Thursday, June 20, 2013

මම පාරෙ යනකොට දකින්නෙ නිතරම මගේ ගෙවල් ලග තියන මුස්ලිම් කඩ දෙක දිහා .එකෙ නිතරම සෙනග පිරිලා . මුස්ලිම් උං විතරක්ම නොවෙයි අපේ සිංහල එවුන්ත් යනවා. අපේ උං තමා වැඩියෙන්ම යන්නෙ. මම වැඩ කරන්නෙ සිංහල කඬේක. මම නම් මුස්ලිම් කඩයක වැඩට යන්නෙ නැ. මට උං අරහං . මම හොද බෞද්ධයෙක් . මම සිංහල බෞද්ධයෙක් . මේක අපේ රට . මුං බලා ඉන්නකොට දියුනු වෙනවා. ඒක නැතිකරන්න ඕනා. ගෙරි මස් කන හැත්ත මම නම් කවදාවක් හරක් මස් කන්නෙ නෑ. මම කන්නෙ කුකුල් මස් ඌරු මස් එළු මස් තව දඩ මස් විතරයි’. හරකා කියන්නෙ අම්මා වාගෙ සතෙක්. මේ හැත්ත අම්මා මරගෙන කන ජාතියක්. අපේ ඥාන සාර හැමුදුරුවො කියනකං අපි දරනන් හිටියෙ නෑනෙ මේ වගේ වගක්. අනික මුංගෙ තේ කඩයක් බලන්න. අපේ එවුන් යනවා. ඒ වුනාට මුං කවදාවත් අපේ සිංහල තේ කඬේකට තේ බොන්න යනවාද? බත් කනවාද ? මලාට නෑ. ඒකට අපේ එවුන් උං හැම එකටම රිංගනවා. දෙමලුන්ගෙ සයිවර් කඩෙන් තමා හැම දේම කන්නෙ. එහෙම නැත්නම් තම්බියෙක්ගෙ කඬේට රිංගනවා.
උං කවදාවත් බංකොලොත් වෙන්නෙ නෑ උංගෙ ඔවුන් කොහොම හරි ඌව නැගිට්ටවනවා. අපේ එකෙක් වැටුනොත් වැටුනාමයි. උං හැමදාම පල්ලි යනවා ඒ වාගෙම උංට පල්ලිය බලනවා. අපේ ඔකෙ අනිත් පැත්ත අපි කොච්චර පන්සල් ගියග් අපිට පංසලෙන දෙන්නෙ බන විතරයි’ . ඒ හිංදා මුංගෙ ඵල්ලි ටිකත් කඩලා දාන්න ඕනා. මෙහෙම ගියොත් මුං රටම අල්ලනවා එහෙම වුනොත් මම කොහේ කියලා යන්නද මුං නම් අරාබියට හරි යයි ඇත්තටම බොදු බල සේනා ආවෙ නැත්තම් මේ ටික වත් අපි දන්නෙ නෑ. ඒ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න ඕනා අපිට හරි මාර්ගය කියලා දුන්නාට. එතුමන්ලා වාගෙ අය තමා මේ රට පාලනය කරන්න ඕනා. එ ල් ටී ටී එකෙන් පස්සෙ අපිට අළුත් හතුරෙක් ඉන්න පව පෙන්නපු එකම ඇති මේ උත්තමයලා නිවන් දකින්න
ඊයෙ පෙරේදා දවසක මොකද්ද රූපවාහිනී නාලිකාවක දිලානිද කවුද කියලා මහ අංගපුලාවකට නැති එකියක් මේ උන්නාන්සෙය අපහසුතාවයට පත්කොරලා තියනවා කියලා අහල පහල එවුං කියනවා. මේ අත්තමයලා ඕවාට සැලෙන්නෙ නෑ. බුද්හාමුදුරුවන්ටත් ඔය චිංචිමානවිකාව කියලා එකියක් අලූගුත්තේරුවැඩක් කරන්න ඇවිත් පච වෙලා ගියෙ . ඕවා ඔහොම තමා. හෙට අනිද්දා කියයි පිටරට ඇන්ජී ඕ කාරයො ෂල්ලි දීලා මේවා කරනවා කියලා. රටේ ඔක්කොම මම වාගෙ නෑනෙ.
උනික මගෙ යාළුවෙක් ඉන්නවා ක‍්‍රිස්තියානි එයත් අපිත් එක්ක මේ මුස්ලිම් විරෝධය වෙනුවෙන් බෞද්ධ අපේ පැත්ත අරන් ඉන්නෙ. කොච්චර එකක්ද ඒ ආගමික සහජීවනය කියන එක මේ විදිහට පෙන්නන්න පුළුවන් උනාම

Tuesday, June 18, 2013

උක්කුං මහත්තයගෙ චුට්ටං කතාව


අප්පච්චි මාස තුන හතරක් තිස්සේ ම ? දාවල් බලන්නේ නැතිව මහන්සි වෙලා මහන්සි වෙලා තමයි ගොයම් ටික කපලා ගෙට ගන්නේ. ඒ අස්වැන්න කියන්නේ පසුගිය මාස තුන හතරෙම අපේ ගෙදර හැමෝම මහන්සියේ අග‍්‍ර පලේ කිවුවොත් හරියටම හරි. ගෙදර ඉන්න ඔක්කොමලාගේ ම ඔක්කොම හීන ටික එකතුවෙලා තියෙන්නේ එතන. පසුගිය කාලේ වෙච්ච වෙහෙස මහන්සියට හරියන්න අස්වැන්න විතරක් නෙවෙයි ඊළග කන්නෙට ගන්න ටික තියෙන්නෙත් ෙමි ගත්ත වි ටිකෙන්ම තමයි.
     ගෙමි හැමෝගෙම වී ගන්න ගමට ලොරි එනවා එ්ත් ගෙමි අය වැඩිපුර ම වී විකුණන්නේ හංදියේ කෙඩි මුදලාලිට. මොකද එයා ටිකක් වැඩිපුර ගෙවනවානේ. අනික එයාට වී මෝලක් තියනවනේ. එයා අපෙන් වී අරගෙන හාල් කරනවා. ඊට පස්සේ අපෙන් ගත්ත ගානන් එක්ක අල්ලලා, එයාගෙ වියදමත් පියවාගෙන කීයක් හරි වැඩිපුරත් තියාගෙන විකුණනවා. එයා කරන්නේ ගොයම් කැපෙන කාලෙට අපෙන් වී ගන්න එක විතරයි. හැබැයි වී කිලෝ එකක් අරගෙන ඒක හාල් කරන්න යන වියදම වගේ සෑහෙන ගානකට තමයි ඒවා විකුණන්නේ. එ් කියන්නේ එයා විකුණන ගාන ඇතුලේ අප්පච්චිට දුන්නු ගානයි හාල් කරනවා. ගියපු ගාණයි, එයාගෙ ගානයි ඔක්කොම තියනවා.
 ගමට උඩහින් පොඩි දොළ පාරක් යනවා. එ්ක කෙළවර වෙන්නේ ගෙමි වැවෙන්. වැෙවි ඉ`දන් ලොකු අප්පච්චි ඉන්නේ මුහුද අයිනේ. අප්පච්චි ගොවිතැන් කරනවා වගේ ම ලොකු අප්පච්චි මුදු යනවා. අපේ කොල්ලෝ එකතු උනාම සමහර දවස්වල දොලේ බැහැලා හරි, ඇලේ බැහැලා හරි, එහෙමත් බැරි වුණොත් වැවට පැනලා හරි මාළු ටිකක් අල්ලාගන්නවා. ඒ අල්ලා ගන්න මාළු කොහෙන්ද කියලා කවුරුත් අහන්නේ නෑ. මොකද ඒ අපි මහන්සි වෙලා අල්ලා ගත්ත උන්නේ. ඒකට කාටවත් සල්ලි දෙන්නෙත් නෑ ඔීනෑ වෙන්නේ අපේ මහන්සිය විතරයි. අප්පච්චිලත් එහෙම කවදාවත්ම මාළු කන්න සල්ලි දෙන්නේ නෑ ඒත් අල්ලන් එන මාළු විකුණනවා. හැබැයි ටවුන් එකට ගියාම මාළු කඩෙන් ඔිනෑ මාළුවෙක් ගන්නත් පුළුවන්. ඒකටනම් ඉතිං සල්ලි දෙන්න ඔිනෑ. අපිට ඔින්නම් වැවෙන් හරි ඇලෙන් හරි අල්ල ගන්න පුළුවන් ඒකට සල්ලි ඔිනේ නෑ. එහෙම නැත්තම් පොඞ්ඩක්වත් මහන්සි නොවි කෙඩිට ඇවිල්ලා සල්ලි දිලා ඒ මාළුම අරන් යන්නත් පුළුවන්. මට වෙලාවකට හිතෙන්නේ වැෙවි ඉද්දී නිකන් ම හම්බවුණු මාළු, කෙඩිට එනකොට ගණන් උස්සනවා. පුදුම වැඩැක් නේ ද කියලත්. ඒත් වැෙවි ඉද්දී මාළුවට ගාණක් කියන්න බෑ. ඇල්ලූවට පස්සේ ගණන් කියන්න පුළුවන් . එතකොට මාළුවාට ඒ ගාණ උනේ කොහොම ද? මේ ගාණ දැම්මේ  කවුද? එත් වැවේ ඉන්නකොට කවුරුත් ගණන් කියන්නේ නැත්තේ ඇයි? එතකො මාළුවා වැවේ ඉද්දි මේ ගාණට වටින්නේ නැත්ද?
     අපේ ලොකු අක්කාගේ ලොකු  පුතා දැන් ස්කොලේ තුනේ පන්තියේ. දුව  එක වසරේ ඒ දෙන්නාටම ස්කොලෙන් නිකන් රෙදි දෙනවා. ඇඳුම් මහ ගන්න කියලා. පොඩි අක්කා නිවාඩු දවස් වල ඒ රෙදි මහලා දුන්නා. ඒත් මේ පාර හන්දියේ රෙදි කඩයට ගෙනිච්චා. ඒත් මේ පාර ඇඳුම් මැහුව කෙනා එකට සල්ලි අරගෙන. නිල ඇඳුමට රෙදි නිකන් හම්බ වෙලත් , කලිසම් කමිස වුනේ සල්ලි වලින් නේද කියලා හිතෙනවා. මහ ගන්න  පුළුවන් උනානම් ගෙදර දිම රෙදි ටික කමිස කලිසම් කරගන්න තිබ්බා. දුවට අරන් දුන්න රෙදි වල කලිසම් කමිස තිබ්බේ නැත්ද? හැබැයි ඇත්තටම ගත්තෝත් නිකම් දුන්න  රෙදි කමිස කලිසම් වුණේත් , වී හාල් වුනෙත් මාළු වලට වටිනාකමක් එකතු වුණෙත් එක්ම විදිහට නේද?
 එත් කොහොමද එහෙම වුණේ ? ගෙදර හඳන එළදෙනගේ කිරී එරෙන්නේ නිකන් . ඒ ටික දොවලා ගත්තාම එක ගන්න ගාණක් ගෙවන්න  ඕනේ. ඒ කිරි මුදවාපුවම ගාණ අරට  වැඩි වෙනවා. ඒ කිරි මී කිරි උණාම ගාණ තවත් වැඩි වෙනවා. ඒත් ඒ හැම තැනකම තියන්නේ එළදෙනගේ කිරි. කොහොම ද එහෙම වෙන්නේ ? එතකොට කිරි දොවනකොට ඒතන චිස් තිබුණේ නැත්ද?
අනේ මන්දා, මේවා කල්පනා කළාම ගමේ ඉන්න අය මට පිස්සු කියලත් කියයි. ඒත්  බලන් ගියාම මේ හැම දෙකටම වටිනා කමක් එන්න හේතවක් තිබුණා. අප්පච්චිගේ මහන්සිය වී වලට වටිනා කමක් දුන්නා. මුදලාලී මහන්සි වෙලා වී හාල් කරලා හාල් වලට වටිනා කමක් දුන්නා. වැවේ හිටපු මාළු අල්ලන්න වුන මහන්සිය නිසා ඒවාට වටිනා කමක් ලැබුණා. ඒ නිසා තමයි මුහුදු මාළු උම්බලකඩ වෙද්දි ගණන් වැඩි වෙන්නේ. නිකම්ම නිකම් හම්බ වුණු රෙදි මහන්සි වෙලා ඇඳුම් කළ  නිසා ගෙවන්න වුණා. නිකම් තියන කළු ගල් මහන්සි වෙලා කැඩුවට පස්සේ විකුනන්න පුළුවන්.
බලන්  ගියාම මේ හැම  එකක්  පිිටි පස්සේ තියන්නේ එකම දෙයයි. ඒ තමයි අපේ මහන්සිය. ඒකට මාක්්ස් කිව්වේ ශ‍්‍රමය කියලයි. ඔව්. මිනිස්් ශ‍්‍රමය එකතු උනාම එකේ  වටිනාකම වැඩි වෙනවා . ඒත්  අපි ඒක හරියටම දන්නවානම් අපිට කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද නේ ද?


පුවත් පතකින් උපුටා ගත්තකි