Tuesday, September 26, 2017


 ගෙවලයෙක් බහිරවයෙක් වාගෙ මෙතනම ඉන්නවා

උදේම බතුයි පරිප්පුයි උූයලා කරවල බැද්දා. කොටා දවල්ටත් එක්කම ඇඹරුවා.
අද එඩා ආවා. කොටා ඌත් එක්ක හෙල්බොඩ ගියා. මම ගම්පොල. ගිහින් එන්නම් කියලා විතරයි කීවෙ. මමත් ලෑස්ති උනා. ගියා ගම්පොල පොටෝ කොපි ගහන තැනට . අවශ්‍ය ඩොකියුමන්ට් එකෙන් 400 ක් ගැහැව්වා. බිලදැම්මා ගෙව්වා . එලවලූ ගත්තා බනිස් ගත්තා අඩු පාඩු ගත්තා කාර්යාලයට ආවා. ඇවිත් හිටියාතේ බීලා එහෙම. කොටා ආවා 2ට විතර. මූට බඩගිනියි වාගෙ. අහනවා කෑම ඊවද කියලා. මම නෑ කියලා සැමන් එකක් ගෙනත් හැදුවා. මම ටිකක් කාලා ඇවිත් චිත‍්‍රපටියක් බලන්න ගත්තා. කොටා බලා ඉදලා අහනවා කමුද කියලා. අන්න එතකොට මමත් හා කියලා නැගිට්ටා.
සැමන් එක යාන්තමට ඉතිරි උනා. ඒක තමා රූට කන්නෙ රිමික්ස් කරලා . වතුර දැම්මා මිරිස් කුඩුයි තුනපහ කුඩුයි දැම්මා රත්කලා එච්චරයි. පාන් එකක් ගෙනාවා. ඒක ගන්න ගියාම කඩෙන් බිත්තර ආප්පයක් ගාලා ප්ලේන්ටියක් බීලා මුදලාලිගෙ නෝනා, පුතා එක්ක චැට් එකක් දාලා තමා ආවෙ,
දවල් කනකොට කොටා කියනවා වත්තට ආපු සල්ලි වල පොලිය ලක්‍ෂ ගානක් තියන නිසා මිනිහා ඉන්දියන් එම්බසි එතේ ලොක්කාට යෝජනාවක් ගෙනාවලූ හදන ගෙවල් 100 න් හොදම ගෙවත්තවත් 10 ට තෑග්ගක් මුදලින් දෙන්න සෙට්කරන්න මිනිහා ප්ලෑන් කරලා තියනවා කියලා. එම්බසි එකේ ලොක්කා ඒකට හරි සතුටුයිලූ.
 මෙතනින් මම ගත්තෙ වෙනමම අදහසක්. ඒ කියන්නෙ කොටා මේ ව්‍යාපෘතිය දාලා යන්නෙ නෑ. ගෙවලයෙක් බහිරවයෙක් වාගෙ මෙතනම ඉන්නවා. මම මෙකන හිටියොත් මේකට උය උයම ඉන්න වෙනවා.

No comments:

Post a Comment