Tuesday, June 11, 2013

   

ශ‍්‍රි ලංකාව පොහොසත් ස්වභාවික සම්පතින්ද, ඊටම නොදෙවෙනි දියුණු මිනිස් සම්පතින්ද ආඪ්‍ය රටකි. නොයෙකුත් පර සතුරු උවදුරුවලට අභිතව මුහුන දුන්, ස්වාධිනත්වයේත්, ආර්ථික සෞභාග්‍යයෙත්, සංස්කෘතික විචිත‍්‍රත්වයේත් ඉතිහාසයක් එයට ඇත. නමුත්, බටහිර අධිරාජ්‍යවාදින්ට පරාධීනව ගෙවු සියවස් හතරකට පසුව ලැබු නිදහසින් අවුරුදු හැටක් ගතවු පසුව, තවමත් එ් ඉපැරණි සෞභාග්‍යය තබා අන්ත දරිද්‍රතාවයෙන් ගොඩ එන්නටත්වත් එයට හැකි වි නැත.

ජනගහනයෙන් සියයට හැත්තැවක් වෙසෙන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළය. මේ එකම දර්ශකය පමණක් වුවත් රටේ දුක්ඛිත තත්වය පැහැදිලිව පෙන්වන්නට එය සෑහේ. මේ දිළින්දන්ගේ තත්වය ටිකෙන් ටිකවත් දියුණු වන්නේ නැත. ඔවුන් දිනෙන් දින දිළිදු වන අතර ධනවතුන් දිනෙන් දින ධනවත්  වේ. නිතිපතා වර්ධනය වන ආදායම් බෙදි යාමේ විසමතාවය කියා පාන්නේ එයයි. ආර්ථික සංවර්ධනය රටක සංවර්ධනයේ අඩි තාලමයි. එය පදනම් කොටගෙනය සමාජ සාධාරණත්වයත් සංස්කෘතික සහජිවනය හා විචිත‍්‍රතාවයත් ඇති කිරිමට කටයුතු කළ හැකි වන්නේ. මේ සරළ සත්‍යය තේරුම් ගැනිමට අපහසු එකක්ද? කිසිසේත්ම නැත. එසේනම් එය තේරුම් ගත් අයුරින් ද පසුගිය අවුරුදු හැට තුළ අප කටයුතු කොට ඇත්තේ? නැත, කිසිසේත්ම නැත.

ආර්ථික වෘර්ධිය ඇති කර ගැනිම සදහා විසදුම ලෙස අත්‍යන්තයෙන්ම බොළඳ සිංගප්පුරු සිහිනය අටවා ඇත. එ් අතර ජාතික ආදායමෙන් වැඩි පංගුවක් උපයා ගැනෙන්නේ ජාතියේ දියණිවරු මැදපෙරදිග අනේක විධ පිඩා පතා කඹුරන්නට සැලැස්විමෙනි. පිරිමින් ලැජ්ජා විය යුතු තත්වයක් නොවේද?
 මෙය, අපේ මුතුන් මිත්තන් දැනගෙන සිටියානම් ඔවුන් අපට සාප නොකරාවිද ?
අපේ මව්වරුන්ගේ සොයුරියන්ගේ බිරින්දන්ගේ දැරියන්ගේ කදුළු පිස දැමිමට ඔවුන් සතුටින් තැබිමට සමත් වි තිබේද අප ?
නැත. ඔවුන්ගේ විලාප ලතෝනි වැළපුම් ඉකිබිදුම් අඩු වි තිබේද  මේ රටේ?
ලැජ්ජා විය යුතු නොවේද අප ?
ඔවුන් සතුටින් තබන්නේ නැතිව පවුල් ගොඩ ගත හැකිද ?
ජාතියේ දරුවන් ?
පෙරදිග ලෝකයේ මුතු ඇටය ලෝකය දැන් දන්නේ ළමා කාම පාරාදිසයක් ලෙසය. අපේ දරුවන් කාමයට විකුණන දින ජාතියක් බවට පත්වි නොතිබේද? අප
ලැජ්ජා විය යුතු නොවේද ? ළමා මන්ද පෝෂණය දිනෙන් දින උග‍්‍ර වෙයි. දරුවන්ට කන්ට දිය නොහැකි ජාතියක් බවට පත්වි නැතිව අප?
ලැජ්ජා විය යුතු නොයේද? ජාතියේ අනාගතව සුරක්සිත කිරිමට යැයි සලකා අධ්‍යයාපනය නම් හබකක් අටවා කෙළ කප්පරක් උපදෙසුත් මුළු ලෝකයේම ඇති කුනු කන්දල් දරුවන්ගේ ඔළුගෙඩි තුළට වත්කෙරේ.
ඉංග‍්‍රිසියත් උගන්නන්ට වලිකමු. අවරුදු දහතුනක්ම උගන්වාත් ඉංග‍්‍රසිිය තබා මව්බසවත් නිසි පරිදි හසුරුවන්නට අපේ දරුවන්ට හැකිවි තිබේද?
මේ අධ්‍යයාපනය හරහා අපට මව් බස උගන්වන්නට බැරි කල අනෙක් විෂයයන් ඉගැන්විම ගැන කියනුම කවරේද?
 ලැජ්ජා විය යුතු නොයේද අප ?
ඉතින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වන්නේ කෙලෙසද?
දරුවන්ගේ අනාගතය සුරක්ෂිත නොවි රටේ අනාගතය සුරක්ෂිත වන්නේ කෙලෙසද?

එ් හැර තවත් කුමක් කැරේද ? වැදගත්ම දේ හැර අනෙකුත් සියළුම දේ කැරේ. වැදගත් දෙයට හැර අනෙකුත් සියපුම දේට වියදම් කෙරේ. වැදගත් කරුණු හැර අනෙක් සියළුම කරුණු සාකච්චා  කැරේ. වැදගත් දෙයම හැරුනු විට අනෙක් සියලූම දෙයට මහන්සි ගැනේ. ලංකාවේ සමස්ථ ආයතන පද්ධතියේම හරස් කඩක් මේ දැක්වුයේ. නාස්තිය දුෂණය රජ කෙරි ඇත. ටෙන්ඩර් මගඩි දුෂණ වංචා පගා ගැනිම් වැහි වැහැලාය. උදේසිට සවස් වන තුරාම ධර්මයම කන තුලට වත් කරලාත් අධර්මයම රජ කෙරි ඇත. මිනිස්කම මරා දැමේ. කාන්තාවන්ට මහ මග තනියෙන් යන්නට බැරිය. දැරියන් දුෂණය කෙරේ. දරුවන් හොදින් සාදා ගන්නට පරිසරයක් නැති බව පමණක් නොව ඔවුන් බේරා ගන්නටත් මහත් වෙහෙසක් දරන්ට සිදුව තිබේ. නිති ගරුක මිනිසුන්ට ජිවත් විය නොහැකිය. අහිංසක මිනිසුන් බලපුලූවන් කාරයන්ට යටත් වි ජිවත් විය යුතුය. විරුද්ධ වෙන්ට බැරිය.එසේ වුවහොත් නැති කරදර ඇතිවේ. ජිවිතය කෙටි වන්නට පුලූවන. කිසිවෙකු කිසිම වරදකට විරුද්ධ වන්නේ නැත. ජාතියේම කොන්ද කඩා දමා තිබේ. මුලූ මහත් ජාතියම ඉන්නේ සතුටින් නොවේ. කදුලූ පමණය, සිනහ නැත. අවිශ්වාසය පමණය ,විශ්වාසය නැත. මරණය පමණය. අර්ථවත් ජීවිත නැත.

x    ඇති තරම් ස්වබාවික සම්පත් තිබේ.
x    ඇති තරම් මිනිස් සම්පතුත් තිබේ.
එක් එක් ක්ෂේත‍්‍රවල උගතුන් බුද්ධිමතුන්  ඕනැතරම් සිටි. රටක් දියුණු කරන්නට උවමනා වන්නේ මේ ප‍්‍රධාන සාධක දෙකයි. එනම් ස්වභාවික සම්පත් හා මිනිස් සම්පත්ය. සමාජ සාධාරනත්වය ඇති කරන්නට උවමනා වන්නේත් මේ ප‍්‍රධාන සාධක දෙකයි. ස්වභාවික සම්පත් නැතිව මිනිස් සම්පතින් පමණක් දියුණු කෙරුනු රටවල්ද  ඕනා තරම් තිබේ. එ් දෙකම යහමින් ඇතුවත් අපට දියුණු වන්නට නොහැකි වී තිබේ. සමාජ සාධාරණත්වය ඇති කරන්න්ට නොහැකි වි තිබේ. සංස්කෘතික දියුනුව ඇති කරන්නට නොහැකි වි තිබේ. අවුරුදු 60 ක් තිස්සේම අප දැන් බකන් නිලාගෙන සිටිමු. අපට සතුටු විය හැකි වර්තමානයක් නැත. අනාගතයකුත් නැති බව සහතිකය. එසේ නම් ජිවත් විමේ ඵලය කුමක්ද? එක වැඩක් කල හැකිය. එ් අතිනුත් අප වාසනාවන්තය. රට වටේටම මුහුද තිබේ. එයින් වැඩි වැඩක් ගන්නේත් නැත. සියළු දෙනාම අත් අල්ලාගෙන මුහුදට පනිමු. දරුවන් මුලින්ම තල්ලූ කර දමමු. අනාගතයක් නැති දිවයිනේ ඔවුන් තනි කර දමා යාමට හිත හදා ගන්නේ කෙලෙසද ? එ් නිසා ඔවුන් කලින්ම තල්ලූ කර දමමු. ඊට පසු අපි පනිමු. මේ විදියට ජිවත් විමට වඩා නම්බුකාර නොවේද මුහුදට පැන මිය යාම ? අද අපේ අසරණ මව්වරු කර කියා ගන්නට දෙයක් නැති වු තැන අනාගතයක් නැතැයි පෙනුනු කල එය නොවේද කරන්නේ? දරුවන් පළමුව ගඟට මුදට හෝ ලිදට දමා තමනුත් එයටම පැන මිය යාම? එ් නිසා මැරෙමු. මුහුදට පැන මැරෙමු.

හා, හා, නවතින්න !  එවිටම අපට ඇසෙනු ඇත. ආණුඩුවේ මහත්වරුය. මදකට නවතින්න. තව ටිකක් ඉවසන්න. යුද්ධය අවසන් වීය. වහාම අපි රට සුඛිත මුදිත කරන්නෙමු. එයිට අප අතරින්ම මෙසේ ඇසෙනු ඇත. අවුරුදු හැටක් ඉවසපු එකේ ඔන්න ඔහේ තව ටිකක් ඉවසමු. වෙන මක් කරන්නද? ඉතින් අප ඉවසමු. අප වන් හීන දීන නිහීන ජාතියක් මේ මිහි පිට තවත් ඇතිද ?  ඕනැම මෝඩයෙකුට අපව රවට්ටන්නට පුලූවන්. බකංනිලාගෙන සිටිම අපගේ ප‍්‍රධාන ජාතික ගුණාංගය වි ඇත. අපගේ ප‍්‍රදාන ගුණාංග තුනක් තිබේ.
රටට හෙණ  ගැහිලාත් අපි ඉවසමු.
 ඕනැම මෝඩයෙකුට අපි රැුවටෙමු.
පිටරට මහත්වරුන්ට නම් දෙකට තුනට නැමි අපි රැුවටෙමු.
මෙන්න මේවාය අපේ ප‍්‍රදාන ගුණාංග තුන. දැන් ආණ්ඩුවේ මහත්වරු කියන විදියට මෙතෙක් කල් රට සුඛිත මුදිත කරන්නට නොහැකි වි ඇත්තේ යුද්ධය නිසාය. අපේ මේ දුක්ඛිත තත්වයට හේතුව යුද්දයි. යුද්ධය අවසන් වු කල රට සුඛිත මුදිත කළ හැකිය. ඉතින් අපි සියල්ලෝම මේ කැරට් අලයට රැුවටි  තවත් ටික දුරක් යමු. එවිට තවත් කරට් අලයක් ලැබේ.. ජාතියක් ලෙස කිසිවක් කරන්නට උවමනා නැත. කැරට් අල පස්සේම පන්නමු.


ආදරනිය මිනිසුනි, මොහොතක් සිතා බලන්න, 2009 වසර සදහා ඇස්තමේන්තු ආරක්ෂක වියදම රුපියල් කෝටි 17700 කි. යුද්ධය අවසන් වුවාය. එයිට ඉතිරි කර ගත හැකිවනු ඇත්තේ රුපියල් කෝටි 17700 කි. එ්ත් නැත. ආරක්ෂක වියදමෙන් සියයට 50 කට වඩා වැය වන්නේ සෙබලූන්ගේ වැටුප් හා ආහාර සදහාය. යුද්ධය අවසන් වුවාට පසුව සෙබලූන්ට වැටුප් නොගෙවා ඉන්නටද? එසේත් නැතිනම් ඔවුන් නිරාහාරව තබන්නද? මේ දෙකම කල නොහැකිය. එබැවින් ඉතිරි කර ගත හැකි වනු ඇත්තේ ආරක්ෂක වියදමෙන් හරි අඩක් හෝ ඊට අඩු ප‍්‍රමාණයකි. එනම් උපරිමව රුපියල් කෝටි 9000 ක් පමණ ප‍්‍රමාණයකි. 2009 වසර සදහා පුරෝකථිත අයවැය පරතරය රුපියල් කෝටි 34000 ක් පමන වේ.  එ් අනුව බලන කල යුද්ධව අවසන් වුවාට පසුව අඩුවන ආරක්ෂක වියදම මගින් අපට පියවා ගත හැකි වනු ඇත්තේ අය වැය පරතරයෙන් හතරෙන් පංගුවක් පමණකි.  එයද සැක සහිතය. මන්ද යුද්ධය නැති වුවත් මේ ආරක්ෂක සුදානම පවත්වාගෙන යාමට සිදුවුන ඇත. වෙඩි තබන උණ්ඩවලට යන වියදම අඩු වුවත් යුද්ද උපකරණ නඩත්තුව සදහා කෙරෙන වියදම් නවත්වන්නට අපට නොපුලූවන් වනු ඇත. එ් අනුව සැබැ ඉතිරිය රුපියල් කෝටි 9000 ට වඩා බොහෝ අඩු එකක් වනු ඇත.

එ් කෙසේ වෙතත් සිදුවන ඉතිරිය රට සුඛිත මුදිත කරන්නට නම් සැහෙන්නේ නැත. වාර්ෂිකව අපෙ ගෙවිය යුතු පොලි ප‍්‍රමාණය සලකා බලමු. අපි දැන් වසරකට රුපියල් කෝටි 48000 ක් අප ලබාගෙන ඇති ණය කන්දරාව සදහා  පොලි ලෙස පමණක් පිටරටවලට ගෙවමු. ඉතින් යුද්ධය නැවතුනු පමණින් මේ ණය පොලි මුදල අපට ලැබෙනවාද ? නැත. මේ ඉතිරි වන රුපියල් කෝටි 9000 මුදල අපට ලොකු ඉතිරියක් බව සැබවි. නමුත් එය රට සුඛිත මුදිත කරන්නට නම් නොසැහේ. ණය ගෙවනවා තබා ණය පොලියවත් ගෙවන්නට මුදල් සොයා ගන්නේ නැතිව රට සුඛිත මුදිත කළ හැකිද ? නොහැකිය. නමුත් අප රැුවටෙමු. අප සතු ජාතික යුතුකම රැුවටිමට හසු වීම බවට පත් වි ඇති සේය. එතරම්ම පහසුවෙන් අපි රැුවටෙමු.

යුද්ධය අවසන් වු පලියට රට සුඛිත මුදිත වන්නේ නැති වුවත් අප ණැන නුවණ මෙහෙයවා කටයුතු කලොත් රට සුඛිත මුදිත කිරිමේ දිහාවට පදනමක් දමා ගන්නට අපට අවස්ථාවක් සැලසෙනු ඇත. එමෙන්ම යුද්ධය අවසානයේ  අපට ජයග‍්‍රහණයන් විශාල ප‍්‍රමාණයක්ද ලැබෙනු ඇත. විශාලම ජයග‍්‍රහණය නම් පුරා අවුරුදු 30 ක්  පීඩිත භාවයේත් යුද්දයෙත් ගොදුරු බවට පත්වි සිටින උතුරෙහි වෙසෙන අපේ ජනතාව එයින් මුදවා ගැනිමට අපට හැකි විමයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන් රටේ පොදු ආර්ථික ජිවිතයට සම්බන්ධ කර ගැනිමටද අපට හැකි වනු ඇත. රටේ ආර්ථික වැඩ පිලිවෙල සලකා බැලූ කල, එ් එක්සත් බව කල්පවතින ආර්ථික වෘර්ධියක් සදහා අවශ්‍ය ශක්තිමත්ම අඩිතාලම වනු ඇත. එය විශාලම ජයග‍්‍රහනයයි. උතුරේ දැනට විනාශ වි නැති සැලකිය යුතු භෞතික සම්පත් නැතත් භුමිය විශාල සම්පතකි. වැදගත්ම කාරණය නම් අපට එක්සත් ජාතියක් ලෙස නැගී සිටිමට හැකි වනු ඇති විමයි. එමගින් ඇති වනු ඇති විභවය ප‍්‍රමාණනය කිරිමට අසීරු තරම් විශාලය. නමුත් විභවයක් ද්‍රව්‍යමය හා ආධ්‍යයාත්මික වටිනාකම් බවට පෙරාලාගත් හැක්කේ අප එම විභවයන් වැඩට ගන්නා ප‍්‍රමාණය අනුවය. අපට දැනටත් තිබෙන විභවය ප‍්‍රයෝජනයට ගත්තා නම් මේ රට ලෝකයේ ම අති පරමාදර්ශී ම රට බවට පත් කරන්නට අපට හැකි වන්නට තිබුනි. ඉතින් රටෙන් කොටසක් හා ජනගහනයෙන් කොටසක් හරියට කළමණාකරනය කර ගන්නට නොහැකිව තිබියදි මුළු රටම හා ජනතාවම නිසි පරිදි කලමනාකරනය කළ හැකි යැයි පැවසිම මොන මිනුම් දඩුවකට අනුවද පිලිගත හැක්කේ? අපේ වර්තමාන කලමනාකරනයේ මට්ටම අප ඉහතදි නොදිටිමුද? අද වර්තමාන ය දෙස බැලූ විට වව්නියාව ප‍්‍රදේශයේ මැනික් ෆාම් කදවුර තුල වෙසෙන අපේම ජනතාව සහ එහි සියල්ල කළමණාකරනය කරන ආකාරය මුළු ලොවම දනී. අප නොදනී.මෙලෙස අපේ කලමනාකරනයේ මට්ටම දිනපතා අපි අත් නොදකින්නෙමුද ? ඉතින් එසේ නම් මේ අලූත් තත්වය කලමනාකරනය කර ගන්නට දැනුම ගෙනෙන්නේ පිටරටින්ද ? දැන් අපේ”සිංගප්පුර් ආර්ථික විද්‍යයා මහත්වරු නැතුව, නැතුව,” යයි කියනු ඇත.    අහෝ ජාතියකට ගිය කල. මේ පිටරටුන්ගේ කලමනාකරන දැන් මේ පිහිටෙන් නොවේද මෙතුවක් කල් පුරා අප මේ මඩ වලේ ඉන්නේ? මේ පිටරටුන්ගේ කලමනාකරන දැනුමේ පිහිටෙන් නොවේද අනාගතයක් නැති වන තැනට අප අද පත්වී ඇත්තේ. කෙලවා ගත් සුත‍්‍රයම පාවිච්චි කරමින් නැවත නැවතත් කෙලවා ගැනිමට අප ඉතාමත් දක්ෂය. එපමණක් නොවේ. මේ මහ්තවරු මේ රට සුඛිත මුදිත කිරිමට බලා සිටින්නේ විදේශ ආයෝජන එන තෙක්ය. මේ මහත්වරු අපට කියන්නේ සාමය ඇති වු පසු විදේශ ආයෝජන ගලා එන බවයි. වනිදේශ ආයෝජකයන් දැන් බලා ඉන්නේ ලංකාවේ සාමය ඇති වන තෙක්ය. සාමය ඇති වු සැනින් ඔවුන් ඔවුන්ගේ සෙෘභාග්‍යය ඇති කරන මැජික් පොලූ රැුගෙන අප රටට ගොඩ බසිනු ඇත. එයිට අපේ රටේ සෙෘභාග්‍යය ඇතිවේ. රට සුඛිත මුචිත වේ. කිරියෙන් පැණියෙන් ඉතිරේ.
කෝටි 250 ට නොවැඩි ණයක් නම් පසුගිය දිනක යන්තම් ලැබුනාය. එයද අපේ පසුගිය නයට පොලී වාරික කිහිපයක් ගෙවීමට පමනක් සෑහේ යන්න දන්නෝ දනී.

ආදරණීය මිනිසුනි, පරණ කෙලවා ගැනිමේ සූත‍්‍රයම නොවෙයිද මෙය, සිංගප්පුරු පන්නයේ විදේශ ආයෝජන සුත‍්‍රය මත නේද අපි මේ අවුරුදු හැටෙන් බාගයකට වැඩි කාලයක් තුළ අප මේ රැුදි ඉන්නේ? එ් විදේශ ආයෝජන සුත‍්‍රය පිලිපැදිම නිසා නොවේද  මේ දුක්ඛිත භාවය අප මත පැටවී ඇත්තේ ?   ඉතින් එයම නැවත නැවතත් පලිප්පු දම දමා පිලිගැනිමට නොවේද මේ සැරසෙන්නේ ? අප කවදාවත්ම ඉගෙන ගන්නේ නැද්ද ? ආදරනිය මිනිසුනි ! මොහොතකට සිතා බලන්න. අපගේ විභවයන් අප පාවිච්චියට නොගන්නා නිසා නොවේද මේ වින්නැහිය අපට සිදුවී ඇත්තේ. අපේ මිනිසුන් අවදි වී වැඩ පටන් ගත හොත් මේ සුඛිත මුදිත බව අත් කර ගැනිම අපට කජ්ජක්ද? අප එසේ නොකරන නිසා නොවේද මේ දුක්ඛිත බවට අපේ ජාතියම ගෙදුරු වි ඇත්තේ. ඉතින් දැන් අවදිකරන්නට අපට අවස්ථාවක් ලැබි තිබේ.

යුද්ධයේ අවසානය අපට එවැනි අවස්තාවක් සලසා දුන්නාය.  ඉතින් අප එය දැක තිබේද? අප එයට සුදානම්ද? නැත. සුපුරුදු හීන තුළ තවමත් අප සිරවි සිටිමු. අප කලේ කුමක්ද ? අවුරුදු 30 ක යුද්ධයෙන් මැරුන අයගේ පෙර කර්ම ඵලයන් නිසා එය සිදු විය. අප ජීවත්වී සිටින්නේ අපගේ වාසනාව නිසාය. මින් එහාට එම කර්ම ඵලයන් අහෝසිය. එනිසා කමු බොමු ජාතික කොඩිය ඔසවමු තිතට මත්වී ඒ මතම වැතිරෙමු. මෙය නොවේද සිදුවූයේ?
 දැන් අපේ සමහරු ජාතික ආර්ථිකයක් ගැන කතා කරති. තවත් සමහරු ජනතා ආර්ථිකයක් ගැන කතා කරති . නමුත් ජනතාව සංවිධානය කිරිමක් නම් නැත. ජාතික වැඩ පිලිවෙලක් හෝ නොමැත. මේ කතා රුපවාහිණියටත් පුවත්පත්වලටත් වේදිකා වලටත් පමනකි. සියළු දෙයට මාධ්‍ය සාකච්ඡුා කැදෙවේ. එ්වායෙහිදි ඇඟ කිලි පොලා යන වැඩ පිලිවෙලවල් ඉදිරිපත් කෙරේ. එතැනින් එහාට කිසිවක් නැත. මේ කතා රූපවාණියටත් පුවත්පත්වලටත් පමණකි. . නමුත් ඉදිරියේ එලැඹෙන අවස්ථාව සදහා ජනතාව සුදානම් කිරිමක් නැත. එම අවස්ථාව මැතිවරනයක් නම් සියළුම ආන්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ඒ සදහා එම පලාතේ ජනතාවගේ ඡුන්දය ලබාගැනීමට සූදානම් වැඩපිලිවෙලක් ජාතික මට්ටමින් කි‍්‍රයාත්මක කරයි. ජනතා ආර්ථිකයක් ගැන කථා කරන අය සමඟ ජාතිය නැත. එසේ සංවිධානය කර ගැනිම සදහා උත්සාහයක් නැත. ඉතින් මේ අය මේවා නොදනිද? දනි. එසේ නම් මේවා කරන්නේ? මැතිවරණ දෙස බලාගෙනය. දැන් බොහෝ දෙනාට ජනතාව මතක් වෙන්නේ මැතිවරණ ලංවු විටය එසේත් නැතිනම් මැතිවරණ ලග එනවා යැයි ප‍්‍රචාරය වු විටය. එවිට වහ වහාම මැතිවරණ සංවිධාන ගොඩ නැගේ. ජනතාව ගොඩ ගන්නටද? නැත. ජාතිය ගොඩ ගන්නටද ? නැත. ජන්ද ලබා ගන්නටය. ජනතාව ගොඩ ගන්නට යත්න දැරුවොත් ජනතාව ජන්දය දෙන බව මේ අයට නොතේරිම පුදුමයකි. නොතේරෙනවා නොවේ. කරදර වෙන්නේ ඇයි? ඊට වඩා පහසු නැද්ද පුවත් පත් සාකච්ඡුා කැදවිම රුපවාහිනියට කථා කිරිම. දැන් අපේ සියළුම දේශපාලක පක්ෂ කටයුතු කරන්නේ මේ ආකාරයටය. අද අපේ රටේ සියලූම ආදර්ශ ගෙඩනගන්නේ අපේ දේශපාලන පක්ෂවල උගතුන් විසිනි. ඔවුන්ට ආදර්ශයට ගෙන අපේ රටේ දැන් සියළුම වැඩ කෙරෙන්නේ රුපවාහිනි තිරය මත පමණි. නැත්නම් පත්තර පිටු මත පමණි. වැඩ නැත. කතා පමණකි. සර්කස් එකේ  බල්ටි නැත.විසිල් පමණි. විහිළු පමනි.
දැන් මේ කතා ගැනම සම්බන්ධ තවත් ප‍්‍රශ්ණයක් තිබේ. ඒ යුද්ධයේ සාර්ථකත්වය සදහා ලකුණු දමා ගැනීමේ තරගයයි. සියලූම දෙනා තරගයට මෙන් යුද්ධය සදහා මුල පටන්ම දරදිය සැපයූ ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ සියල්ලන් අමතක කොට දමා කතා සටනක යෙදෙයි. එසේ සිදුව ඇත්තේ ඇයි කියා බැලීමේදී ද දක්නට ලැබෙන්නේ ඉදිරි අභියෝග සදහා ශක්තිමත් වැඩ පිළිවෙලක් නොමැති වීමේ හේතුවයි එවුන්ට එසේ කරන්නට සිදුව ඇත්තේ.
එනිසා දැන් සියල්ලෝම කරන්නේ කුමක්ද ? මුළු වෙර යොදා පී‍්‍රති ඝෝෂා නැගීමයි. දැන් අපට අතීතය අමතකව තිබේ මේ තාවතාලිකව නිමවූ යුද්ධය අප මත බලෙන් පැටවූ එකක් බව දැන් අපට අමතක වී තිබේ.එය එසේ කලේ කව්ද? එදා මෙදා පාලනය හෙබවූ අපේ රටේ පාලක කල්ලි විසිනි. බලයට පැමිනීමේ සිට බලය රුක ගැනීම හරහා එම බලය පවත්වා ගැනීමේ කි‍්‍රයාවලිය සදහා ජාතිවාදය පාවිච්චි කිරීම මගිනි, සරලව විසදාගත හැකිව තිබූ ප‍්‍රශ්ණයක් මහා පරිමාන මුදල් දේපල සහ ජීවිත විනාශ කරන්නාවූ ගැටළුවක් බවට පරිවර්තනය කරනු ලැබුවේ. එයට අලූත් පරන සියලූ පාලකයින් වග කිව යුතුය. එයට අප සියලූ දෙනාමත් අඩු වැඩි නැතුව වගකිව යුතුය. අප වගකිව යුත්තේ ඇයි ? මෙතුවක් කල් මෙතරම් දෙයක් වනතෙක්ම සහ අද මෙපමන දෙයක් වෙමින් පවතිද්දී පවා බකන්නිලාගෙන සිටීම නිසාය. මේ කි‍්‍රයාවලියට විදේශ අධිරාජ්‍යවාදීන් සම්බන්ධ බව නොදන්නේ කව්ද ? ඔවුන්ට උවමනා පරිදි අප රට පාලනය කිරීම උදෙසා අපේ රට අස්ථාවර කිරීමේ අඛණ්ඩ කි‍්‍රයාවලියක ඔවුන් මේ වන විටත් යෙදී සිටී. එබැවින් ඔවුන්ගේ මැදිහත් වීම් වලදී අපි ඊට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍යය. ඒ උදෙසා ප‍්‍රචාරක උද්ඝෝෂණ කටයුතු වල යෙදීම අවශ්‍යය. නමුත් එය සම්පූර්න කාර්යයේ එක් කොටසක් පමණි. එහි අනෙක් කොටස වන්නේ ජාතියම වෙලාගෙන ඇති ගැටළු වලට පිළිතුරු සෙවීම සදහා සමස්ථ ජාතියම අවදි කිරීමයි.දැනුවත් කිරීමයි සංවිධානය කිරීමයි.එහෙත් එයම නොවේද සිදු නොවන්නේ? එට සිදු නොවන නිසා ම නොවේද පී‍්‍රති ඝෝෂා නගන්න කාලය ඉතුරුව ඇත්තේ?  වර්තමාන යුද්ධයේ නිමාවට පී‍්‍රති ඝෝෂා නගන්න එපා කියනවා නොවේ. වැඩි හානියකින් තොරවබොහෝ කාලයකට කලින් ඉතා  සරලව විසදාගත හැකිව තිබූ ප‍්‍රශ්ණයක් එවිට විසදානොගැනීමේ ගොන්කම , නොහොත් අප සාමාන්‍යයෙන් ප‍්‍රශ්ණ විසදා ගැනීමේ පිළිවෙල අනුගමනය කරමින් කල්ගතවී මිනිසුන් දහස් ගනනක් සහ සම්පත් කන්දරාවක් අහිමි කර ගනිමින් විසදාගැනීමේ කි‍්‍රයාවලියයි. එනිසා එහි පී‍්‍රති ඝෝෂා නගන්න තරම් දෙයක් නොමැත ඒ ඉතිහාසය ගැන දුක්වී එයින් පාඩම් ඉගෙන ගෙන අධිෂ්ඨනශීලීව කි‍්‍රයා කිරීමයි කළ යුත්තේ.මේ පැත්තේ මෙන්ම ඒ පැත්තේද මාරී වැටුනේ අපගේම අහිංසත තරුන පරම්පරාවේ පුරුක්ය. ඔවුන් ත‍්‍රස්තවාදයේ මොලසේදීමට ලක් වූවෝ වෙති. ඔවුන්ට උගන්වා ඇත්තේ ඊලාම් ඉතිහාසයයි. ඔවුන් ලෝකය ගැන දන්නේ නැත. වෙනත් ජාතිකත්වයක් ආශ‍්‍රය කොට නැත. ඔවුන්ගේ ලෝකය ඉතා පටුය සත්තකින්ම යුද්ධය ඊලාම්වාදීන් සහ පටු චේතනා සහිත අධිරාජ්‍යවාදීන් විසින් ඔවුන් මත බලෙන් පටවන ලද්දකි ආදරනීය මිනිසුනි, සගයෙනි , මේ තත්වය තේරුම් ගෙන කටයුතු කිරීම නොවේද අප විසින් කල යුත්තේ ? ජාතිය ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීමට එකාවන්ව කටයුතු කිරීම නොවේද,
අප විසින් සිදු කල යුතුව ඇත්තේ ? එසේ කලහොත් පමනකි එලෙස සිතා සූදානම් වූවොත් පමනකි අපට ගැබෙන්නට යන එක්සත් ජාතියක් වීමේ අවස්ථාව නිසි පරිදි කළමනාකරනය කරගෙන ජාතියේම ජයග‍්‍රහනයක් බවට එය හරවා ගනු හැකිව ඇත්තේ. මේ සියළු දෙයෙහි පරීක්‍ෂා කරනු ඇත්තේ අපේ කළමණාකරන හැක්යාව මිස අන් දෙයක් නොවේ කළමණාකරන හැකියාව යනු කුමක්ද අපසතු සම්පත් සහ විභවයන් අපේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා ඵලදායක හා කාර්යක්‍ෂම ලෙෂ යොදා ගැනීමේ හැකියාවයි මේ අවුරුදු හැටක ඉතිහාසයේ අප එවැන්නක් ගැන සිතා වත් නැත. ඒ ඇයි ? අපේ ජාතිය සදාකාලික දුඛිතභාවයේ තබන්නට මග පෑදු මේ ගැටළුව කුමක්ද?
   
රටේ නිසි සම්පත ප‍්‍රයෝජනයට නොගැනිමයි.
 වෙනත් කුමක්ද? වෙන කිසිවක් නොවේ. මෙය ඉතා සරළව තේරුම් ගත හැකිය. ලංකාවේ සියලූම වර්ගයේ ආයතනවල හරස්කඩක් සලකන්න. එවිට ඔබට හමුවන ආයතන අතර ආණුඩුව ආන්ඩුවේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා සමාගම් අධ්‍යයාපන ආයතන ස්වේච්ඡුා හෝ රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන පක්ෂ යනාදිය තිබෙනු ඇත. මේ ආයතනවලින් කීයක් එම ආයතනවල ප‍්‍රකාශිත අරමුණු සාර්ථකව ඉටු කරනවාදැයි සලකා බලන්න. එවැනි ආයතන කීයක් ඔබ දන්නේද? එවැනි ආයතන ලංකාවේ නැත.
 එ් ඇයි?
ප‍්‍රකාශිත අරමුණ  කරා වාර්ශිකව වැය කරන මුදල (ප‍්‍රාග්ධන විියදම*මෙන් කි ගුණයක් එම ආයතන පවත්වාගෙන යාමට (පුනරාවර්ථන වියදම* වැය කරනවාද? ඇයි එලෙස වන්නේ................එම ආයතනවල සිටින වැඩ කල හැකි මිනිසුන්ට වැඩ කරන්නට ඉඩ නොදෙන නිසාය. එයට ඉඩ නොදෙන්නේ වැඩ කරන අය පාලනය කිරීමට සිටිනා, කිසිදු වැඩක් කිරීමට බැරි අය එයට ඉහලින් සියලූ වරප‍්‍රසාද සහිතව වැජබෙන නිසාය. ලංකාවේ තරම් වැඩ කල හැකි මිනිසුන් ඉවත දමන වෙනත් රටක් නැත. එමෙන්ම ලංකාව දියුණු මිනිස් සම්පත අතින් කිසිම රටකට ලෙහෙසියෙන් දෙවැනි වනනේද නැත. නමුත් වැඩ කල හැකි මිනිසුන් විසි කෙරේ. එක්කෝ ආයතන තුලම ඔවුන්ට වැට කඩොළු බැදේ. එක්කෝ ස්ථාන මාරු කරනු ලැබේ. එක්කෝ විශ‍්‍රාම ගන්වනු ලැබේ. එක්කෝ රට හැර යාමට සලස්වනු ලැබේ. එක්කෝ මේ එකකට වැඩි ගණනක් කරනු ලැබේ.එලෙස නොහැකි නම් කෙසේ හෝ තාවකාලික ව නිහඩ කරවයි. අපේ රටේ යමක් කල හැකි අයට සිදුවි තිබෙන්නේ තම හැකියාවද හිසින් දරාගෙන රටට වන වින්නැහිය දිනපතා දරා ගනිමින් අනේ අපේ රටට යමක් කරන්නේ කවදාදැයි සිතමින් ළතැවිමටයි. ළතැවෙමින් දිනපතා මැරි මැරි ඉපදීමටයි. අපේ රටේ සියළුම තැන්වල සිදුවන්නේ මෙයයි.
අද ආන්ඩුව කර ඇති සාර්ථකම දේ යුද්දය නිමා කිරීම සහ මැතිවරන ජයග‍්‍රහන කිරීම පමනක් යයි අප දකිමු. ආර්ථික සහ සමාජීය අංශවල ආණ්ඩුවේ අසමත් කම මොනවට පෙනී යයි.
දැන් මේ යුද්ධය සාර්ථකව නිම කර ඇත්තේ ආන්ඩුවේ අත් සූක්‍ෂම කළමනාකරණයේ පිහිටෙන්ද? ඇත්තෙන්ම නැත. එසේ නම් ඒ කළමනාකරන හැකියාව ආර්ථික ක්ෂේත‍්‍රයටත්  අනෙක් සියළුම ක්ෂේත‍්‍රවලටත් යොදන්න තිබුනේ නැද්ද? ෂත්‍යය නම් එවැනි කළමනාකරන හැකියාවක් ආණ්ඩුවට නැති බවයි. දැන් යුද්ධයේදී සිදුව ඇත්තේ කුමක්ද?ඒ ඒ ක්ෂේත‍්‍ර පිළිබද විශේෂඥයන් මෙන්ම යුද්ධය පිළිබද විශේෂඥයෝද මේ රටේ සිටිති. යුද්ධය සම්බන්ධ ප‍්‍රශ්ණයේදී ආණඩුව කර ඇත්තේ එය කල හැකි සුදුස්සන් සොයා ඒ කාර්යය පැවරීමයි. එහිදී සැලකිල්ලට ගැනී ඇත්තේ වැඩ කිරීමේ හැකියාව,ජයග‍්‍රහණය ගබා දීමේ හැකියාව, දක්ෂතාවය විනා ජේෂ්ඨත්වය හෝ සේවා කාලය වගකීම් බාර කිරීමේදී සැලකිල්ලට නොගෙන ඇති බවයි.
ආණ්ඩුව යුද්ධ කිරිමට නොහැකි අතර යුද්ධ හමුදාවට ආණ්ඩු කිරිමටද නොහැකිය. කළ හැක්කේ හා කල යුත්තේ වගකීම් ආයතන අතර නිසි පරිදි බෙදාගෙන එ් එ් ආයතනවල එ් එ් කටයුතු සදහා දක්ෂ මිනිසුන් පත් කිරිමය. ඉතිං මේ සරළ සුත‍්‍රය රටේ අනෙකුත් සියළුම ක්ෂේත‍්‍රවලටත් නොයොදන්නේ ඇයි? සියළුම ආයතනවල මේ පිලිවෙත ක‍්‍රියාවට නොනඟන්නේ ඇයි?
පිලිතුර ඉතාම සරළය . එලෙස වුවහොත් දැනට එ් ආයතනවල මුල් පුටුවල වැජඹෙන අසාර්ථක නායකයන්ට එ් තැන්වලම වැජඹෙන්නට නොහැකි නිසාය.  එසේ වැඩ කිරිමට දුනහොත් එ් අය එ් පුටුවලින් විසිවේ යැයි යන බිය නිසාය, වැඩ කල හැකි අයට වැඩ කිරිමට නොදෙන්නේ. ඉතින් එසේ හිදිමින් ඔවුන් කරන්නේ කුමක්ද? එ් එ් ආයතනවල සියළුම කටයුතු සුත‍්‍රගත කරති. එ් සුත‍්‍ර සකස් කරන්නේ ආයතනයේ අරමුනු ඉටු කර ගැනිම සදහා නොවේ. ඔවුන්ගේ අධිපති පාලනය පවත්වාගෙන යාම සදහායි. එ් නිසා සිදුවන්නේ කුමක්ද ආයතනවල සැබැ අරමුණ එක පැත්තකය. ආයතනය දුවන්නේ වෙන පැත්තකය. මෙසේ නොවන ආයතන සාමාන්‍යයෙන් අපේ රටේ නොමැත. ඉතින් වැරදිලාත් එකක් දෙකක් තිබුනොත් ඔබට වහාම නොවරදින තිරණයකටඑලඹිය හැකිය. එ්වා අති සාර්ථකය  යනුය. එ් මෙන්න මෙලෙසිනි. අපේ රටේ වැඩ කල හැකි අය නිහඩ කර දමා තිබෙන්නේ යයි මොහොතක් නැවති සිතා බලන්න. අපගේ සියළුම ආයතනවල මහා අජිවි බවක් කලකිරිමක් ඔබට නොදැනේද? සමහර විට එ් ආයතනයක ඔබ සේවය කරනවා වන්නට පුලූවන. ඔබට ඔබේ ආයතනයේ සජිවි ගතියක් ප‍්‍රබෝධයක් දැනෙනවාද? එසේ නම් ඔබ වාසනාවන්තය. නමුත් අපේ රටෙ බොහෝ ආයතනවල තත්වය එසේ නොවේ. එ් තත්වයට හේතුව නායකයන්ගේ පිලිවෙතයි. මේ නායකයන්ට සාර්ථක ප‍්‍රතිථල උදා කර දෙන්නට නොහැකිය. නමුත් ඔවුන්ට මුල් පුටුවල වැජඹෙන්නට උවමනාය. ඉතින් මුලූ රටම එක තැනක පල්වේ. මෙයට වන්දි ගෙවන්නේ කවුද, මුළු මහත් ජාතියමයි. ජාතියේ අනාගත පරම්පරාවයි.
අප ඉහතින් කතා කල ආයතන තුල මෙන්ම දේශපාලන  පක්ෂ තුලද අද සිටිනා නායකයින් වැඩ කල හැකි අයට වැඩ කරන්නට නොදෙන්නේ ඇයි? ඔවුන්ට මිනිසුන් කෙරෙහි සැබැ ආදරයක් හෝ විශ්වාසයක් නැති නිසාය. ඔවුන්ට විශ්වාසය ඇති වන්නේ වැඩ කල හැකි මිනිසුන් කෙරේ නොවේ. ඔවුන්ට කීකරු වන්නන් කෙරෙහි පමණි. ඔවුන් කියන විදියට කටයුතු කලහොත් අනුගාමිකයින්ගේ අනාගතය අදුරේය. ඔවුන් හට යන එන මං නැතිවේ. අද දවසේ සමකාලින ලංකාවේ සියලූම ස්ථානවල තත්වය මෙයයි. ඉතින් මෙයාකාර නායකයන්ගේ අත්තනෝමතික කි‍්‍රයා හිස් මුදුනින් පිලිගන්නා කීකරු හිලෑ අනුගාමික කන්ඩායමක්  අද දවසේ සියළු ආයතන තුල සිටි. නායකයන්ගේ අත්තනෝමතික කි‍්‍රයාමාර්ගවලට නිත්‍යානුකුල බවක් ලැබෙන්නේ මෙම අනුගාමිකයින් මගිනි. මොවුහු වැඩ කල හැකි අයට එරෙහි වන්නෝ වෙති. එ් අත්තනෝමතික නායකයන් මෙන්ම මේ අනුගාමිකයෝද රටේ අනාගතයට එකසේම හානි ගෙන දෙති. සමතුන්ට වැඩ කිරිමට නොදෙන්නේ මොවුහුය. මෙවැනි නායකයින්ද මෙවැනි අනුගාමිකයින්ද සිටින දේශපාලන හෝ වෙනත්  ඕනැම ආයතනයක් අසාර්ථක බවද ඉරණම් කරගෙන පවති. එ් හේතුවෙන් මුලූ රටම අසාර්ථක බවම ඉරණම් කරගෙන පවති. මේ නායකයින් අසමත් අය වීම පුදුමයට කරුණක්ද? මේ ලොව සියලූ පෙර නොවූ විරු දෑ බිහි කෙරෙන්නේ මිනිසාගේ නිර්මාණශිලි ආශ්චර්යේ මහිමයෙනි. මේ නිර්මාණශිලිත්වයේ උල්පත එක් එක් මිනිසාගේ ශ‍්‍රමයයි. ශ‍්‍රමය එහි උපරිම ඵල ලබන්නේ එය පොදු බවට පැමිනවීමෙනි. එ් පොදු බව තුලය ගතවෙන සැම දිනක් පාසාම මහා ආශ්චර්යවත් නිමැවිම් නිමැවෙන්නේ. නමුත් මේ අසාර්ථක නායකයින්ගේ මුලිකම නායකත්ව ගුණාංගය මිනිස් වර්ගයාගේ මිනිසත් බවේ වඩාත් වැදගත්ම න්‍යායට එරෙහිවය පවතින්නේ.


එහෙත් ඔවුහු යෙහෙන් වැජබෙන්නේ කෙසේද?
වැඩ කල හැකි මිනිසුන් වැඩවලින් ඈත් කිරිමෙනි. ඔවුන් මහත් අභිරුචියෙන් වර්ණනා කරන ඔවුන්ගේ දේශපාලන උපාය මාර්ගික කෙෘශළ්‍ය මනින මිනුම් දඬුව වන්නේ මිනිසුන් අවිශ්වාස කිරිමට ඔවුන්ට ඇති හැකියාවයි. ඔවුන් විශ්වාස කරන අන්දමට වැඩි දෙනෙක් වැඩිදුරට අවිශ්වාස කිරිමට කෙනෙකුට හැකි නම් දක්ෂතම දේශපාලන හෝ ආයතනික උපාය මාර්ගික විශේෂඥයන් ඔවුන්යය. ඉතින් මිනිසුන් මෙවැනි නායකයින්ගේ ව්‍යාපාර හැර යෑම හෝ එ්වා වෙත ඇදී නොඑ්ම පුදුමයක් නොවේ.
මෙහිදී විස්තර කල යුතු යමක් තිබේ. මිනිසුන්ට හෝ තම ආයතනයට හෝ  එහි ප‍්‍රකාශිත අරමුන කෙරෙහි සේවය කරන්නාවූ අයවලුනට අපිරිමිත ලෙස ආදර කරන්නාවූ සහ ඒ වෙනුවෙන් කැප වෙන්නා වූ අය අපට හමුවේ. නමුත් ඒ සියළු දෙනාම ජනතාව දුකින් මිදවීමේ හෝ ම ආයතනයට හෝ  එහි ප‍්‍රකාශිත අරමුන කෙරෙහි සේවය කරන්නාවූ අයවලුනට අපිරිමිත කරුනාවෙන් තම කර මතට ගත්තෝ නොවෙති. කිසියම් නායකයෙකුට තම ආයතනයේ හෝ ව්‍යාපාරයේ වැඩපිළිවෙල අවබෝධයක් ඇතිකරවන්නේ, එවැනි වගකීමක් සිතට දැනෙන්නේ නැතිව වැඩ පිළිවෙලක් පිළිඹදව  පිළිඹද අදහසක් නියකයන්ට ඇතිවන්නේ නැත.වෙනත් විධිහකට පැවසුවහොත් එම වැඩ පිළිවෙලේ දියුණු බව විසින් අපට එම නායකයාගේ වගකීමේ ප‍්‍රමානය මැනගත හැක. එම වැඩ පිඵීවෙලේ දියුනු බව මනින්නේ එම අරමුන සදහා කොපමන සේවය කරන්නේද යන්න මතයි.
( එසේ නොමැතිව අනුන් කරනා වැඩ වලින් තමන්ට ල කුණු දමා ගැනීමත් වැටුප් වර්ධකයන් හා විවිධ තනතුරු ලබා ගැනීමත් අවසාන වශයෙන් තම නායකයාව පවා පාලනය කරමින් තමන්ගේම න්‍යාය පත‍්‍රයන්ට අනුව ආයතනය ව්‍යාපාරය ගමන් කරවීම නොවේ* අද මේ  ආයතන අතර ආණ්ඩුව ආන්ඩුවේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා සමාගම් අධ්‍යයාපන ආයතන ස්වේච්ඡුා හෝ රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන පක්ෂ යනාදිය සියල්ලම තම ප‍්‍රකාශිත අරමුණු සදහා නොව වෙනත් අරමුනු සදහා සේවය කරන බවයි. අපගේ සියළුම දේශපාලන ව්‍යාපාර රට ගොඩනැගමටත් ජනතාව දුකින් මුදවා ගැනිමත් අරමුණු කරගත් එ්වා වෙති. නමුත් ඔවුන්ගේ වැඩ පිලිවෙල දෙස බැලූ විට අපට පෙනෙන්නේ එ්වා ප‍්‍රකාශිත අරමුනු වෙනුවෙන් නම් කිසිසේත්ම සේවය නොකරන බවයි.
මේ කරුමයෙන් ගැලවීමට අප කුමක් කල යුතුද ?

නිශ්මි පොතෙන් උපුටා ගත් ලිපියකි.