Tuesday, February 28, 2017

මම හැබිටාට් එකට අව දවසේ ඉදලා මට මොන තරම් කෙනෙහිලිකම් ආවත් මගෙ හයියට හිටියා ටයිටස් අයියයි ටෝනි මහත්තයයි. ටයිටස් අයියා මියගියාට පස්සෙ ටෝනි මාව අතහරින්නෙ නැතුව අනිත් අයට හානියකුත් නොකර මගෙන් ෂේප් එකේ වැඩ අරගෙන ඔක්කොමලා ගානට තියා ගත්තා, ඔක්කොමලා කියන්නෙ එඞ්වර්ඞ් රෝහිතයි ෆ‍්‍රැන්සිස් යන අයගෙන් තමා මට ප‍්‍රශ්ණ තිබුනෙ.
 ටෝනිටත් මෙයාලාගෙන් තමා ප‍්‍රශ්ණ තිබුනෙ අවසානයෙදිත්. මොකද ප‍්‍රශ්ණ මතු කර කර හිටපු අනිත් අය විවිධ කාල සීමාවල් වලදි ආයතනයෙන් ඉවත් උනා. මේ අපතයො තුන් දෙනා තමා මෙලෝ දෙයක් කර ගන්න බැරිව අනිත් උන්ට වල කප  කප ඇත්තටම අනිත් උන් කිව්වට මටයි ටයිටස්ටයි තමා ටෝනිට අමතරව ගේමට හිටියෙ. මොකද අපි ටෝනිගෙ මිනිස්සු කියලා මෙයාලා අපිව අංවඩු ගැහැව්වා. හැබැයි අපි හොරකම් කලේ නෑ දෙන වැඬේ හරියට කලා කාටවත් නරකක් කලේ නෑ අපිට නෙමෙයි කතුණු දාගත්තෙ ආයතනයට තමා ගෞරවය ලැබෙන්න වැඩ කලේ. මුංට ඒක ඇල්ලූවෙ නෑ.
පස්සෙ ටෝනිත් ගියාම මම තනිවුනා. එතකොට මට ඇතිවන තත්වය හිතා ගන්න පුලූවන් නෙ නේද ? හැබැයි මාත් ඉතින් දත් තිස්දෙක මැද්දෙ තියන පුවක් කෑල්ල වාගෙ හැපී හැපී හිටියා. මුං මාව හපනකොට හයියෙන් හැපෙන්න කැඩෙන්න වෙන්වෙන්න අවස්ථාවක් නොදී මුං අතරින්ම ගමන් කලා. වෙන විකල්පයකුත් නෑ. මට තව අවුරුදු 4 ක් පමන කාලයක්  තියනවා මෙතන ඉන්න ඊට පස්සෙ ගෙදර එතකං වෙ තැනකට යන්න දගලන්න අවශ්‍ය නෑ කියන ස්ථාවරයෙ තමා මම ඉන්නෙ.
එතකොට ආවා දිනේෂ් කනගරත්නම් කියලා නව අධ්‍යක්‍ෂකවරයෙක්. එයාව ආපු ගමන් එඞ්වර්ඞ් සහ ක්ලැරන්ස් අල්ලා ගත්තා නියමෙට අල්ලාගෙන දුන්නා අපි ගැන  ඇත්තටම මම ගැන වෙන කෙනෙක් ගැන කියන්න අවශ්‍ය නැහැනෙ

No comments:

Post a Comment