇත්තටම ස්වබාදර්මයා ගේ ඇතුලේ පිනට ජීවත් වෙන ඔයාට ඒකේ ජීවත් වෙන ඔයා වගේම තව කෙනෙක්ව ඝාතනය කරන්න අයිතියක් නෑ..ඒක අමුම අමු පාපයක්...
..සමහර විට ඌ එනකම් උගේ අම්මා තාම බලාගෙන ඇති..තමන්ගේ පුතා මග මරලා දාලා කියලා ඌ දන්නෙ නැතුව ඇති..මග ලොකුවට අම්මලා බලන් ඉන්න අතරේ මරපු ටයර් වල පුච්චපු ජීවිත ගැන අකුරු කරන ඔයාලා ඇයි මේ අම්මා ගැන නොසිතන්නේ..මිනිස් ජීවිතයක් නොවුන නිසාද..මිනිස්සුන්ට විතරද ජීවිත තියෙන්නේ...
උදේම අරනායක ගියා... එහෙ හදපු ගෙවල් විවෘත කරන්න .. රෝහිත  මාව එක්කාගෙන ගියා ගෙබා නැති නිසා... ගිහින් පෙනී හිටියා.. ලොක්කා එන්න කීවානෙ.. ඒ නිසා ගිය වාහනේටම එහෙ වැඩ කරපු සවල් උදලු වීලි බැරෝ දාගත්තා... එහෙමම ආවා හෙල්බොඩ.. එහෙ මම පොටෝ ගත්තා මේ යකා බොරුවට කැරකුනා කතා කලා  පස්සෙ මගෙ කැමරා එක අරගෙන ලොක්කා වාගෙ පොටෝ ගත්තා.. එහෙ වත්තෙ කළමණාකාරවරයා ලෑස්ති කරපු රුස්වීමවලට හූමිටි තිබ්බා ඌන පූරන ලෙස මොනවා හරි කියපු දේවල් අනුමත කලා.. ආවා..

මම දැන් උයන්න අවශ්‍යයයි.. නැත්නම් මගෙ පැවැත්මත් ඉවරයි.. අද බොන්න තමා හිතුවෙ දෙන්නාම.. මම වැඩේ අත හැරියා.. මොකද මමනෙ ඔක්කොම කරන්න අවශ්‍යය. බෝතලේ ගේන්නත් මම .. බයිට් එක හදන්නත් මම.. කෝප්ප
පකයා වෙන එකෙත් සීමාවක් තියෙන්න අවශ්‍ය නිසා මට ඔලුව කකියනවා කියන සම්මප්ප‍්‍රලාපය තමා මෙතන වැඩ කරන්නෙ...
හොදන්නත් මම...උයන්නත් මම... එතකොට මෙයා... .....

Tuesday, June 6, 2017

 සරත් මහතා මාතලේ සිට අද මා හට කතා කලා
පසුගිය දිනක එඞ්වර්ඞ් මහතා සහ රෝහිත මහතා සවස නවරත්නගොඩ රුස්වීමක් ඇමතීමට පැමින ඇති අතර එහිදී සරත් මහතා මෙතෙක් කල් සිදුවූ වැඩවල ප‍්‍රගති සමාලෝචනයක් ඉදිරිපත් කර පසුව මෙතෙක් නිම කල වැඩ ගැනද ඇතිවී තිබෙන ප‍්‍රශ්ණ අඩුපාඩු ගැනද කතා කර ඇත. එඞ්වර්ඞ් මහතා කෝපයට පත්ව තදින් ඔවුන් අමතා ඇති අතර  මෙවැනි ආකාරයක් ගැන දන්නේ නම් මේ ව්‍යාපෘතිය මෙම ගමමානයට ලබා නොදෙන්න තමා කලින් පියවර ගන්නා බවද එය කිරීමට නොහැකි වීම ගැන මේ මොහොතේ කනගාටුවන බවද පවසා ඇත.
එවිට සරත් මහතා ඔබලා එලෙස කතා කරන්නෙ ග‍්‍රාම සංවර්ධනය කරනා ආකාරය නොදන්නා නිසා බවත් ඔබලා කොළඹින් ආවා කියා ඔබලා කියන කියන දේ කිරීමට අප එකග නැති බවත් ගමට හරිදේ පමනක් කරන්නට ගම් වැසියන් වශයෙන් අප සූදානම් බවත් ප‍්‍රකාශ කර ඇත.
ගම්මුන්ගෙන් කිසිදු සහයෝගයක් ලැබුනේ නැති බව එඩා කී පසු සරත් පවසා ඇත්තේ එය බොරුවක් බවත් මේසන් වරයාගේ වැඩ කිරීම් වලදී  ගම්මුන් අදාල දායකත්වය සපයා ඇති බවත්ය .
අවසාන වශයෙන් එඩා ප‍්‍රකාශ කර ඇත්තේ අදාල ජල ව්‍යාපෘතිය සදහා ගමෙන් මුදල් දායකත්වයක් නොලැබෙන්නේ නම් මෙය වසා දැමීමට තමා පියවර ගන්නා බවයි.
ඔහු අසන්නේ මෙයද හැබිටාට් ආයතනයේ ග‍්‍රාම සංවර්ධනය හෝ ප‍්‍රජා සංවර්ධනය කරන පිලිවෙල කියාය.
ඇත්තෙන්ම ඔහුගේ ප‍්‍රශ්ණය වෙනුවෙන්  මගේ පැත්තෙන්ද අසන්නට යමක් තිබේනම් එයම වේ මෙහෙමද ග‍්‍රාම සංවර්ධනය හෝ ප‍්‍රජා සංවර්ධනය කරන පිලිවෙල කියාය. මේ වැඩසටහන් නිළධාරිවරයාගේ සුදුසුකම් අතර ඇති මේ විස්තරය අමූලික බොරුව බව වැටහෙන්නේ මට විතරද 






Qualification and skills
·       Degree /Diploma in community development/
·       Ability to speak English and sinhala and understanding of Tamil
·       5 year experience in Social development /Community development in International or National NGO
·       Knowledge of Program implementation and monitoring and evaluation
·       Prepaeration of project proposals/ budgeting and report writing
·       Basic knowledge of constructions
·       Computer literacy- Word/excel/ powerpoint
·       Good analytical skill
·       Ability to motivate the people
·       Interpersonal skills
·       Willingness to travel
·       Team player
 එඞ්වර්ඞ් ගෙ සුදුසුකම් මේවා තමා කියලා හැම තැනම ලියලා තියෙන්නෙ හැබැයි මේ සම්බන්ධව එක් සහතිකයක් වත් නෑ ලිපි ගොනුවෙ. තියෙන්නේ අ පො ස උ පෙ යන්තමට ගා ගත්ත සහතිකයයි පූජකවරය ලැබුනාම ලැබෙන සහතිකයයි විතරයි 
මම ඊයෙ කොළඹ මෙතෝදිස්ත මූලස්ථානයේ ඔඩිටෝරියම් එකේ පරිසරය ගැන වැඩසටහනක් කලා... ඒකෙ විස්තරයක් මම අපේ කාර්යාලයේ දිනේෂ මහතාට යැව්වා.. ඒක ගැන පොහොම හොද කියලා එයා ඒකම සියළුම කළමණාකරුවන්ට නැවතත් හරවලා මේල් කරලා තිබුනා.. ක්ලැරන්ස්  සහ මෙලිෂා මට සුභ පතලා තිබුනා.. අද එඩ්වර්ඩ් අහනවා රෝහිත ගෙන් මම නිවාඩු දාලද ඒකට ගියෙ කියලා.. රෝහිත කියනවා කොළඹ කාර්යාලයේ සමහරු බලන්නෙ වැරුද්දක් හොයන්න කියලා..
මම නම් දන්නවා එහෙම හොයන්නෙ කවුද කියලා... එඩා විතරයි මගෙ කොනක් අල්ලන්න බලන් ඉන්නෙ.. වෙන කවුරුත් නෑ.. එක දවසක් එය නාකියා එක්ක මම හරි ගම්පොල ඉදන් එනකොට මම කීවා මම අද කොම්පියුටර් පංති යනවා මාව මගින් දාන්න කියලා.. මේකා හාර හාර මොන තරම් දේවල් ඇහුවද කොම්පියුටර් පංතිය ගැන..
මෙහෙම බල්ලොනෙ අපිත් එක්ක ඉන්නෙ ..
තමන්ගෙ නොහැකියාව වහ ගන්න වැඩක් කරන එකාගෙ කුණු හොයන්න විතරයි මූ දන්නෙ.. ඇත්තටම මෙහෙම උනුත් එක්ක මෙච්චර කාලයක් මම බේරිලා හිටපු එකම ලොකු දෙයක්.. මේක රෝහිතට තේරෙන්නෙ නෑනෙ..



Monday, May 29, 2017

අද රෝහිතයි මහේෂුයි කොළඹ ගියා... ඉන්ඩියන් එම්බසියෙ රුස්වීමක්... එයාලට.. මම වෙනදා වාගෙම ගම්පොල කාර්යාලයේ මගෙ වැඩක් පලක් කරගෙන හිටියා... රෝහිත කතා කලා දවල් . ආයෙත් කතා කලා රැු හෙට මාත් එක්ක මහේෂ්  යනවාලු පුස්සැල්ලාව බෝඩ් එක බලන්නයි.. අලුතින් සයිට් එකේ ප්ලෑන් එකත් එක්ක තවත් බෝඩ් එකක් අදින්න අවශ්‍ය නිසා ඒක මහේෂ් කරනවාලු...
මමත් එකක් ඩිසයින් කලා... ඒ උනාට මගේ ඒවාට කවදත් තැනක් නෑ.. ඒ උනාට මම මේක ලොක්කට එහෙම දානවා.. බලමු.. උන් මහේෂ්ට තැන දෙනවා වාගෙම මේවා අපිටත් කරන්න පුලුවන් කියලා එකෙක් හරි ඔලුව තියෙනවානම් හිතයිනෙ..

Wednesday, May 24, 2017

සරත් මහත්තයා අද කතා කලා
 සදුදා රුස්වීම සෙට් කරලා
මෙයාලා 11 වෙනකනුත් නැල්ලූ
පස්සෙ රෝහිතට සරත් කෝල කරාම කීවලූ අද රූට එන්නෙ කියලා
එතකොට කට්ටිය ගිහින්
ටික වෙලාවකිත් මෙන් දිනේෂ් රෝහිත මහේෂ් ඇවිත් ටැංකිය බලලා ගිහින්
ගෑනු කෙනෙක් විතරක් අහලා අපිට ගෙවල් දෙනවා කීවා කෝ ඒ ගෙවල් කියලා
 ඒක රෝහිතලා මගඇරවලා ෂේප් කරලා
   නමුත් දිවේෂ්ට ඇහෙන් ඇතිලූ
පස්සෙ එයාලා ගිහින් බන්ඩාරපොල ශාන්තගෙ ගෙදර
ශාන්තට රෝහිතයි මහේස් දෙන්නා දිනේෂ ඉස්සරහාම තගක් දාලා
 ශාන්ත කියලා මෙයාලා ඔයා ඉස්සරහා ඔහොම කතා කරනවානම් නැති තැන කොහොම කතා කරලා තියනවද කියලා ඔයාට හිතාගන්න බැරිද
 කතා කරන්නවත් දන්නෙ නැති අයද මේ වාගෙ වැඩ කරන්නෙ
 අර නන්දනී කියන ගෑනියි මේ ගමේ බාස් කෙනෙකුයි මට කොච්චර අපහාස කලාද
මේ ඔක්කොම එකයි කියලා 
ලොක්කා මහේෂ්වයි රෝහිතවයි වාහනේ දාලා ආයෙත් ඇවිත් කතා කලාලූ ශාන්ත එක්ක
ශාන්තට පෝන් නොම්මරයත් දීලා කතා කරන්න කියලා
ශාන්ත කීවලූ කට්ටියම ඉස්සරහා රෝහිතටයි මහේෂි්ටයි පුලූවන්නම් තනියම ඇවිත් ව්‍යාපෘති කරන්න කියලා


Monday, May 22, 2017


අද 19
මාතලේ සරත් පොලිසියෙ කතා කලා. රෝහිත කීවලූ 22 ගමේ රුස්වීමක් කැදවන්න වැසිකිලි හැදුන අය විතරක් එක්ක කතා කරන්න දිනේෂ් එනවා කියලා. බැගෑපත් ආකාරයට කතා කරපු නිසා පොඩි සැකයක් තියෙනවා කියලා මට කීවා. මම කීවා මම නම් මේවෙනකම් දන්නෙ නෑ. මොකද මම හැමදාම කියන එකම බය නැතිව කියන්න පුළුවන්. මට මේ අය ඔය මොකුත් කියන්නෙ නෑ. මට මාතලේ එන්න දෙන්නෙත් නෑ. ඔච්චරයි. මට නම්  හිතෙන්නෙ මොකක් හරි ජල්තරයක් වෙලා වාගෙ. මුං දෙන්නා වැඬේ අනා ගත්ත. මෙච්චර කට්ටක් කන්න උනෙ ඒකයි. මගෙන ඇහුවා මේක කරන්න දන්නවද කියලා කොලඹදි එඩා යි රෝහිතයි. මම කීවා දන්නවා කරලත් තියෙනවා  සුලූ දෙයක් කියලා. එදා ඉදලා නන්දනී එක්ක තමා හැම දෙයක්ම කලේ. මගෙත් එක්ක ආයෙත් ව්‍යාපෘතිය ගැන තියා මාතලේ ගැනවත් කතා කලේ නෑ. ඔක්කොම නන්දනී එක්ක තමා කලේ. ගමත් ඉවරයි. සමිතියත් ඉවරයි. ව්‍යාපෘතියත් ඉවරයි. පිටරට ඔඩිට් එක ආපු වෙලාවෙ ගෙවල් තෝරා ගත්තෙ කොහොමද කියලා කියන්න බැරි උනා. එක ලිපිගොනුවක් වත් තිබුනෙ නෑ. පස්සෙ ඔක්කොම රෝහිත ගම්පොල හැදුවා. මම දින ලීවා අත්සන් කලා . ඔන්න සමාජ සුභසාධනය.


21දා




1st
මහේෂ් කතා කලා හවස. අප්සෙට් වාගෙ හෙට දිනේෂ් එන එක. කතාව යන්නෙ හරි වෙලාවට ඉදි කිරීම් ටික නූනෙ මහේෂ් නිසා කියලා දිනේෂ් මහේෂ් ගෙ මූනටම කියපු එක. මම කීවා ඔයාට ටයිම් ලයින් එකක් දුන්නා නම් ඒකට තමා ඉවර කරන්න  ඕනා කියලා. එහෙම කිසි දෙයක් කීවෙ නැහැල්ලූ එඩා. හිමීට කරමු පස්සෙ බලමු කිය කියලූ හිටියෙ. මම කීවා ඔයා ඒකම කියන්න දිනේෂ්ට කියලා.


2nd
එඩා කීවලූ ඔයාවයි චානකවයි තමා මම ඉන්දියාවට යවන්න හිටියෙ. ඔය දෙන්නටම කැපිල්ල ආවා. මම නම් ඔයා බේරා ගත්තා. චානක වෙනුවෙන් කවුරුත් හිටියෙ නෑ. එයාව කපලා ඞීසන්වයි ප‍්‍රගීත්වයි දැම්මා.   මම කීවා පට්ටපල් බොරුවක්  ඕකගෙ. මහේෂ්  කියනවා එඩා එහෙම නෙමෙයිලූ. මේ හරකට මට අනිත් අය කියපු එක කීවොත් ඒක ආපිට එඩාටම කියලා එඩයි මූයි දෙන්නම කපයි මාව . මම කීවා මම පස්සෙ කතා කරන්නම් කියලා. එඩා වගේ දෙපිට කාට්ටුවෙක්. අනේ අම්මේ මූ පූජකයෙක් වෙලාත් හිටියනෙ.