Thursday, August 3, 2017

 Older post..



දිනය ජූූලි   12 වෙනි බදාදා


  රාත‍්‍රී බලූ කපුටු දානය ගනිමින් සිටින විටදී ටෙලිපෝනය හැඩවුන අතර එය තිබුනේ ඉහල මාලයේය අප ආහාර ගන්නේ පහලය මා කීප වතාවක්ම දුරකථනය හැඩවුන නිසා කෑම නවතා එය ගොස් බැලූ අතර හෙල්බොඩ වත්තේ දෙවෙනි නිළධාරියා වන ධනුෂ්ක ය මා ආපසු ගත් අතර ඔහු හා සම්බන්ධ වීමෙන් අනතුරුව ප‍්‍රකාශ කලේ මහේෂ් හට ආයේ වත්තට ඒමට ඉඩ නොදෙන බවක් සහ හැබිටාට් ආයතනයට හොද පාඩමක් උගන්වන බවයි. හේතුව නම් මහේෂ් විසින් ඔහු හට එස් එම් එස් එකකින් අන කිරීමක් ආකාරයට ඔහුගේ අවසරයකින් තොරව කිසිදු ගෙවීමක් නොකරන ලෙස කියා සිටීමය. මෙයට ඔහු ප‍්‍රතිචාර දක්වා ඇත්තේ පළමුව මහේෂ්ගේ අම්මා මතක් කර තර්ජනය කර පසුව මේ සම්බන්ධව මහේෂ් ගේ බාස්ලා වන ප‍්‍රභාත්ගේ වැරදි අඩුපාඩු සියල්ල අමාත්‍යාශ මට්ටමින් ඉහලට දැනුම් දීමෙනි.
ධනුෂ්ක විසින් මා හට මේ සියල්ල කීමට හේතුව නම් දිනක් වත්තේ සිදුවූ සිදුවීමක් මා ඔහුට පියවරෙන් පියවර නිසි පරිදි දැනුම් දීම තුලින් ගොඩ නගා ගත් විශ්වාසවන්ත කම නිසාය. ඒ සිදුවීම නම් වත්තේ ත්‍යාගරාජ්ගේ බිරිද බාස්ලාට බැන වැදීමේදී මා ගත් පියවරයි. එදින ඒ සම්බන්ධව ඔහුට දැනුම් දුන්නේ වතුඅධිකාරී වේදමුත්තු මහතා ලෙඩ නිවාඩු ගොස් සිටීම නිසාත් ඔහුගේ දුරකථන අංකය මා ලග නොමැති වීමත් මෙන්ම ඔහු සමග සියළු සම්බන්ධකම් පවත් වන්නේ රෝහිත නිසාත්ය.
ඔහු කතා කරමින් පැවසූවේ මීට පෙරද වත්තේ අයහට මහේෂ් කතා කර ඇත්තේ වත්තේ අයටත් වඩා තදින් අන දෙමින් බවය. ඔහු හැබිටාට් ආයතනයේ අයහ ට එලෙස කතා කලාට වත්තේ අයටත් තමාටත් අන දීම ඔහු කවුද යන්න විමසයි.
මා ප‍්‍රකාශ කලේ ඔබ මේ පිළිඹදව වහාම රෝහිත මහතාට දැනුම් දෙන ලෙසත් මේ සම්බන්ධව එපමන දුරකට නොයා කෙටියෙන් බේරා ගැනීම වඩාත් හොද බවත් කියාය. ඒ ඇයි යන්න විමසු විට මා ප‍්‍රකාශ කලේ අප සියල්ලන් අතින්ම වැරදි සිදුවන බවත්  ඒ ඒ වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යාමට අප සැමට අවස්ථාව ලබා දීම මහත්මා ගතියක් බැවින් ඔවැනි දේවල් අවවාදාත්මක ස්වරයෙන් සාකඡ්චා කර විසදීම වඩාත්ම උචිත බැව් නැත නැවතත් දන්නා අප මේ කල සාකඡ්චාව ගැන රෝහිත මහතාට දන්වන් එපා යයිද කීවෙමි. ඔහුද මේ වන තෙක් එය දන්වා නැත.
පසුව මා කෑම කා කාර්යාලයට පැමිනි විට මහේෂ් සහ එඞ්වර්ඞ් රෝහිත සමග මේ ගැන කතා කරනවා ඇසුනු අතර පසුව ධනුෂ්කද ඔහුට කතා කලාය. රෝහිත ධනුෂ්ක සමග කතා කලේ තමාට ඉදිරියටත් ඔවුන් සමග වත්තේ නිවාස ව්‍යාපෘතිය කල හැකි ආකාරයට සම තමන් බේරෙන ආකාරයට ඉඩ කඩ සාදමිනි. පසුව එඞ්වර්ඞ් හට කතා කර මහේෂ් කතා කරද්දී යම් යම් සීමාවන් ඉක්මවා යන ආකාරයට කතා කිරීම මීට පෙරද කර ඇති බව පැවසීය.
රෝහිත සියලූ කතාවලින් පසුව මා වෙත පැමින ප‍්‍රකාශ කලේ මහේෂ් ප‍්‍රශ්ණයක් හදාගෙන ධන්ෂ්ක සමග ධනුෂ්ක හොදටම බැනලා වත්තට එන්නත් එපා කියලා  මරනවා කියලා  මහේෂ් ඒ කියපුවා රෙකෝඞ් කරගෙන ඒක එඞ්වර්ඞ්ට යවලා  මහේෂ්ගෙ ගෙදර අය මහේෂ්ට අස්වෙන්න කියනවාලූ  අරකලූ මේකලූ  සේරම කීවා  මම අහගෙන හිටියා විතරයි






ජූූලි   14 දින

අද උදේම මම රෝහිත සමග කියාස්ගෙ වාහනේ පී එච් ඞී ටී එකට ගියා රත්වත්තේ මහතාගෙන් අත්සන් ගැනීමට අදාල ලිපිගොනු වලට. එහිදී අපව සුපුරුදු පරිදි විනාඩි 46ක් ප‍්‍රමාද කරලා අත්සන් කලා. එහිදී රත්වත්තේ මහතා විවිධ මාතෘකා ඔස්සේ රාජ්‍ය නොවන සංවිධාන වල වැරදි අඩුපාඩු අක‍්‍රමිකතා ¥ෂණ ගැන කතා කලේ අපටද වක‍්‍රව ඇගිල්ල දිගු කරමින්ය. මිනිසුන්ගෙන් එක් එක් කාරනාවලට ලිපි ලේඛණ ගැනීමෙන් ඔබලා විසදුම් සෙවීමට තැත් කලත් එය අවසානයේ තවත් ප‍්‍රශ්ණයක ආරම්භයක් බවද ඔහු ප‍්‍රකාශ කලේ අත්දැකීම් පෙන්වා දෙමිනි. ඇත්තෙන්ම එය රෝහිතට අලූත් පාඩමක් වූවාට සැකයක් නැත. ඔහු කරන්නට දන්නේ ද එපමනක් බැවින්ය. මා ඒ සම්බන්ධව රත්වත්තේ මහතාට නිහඩවම සිතින් ස්තූතිවන්ත වූවාය. එමෙන්ම ඔහු කී තවත් කරුනක් නිසා මා සිත පිනා ගියේය. එනම් තමන්ට කරදරයක් වෙන වැඩක් කරන්නට නොදෙන නිළධාරීන් හට ඉඩක් ලද විගස  අම්මා මෝ නැතුව කුනුහරපෙන් බැනීමෙන් සිත සන්සුන් වෙන බවය. එය සම්පූර්න ඇත්තය. මාද කරන්නේ එයම නිසා එහි ගුනාගුණ මා දන්නවාය. එය සැබවින්ම ප‍්‍රත්‍යක්‍ෂ අත්දුටු බෙහෙතකි.
එම ආයතනයේ සම්පත් සමග මහේෂ්ගේ ප‍්‍රශ්ණය ගැන කතා කල අතර ඒ සම්බන්ධව ඔහු රත්වත්තේ මහතා සමග කතා කලේ නැත.
පැමිනෙන විටදී වේදමුත්තු මහතාගේ නිවසට ගියේ ඔහුගේ අසනීප තත්වය බැලීමටය. ඒ සදහා ගත් කෙසෙල් සහ ගස්ලබු සදහා ආයතනයෙන් ගෙවීමට අවසර ගත හැකි බව පැවසුවේ කිසිදු හිරිකිතයකින් තොරවය. නමුත් මා ප‍්‍රකාශ කලේ ඒ සදහා අප දෙදෙනා සාමූහික වියදමක් අතින් දැරුවානම් එය වටිනාකමකින් යුක්ත නොවේද යන්නය. නමුත් කුම්මැහියන් හට ඒවා කීමෙන් වන්නේ මගේ රුකියාවේ ආයු කාලය අඩු කර ගන්නා බවට සිතුවිලි පැමිනෙද්දී මා වැරුද්ද කර හමාරය






No comments:

Post a Comment