Tuesday, February 1, 2011

නිවැරදි පෝෂණය


මෙය ඉතා වැදගත් වගේම සියල්ලන්ගේම ජීවිත වලට වඩාත් සමීප කාරනාවක්  එය නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා  නිවැරදි පෝෂණය යන මාතෘකාවයි  මෙහි වඩාත්ම අවධාරානාත්මක වචන දෙක නම් නිවරදි පෝෂණය වේ

ඇයි අපි එහෙම පවසන්නේ අපිට නිවරදි සෞඛ්‍ය සම්පන්නභාවය ලබා දෙන්න උදා කරලා දෙන්නෙ මේ ලිපිය කියවන 90% ක්ම රුවටිලා බාවිතා කරන වැරදි ආහාර රටාව නොවන නිසා. එය නොමෙයි මේ නිවරදි පෝෂණය කියලා කියන්නෙ. ඒ වාගෙම මේ මාතෘකාවේ තෙක්රුම් කරගත යුතු තවත් කාරනාවක් වන්නේ අද අපේ සමාජයේ බහුතරයක් හුදු  කය දිහා පමනක් බලලා නිරෝගීභාවය තීන්දු කරන ස්භාවයක් තියනවා. සත්‍ය නිරෝගීභාවය යනු වෙන් අප හදුන්වන්නේ එනම් නිවරදි සොඛ්‍ය සම්පන්න භාවය යන්නෙන් අදහස් කරන්නේ කායික සෞඛ්‍ය සම්පන්න කම විතරක්ම නොවේ. එහෙනම් මොකද්ද ...  

කායික සෞඛ්‍ය සම්පන්න කම

මානසික සෞඛ්‍ය සම්පන්න කම

අධ්‍යාත්මික සෞඛ්‍ය සම්පන්න කම

සමාජීය සෞඛ්‍ය සම්පන්න කම

ආර්ථික සෞඛ්‍ය සම්පන්න කම මෙන්ම අලූතෙන් එක්කල සංකල්පය වන්නේ

පාරිසරික  සෞඛ්‍ය සම්පන්න කමයි.

ඇය් අපිට ඩෙංගු හැදෙන්නෙ පාරිසරික  සෞඛ්‍ය සම්පන්න කම නොමැති නිසා නේද? එසේ නම් අප මෙහිදී නිවරදි පෝෂණය කියා හදුන්වන්නේ කුමක්ද? පුලූල් පරාසයක නිවරදි සෞඛ්‍ය සම්පන්න කම යනු කායික මානසික අධ්‍යාත්මික සමාජීය ආර්ථික පාරිසරික නිරෝගී බාවයකට මං පාදන පෝෂණයයි. මෙන්න මේ මූල්ක අවබෝධය සහිතව අප ඉදිරියට යමු. ලෝකයේ මෙතෙක් බිහි වෙලා තියන කුමන වෛද්‍ය විද්‍යාව හෝ කුමන පෝෂණ විද්‍යාව අනුව බැලූවත් නිවරදි පෝෂණ්‍ය නීරෝගී බාවයේ පදනමයි. එමෙන්ම එහි විරුද්ද පැත්තෙන් ගත් කල වැරදි පෝෂණය ලෙඩ රෝග වල පදනමයි. ඒ අනුව අප හට අවධාරනය වන්නේ නිවරදි පෝෂණය යනු නීරෝගීව සිටීමේ රහස යන්න ය.

                 අද අපට මේ කියන කායික මානසික අධ්‍යාත්මික සමාජීය ආර්ථික පාරිසරික නීරෝගී බාවයෙන් යුක්ත නිවරදි පෝෂණ රටාවක් තියනවාද ? අපි ඒගැන තවදුරටත් ප‍්‍රායෝගික මට්ටමෙන් කැරුනු කාරනා කීපයක් සොයා බලමු. ඒ  කරුනු කාරනා පිළිඹදව සාමුහිකව සිතා බලමු. එවිට අප කාටත් පොදු නිගමනයකට පැමිනෙන් පුලූවන් මේ නිවරදි පෝෂණ රටාව ගැන.

පළමු කාරනාව ලෙෂ මෙලෙස සලකා බලමු එනම් අපේ පෝෂණ රටාව නිවරදි නම් අපි මනා සෞඛ්‍ය සම්පන්න ජන සමූහයක් විය යුතුයි. එහිම තවත් පැතිකඩක් වන්නේ අපේ පෝෂණය නිවරදි නම් අපිට වැරදි පෝෂණය නිසා ඇතිවන ලෙඩ රෝග කිසිසේත්ම ඇතිවන්නට ඉඩක් නැත යන්නයි.


සැබෑම සත්‍ය එයද ?



නැහැ කිසිසේත්ම නැහැ අද අපේ පවුල් අපේ සමාජය අපේ රට අපේ සායන වාට්ටු රෝහල් පෞද්ගලික ආරෝග්‍යශාලා පිරිලා ඉතිරිලා ගිහිං තියෙන්නේ වැරදි පෝෂණය නිසා ඇතිවන රෙඩ රෝග නිසා.

මොනවාද මේ ලෙඩ රෝග

දියවැඩියාව

කොලස්ටරෝල් අධික බව

තරබාරුබව

අධි රුධිර පීඩනය

පිළිකා

ගැස්ටයිටි‍්‍රස්

මලබද්ධය නිසා ඇතිවන විවිධ රෝග සහ අර්ශස්

දැඩි කෑම අරුචිය

වැනි දේවල්. මේ සියලූ ලෙඩ රෝග වලට ප‍්‍රධාන හේතු වන්නේ වැරදි ආහාර රටාවත් ඒ හා අත්වැල් බැදගත් වැරදි ජීවන රටාවත් නිසාය.

උදාහරනයක් ලෙස ගතහොත් අද මේ රටේ 20% ක්ම දියවැඩියා රෝගීන් බව හෙලි වෙලා තියනවා. ඒ කියන්නෙ රටේ ඉන්න සෑම හතර දෙනෙක් ගෙන්ම එක් අයෙකුට දියවැඩියාව. දියවැඩියා ගැන සුද්දාගෙ පොතේ මොන විදිහට ලියවිලා තිබුනත් ලංකාවෙ නම් 99%ක්ම හැදෙන්නෙ වැරදි ජීවන රටාව වාගෙම ඒ හා බැදුන අධික විස සහිත ආහාර පරිභෝජන රටාව නිසායි. ඒකට සොබා දහම ලබාදෙන දඬුවමක් ලෙසයි මම දකින්නෙ.

පළමුවෙන්ම  ඔවැනි ලෙඩ රෝග බහුල වීමෙන්ම පෙන්නුම් කරන්නෙ අපි වැරදි ජීවන රටාවකට ඇතුල්වෙලා කියන එක නේද? අපේ පෝෂණයත් වැරදියි කියන එකම නේද ඒ ගැන ඔබම සිතා බලන්න.

දෙවැන්න නම් අද අපේ රටේ ගමේ පාසලේ සිට සුපිරි පාසල දක්වාම බහුලව දකින්න ලැබෙන දෙයක් එනම් උදෑසන රුස්වීමේදී මේ ස්වාභාවික හිරු එලියෙන් විටමින් ඞී පවා ලැබෙන සෞම්‍ය හිරු කිරන මතදීම ඒක වත් දරා ගන්න බැරිව එකා පිට එකා කලන්තෙ දාලා වැටෙනවා. අපි කුඩා කාලේ මෙහෙම ප‍්‍රශ්ණයක් තිබුනාද? ඒ කාලෙ අපි ඉස්කෝලෙ ගියේ මොනවා හරි බඩට දාගෙන හීල් බත් බත් කොස් දෙල් අලබතල කුරහන් මුංඇට කඩල එහෙමත් නැත්නම් ඉදි ආප්ප හරි පිට්ටු හරි දාගෙන තමා ගිාය. අඩුම ගානෙ බඩ පිරෙන්න කොලකැද එකක් හරි ගහලා ගියෙ. නමුත් අද කොහොමද පාසලට යන්නෙ’ මහා ලොකුවට කතා කරන නෙස්ටමෝල්ට් එකෙන් දවස පටන් අරන් නේද ඒ කිරි එක බීලා තමයි ගේමට බහින්නෙ. මේවා මහා උජාරුවෙන් පෙනී සිටිනවා ඒකේ ප‍්‍රථිඵල තමා පාසල් රුස්වීමේදී ලමයා බඬේ මොකුත් නැතුව ළමයා පාසල් රුස්වීමේදී කලන්තෙ දාලා වැටෙනවා.

No comments:

Post a Comment