Tuesday, September 26, 2017


 MAD LEADER

මාසයක් විතර ලියන්නෙ නැතිව හිටියා. ලිව්වා කියලා මම තව තවත් හිත පාර ගන්නවා කොටායි නාකි එඩා එක්කයි වෛර බදිනවා විතරයි කියලා. ඒත් ආයෙත් ලියන්න හිතුනෙ හැමදාහ දීපිකාගෙ මහත්තයා සුරේන් කතා කරනවා ශාන්තත් කතා කරනවා ඞීසනුත් දුක කියනවා  ඇත්තටම මේවා ලියවෙන්න අවශයයයි කවදා හරි් කවුරු හරි කියවන්න මේවා අන්තර්ජාලයේ පාකරන්නම අවශ්‍යයයි අනාගතයේදී
එඩා දැන් උපදේශකවරයෙක් වශයෙන් සතියට දින තුනක් පරන රුකියාව වන වැඩසටහන් කළමණාකරුගෙ වැටුපම අරගෙන එදා සතියට දින පහක් ඇවිත් කරපු බොරු වැඬේ දින තුනක් කරනවා. මාරයි . ඒ එක්කම වැඩසටහන් කළමණාකරුවරයෙක් ගන්න දැන්වීම් දානවා. කාටද පිස්සු කියලා මට හිතාගන්න බෑ
කොටාටත් ඔය ටිකම තමා.  ඕකාවත් සතියට දින තුනක් වතුකරයේ නිවාස සම්බන්ධව උපදේශකවරයෙක් විදිහට බදාදා බ‍්‍රහස්පතින්දා සිකුරාදා ඇවිත් පරන පඩියටම වැඩ කරලා යයි. මම මෙතනම තියාගෙන ඌට කඹුරන්න වෙයි.
හරි හමන් නායකයෙක් නැති උනාම ඔහොමයි
මම කොළඹ ඉන්නකොට මේ දිනේෂ් චෝගම් එකට කිසි තේරුමක් නැතිව වියදම් කරපු විදිහයි ඞී.ජේ. එකක් ඇනවුම්කරලා ටයි කෝට් දාගෙන නටපු නැටිල්ලයි වගේම රජයේ ලාංඡුනය ලගින් හැබිටාට් ලාංඡුනය මුද්‍රණය කරන්න වෙන චාන්ස් එකක් නෑ කියලා මාර ස්වයං වින්දනයක් ගත්ත එකයි දැක්කාම මම දැනගත්තා මේකා අර සමන් කියපන ජාතායෙ එකෙක් තමා කියලා. ඒ වාගෙම ත‍්‍රිකුණාමලයේ ටෙක්නිකල් නිළධාරියෙක් මියගිය වෙලාවෙ හැම තැනම දුව දුව ”මම මොකද දැන් කරන්නෙ මට මෙලෝදෙයක් තේරෙන්නෙ නෑ” කිය කිය දුවනකොටම දැනගත්තා මෙයා මෙතනට නෙමෙයි කොතනටවත් නියකයෙක් විදිහට ගැළපෙන්නෙ නෑ කියලා.
 ඕනාම දෙයකට ලෝස් නැතිව වියදම් කරනවා. ඒක අවශ්‍යද නැද්ද කියලා වගේ වගක් නෑ. ඞී.ජේ. සෙටප් එකක් නැති කිසිම දෙයක් නෑ. මූත් නටනවා මුගෙ ගෑනිත් නටනවා. ඒ මැද්දට නාකි හමා එඩා ඌත් පැනලා නටනවා. වයස 66ක් ඌට, ඒත් නටනවා.
දැන් පවුල් කදවුර ඔක්තෝබර් 5-6-7 යන දින වල. 5වෙනිදා දවල් කෑමෙන් පටන් ගත්තා 7වෙනිදා දවල් කෑමෙන් ඉවර කළා. එක් කාමරයකට දවසකට රුපියල් 24 දාහයි කෑම සමග. දින දෙකකට 458 දාහක්. ඞී ජේ වෙනමම ඌටත් කාමරයක් දෙන්න එපායැ උගෙ ගානට අමතරව. පුතාගෙ යාලූවො දෙන්නෙක් එනවලූ ගිටාර් ගහන්නයි ඩ‍්‍රම් ගහන්නයි උන්ටත් ගෙවන්න අවශ්‍යයි ඒ වාගෙම උන්ටත් 24 දාහ ගානෙ කාමර දෙන්න අවශ්‍යයි. පාස්ටර්ලා දෙන්නෙක් පවුල් එක්කම එනවා එතනත් දින දෙකකට 24 දාහ ගානෙ. එයාලටත් මුදලක් දෙන්න එපායැ. 6 වෙනිදා රූට ට බාබකිවු එකක් දාන්න රුපියල් ලක්‍ෂ 4 හමාරක් යනවලූ. ඊට අමතරව හැමදාම පාස්ටර්ලාගෙ දේශණාවලින් පස්සෙ ස්නැක් සහ ටී වලට හෝටලයේ එක්කෙනෙකුට ගාන 1750 ක් ඒකත් ඇනවුම් කරලා එන්න යන්න වෙනමම ගෙවීම් කරලා වාහන ගන්න ගොඩාක් අය ඉන්නවා කොටා මයියංගනේ ඉදගම එන්න වෑන් එකක් ගනී ඒවාටත් යන්නෙ සල්ලි තමා   කාමර මදි නි්සා අහල පහල හෝටල් වලින් කාමර කීපයක් බුක් කරලා ඒවාත් සල්ලි  ඔක්කොම දැන් බලනකොට රැුපියල් ලක්‍ෂ 55ක් විතර යයිලූ
ටෝනි මෙහෙම කලාද කවදාවත්
මේවා  අහිංසක අයගේ සල්ලි නේද

No comments:

Post a Comment