Tuesday, February 17, 2015




කළමනාකරණය කරන්නා

කළමනාකාරවරයා යනු ආයතනයේ හෝ සංවිධානයේ මෙන්ම  ඕනාම ව්‍යාපෘතියක අවසාන ප‍්‍රථිඵලයට වගකියන් පුද්ගලයා වේ.
මෙහි වගකීම සුළුපටු එකක් නොවේ. දවස අවසානයේ, සතිය අවසානයේ, මාසය අවසානයේ මෙන්ම කාර්තුව අවසානයේ දී හා අදාල වැඩ සටහන අවසානයේදීද අදාල අවසාන ප‍්‍රථිඵලය වෙනුවෙන් හිමිකාරීත්වයට වග උත්තර බැදීමට සිදුවීම අනිවාර්යය දෙයක්.   මේ නිසාම අන් සියළු තනතුරු දරන්නන්ට වඩා කළමණාකරු බොහෝ කරුණු කාරණා අතින් පොහොසතකු විය යුතුයි.
මෙහිදීද ප‍්‍රධාන කාරනා තුනක් වැදගත් වේ....
x    දැනුම
x    හැකියාව
x    ආකල්ප
මෙම කාරණා තුනෙන්ම කලමණාකරුවා පරිණත විය යුතුයි. එසේ පරිණත වූ කළමණාකරුවෙකුගෙන් විද්‍යාමාන වන ගත්ි ලක්‍ෂන පොහොසයක් ඇතත් ඉන්  කීහිපයක් දෙස බලමු.
1. කළමණාකරුවා තමා මින්පෙර නොකල හෝ අත්දැකීම් නොලැබූ දෙයක් අන් අය හට කිරීමට යයි කියා පැවරීමක් කරන්නේ නැත. තමා අනුගමසනය නොකල උපදෙස් මාලාවක් හෝ අන් අය හට පිළිපදින්න කියා කියන්නේ ද නැත. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව අවබෝධ නොකල අයෙක් කිසිකලකත් සාර්ථක කළමණාකරුවෙක්  වන්නේ නැත.
2. ඔහු සෑම අවස්ථාවකදීම තම සහෝදර සේවක කණ්ඩායමේ අදහස් වලට ඉතා  ඕනාකමින් සවන් දී එහි ගත යුතු දෑ සහ සංස්කරනය කල යුත් නොපිරිහෙලා ඉටුකර අදාල ඉලක්කය වෙත ආයතනය රුගෙන යනවා. නම්‍යශීලී බව ආභරනයක් කරගන්නා ඔහු ආයතනයේ හෝ සංවිධානයේ අභිවෘද්ධිය වෙනුවෙන් එකී අදහස් නිසි ලෙස ගලපනවා. ළා පොල් ඉරටුවක් නැමීම පහසු බවත් වියලි පොල් ඉරටුවක් නැමීමේදී එය කැඞී යන බවත් හොදින් දන්නා ඔහු ඵල රහිතදේ වෙනුවන් ඵලක් ඇති දේ කිරිමට පමනක් වෙහෙසෙයි. ඒ නිසාම ලා පොල් ඉරටුවක් වෙන්න නිතරම උත්සාහ දරයි.
3. කියන දේ කරන මෙන්ම කරන දේ කියන කවදාවත් තම සහෝදර සේවකයන් හට බොරු නොකියන මෙන්ම බොරු නොකරන සහ විවිධ පොරොන්දු වලින් තම සාමාජීකයන් රවටන්නේ ද නැත. එමෙන්ම දුන් පොරෝනුද කෙසේ හො ඉෂ්ඨ කිරිමද ඔහු තම ජීවිතවේ වගා කරගත් උතුම් ගුණාංගයකි.
4. තමන්ට ලැබුන ඊ ෙමි්ල් පනිවිඩයකට දුරකථන ඇමතුමකට මෙන්ම එස් එම් එස් එකකට පැය 6 ක් තුලදී හෝ ප‍්‍රතිචාර දක්වයි. එ නිසාම ඔහු තම කාලය රාජකාරීමය වශයෙන් පමනක් නොව පෞද්ගලික ජිවිතයේද කළමණාකරනය කර ඇති බව පසක්වේ. ඒ පමනක්ද නොව ඔහුලෙන් යම් පිලිතුරක් උපදෙසක් බලාපොරොත්තුවෙන් සිටින්නාවූ  ඕනාම අයෙකුට කල්මැරීමට හෝ නැවත් නැවතත් මතක් කිරිමට සිදු නොවන නිසා ඔහු සම්බන්ධව සුබවාදී ආකල්පයෙන් බැලීමට අවකාශ ඇත. කාළ කළමණාකරනයේදී ඔහු අන් අයට වඩා ඉහල සහ පොහොසත් ස්ථානයක සිටී. පැය 24 මගේ වැඩ සදහා මදීයි කියන්නන් අතර ඔහු නැත.
5. තමන්ට තම පාලනාධිකාරියෙන් පැවරී ඇති රාජකාරී සහ වගකීම් සියල්ල ප‍්‍රමුඛතා ගත කරමින් ඒ ඒ අනුව තම කාලය වෙන්කර ඒ ඒ දේවල් අතරින්  හදිසි මෙන්ම වැදගත් ඒවා වෙන් කර ගෙන ඒවා හට ප‍්‍රමුඛතාවය දෙමින් ක‍්‍රියා කරයි. ඒ නිසා ඔහු අතින් කිසි දිනක කිසිම වගකීමක් මග හැරෙන්නෙ නැත.
6. සෑම ජයග‍්‍රහණයක්ම සාමූහික වගකීමක් මත ඉටුවූ බව යයි කීමට සැදී පැහැදී සිටින අතර , කිසිදු විටක තම කළමණාකාරීත්වයේ දක්‍ෂකම නිසා ඒ ඒ ජයග‍්‍රහණයන් ඒ ඒ ප‍්‍රතිඵලයන් ලැබූ බව අන් අය ප‍්‍රකාශ කලත් ඒ පැසසුම් නිසා තමා පොරක් ලෙස නොසිතා කණඩායම් ජයග‍්‍රහණයන් ප‍්‍රථිඵලයන් ලෙස ඒවා හුවා දැක්වීමට තරම් නිහතමානී වෙයි.
7. තමන් සමග වැඩ කරන සාමාජිකයන්ගේ පුදගලිකත්වයට කිසි දිනක හානි නොකරන අතර එයට බාධා නොපමුනයි.
8. එමෙන්ම අන්‍යන්ගේ ආකර්ෂණය ලබා ගත හැකි  ආකාරයට නිතරම හැසිරෙන අතර අවස්ථාවට උචිත ලෙස කතා කරන අතර අවස්ථාවට ඔබින ලෙස ඇදුම් පැළදුම්ද පරිහරනය කරයි. ආහාර පාන ගැනීමේදීද තම අනන්‍යතාවය රුක ගනී.
9. රුකියාවට මෙන් රුකියා ස්ථානයටද ගරු කරමින් තම රුකියාව හෑල්ලූවට ලක්වෙන ආකාරයේ ප‍්‍රථිඵල ලබා දීමට ඉඩ නොදෙයි. වැරුද්දකදී ඒ වැරුද්ද තම කළමණාකාරීත්වයේ වැරුද්දක් යයි පිළිගන්නා ඔහු එය අන් අයට ආදේශ නොකරයි. නිතරම අන් අයගේ කරේ සීනුව බැදීමට බලා සිටින්නා නියම කළමණාකරුවෙන් නොවන බව ප‍්‍රායෝගිකව මෙයින් සනාථවේ
10. ඉවසීම් හොදින් ප‍්‍රගුණ කර ඇති ඔහු  ඕනාම පසුබැස්මකදී ඔලූවේ අත් ගසා දස අතේ කළ්පනා නොකරයි. ඒ ඒ සියල්ලට පිළිතුරක් ඔහු ලග ඇති නිසාය. කිසිදු විටෙක කම්පනයට පත් නොවේ. අසීරු ඉලක්ක කරා යාමට අවශ්‍ය නිසි දැනුම නිතරම ලොව හරහා පොත් පත් හරහා විවිධ කේෂේත‍්‍ර හරහා එක් රුස් කර ගනිමින් යාවත්කාලීන කර ගනී.
11. තමන් යටතේ පෞද්ගලික කැපකිරීම් හා විශේෂ කුසලතා හ හැකියාවන් මත ඒ ඒ ජයග‍්‍රහණ වෙනුවෙන් තම සේවය කැප කළවුනට ඒ ඒ ආකාරයට අගයකිරීම පිරිනැමීමටද පසුබට නොවේ. අන් අය හමුවේ ඒ බැව් ප‍්‍රදර්ශණය කරමින් ඔවුන්ව ධෛර්යමත් කිරීමද අන් සේවකයින් ඒ සදහා උනන්දු කරවීමද ඔහුතේ තවත් චර්යා ධර්මයකි.
12. රුකියාවට අනුබද්ධිත තාක්‍ෂණික හා සාමාජීය දනුම අතින් ප‍්‍රායෝගික හා න්‍යායාත්මක වශයෙන්ද ඔහු පොහොසත්ය. ඒ දැනුම තම ආයතනයේ හෝ සංවිධානයේ අභිවෘද්ධිය සදහා යෙදවීමට ඔහු  කිසිසේත් පසුබට නොවන අතර ඒ දැනුම ගම පහට මට්ටමේ තමා සමග රාජකාරී කරන්නවුනු අතර බෙදා ගැනීමට තරම් ඔහු නිහතමානීද වේ.

වැඩසටහන් කළමණාකරු ගේ අභියෝගයන්
යම් වැඩපිලිවෙලක් සංවර්ධිත ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට නිසි සැලසුමක් ඉදිරිපත් කිරිම.
ව්‍යාපාරයේ දුශ්කරතා මගහැරීමට ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයන් සමග එකගතාවයකට පැමිණීම.
ව්‍යාපාරයට සහභාගීවන සියල්ලන් නිසිලෙස මෙහෙයවීම.
ආයෝජනයේ අගයන් වල ප‍්‍රථිඵල වල නිල වාර්ථා ලබාදීම.
ව්‍යාපාරයේ සියුම් සැලසුම් සහ අරමුණු අතර තරගකාරීත්වයක් වර්ධනය කිරීම.

වැඩසටහන් කළමණාකරු ගේ රුකියා තීව්රත්වය
පුළුල් පරාසයකින් යුක්ත වැඩසටහන් නිසි ලෙස උපදෙස් ලබාදි පාලනය කිරීම.
වැඩසටහනේ පුළුල් ස්වාධිනත්වය පවත්වාගෙන යාම.
මහා පරිමාවේ වැඩසටහන් නිසි ලෙස මෙහෙයවීම.
නිල කටයුතු සහ ක‍්‍රීයා පිලිවෙල  වාර්තා කරනය.
අදාල වැඩසටහන විවිධ උපකරන හා ක‍්‍රමවේදයන් හරහා ඉදිරියට පවත්වාගෙන යාම.

වැඩසටහන් කළමණාකරු ගේ ගේ මූලික යෝග්‍යතාවයන්
විධිමත් සහ සැලසුම් සහගත මෙන් ක‍්‍රමික කල්පනාකාරීත්වය.
තමන්ට පමනත් ආවේනික වන කාර්යශූර භාවයක් සහ උපක‍්‍රමශීලීත්වයක් පැවතීම.
ඉලක්කයට වඩාත් නැඹුරු වූ ප‍්‍රතිඵල ලබා දීමට හැකිවීම.
තම කාර්යය ගැන නිහතමානී බලපුලූවන්කාරකමක් ඇතිවීම.
කණ්ඩායම් ගොඩනැංවීම සහ ඒවා කළමණාකරනය කිරීම.
වැඩසටහන් උපක‍්‍රමිකව සහ සියුම්ව අදාල ව්‍යාපෘතින් සැලසුම් කිරීමේ හැකියාව.
වැඩ සටහනට අනුකූලව ප‍්‍රභල හා  සෘජු තීරන ගැනීමේ හැකියාව මෙන්ම  ඒවා සියයට සීයක් නිවරදී වීම.


No comments:

Post a Comment