Wednesday, February 9, 2011

අපි ගහමු, අපි ගහමු, තුටින- තුටින- ජොලිය දමාලා



ලන්කා ඊ නිව්ස් කාර්යාලය ගිනි තබා තිබේ. එය මේ මොහොතට අදාල නවමු සිදුවීම නොවූවත් එය මේ වන විට වූ මාධ්‍ය අරඹයා සිදුවන ලද බරපතල සිදුවීමකි. සිරස කැමරා ශිල්පියාටද සත්තමක් දමා කැමරාව පැහැරගෙන ඇත. තවත් සුතුල ශරීරයක් ඇති මාධ්‍යවේදියෙක් පජචින් බෑගයක් කර ඇත. මෙවැනි සිදුවීම් ගැන 88 -89 කාලයේ සිටම සිදුවෙද්දී ඒ ගැන කතා කලවුන් බොහෝ ය. ඒ කතා කලවුන්ගෙන් උද්ඝෝෂණ කල වුන් ගෙන අද මේ සිද්ධිය ගැන කතා කරන්නට එන්නේ කීයෙන් කී දෙනෙක්ද යන්න පෙනෙන විට අප හට දැනෙන්නේ සිතෙන්නේ කුමක්ද යන්න ගැන සිතාගැනීමටත් නොහැක.



       ඝාතන ගැනද අතුරුදහන් කිරීම් ගැන මෙන්ම මාධ්‍ය මර්දනය ගැනද අද කතා කරන්නේ එකම කුඩා කණ්ඩායමක් පමනි. ඒ අතරද නිවෙන පත්තුවෙන එලිමෙන් කීප දෙනෙක්ද යති එති. ඔවුන් එන්නේ ජනප‍්‍රිය වීමට පමනි. යන්නේ වාසිය සදහාය. ජනරාල් ගේ නිදහස උදෙසා උද්ඝෝෂන කරන්නන් අතරද මෙවැනවුන් බහුලය. එය  එලෙසමය.



       පැහැදිලිවම මේ කුඩා පොකුර ලේක් හවුස් ගිනිතිබ්බොත් එහි මාධ්‍යවේදීන්   ආවත් නොආවත් ඒ සිදුවීමට එරෙහිවද යුක්තිය උදෙසා පෙරට එන බව මා විශ්වාස කරන්නේය.



       එමෙන්ම තම කාර්යාලයට ගිනි තිබ්බත් හඩ නොනගන මාධ්‍යවේදීන්ද ඇති බව අද අප මේ සිදුවීම් හරහා වැටහී නොයාමට තරම් අදබාල නොවෙමු. නමුත් එරෙහිවන එවැනි අයද නැතිවා නොවේ. බහුතරයක් එලෙසය. එයට හේතුව ලෙස මා දකින්නේ ඔවුන්ගේ පෑනේ තීන්ත පිරවීම කරන්නේ ජනතා විරෝධින්වන නිසාය. ඒ තීන්ත වල බර මැනිය නොහැක. ඒවා සැදී ඇත්තේ ජනතාවගේ ලේ සහ කදුලූ හරහාය. පන්නරය ලැබී ඇත්තේ ගින්නෙන් සහ යකඩෙනි.

       නමුත්  ජනතා විරෝධීන්ගේ තීන්ත ඉස්තරම් වන අතර එයින් පරම්පරාවම තෙමා ගත හැක. ඒවා හරු සහැල්ලූය. පාට කර ගත හැක. එයින් ලියන්නට හැක්කේ ප‍්‍රශස්ති පමනි. ඒ, ඒ තීන්ත වල ස්භාවයයි. එයද ඔවුන් දනී. ඒවා පොවන්නට පෙර මේ මාධ්‍යකරුවන් සහ කලාකරුවන් යයි තමන්ම හදුන්වා ගත්තවුන් උගුරට හලා ගනී.



 රාජකීය තීන්ත වලින් යැපීම තරම් සුවයක් ඔවුනට නැත.



       ඔවුන් නොදන්නා දේ නම් මලපහ කරන විටදීද මුත‍්‍රා කරන විටදීද මේ තීන්ත වල පාට ශරීරවලින් එලියට ඒමය. ඒ පාට වලින් ඔවුන් ගේ පශ්චාත්භාගය නැහැවෙන අතර එයින් මොවුන් කවුදැයි බව හැමෝම දන්නා බව ඔවුන්ට නොවැටහෙන්නේ ඔවුන්ගේම අවාසනාවටය.

No comments:

Post a Comment