Monday, February 7, 2011

විශිෂ්ටයා යනු


යමෙක් සුවිශේෂී වන්නේ ඔහු පීඩිත පංතියේ අයෙකු වීම නිසාම නොවේ. යමෙකු

පීඩිත පංතියට අයත් වූ පමණින් ඔහු විශිෂ්ට මිනිසකු බවට පත් නොවේ. ඔහු විශිෂ්ටයකු

වන්නේ ඔහු තුළ වන පංති හැඟීමේ පොහොසත් බව නිසාවෙනි. පීඩිත පංතියට අයත්

බොහෝ අය උත්සාහ ගන්නේ කෙසේ හෝ ඉහළට නැග පුද්ගල විමුක්තිය සොයා

ගැනීමටය. ගෙයක් දොරක්, වාහනයක්, සමාජ තත්වය එවන් අයගේ පරමාදර්ශ වෙයි. මේ

දේවල් පසුපස හඹා යන තරගය තුළ එසේ ලූහු බඳින්නා පියවරක් පියවරක් ගානේ

මනුෂ්‍යත්වයේ ගුණාංග මඟ හළා දමයි අවසන නරුමයෙක් බවට පත්වෙයි. තම පන්තියට

පේ‍්‍රම කරනු වෙනුවට ඔහු එකහෙළා ඊට වෛර කරයි. හෙළා දකියි.

 අතීතය අමතක කර දමයි.


මේ ගැන සරල ආකාරයට කියවමු


අප ජීවත් වන්නේ පන්ති සහිත සමාජයක් තුලය. ඒ අනුව මෙම සමාජය පොහොසත්

හා දුප්පත් වශයෙන් වර්ග කර ඇත. පොහොසත් අය සියලූ ආකාරයේ සමාජීය සහ ආර්ථික

හිමිකම් වලට උරුම කම් කියන අතර දුප්පතුන් පොහොසතුන්ගේ ඒ ආකාර හිමිකම් සහිත

ආයතන වල විවිධ රුකියා කරමින් තම ශ‍්‍රමය විකුණා ගන්නා මුදලින් ජීවත් වෙයි. එම

දුප්පතුන් අතරද අද විශමතා වලින් යුක්ත විවිධ පන්ති බිහිවී ඇත. පොහොසත් අය මෙම

සියලූම දුප්පතුන් හසුරවයි. එසේම මෙම දුප්පත් අයගේ කර මත සිටින තාක් කල්

පොහොසත් අය විරාජමාන වෙයි. පොහොසතුන් විසින් දුප්පතුන්ව විවිධ ආකාරයෙන්

ග‍්‍රහනයට ලක්කර තම උවමනාවන් ඉටුකර ගනී. දුප්පත් අය මේ ගැන තේරුම් ගෙන

තමන්ටම සේවය කර දුප්පත් කමෙන් අත් මිදීමට එක් වුවහොත් පොහොසත් අයහට තම

ජීවන ක‍්‍රමය අවසාන කර ගැනුමට සිදුවේ. එම නිසා කවර ආකාරයකින් හෝ කවර

අංශයකින් හෝ කුෂලතා ඇති දුප්පතුන් තම වසඟයට ගැනීමට මෙම පොහොසන් ක‍්‍රියා

කරයි මෙහි යථාර්තය දකින පුද්ගලයෝද සිටී. ඔවුහු මෙම යථාර්තය සැබවක් කිරීම සදහා

මෙම සමාජය නමැති ජල ප‍්‍රවාහයේ උඩුගම් බලා පිහිනති.


පොහොසතුන් විසින් දුප්පතුන් විවිධ ක‍්‍රම මාර්ගයෙන් මුලා කොට ඇත. ඒ අනුව

පිලේ පැලේ ඉපිදි හැදී වැඩුනු ගම්බද ජනතාව පමනක් නොව නගරබද වෙසෙන දුප්පත්

ජනතාවද ඔවුන්ගේ සුරංගනා ලෝකවල මංමුලා කරවති. කළ යුත්තේ කුමක්ද යන්න ගැන

සිතීමට වත් කාල සීමාවක් නොමැති ආකාරයට සියල්ල සකසයි. එම නිසා ඒ ගැන

හැගීමක් ඇතිවන්නේද නැත. ඒ වෙනුවට සිත් කැළඹී ගොස් නිනව් නැතිවෙයි. දුප්පතුන්

හට තම සේවය නිමවී ලැබෙන එකම නිවාඩුව නම් ආපසු ගෙදරට එන වේලාව පමනි. ගෙදර

පැමැනි විටද ඇත්තේ තරගයකි. එය නම් එම කාලය තුල අප හට ලබා දෙන විසූක දස්සක

වලින් කුමකින් සැනසෙන්නේද යන්න සිතන්නට සිතන්නට මොලය තවත් කුරුවල් වෙයි.

කාම චිත‍්‍රපට හරසුන් බොල් කතා ඇති ටෙලි නාට්‍ය එෆ් එම් නාලිකා පුවත් පත්

විවිධ ක‍්‍රීඩා සහ අර බාප්පලා මේ තරු තේරීම වැනි වැඩසටහන් මෙන්ම හරහා විවේකයක්

ලැබූ වහාම මනසට හරවත් යමක් නොදී පංච ඉන්ද්‍රියයන් පමනක් පිනවීමට ඇති ස්ථාන

දුප්පත් අයහට එමටය. එවා භුක්ති විදීමට මුදල් සෙවීම පමනක් කල යුතුය. එයටද විවිධ

ඉපැයීම් ක‍්‍රම හදුන්වා දී ඇත එය කරන්නට යන විට අසල්වාසියා නෑයා ගැන සිතීමට ඉඩක්

වේලාවක් නැත. එහෙම සිතන්නේ නම් මුදල් හරි හම්බ කිරීමට නොහැක. එයාකාරව එම

ක‍්‍රමයේ රුදී සිටින විට අප හට දැනෙන අනාරක්‍ෂිත භාවය සුරක්‍ෂිත කිරීම සදහා රක්‍ෂන

සමාගම් අප වටා පෙල ගැසී ඇත. එයින්ද රුකියා අවස්ථා ලැබී තවත් පිරිසක් තම

ජීවනෝපාය සකසා ගනී.


මෙයාකාරයට පල් ගද සහිත මේ මඩ වලේ අපද පනුවන් බවට පත්වී ඇත. අප හට

ගද කුමක්ද සුවද කුමක්ද කියා වත් තේරුමක් නැත. ගදටද සුවදම යයි කියා තර්ක කර

තම සහෝදර ජනයා අතරද ලූලා නැති වලට කනයන් වන පන්ඩිතයන් එමටය. තමුන් මෙම

සමාජ ක‍්‍රමයේ වහලූන බවට පත් කර ඇති බව නොව තමුන් මෙම ක‍්‍රමය පවත්වාගෙන

යන්නවුන් බවම සිතයි.


ඔවුන් තමා ඉපිද හැදී වැඩුන ඒ සරල අසරන පරිසරය හා වටාපිටාව තුල තමා

සමග එකට ජීවිත ගැටගසාගත් තම මව පියා සහ සහෝදර වර්ගයා ගැන සිතන්නට

හැකියාවක් ඇති ඔවුන් කුසට අහරක් නොමැතිව සිටි ගතට ඇදුමක් නොමැතිව සිටි

ලමුන්ට පාසල්යාමට අවශ්‍යතා පිරිමසා ගැනීමට නොහැතකිව සිටි ලෙඩට දුකට බෙහෙතක්

ගැනීමට වත්කමක් නොමැතිව සිටි තම සහෝදර සමුහයා සමග  විදි ඒ දුක් කම්කටොලූ ගැන මදක් හෝ යලි මතකයට නගනු හැකියාවක් ඇති ඔහු කිසියම් හේතුවක් නිසා රුකියාවක් කරමින්

එදාට වඩා ආර්ථික වශයෙන් යහපත් යයි සමාජය පිළිගන්නා තැනකට පැමින ඇත. ඒ

සියල්ලට යටින් තමා කරන්නේ කුමක්ද යන්න ගැන දැඩි පිලිකුලක් තමා වෙතම ඇති අතර

එය මතුපිටට ඒමට නොදී බොරු ආටෝප වලින් වසා ගෙන ඇත. ලැබෙන වැටුප හෝ

වෙනත් දීමනා වෙනුවෙන් තම ජීවිතය පොහොසතුන් හා බලයේ ඉන්නා පාලකයින්ට උකස්

කර ඇති බව වැටී ඇතත් එයම හිස් කමක් ඇතුව භුක්ති විදී. ඉද හිට ඇරෙන හෘදය මේ

බව තම සහෝදර ජනයා හරහා මතක් කිරීමේදි තම සරුවාංගයම රත් වන්නේ මේ

නිසාවෙනි. මෙය සැබවින්ම පිළිකුලක් මෙන්ම විශාල වදයක්ය. එය වැඩිවන්නේ තමා සහ

තම වර්ගයා වෙත මෙම බර පටවන දේශපාලකයන් කරන්නාවූ සියල්ල හරි යයි තමාටම

පවසා ගනිමින් එම බොරුව උදෙසා ගුන ගයන්නට වීමේ දීය.


නමුත් මෙයින් ඔහුගේ පැවැත්ම තහවුරු වේ. පාලකයන්ගේ ගුණ වර්නනා කරන

නිසා ඔහුද විශාල මිනිසෙක් ලෙස දිස්වේ.


එහෙත් සැබෑ මිනිසා තම පැවැත්ම උදෙසා බොරුව ප‍්‍රතික්‍ෂේප කරයි. එම බොරුව

නිරුවත් කර ඇත්ත හෙලි තරයි. පඩුරු පාක්කුඩම් වලට තමාවම විකුණා නොගනී. තම

වර්ගයාද නොවිකුනයි.


ඔහු විශිෂ්ඨයෙකි


පෙරදී ලියා ඇති පරිදි යමෙක් කිසියම් හේතුවක් නිසා රුකියාවක් කරමින් තමාගේ

මුල් කාලයට වඩා අද ආර්ථික වශයෙන් යහපත් යයි සමාජය පිළිගන්නා තැනකට පැමින

ඇතැයි සිතමු. පොදුවේ ශක්තිය ඇත්තා හැකියාව ඇත්තා කුසලතා ඇත්තා

පොහොසතුන්ට ආවඩමින් තම වර්ගයා අමතක කර ආත්මාර්තකාමී ලෙස පොහොසතුන්ගේ

රුකවරනය උදෙසා මුදල් නිසා කැප වන්නේ නම් දුප්පත් අසරන යන් හට කාගේ

පිළිසරනක්ද ? මේ ආකාරයට දුප්පත් අසරනයා හැමදාම පිළිසරනක් නැත්තෝ වෙති. මේ

කරුන් කාරනා සියල්ල තුලදීත් ඉන් පිටතත් තම වර්ගයාට සෙත සැලසීමට තැත් කරන්නා

විශිෂ්ඨයෙකි.


විවිධ ආකාරයේ ගෙවල් මාලිගා ලෙස බබලමින් ඇත. පොදු අසරන ජනයා ණය වී

හදාගත් මාලිගා වැනි තවමත් තමන්ට හිමි නොවූ පැල්පත් වල සැපසේ දුක් විදින්නේ එය

දුකක් කියා නොමදැනය. අත්තම රජමාලිගා වල වෙසෙන්නන්ද සිටී. ඔවුන් නිතරම ඉහල

බකමින් තවත් ඉහලට යන නිසා පහත ලෝකය එතරම් ගනන් ගන්නේ නැත. ඔවුන් කැමති

තවත් සැප භුක්ත’ි විදීමටය. මෙම පොහොසතුන් රස මසවුළු භුක්තිවිදිති. ඔවුනට මේ

කාමභෝගී ජිවිතයේ අවසානයක් නොමැත. ඔවුන්ගේ ජීවිත සැනකෙලි සිරි ගනී.

දුප්පතුන්ගේ ශ‍්‍රමය මුදල් බවට පත්වී එම ධනයෙන් සහ රටේ ඇති සම්පත් නාස්ති කරමින්

අන්ත කාමභෝගී ජීවිතයක් ගත කරති. ඔවුනට දුප්පත් අසරන අයගේ දුක නොදැනේ.

නොපෙනේ. ඔවුන් සිටින්නේ මවාගත් ලෝක වලය. ඔම මනෝ ලෝකය පවත්වාගෙන යන්නේ

දුප්පත් අසරන අයගේ මහන්සියෙනි. මුදලිනි. පොහොසතුන්ගේ ලෝකය බොරුවෙන්

වංචාවෙන් පිරී ඇත. සෑම තැනකම රුවටීමය. සියල්ලන් සියළු දෙනාම රවටයි. තමනුත්

රුවටෙයි. ඉහල සිට පහලටත් පහල සිට ඉහලටත් රුවටීම ය. මේ කුමක් සදහාද ?

පොහොසතුන්ගේ පංචඉන්දි‍්‍රයන් පිනවීමේ සුඛ විහරණය සදහාමය. මේ රුවටිලිකාර

බොරුකාර වංචාකාර ආත්මාර්තකාමී නඩයෙන් දුප්පතුනට ගැලවීමක් නොමැත.

ඒ නඩය කා බී සතුටින් සිටින විට කායික සංතර්පන වලින්ද පසුව අවුළුපත් ලෙස

මානසික සන්තර්පනය සදහා තලූ මරමින් රස විදිමට ආගමික මගපෙන්වන්නන් සහ ප‍්‍රශස්ති

ගායනා කරන්නාවූ වන්දි බට්ටයින් විසින් මිහිරි මුසා බස් තෙපලයි. අන් ආකාරයකට දුප්පත්

පොදු ජනතාවටද පොහොසත් දේශපාලක නායකයන්ගේ කාර්යභාරය ගැන  මුසාවම

තෙපලයි. ඒවා අසා තලූ ගසා මානසික සුවය ලබන්නෝ එමටය.

මේවාට මුලා නොවී දුප්පත් ජනතාවට ඇත්ත පවසා ඔවුන්ගේ ස්ථානය ඔවුන්ට ලබා

දීමට වෙහෙස වන්නා විශිෂ්ඨය.










No comments:

Post a Comment