Tuesday, February 17, 2015




කළමනාකරණය කරන්නා

කළමනාකාරවරයා යනු ආයතනයේ හෝ සංවිධානයේ මෙන්ම  ඕනාම ව්‍යාපෘතියක අවසාන ප‍්‍රථිඵලයට වගකියන් පුද්ගලයා වේ.
මෙහි වගකීම සුළුපටු එකක් නොවේ. දවස අවසානයේ, සතිය අවසානයේ, මාසය අවසානයේ මෙන්ම කාර්තුව අවසානයේ දී හා අදාල වැඩ සටහන අවසානයේදීද අදාල අවසාන ප‍්‍රථිඵලය වෙනුවෙන් හිමිකාරීත්වයට වග උත්තර බැදීමට සිදුවීම අනිවාර්යය දෙයක්.   මේ නිසාම අන් සියළු තනතුරු දරන්නන්ට වඩා කළමණාකරු බොහෝ කරුණු කාරණා අතින් පොහොසතකු විය යුතුයි.
මෙහිදීද ප‍්‍රධාන කාරනා තුනක් වැදගත් වේ....
x    දැනුම
x    හැකියාව
x    ආකල්ප
මෙම කාරණා තුනෙන්ම කලමණාකරුවා පරිණත විය යුතුයි. එසේ පරිණත වූ කළමණාකරුවෙකුගෙන් විද්‍යාමාන වන ගත්ි ලක්‍ෂන පොහොසයක් ඇතත් ඉන්  කීහිපයක් දෙස බලමු.
1. කළමණාකරුවා තමා මින්පෙර නොකල හෝ අත්දැකීම් නොලැබූ දෙයක් අන් අය හට කිරීමට යයි කියා පැවරීමක් කරන්නේ නැත. තමා අනුගමසනය නොකල උපදෙස් මාලාවක් හෝ අන් අය හට පිළිපදින්න කියා කියන්නේ ද නැත. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව අවබෝධ නොකල අයෙක් කිසිකලකත් සාර්ථක කළමණාකරුවෙක්  වන්නේ නැත.
2. ඔහු සෑම අවස්ථාවකදීම තම සහෝදර සේවක කණ්ඩායමේ අදහස් වලට ඉතා  ඕනාකමින් සවන් දී එහි ගත යුතු දෑ සහ සංස්කරනය කල යුත් නොපිරිහෙලා ඉටුකර අදාල ඉලක්කය වෙත ආයතනය රුගෙන යනවා. නම්‍යශීලී බව ආභරනයක් කරගන්නා ඔහු ආයතනයේ හෝ සංවිධානයේ අභිවෘද්ධිය වෙනුවෙන් එකී අදහස් නිසි ලෙස ගලපනවා. ළා පොල් ඉරටුවක් නැමීම පහසු බවත් වියලි පොල් ඉරටුවක් නැමීමේදී එය කැඞී යන බවත් හොදින් දන්නා ඔහු ඵල රහිතදේ වෙනුවන් ඵලක් ඇති දේ කිරිමට පමනක් වෙහෙසෙයි. ඒ නිසාම ලා පොල් ඉරටුවක් වෙන්න නිතරම උත්සාහ දරයි.
3. කියන දේ කරන මෙන්ම කරන දේ කියන කවදාවත් තම සහෝදර සේවකයන් හට බොරු නොකියන මෙන්ම බොරු නොකරන සහ විවිධ පොරොන්දු වලින් තම සාමාජීකයන් රවටන්නේ ද නැත. එමෙන්ම දුන් පොරෝනුද කෙසේ හො ඉෂ්ඨ කිරිමද ඔහු තම ජීවිතවේ වගා කරගත් උතුම් ගුණාංගයකි.
4. තමන්ට ලැබුන ඊ ෙමි්ල් පනිවිඩයකට දුරකථන ඇමතුමකට මෙන්ම එස් එම් එස් එකකට පැය 6 ක් තුලදී හෝ ප‍්‍රතිචාර දක්වයි. එ නිසාම ඔහු තම කාලය රාජකාරීමය වශයෙන් පමනක් නොව පෞද්ගලික ජිවිතයේද කළමණාකරනය කර ඇති බව පසක්වේ. ඒ පමනක්ද නොව ඔහුලෙන් යම් පිලිතුරක් උපදෙසක් බලාපොරොත්තුවෙන් සිටින්නාවූ  ඕනාම අයෙකුට කල්මැරීමට හෝ නැවත් නැවතත් මතක් කිරිමට සිදු නොවන නිසා ඔහු සම්බන්ධව සුබවාදී ආකල්පයෙන් බැලීමට අවකාශ ඇත. කාළ කළමණාකරනයේදී ඔහු අන් අයට වඩා ඉහල සහ පොහොසත් ස්ථානයක සිටී. පැය 24 මගේ වැඩ සදහා මදීයි කියන්නන් අතර ඔහු නැත.
5. තමන්ට තම පාලනාධිකාරියෙන් පැවරී ඇති රාජකාරී සහ වගකීම් සියල්ල ප‍්‍රමුඛතා ගත කරමින් ඒ ඒ අනුව තම කාලය වෙන්කර ඒ ඒ දේවල් අතරින්  හදිසි මෙන්ම වැදගත් ඒවා වෙන් කර ගෙන ඒවා හට ප‍්‍රමුඛතාවය දෙමින් ක‍්‍රියා කරයි. ඒ නිසා ඔහු අතින් කිසි දිනක කිසිම වගකීමක් මග හැරෙන්නෙ නැත.
6. සෑම ජයග‍්‍රහණයක්ම සාමූහික වගකීමක් මත ඉටුවූ බව යයි කීමට සැදී පැහැදී සිටින අතර , කිසිදු විටක තම කළමණාකාරීත්වයේ දක්‍ෂකම නිසා ඒ ඒ ජයග‍්‍රහණයන් ඒ ඒ ප‍්‍රතිඵලයන් ලැබූ බව අන් අය ප‍්‍රකාශ කලත් ඒ පැසසුම් නිසා තමා පොරක් ලෙස නොසිතා කණඩායම් ජයග‍්‍රහණයන් ප‍්‍රථිඵලයන් ලෙස ඒවා හුවා දැක්වීමට තරම් නිහතමානී වෙයි.
7. තමන් සමග වැඩ කරන සාමාජිකයන්ගේ පුදගලිකත්වයට කිසි දිනක හානි නොකරන අතර එයට බාධා නොපමුනයි.
8. එමෙන්ම අන්‍යන්ගේ ආකර්ෂණය ලබා ගත හැකි  ආකාරයට නිතරම හැසිරෙන අතර අවස්ථාවට උචිත ලෙස කතා කරන අතර අවස්ථාවට ඔබින ලෙස ඇදුම් පැළදුම්ද පරිහරනය කරයි. ආහාර පාන ගැනීමේදීද තම අනන්‍යතාවය රුක ගනී.
9. රුකියාවට මෙන් රුකියා ස්ථානයටද ගරු කරමින් තම රුකියාව හෑල්ලූවට ලක්වෙන ආකාරයේ ප‍්‍රථිඵල ලබා දීමට ඉඩ නොදෙයි. වැරුද්දකදී ඒ වැරුද්ද තම කළමණාකාරීත්වයේ වැරුද්දක් යයි පිළිගන්නා ඔහු එය අන් අයට ආදේශ නොකරයි. නිතරම අන් අයගේ කරේ සීනුව බැදීමට බලා සිටින්නා නියම කළමණාකරුවෙන් නොවන බව ප‍්‍රායෝගිකව මෙයින් සනාථවේ
10. ඉවසීම් හොදින් ප‍්‍රගුණ කර ඇති ඔහු  ඕනාම පසුබැස්මකදී ඔලූවේ අත් ගසා දස අතේ කළ්පනා නොකරයි. ඒ ඒ සියල්ලට පිළිතුරක් ඔහු ලග ඇති නිසාය. කිසිදු විටෙක කම්පනයට පත් නොවේ. අසීරු ඉලක්ක කරා යාමට අවශ්‍ය නිසි දැනුම නිතරම ලොව හරහා පොත් පත් හරහා විවිධ කේෂේත‍්‍ර හරහා එක් රුස් කර ගනිමින් යාවත්කාලීන කර ගනී.
11. තමන් යටතේ පෞද්ගලික කැපකිරීම් හා විශේෂ කුසලතා හ හැකියාවන් මත ඒ ඒ ජයග‍්‍රහණ වෙනුවෙන් තම සේවය කැප කළවුනට ඒ ඒ ආකාරයට අගයකිරීම පිරිනැමීමටද පසුබට නොවේ. අන් අය හමුවේ ඒ බැව් ප‍්‍රදර්ශණය කරමින් ඔවුන්ව ධෛර්යමත් කිරීමද අන් සේවකයින් ඒ සදහා උනන්දු කරවීමද ඔහුතේ තවත් චර්යා ධර්මයකි.
12. රුකියාවට අනුබද්ධිත තාක්‍ෂණික හා සාමාජීය දනුම අතින් ප‍්‍රායෝගික හා න්‍යායාත්මක වශයෙන්ද ඔහු පොහොසත්ය. ඒ දැනුම තම ආයතනයේ හෝ සංවිධානයේ අභිවෘද්ධිය සදහා යෙදවීමට ඔහු  කිසිසේත් පසුබට නොවන අතර ඒ දැනුම ගම පහට මට්ටමේ තමා සමග රාජකාරී කරන්නවුනු අතර බෙදා ගැනීමට තරම් ඔහු නිහතමානීද වේ.

වැඩසටහන් කළමණාකරු ගේ අභියෝගයන්
යම් වැඩපිලිවෙලක් සංවර්ධිත ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට නිසි සැලසුමක් ඉදිරිපත් කිරිම.
ව්‍යාපාරයේ දුශ්කරතා මගහැරීමට ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයන් සමග එකගතාවයකට පැමිණීම.
ව්‍යාපාරයට සහභාගීවන සියල්ලන් නිසිලෙස මෙහෙයවීම.
ආයෝජනයේ අගයන් වල ප‍්‍රථිඵල වල නිල වාර්ථා ලබාදීම.
ව්‍යාපාරයේ සියුම් සැලසුම් සහ අරමුණු අතර තරගකාරීත්වයක් වර්ධනය කිරීම.

වැඩසටහන් කළමණාකරු ගේ රුකියා තීව්රත්වය
පුළුල් පරාසයකින් යුක්ත වැඩසටහන් නිසි ලෙස උපදෙස් ලබාදි පාලනය කිරීම.
වැඩසටහනේ පුළුල් ස්වාධිනත්වය පවත්වාගෙන යාම.
මහා පරිමාවේ වැඩසටහන් නිසි ලෙස මෙහෙයවීම.
නිල කටයුතු සහ ක‍්‍රීයා පිලිවෙල  වාර්තා කරනය.
අදාල වැඩසටහන විවිධ උපකරන හා ක‍්‍රමවේදයන් හරහා ඉදිරියට පවත්වාගෙන යාම.

වැඩසටහන් කළමණාකරු ගේ ගේ මූලික යෝග්‍යතාවයන්
විධිමත් සහ සැලසුම් සහගත මෙන් ක‍්‍රමික කල්පනාකාරීත්වය.
තමන්ට පමනත් ආවේනික වන කාර්යශූර භාවයක් සහ උපක‍්‍රමශීලීත්වයක් පැවතීම.
ඉලක්කයට වඩාත් නැඹුරු වූ ප‍්‍රතිඵල ලබා දීමට හැකිවීම.
තම කාර්යය ගැන නිහතමානී බලපුලූවන්කාරකමක් ඇතිවීම.
කණ්ඩායම් ගොඩනැංවීම සහ ඒවා කළමණාකරනය කිරීම.
වැඩසටහන් උපක‍්‍රමිකව සහ සියුම්ව අදාල ව්‍යාපෘතින් සැලසුම් කිරීමේ හැකියාව.
වැඩ සටහනට අනුකූලව ප‍්‍රභල හා  සෘජු තීරන ගැනීමේ හැකියාව මෙන්ම  ඒවා සියයට සීයක් නිවරදී වීම.


හැබිටාට් ආයතනයට පමනක් ආවේනික යම් යම් සම්ප‍්‍රදායන් එහි මුල පටන්ම සිටි ඉහල මට්ටමේ සේවකයන් විසින් ගොඩ නංවා ඇත. එකක් නම් අන් සියල්ලන් විසින් ඔවුන්  පවසන දේ පූජනීයත්වයෙන් යුතුය පිළිගැනීම වේ. අනෙක නම් ප‍්‍රශ්ණ නොඇසීමයි. ඒවා මෙම ආයතනයේ චිරාගත සම්ප‍්‍රදායන් බවට මොවුන් විසින් පත්කර ඇත.

අදාල වෘත්තීන්හි නියැලිමට කිසිදු හැකියාවක් නැති තමන්ට ලැබී ඇති රාජකාරීමය බලයෙන් පමනත් මත්ව සිටින මෙම වයෝවෘද්ධ නිළධාරීන් ගේ කියුම් හා කෙරුම් දෙස බලා අප සිතන්නේ ” බලයෙන් හා වැටුපෙන් උඩගුව අරුත් සුන් ව\න් පමනක් තෙපලීමට සැදි පැහැදි සිටින මේ නරුමයින් තරම් අමනයින්‘ අප වෙන කොහේදිත් දැක නොමැත ” යන්නයි .

මොවුන් ගේ එකම පරමර්ථය නම් තම රුකියා අභිලාෂයන් ඉෂ්ඨ සිද්ධ කරගැනිම සදහා විවිධ ආකාරයෙන් චාටුවෙන්ද බලයෙන්ද අන් අයව යොදා ගෙන අන් අයව පාවිච්චි කරමින් එයින් තමන් වැජබීමයි.

මෙහිදී නිවරදිව ඉතා නිහඩව නමුත් ක‍්‍රියාකාරීව තමන් ගෙන් අයතනය බලාපොරොත්තුවන වගකීම නොපිරි හෙලා ඉටුකරන අයවළුන් පිරිසක්ද ඇත. ඔවුන් නිකරුනේ වචන අපතේ නොහරින නමුත් අසාධාරනය හමුවේ  පමනක් නිහඩ නොවී සිටින බලහත්කාරයෙන් පහල මට්ටමට දැන් දමා ඇති පිරිසයි. පෙර මොවුන්ගෙන් වූ සේවය නිසා අදටත් මේ ආයතනය පවතින බව අර පැරුන්නන් පිළි ගැනීමට මැලි වන්නේ එහිදී ඔවුන්ගේ භූමිකාව අවතක්සේරුවී ඇති නිසායි.

මෙ කාලය පිළිඹද ප‍්‍රශ්ණයක් පමනක් බැව් අප දනී.  මොවුන් කරන්නාවූ සියලූ අතතනෝමතික ක‍්‍රියාවන්ට එරෙහි වෙන්නාවූ දිනය වැඩි ඈතක නොවේ. ඒ අවස්ථාව කාලය විසින්ම ලබාදී අදාල ආයතන භූමිය ශුදුධ පවිත‍්‍ර කිරීමට කිරීමටද සිදුවන දිනය එදිනට යෙදී ඇත. වයෝවෘද්ධ කාළකන්නි නරුමයින් පිරිසකගෙන් දිග්ගැස්සුනු මෙම ආයතනය එම කැණහුලූන්ගෙන්ම බේරා ගැනීම කාලය සිදු කරනු ඇති බව අපගේ විශ්වාසයයි. නරුමයා යන්නට නිර්වචනය මහාචාර්ය සුචරිත ගම්ලත් වියතානන්ගේ මහා සිංහල ශබ්දකෝෂයෙන් තේරුම් බේරුම් කර ගත හැක.

ආගම දහම මුල් කරගෙන නිතර වැඩ කටයුතු කරන වගක් මතුපිටින් පෙන්වූවද මොවුන් අතර සහ අප අතර ඇත්තේ රාජකාරියට පමණක් සීමාවූ අන්‍යේන්‍ය සම්බන්ධයක් පමණි. බරපතල සමාජීය සම්බන්ධයක් නොවේ. ස්වාමියා හා සේවකයා අතර නොපෙනෙන බාධකයක් පැහැදිලිවම ගොඩනගා ඇත්තේ වුවද ව්‍යාජ ලෙස මෙම සමාජය තුල සියල්ලන් හැසිරෙන්නේ සියල්ලන් එක සමාන යයි වචනයෙන් පමනක් ප‍්‍රකාශ කරමිනි. අදාක වයෝවෘද්ධයන් හා අන් අමනයින් මෙහි හැසිරෙන්නේ සම මට්ටමේ සිටින හා තමන්ට නොමැත් සුදුසු කම් ඇතියවුන්ටත් වඩා ස්ථරයකට ඉහලිනි. ඔවුනගේ ඒ උත්කෘෂ්ඨ බව ඔවුන්ම ප‍්‍රකාශකර ගන්නා ලද්දක් විනා වෙන කිසිවෙක් ඔවුන්ට ලබාදී නොමැති ව්‍යාජ දෙයකි. හිතළුවකි. ආයතනයේ කිසිවෙක් ඔය මූනට පිලිගත්තද පශ්චාත්බාගයේදී අවඥා සහගතව සිනාසීම හා උපහාසයට පරිහාසයට පමණක් පොදුවේ ලක්වීම හැර වෙන දෙයක් නොමැත.

අදාල වයෝවෘද්ධයන්ට සහ මන්දබුද්ධික අමනයන් කෙරෙහි ඇත්තේ බයක් පමණි. ගෞරවයක් පෙනෙන තෙක් මානයක වත් නොමැත. සියලූ පහල මට්ටමේ සේවකයන් ඔවුන්ගෙන් ප‍්‍රයෝජන ලබා ගන්නා අතර හදවතින්ම පිළිගැනීමක් නම් නැත. ගරු කටයුතු සියල්ල වූයේ මුහුණට පමණි. ඉහල මට්ටමේ සිටින අතේ ඇගිලි ප‍්‍රමාණයටත් වඩා අතලොස්සක්වූ නිළධාරීන් හා ප‍්‍රමාණයෙන් විශාලවූ පහල මට්ටමේ (බලහත්කාරයෙන් පහල මට්ටමට ඇද දමන වුන්ද ඇතුළුව * සේවකයන් අතර ඇතිවීමට ඉඩ තිබූ අන්තර් සමාජ සබදතා  වෙනුවෙන් වූ සුළු ඉඩ කඩටද හරස්වූයේ මේ මාන්නාධික අමනයන්ගේ නොහැකියාව මතුවේ යයි යන සහේතුක බිය නිසාය. පාලක සහ පාලිත පිළිඹද වෙනස දෙපක්‍ෂය අතර වැඩවසම් ක‍්‍රමයකට පාර කැපී වහලූන් සහ වහල් හිමියන් වශයෙන් පරතරය තවත් පුළුල් කලේය. ඉහල පාර්ශවය සමග සමීප සබදතාවයක් ගොඩ නගා ගැනීමට තැත්කලේ පුද්ගලික වාසි හෝ යම් වංචාවක් කිරීමට මෙන්ම කල වංචාවන් අසුවේ යයි බියෙන් සිටි අය පමණි. දෙපක්‍ෂය තුලම එකිනෙකා කෙරෙහි නුරුස්සනා ස්භාවය සාමාන්‍ය සම්මතය බවට පත්වී ඇත.

මෙ වෙනස දැකීමට තරම් නැනවත් නායකයෙක් නොමැති වීම නිසා ආයතනයේ මේ අසමතුලිතබාවය තවදුරටත් පවතිනු ඇත. එයද කාලය විසින් විසදීමට ඉඩ හැර බලා සිටීම අපට මෙන්ම ආයතනයටද සිදුවී ඇති අභාග්‍යසම්පන්න ඉරනම වේ.

මෙම සත්‍යතාවය ප‍්‍රතික්‍ෂේප කළ නොහැක. මෙම ආයතනය පරාජිත වහලූන්ගේ සහ අපරාජිත වහල් හිමියන්ගේ ආයතනයක් බවට පත්ව ඇත. බේදය පැහැදිලිය. පරතරය නව නායකත්වය යටතේ තවත් ස්ථාවර කොට ඇත. කණගාටුදායක කරුණ වන්නේ ආයතනය තුල අධ්‍යක්‍ෂක මණ්ඩලයේ  සෑම අයෙකුටම  මෙන්ම නායකත්වයටද අද අවශ්‍යවී ඇත්තේ මේ බේදය පවත්වාගෙන යාමටය. වහල් හිමියන්ගේ වැරුද්ද වැරුද්දක් නොවීමත් වහලූන්ගේ සුළු අතපසුව ආයතනයෙන් ඉවත්කරලීම දන්වා දුර දිග ගෙන යාමත් මෙයට හොදම නිදසුනය.

අවාසනාවට එය අප සිටිනා ආයතනයටත් ඒ තුල අපට හිමි භූමිකාවන්ටයත් කර ඇති සාපයකි. මෙය අසන්නට කෙනෙකුත් නැති පැමිනිල්ලක් බවට පත්ව ඇත. අපටම එය දැනෙන්නේ අරථයකින් තොර කෙදිරිල්ලකට වඩා වැඩි යමක් නොවන ලෙසය. මොවුනට අප හදවතින් කරන්නාවූ සාපයද එසේය. එමෙන්ම අපගේ වේදනාව මොවුනට ශාපයක්වේවායි පැතීම අර්ථශුන්‍ය වුවද කළ හැකි අන් කිසිවක් නොමැති තැන එයද අර්ථවත්ය.

වහල් හිමියන් තුල ඇත්තේ ආයතනයේ පර්මාර්ථයන්ට වඩා ඔබ්බෙන් ඇත් තම පෞද්ගලික අභිමතාර්ථයන් සහ පටු චේතනාවන් ය. ඒවා ආයතනයේ ඉදිරි පැවැත්ම යන කඩතුරාවට මුවා කරමින් දක්‍ස ලෙස සගවා තම පෞද්ගලික අභිමතාර්ථයන් සහ පටු චේතනාවන් මුදුන් පමුනුවා ගන්නා අයුරු අපූරුය. එපමනකටම දක්‍ෂය. වහල් හිමියන් ආයතනයේ කීරකයන් බයට පත්වී ඇත් අතර අන් සියල්ලන් ඒ තීරන ක‍්‍රියාත්මක කරන්නන් බවට පත්වී ඇත. මෙය වහල් හිමියන්ගේ ගෞරවය සහ අනාගත පැවැත්ම ස්ථිර කොට සාක්‍ෂාත් කරගැනීමක් පමනක්ය. මන්ද මේ සෑම දෙයකම ප‍්‍රථිඵලය බොල්ය. නිශේදනාත්මකය. දිනු කිසිම ව්‍යාපෘතියක් නැත. එයට හේතුව වහලූන් වටහා ගත්තද නායකත්වය වටහා ගෙන නැත......

දරුණු කැළඹිල්ලෙන් පිරි අතීතයකින් ව්‍යයාකුල වර්තමානයක් හරහා සැක සහිත අනාගතයකට පිවිසෙන්න අප පලමු පියවර ඔසවා ඇත. මෙවන් පරිපාලනයක් හරහා අනාගතයටද වෙනත් අවස්ථාවක් නැත. ස්වාර්ථ සිද්ධිය පමණක් පරමාර්ථ කොට ගත් නායකත්වයක් යටතේ ආයතනය දිගින් දිගටම මේලෙස පරිහානියට ගොදුරු වුවද ඒ විනාශයට වගකිවයුත්තෙක් නැති ගානට ආයතනය ඇදී යයි. ඒ විනාහයට වගකිව යුත්තෝ කිසිදු පිඩාවකට පත් නොවේ. නිරතුරුවම පීඩාවට පත්වන්නේ අහිංසක සේවකයන් පමනි. ඔවුන් වහලූන් හා සමාන කරන්නේ ඒ නිසාය. ඒ තරමට දුක් කන්දරාවක් දරමින් ඒ දුක කීමට කෙනෙක් මෙන්ම අසන්නටද කෙනෙක් නොමැති නිසාය. අදාල වහලූන්ගේ දරුවන් බිරින්දන් ළමුන් යනුවෙන් වෙනසක් නොමැත්ව ඔවුන්ගේ මහලූ දෙමාපියන්ද ඒ ඉරණම උරුම කරගෙන ඇත. වහල් හිමි තීරකයන්ගේ ආත්මාර්ථයට මේ සැම ගොදුරු වී හමාරය.

ව්‍යාකුල ඉතිහාසයේ සිටියේ එක් නායකයෙක් පමණි. අද අවාසනාවන්ත වර්තමානයේ සෑම ඉහල නිළධාරියෙක්ම අධ්‍යක්‍ෂක වරයෙක් වී සිටී. ඔවුන් කියනා ඒනාම දෙයක් සත්‍ය යයි පිළිගන්නා නායකයෙක්ද ඇත. ඔහු ඇත්ත නැත්ත නොවිමසා ක්‍ෂණික තීරණ ගෙන අදාල වහලා හට වරද පටවා ඉවත් කිරීමට පියවර ගනී. ඒ බයිබලය සහ මෝසෙස් තුමාගේ නායකත්වය පෙරදැරිකරගෙනය. එවිට යේසුස් කොහිද දෙවියනි ඔබ කොහිදැයි ඇසීමට අපට සිදුව ඇත.

මෙම ආයතනයට අවශ්‍යයව තිබූ නායකත්වය.....ඉහල මට්ටමේ නිළධාරීන්ගෙන් බැට නොක නායකත්වයකි.... කල වැඩ කොටසට පැසසුම් ලැබෙන නායකත්වයකි... වැඩ කරන්නට දන්නා පහල මට්ටම දමා ඇති සේවකයන් හට නිසි තැන දෙන්නාවූ නායකත්වයකි... පාගා දමන්නට වීසි කර ඇති සේවකයන් හට යුක්තිය ඉටු කිරීමට සමත් නායකත්වයකි. සියල්ලන් සමග එක්ව එඩිතරව ආයතනය ොපරට රුගෙන යා හැකි නායකත්වයකි.
කිසිදු පෞද්ගලික ලාබඅපේක්‍ෂාවකින් තොරව දෙවියන්වහන්සේ තුල අවංකකමෙන්ම හැසිරෙන ස්ප‍්‍රීතු සාන්තු වහන්සේ ගේ අනුග‍්‍රහය අපටද ආයතනයටද ලබා දිය හැකි එහි හැසිරෙන නායකත්වයකි.

තමා අවට සිද්ධවෙන බොහෝ වැරදි දැක දැකත් නිහඩව සිටිමින් ධර්මය දේශනා කරන කායකත්වයක් නොව අදා වැරදි අඩුපාඩු වෙනුවෙන් නිර්බීතව පෙනී සිට ඒ වැරුදි නිවරදි කළ හැකි නායකත්වයකි.


ඒ නායකයන්ට උවමනා අදාල ආයතන ව්‍යුහය තුලම තමන් ඩහල මට්ටමේ සිටින තාක් පහල මට්ටමේ වුන්ගේ ගෙල සිර කර තබා ගැනීමක් පමනි. එවිට හඩක් නැගීමට නොහැක. හඩක් නගන්නට ඉඩක් දුනහොත් සත්‍ය ඉස්මතුවෙන නිසාය. සත්‍ය ඉස්මතු වුව හොත් මෙම් ආයතනය මීට වඩා පෙර ගමනකට සූදානම් වනු ඇත. එයට මුහුණ දිය නොහැක්කන් විසින පවත්නා තත්වය නඩත්තු කරගෙන මෙලෙස ගමන් කරන්නේ ඒ යතාර්ථයට බිය නිසාය. තමන් ආයතනයේ දැනට හිමිකර ගෙ ඇති වරප‍්‍රසාද සහ තත්වයන් හැකි තාක් කල් ඒ ආකාරයෙන්ම භුක්ති විද ඇවිද ගැනීමට වත් බැරි වන තෙක් මෙහිම සිටීමට සහත්ික යක් ඔබගෙන් ඔවුනට ලැබී ඇත. ඔවුනට අවශයව තිබුනේම එයයි. තිබෙන්නේද එයයි. ලබා ගත්තේද එයයි. රුකගනිමින් පවතින්නේද එයයි.

අභ්‍යන්තර කණ්ඩායමේ සිටින්නන්ගේ තීරන එකකට එකක් පරස්පර බව වැටහීමට ඔබට කෙතෙක් කල් ගතවේද යන්න අප බලා සිටිමු....

අදාල නායකත්වය දන්නා යමක් කරන්නේ කියන්නේ පිරිසිදු චේතනාවෙන් වුවත් තමා අසල නිතර ගැවසෙන අනිකුත් වහල් හිමියන් වැනි නිළධාරීන් එසේ නොවෙන බව වටහා ගැනීමට වසරක් ගියද ඔබ හට හැකිවී නැත. එවැන්න් ඔබගේ උතුම් පරමාදර්ශ ගැන ප‍්‍රස්ශා මුඛයෙන් උස් හඩින් කතා කලත් ඔවුන් ඒ ගැන පෙන්නුම් කරන විශ්වාසය රුවටිල්ලක් පමන යැයි තේරුම් ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැත. ඔවුන් කරන්නේ ඔබව පාවිච්චි කරමින් ඔබෙන් තම ප‍්‍රයෝජන ගැනීමයි. අපට කීමට ඇත්තේ එකම වචනයක් පමනයි..

කනගාටුයි.





හිතවත් අධ්‍යක්‍ෂක තුමනි



ඔබ පලමු වෙන්ම පවත්වන ස්ටාප් මීටිමේදී විජේනම් සේවකයා කල ඉල්ලීමත්

එයට ඩුවයිට් දුන් පිලිතුරත් අතර ඇති පරතරය ගැන සිතා බලන්න. ඇත්තටම අපගේ වැටුප් වැඩිකිරීමට කිසිවෙක් උනන්දු වුනේ නෑ. අපි නිහඩවම අපේ වැඩ කොටස කරගෙන ගියා. අඩුම ගානෙ අපිට ලැබෙන්න තියන අමතර දීමනා, ප‍්‍රසාද දීමනා, අතිකාල දීමනා පවා ගන්න යද්දි ඔය ඩුඑයිට් ලා ක්ලැරන්ස් ලා ගනන් බලන්නේ ඒ මුදල මාසෙන් වැඩි කරලා. අපිට මාර ලෙඩ ඇද්දෙ ඔය ගොල්ලො. ඇත්තටම අපියි ඔය අය තීරන ගන්නවාට විරුද්ධ විය යුත්තෙ. සමන් මහත්තයලා බොරුවට කෑගැහැව්වට අපිට දෙන්න සල්ලි නෑ  කියපු අයට කියලා පඩි වැඩිකරග්තෙ නැද්ද, හැට දාහක් එනකම්ම.  ඒවා තමයි මෙතන තියන ප‍්‍රශ්ණ. ඒ ප‍්‍රශ්ණ වලට අපිට ඔය ටේ‍්‍රනින් තියලා වැඩක් නෑ. අර මූලික ප‍්‍රශ්නය එතනමයි’. දැන් ඔබ තුමා වැටුප් වැඩිකරනකොට ඔය අයගෙත් වැටුප් ආයෙත් වැඩි වෙනවා. කෝඩිනේටර්ලායි ඒයාලට පහලට වෙන්න ඉන්න අයයි සේරම සුලූ සේවකයො වාගෙ. හරිම වැරදියි මේ වැඬේ

අපිට වැඩ කරන්න පුළුවන් .බැරි නෑ . අපි තමා දැනුත් වැඩ කරන්නෙ.  මේ හිගන පඩියට අපි කලාට වෙන අය කරයිද. මේවා කතා කරපුවාම ඔය එඞ්වඞ්ලා කීවේ තමුසෙලාට ඔය වැටුපට වැඩකරන්න බැරිනම් අස්වෙලා යනවා කියලා තමා. එහෙම කියලා තම තමන්ගේ පඩි සැරින් සැරේ වැඩි කරගෙන සැපට ඉන්න අය. තුට්ටු දෙකක් අරන් ජීවිතේ අමාරුවෙන් ගැටගහගන්න අයට වැඩකරන්න මොරාල් එකක් දෙන්න හදන එක මෝඩකමක් ටෙ‍්‍රනින් හරහා.

අපි අතර තියන මහා බාධකය  ඕක තමා





මහත්තයො



දෙවෙනි ස්ටාප් මීටීමේදි ඔය ප‍්‍රශ්නෙම ඇහුවා බාලා. එතකොට ඔය ඔක්කමලා හිනා උනා. ඒ අපේ දුප්පත් කමටද එහෙම නැත්තම් ඒ හිනා වුන අය සේරම 40000 ට වැඩිය වැටුප් ගන්න නිසාද කියලා තාමත් හිතා ගන්න බෑ.

ඔබතුමා කියනවා එච් ආර් කෙනෙක් ගන්නවා මේ ප‍්‍රශ්ණයට උත්තර හොයන්න . ඒවා බොරු වැඩ. ඉස්සෙල්ලාම බලන්න වසර 3 ක් තිස්සෙ කිසිම වැටුපක් වැඩි නොවුන අය දිහා. ඊලගට  හොයලා බලන්න ඔය කාලසීමාව ඇතුලෙ පඩි වැඩිකර ගත්ත අය කවුද කියලා. හොරෙන් හොරෙන් ටෝනි ගාවට ගිහින් තමන්ගෙ පඩි වැඩිකර ගත්ත උන් ඔතන  ඕනා තරම් ඉන්නවා. උන්ට වැඩි නොකර අනිත් අයට සාධාරනයක් කරන්න ඉස්සෙල්ලාම. එතකොට සේරම හරි.



පහුගිය දවසක එය ටේ‍්‍රනින් එකක් දුන්නෙ බොරුවට. ඔවුන් නෙමෙයි වැඩ කරන්නෙ අඩු පඩියක් ගන්න අහිංසක එවුන්. උංට පඩිත් නෑ සාදාරන විදිහකට. සමහරු ස්ථිර නෑ හැබැයි මරවලා වැඩ ගන්නවා. මේ හැම දේම ගන්න එවුන් ට මොරාල් නග්ගන්න තව ටේ‍්‍රනින්. ඔය වාගෙ පඩි අපිට තිබුනා නම් අපි දන්නවා මේ ආයතනයේ අද වෙනකොට  දියුනු කරන විදිහ.



ඔය එඞ්වඞ් සහ ක්ලැරන්ස් එකතු වෙලා මොන මොන දේවල් කරන්න හැදුවාද. ටෝනි ඒ එකකටවත් ඉඩදුන්නෙ නෑ එදා. ඔය දෙන්නාව පුටු දෙකක වාඩිකරවලා පඩි දි දි හිටියා. මොකද වැඩ දන්න අයයි වැඩ නොදන්න අයයි ඒ මනස්සයා හොදට අදුනාගෙන තමා හිටියෙ.



මේ දෙන්නායි අර ඩුඑයිට් කියන හාදයායි එකතු උනොත් ආය එතන ගන්න දෙයක් නෑ. වැඩක් කරන්න දන්නෙත් නෑ කරන එකාලට කරන්න දෙන්නෙ ත් නෑ.



දැන් බලන්න ඉන්දියන් ප්‍රොජෙක්ට් එක 2013 දී ටෝනි තමා හරූන් කාරයාව දාලා පටන් ගත්තෙ. මාසෙකට සැරයක් ඔය එඞ්වඞ් සහ ක්ලැරන්ස් මඩකලපු ගියානෙ. මොනවාද ගිහින් කලේ. ගෙයක් දෙකක් බලලා ඔපිස් එකේ පයිල් ටිකක් බලලා වැඩ කරන උන් එක්ක කතා කරාම හිතනවා ඒක තමා වැඬේ කියලා. වැඬේ නොදන්න අයත් එහෙමම හිතනවා. මොකද මෙයාලා අදාල විෂයට  අනුකුූලව භාවිතා වෙන වචන දන්නවා. ඒ වචන ඒ ඒ තැන් වලට දාලා මහාචාර්ය වරු වාගෙ කතා කරනවා. ඔච්චරයි.වැඬේ එක තැන පල් වෙනවා.

වැඩක් කරන්න දන්න උන්ට මේ කට්ටිය කවදාවත් ඉදිරියට යන්න දෙන්නෙ නෑ. එහෙම ගියොත් ඔක්කොම අයගෙ රෙදි ගැලවෙනවා. 2014 අවසාන වෙනකොට ගෙවල් කීයක්ද කලේ....

අධ්‍යක්‍ෂතුමා ආවාම 2014 තමා අළුතින්ම ත‍්‍රිකුණාමලේ ගෙවල් පටන් ගත්තෙ. ඒක ඔබතුමා බාරයේ තියෙන්නෙ. ඒකෙ ප්‍රෝග‍්‍රෑම් මැනේජර් එඞ්වඞ්. දැනට අවුරුද්දක්ම ගියා. මොකද වෙලා තියෙන්නෙ.ගෙවල් කීයක් ඉවරද.. වැඬේ තාමත් එකතැන. එතකොට ඩුඑයිට් ඇවිත් කියනා ත‍්‍රිකුණාමලය කට්ටියට මාස 6 න් ගෙවල් ඉවර කරන්න කියලා. ඒකද අපේ එකවුන්ට් එකේ වැඬේ.

අධ්‍යක්‍ෂතුමාට බාරදුන්නාද ප්‍රෝග‍්‍රෑම් මැනේජර් මේ  ත‍්‍රිකුණාමලේ ගෙවල් සම්බන්ධව ප්‍රෝග‍්‍රෑම් එකක්. එහෙනම් කොහොමද පටන් ගත්තෙ. අඩුම ගානෙ මේකවත් හිතලා බලන්න....



මන්නාරෙමි ගෙවල් කහගල්ල මොන තරම් අපූරුවට කරගෙන ගියාද.. බෝඞ් එක හරි මොන එකකට හරි නැවැත්තුවා. ආය පටන් ගත්තා. ඒ පටන් ගත්තෙ එකවුන්ට් එකේ කට්ටිය. ඇයි ඒ... හිතුවා කහගල්ල සල්ලි හොරකම් කරනවා.. අර කොටේෂන් නෑ මේ රිපෝට් නෑ.. මූ ගහනවා... අනික් එච් ආර් සී කෝඩිනේටර්ලා වාහන නැතුව ව්‍යාපෘති කරන්නෙත් නෑ කහගල්ල එහෙම නෙමෙයි. අද ගාල්ලට යන්න කියන්න. යනවා. හෙට මන්නාරමට යන්න කියන්න. යනවා. අනිද්දා කොළඹට එන්න කියන්න. එනවා. මෙයා මෙහෙම කරන්නෙ මෙතනින් වාසි තියන නිසා කියලා අනිත් අය ඩුඑයිට්ට කියපුවාම මිනිහා ඒකට අත ගහනවා. දැන් කොළඹ ඉදන් මන්නාරමේ ගෙවල් හදනවා. කහගල්ල වැඩ බලනවා.



අධ්‍යක්‍ෂතුමාට තාමත් මේවා තේරුම් ගන්න බැරි කම ගැන හරිම කනගාටුයි...



මෙයාලා කරන්නෙ ආයතනය තුල තමන්ගෙ රුකියාව ආරක්‍ෂා කරගෙන ඉන්න එක විතරයි. වෙන කිසිම දෙයක් දන්නෙ නෑ. ඉංග‍්‍රීසි දන්නවා හොදට. එච්චරයි.



ආයතනයේ සේවකයෙක්ගෙ දුක වේදනාව හදුනන්නෙ නැති ඔය කට්ටිය කොහොමද ඉතිරි ටික කරන්නෙ.

එක් දිනක් ආගන්තකයෙක් ...ආයතනයට ගොඩනැගුනේ එහි සෙවය කරනා අයගේ විස්තර සහ හැකියාවන් මෙන්ම ඒවාට සාපේක්‍ෂව ඔවුන් ලබන්නාවු වේතන ගැනද දැනගැනීමටය. පලමුවෙන්ම ඔහු හමුවන්නට ගියේ එම ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික මහත්මියක්ය   ඇයව මුනගැසී ඔහු ඒ ප‍්‍රශ්ණය ඉදිරිපත් කල අතර ඇය පිලිවෙලින් පහත ආකාරයට උත්තර සපයන ලදි.

පලමුවෙන්ම ඔහු තමන්ට ඇතුළුවීමට ගේට්ටුව විවෘත කල පුද්ගලයා ගැන විමසන ලදි

ආ එයා තමා වොචර්  එයාට වැටුප රුප්යල් 16000 ක් දෙනවා. එයාට සිංහල දෙමල සහ තරමක් දුරට ඉංග‍්‍රී‍්‍රසිත් පුළුවන්. එයාට මෙතනම නවතින්න කාමරයක්ු තියනවා. මෙතන හැම වාහනයක්ම වගෙම හැම උපකරන සහ බඩුබාහිරාදිය එයාගේ අනුදැනුම ඇතිව තමා බැහැරට ගෙනයන්න පුළුවන්

තමන්ට තේ කෝප්පයක් රුගෙන ආ පුද්ගලයා පිළිඹද විමසන ලද්දේ ය

එයා මේ ආයතනයේ කාරියාල කාර්ය සහායක. එයා රුපියල් 20000 කට ආසන්න වැටුපත් උපයනවා. එයා නොකරන වැඩක් නෑ . තේ හදනවා. පොටෝ කොපි මැෂින් එක බාරව ඉන්නෙ එයා. කඬේට ගිහින් ආයතනයට අවශ්‍ය ල්ිපි ද්‍රව්‍ය සහ අනිකුත් තෙ වලට ද්‍රව්‍ය ගේනනෙත් ඔහු. ඔහුට පාවිච්චි කරන්න යතුරු පැදියක් තියනවා. ඔහුටත් සිංහල දෙමල සහ තරමක් දුරට ඉංග‍්‍රී‍්‍රසිත් පුළුවන්. සමහර වෙලාවට ආයතනයේ අයට දිවා ආහාර පවා ඉතාම සුළු මුදකට ඔහුම උයා පිහා දෙනවා. ලිපි තැපැල් කිරීම වාගේ සියල්ල ඔහු බාරයේ තමා තියෙන්නෙ.

එවිටම මොටර් සයිකලයකින් පැමින පොත් පත් රුගෙන විඩාබරව ආයතනයට තුලට ඉක්මනින් ඇවිද ගිය පුද්ගලයා ගැන ඔහු විමසිලිමත් විය. 

එයා නිකුත් කල ණය වාරික එකතු කරන නිළධාරි මහතෙක්. ඔහුට යතුරු පැදියක් දීලා තියෙනවා. මේ වාගෙ කීප දෙනෙක් දැනට ඉන්නවා. එයාලා තමා සෑම අනුබද්ධිතයකම ණය එකතු කරන්නෙ. එක්කෙනෙක් දිනකට කිලෝමීටර 150 ක් විතර ගමන් කරනවා. වැටුප් මට්ටම් වෙනස් රුපියල් 15000 ත් 20000 ත් අතර තමා ලැබෙන්නෙ. සෑහෙන් පලපුරුද්දක් ඇතිව තමා මේ දේ කරන්නෙ. ණයක් ආපසු ගන්න පුදුම මහන්සියක් වෙන්නෙ.  මොකද ණය මෙතෙක් කල් දුන්න ක‍්‍රමවේදය හරහා විශාල දුර්වලකම් තියන නිසා. ඒ හැම අර්බුදයක්ම වැටෙන්නෙ ණය එකතු කරන මේ අයගෙ පිටට.


මීලගට ඔහු අත්දික්කර පුද්ගලයෙක් පෙන්වීය. ඔහු සිටියේ ලිපිගොනු කීපයකට මැදිවය. 


ඒ සම්බන්ධීකරන නිළධාරියෙක්. වැටුප රුපියල් 25000 ඉදලා 30000 වෙනකම් මට්ටම් වල අය. දැන් ඔය කරන්නෙ ණය පෝරම් වගයක් පුරවනවා. ඔතන හොද හැකියාවන් තිබෙන අය කීපදෙනෙක් ඉන්නවා. ග‍්‍රාම සංවර්ධනය ගැන මනා පුහුණුවක් ලත් අයත් ඉදිකිරීම් ගැන හසල දැනුමක් තිබෙන අයත් ඒ අතර. වාර්තා කරනයේ මනා හැකියාවක් තිබෙන අයත් ඉන්නා. හැබැයි මෙලෝදෙයක් කරන්න බැරි හැබැයි කයිය ගහන කීප දෙනෙකුත් ඉන්නවා.

කාමරයකට වී පරිඝනකයක් ඉදිරියේ වාඩිවී අන්තර්ජාලයේ සැරිසරන්නෙක් දැක විමසීය

ඒ වැඩසටහන් කළමනාකාරවරයෙක්. පඩිය රුපියල් 70000 ක් විතර ගන්නවා. අනිත් අය කරන වැඩ පිළිඹද වාර්තාවක් අධ්‍යක්‍ෂක තුමාට යවන එක විතරයි කරන්නෙ. ඉංග‍්‍රීස් විතරයි දන්නෙ.
ඇයි එහෙම අයෙකුට එච්චර වැටුපක් දෙන්නෙ අනිත් අයට එහෙම කලාම අසාධාරනක් වෙනවානේද

මෙතන කොහොමටත් අසාධාරනකම් වෙනවා. ඔය වාගේ කීප දෙනෙක්ම ඉන්නවා මෙලෝ වැඩක් දන්නෙ නෑ හැබැයි වැටුප නම් රුපියල් 60000 පැනලා ගන්න අය. ඒ සේරම දේවස්ථන වලින් ගෑනු අරන් ලෝගු ඇරලා එලියට ගිය අය. දන්නෙ ඉංග‍්‍රීස් විතරයි. අඩුම ගානෙ බයිබලයේ තියෙන්නෙ මොනවාද කියලත් දන්නෙ නෑ. අමු හරක්.

අර ටේප් එකක් අරන් යන්නේ

ඒ ඉදිකිරීම් සුපරීක්‍ෂක එයා රුපියල් 40000ක් විතර ගන්නවා. එයා නැත්නම් රුපියල් 70000ක් වැටුප් ගන්න ඉංජිනේරුවරයාත් ඉවරයි. ඉංජිනේරුවරයාට තියෙන්නෙ ඉදිකිරීම් ගැන සාමාන්‍ය ඩිප්ලෝමා එකක් විතරයි. න්‍යායාත්මක වශයෙන් ඒ මිනිහා නොදන්න අටමගලයක් නෑ. හැබැයි ප‍්‍රායෝගික තලයේදී මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඒයා ඔක්කොම කරන්නෙ අර ඉදිකිරීම් සුපරීක්‍ෂක තමයි. නමුත් ඒකාට ජාතික ඉංජිනේරුවරය ක්යලි බර පඩියක් ගෙවනවා.

එතකොට කැල්කියුලේටර් බෙල්ලෙ එල්ලාගෙන ඉන්න අය

ඒ මුල්‍ය අංශය. අර කලින් කතාකරපු ණය වාරික එකතු කරන නිළධාරි මහත්තයා ගේ ණ්‍ය වාර්තා අරගෙන ඒක විශලේශනය කරන එක, වැටුප් හදන එක වාගෙ වැඩ තමා තියෙන්නෙ. එයාලාත් 50000 ක්  විතර ගන්නවා. පහල මට්ටමේ අය කරන වැඩ සහ වියදම් තක්සේරු කිරීම තමා ප‍්‍රධාන කාර්ය. එතකොට පහල එවුන්ගෙ තේවියදම් ගමන්වියදම කපන්නෙත් මෙයාලා.


එතකොට ලොක්කා

එයාටත් රුපියල් ලක්‍ෂයක් විතර ලැබෙනවා. එයාට තියෙන්නෙ වැඩ නොකරන උන්ට කොහෙන් හරි වැටුප් දීලා තියාගන්න එක