Sunday, August 6, 2017

 Selfish



ජුලි 30 කැනඩාවෙන් විශ්ව ගම්මාන වැඩසටන වෙනුවෙන් කණ්ඩායමක් ආවා. සෙනසුරාදා ඉරිදා මහෙෂ් වත්තට ගිහින් සියල්ල පිළියෙල කරලා. ඉදිකිරීම් අංශයෙන් හරි අපූරුවට .  රෝහිතයගෙ පැත්තෙන් තියෙන්නෙ වැඩවඑහන් අංශය පිලියෙල කරන්න. නිවාස ලාභීන් ගෙන්නා ගන්න පිලි ගැනීමක් තියන්න. වැඩ කරගෙන යන්න. රෝහිතයා කලේ ගිය බ‍්‍රහස්පතින්දා ඒකත් මහේෂ්ට පවරලා නිවාඩු දාලා ගෙදර ගියා.
ඔන්න 31 සදුදා කැනඩා කන්ඩායම ආවා. වෙනදට අපි ආවාම එන ගමේ උනුත් නෑ එදා. බාස්ලා දෙන්නයි ගෝලයො තුන් හතර දෙනෙකුයි තමා හිටියෙ. කොහොම කොහොම හරි වැඬේ අදට ගොඩ දාගත්තා. 
මහේෂ් සර්වේ එන්න පරක්කු වෙන නිසා  ඉඩම් කට්ටි කරලා සෙනගට දුන්නා. මේක රෝහිතයගෙ හිතට හරි මදි. මහේෂ් තමන්ට අවශ්‍ය දේයි අනවශ්‍ය දේයි සේරම කරන්න ගත්තා ආපු දවසෙ ඉදන්. ඔතනයි ප‍්‍රශ්නෙ. හැබැයි ඒවා සේරම ව්‍යාපෘත්යකට අදාල දේවල් . රෝහිතයා දන්නෙ වාර්තා කරන්න විතරයි. දැන් මහේෂ් ඒකත් කරනවා. කොටා හිතුවා එදා ඉදලම මහේ වැඩ කරලා මිනිහට රිපෝට් කරයි කියලා. මහේෂ් මොකද කලේ කෙලින්ම එඩාටයි දිනේෂ් යවනවා වාර්තාව. එතකොට මූට ලියන්න දෙයක් නෑ . දවස් දෙකකට කලින් ඉන්දියන් නිවාස ව්‍යපෘතියෙ නුන් මාසික වාර්තාව යවන්න උනා. රෝහිතයා මහේෂට කීවා ඒක පුරවලා යවන්න කියලා. මහේෂ් මොකද කලේ ඉදිකිරීම් වලට අදාල දේවල් පමනක් පුරවලා ආපහු යැව්වා කොටාට ඉතුරු ටික වැඩසටහනට අදාලයි ඔයා පුරවන්න කියලා. (මහේෂ එහෙම වැඩත් කරනවා*
31 උදේම වත්තට යන්න තියන නිසා මම පාන්දර 3.30 ට ආවා. මට කොටා කීවා ඉරිදා හවසට එන්න කියලා. ඒ උගෙ කෑම ටිකයි තේ එකයි හදා ගන්න වෙන්න ඇති . මම සදුදා උදේම ආවා. එනකොට මහේෂ ඇවිත් බඩු පටවනවා කැබ් එකකට. සවල් උදලූ තාච්චි එහෙම. කොටා කඬේ ගිහින් තේ බොන්න. මම එතකොට ආවා. 7.30 ට  කියාස්ගෙ වාහනේ අපි ගියා හෝටලේට ගත්ත කණ්ඩායම කෙලින්ම වත්තට. දැන් මම තාම උදේට තේඑකක්වත් බීලා නෑ. කැරි කොටා අහන්නෙත් නෑ. මොකද ඌ තේ බීලානෙ. අෟට බඩගිනි නම් අපිට කතා කරනවා.  ඕක අපි දන්නවා. දැන් වත්තට ගියා. මම තේඑකක් බොන්න තැනක් බලනකොට පැංචයි කොටායි කියාස්ගෙ වෑන් එකේම ආපහු ගියා ටෙන්ට් එකක් හොයන්න. මම නාගරාජ්ගෙ පවුලට කියලා ත‍්‍රීපෝෂ ගුලියක් හදාගෙන කාලා තිස්සටත් එක්ක තේ දෙකක් හදාගෙන බීවා. තිස්ස බිස්කට් පැකට් එකක් කඩලා කමු කීයලා මිනිහගේ බෑග් එකෙන් අරන් මමත් බිස්කට් දෙකක් කෑවා. ආය කැරි කොටා ඒ ගැන වචනයක් කතා කලේ නෑ





පලවෙනිදායි  යි දෙවෙනිදායි  යි මම කාර්යාලයේ වැඩ දෙවෙනි පියවර ලිපි ගොනු යවන්න. ඒවා කරලා තුන්වෙනිදා වත්තට යන්න කතා කලා. මම යනවා මහේෂ් කියාස් සහ කොටා සමග. පුස්සැල්ලාවෙන් මහේෂ් කමු කීවා. රෝහිතයා බඩ රිදෙනවා කියලා වාහනේ නැවතුනා. අපි ගිහින් කාලා ආවා. කොටා මූන පුක කරගෙන ඉන්නවා. හැබැයි මහේෂ කීවෙ  ඕකා කන්නෙ නැත්තෙ අතින් වියදම් කරලා කන්න ලෝබකමේ කියලා. නුවර එලියට ගිහින් මගෙන් හරිනිගෙ නොම්මරේ ඉල්ලනවා කතා කරන්න. මම හරිනිට කතා කරලා ඌට දුන්නා විස්තරෙත් කියලාම. පස්සෙ හරිනි ඇවිත් අපිටත් මොනවා හරි කන් දෙන්නද අහනකොට මම එපා කියද්දි කොටා ඇඹරෙනවා. හරිනිට තේරුනා මූ එදා වගෙම අදත් පෙරේතයි කියලා. මට ඇහැක් ගහලා වාඩිවෙන්න කියලා ගියා. මම ඇහුවා කොටා ගෙන බඬේ අමාරුව නම් චීස් බටර් සෝස් දාපු පිට්සා හොදද කියලා . වචනයක් කීවෙ නෑ. හරිම වැදගත් නම්බුකාර විදිහට කෑවා. අර සුද්දන්ගෙ මුදලින් හරි හරිනිගෙ අතින් වියදම් කරලා හරි දුන්න දානෙ.










4 උදේ මට උන වාගෙ. මම මූට ඒක කීවාම මූ කියනවා මම සදුදා නෑ උන තිබුනට කමක් නෑ කොහොම හරි වැඬේ කරන්න. ඔන්න කැරියගේ කතාව. තමන් යටතේ ඉන්න එවුන් කාලද බීලද උන්ට ලෙඩද ඒවා මේකාට අදාල නෑ. උගේ වැඬේ විතරවි කෙරෙන්න අවශ්‍ය. නන්දනීට විතරයි පවු කියන්නෙ. ඉතිං කොටා 8 ට ගියා පැංචත් එක්ක කැනඩා කණ්ඩායම යන වාහනේම. මම 12ට ගියා. ඒ වෙනකොට මට සහලවලා උන. වෙව්ලනවා. ගෙදර ගියා ඇදට වැටුනා වයිෆ් බලෙන් ඇදන් ගිහින් බේත් අරන් දුන්නා වයිරස් වාගෙ කියලා ඉරිදට අඩු උන් නැත්නම් ඩෙන්ගු චෙක් කරන්න කීවා. මම එවෙලෙද කැරි කොටාට එස් එම් එස් එකක් දැම්මා උන කියලා. මේක ලියන්නෙ 8 වෙනිදා උදේ 6 .

14ට කොටා තාමත් කෝල් කලේ නෑ සැප සනීප අහලා. ඒ උන්ගෙ හැටි. කැරි එඩාත් එහෙමනෙ. මම මන්නාරමේ ඉන්නකොට මාව පිච්චුනා වතුර වැටිලා මම එදත් දාපු එස් එම් එස් එකට අදටත් කතා නෑ හැබැයි දිනේ කතා කලා. මෙතනදි මහේෂ පැයෙන් පැයට කතා කලා බේත් ගත්තද ඇහුවා. අන්න මිනිස්සු.

මමත් පෝන් එක් වහලා දැම්මා ඊයෙ හවස 5 ට. උදේ ඔන් කරපුවාම මේකා ඊයෙ අරගෙන. මම ආව  ඕප් කලා. ඔය අහන්නෙ වැඬේ හර්ද කට්ටිය වැඩ කරන්න සෙට්ද මහේෂ් කතා කලාද අරකද මේකද කියලා මිසක් උඹට මොකද අමාරුද ඒවා නෙමෙයි.

No comments:

Post a Comment