Wednesday, July 12, 2017



මට අද හෙල්බොඩ යං කීවා.. මෙයාගෙ තනියට..මම මොකටද මේ යන්නෙ .. නිකං... මේ හාල් කෑල්ලගෙ තනියට විතරයි... නොගියා කියලා වැඩකුත් නෑ ගියා කියලා වැඩකුත් නෑ.. ඊයෙ ආයෙත් වත්තෙ වැඩ කරනකොට ගන්න කියලා පොතට මිලකැදවීම් ගත්තා.. ඒක අද දෙනවා කීවා.. ඒකත් අමතකයි වත්තට යං කියනකොට.. ඇත්තටම කිසිම පෙර සූදානමක් නැති වැඩසටහනක් හිතලා සැලසුම් කර ගන්න පැරි අපතයෙක්.. මෙච්චර කල් වැඩ කලේ අපිට පිං සිද්ධ වෙන්න

හැබිටාට් එකට ආපු අලුත ඩීසන්  එතකොට ශාන්ත තමා සියල් අතට පයට කරලා දීලා තියෙන්නෙ.. උං වෙලාවකට මා එක්ක මේ සෙරම වමාරන නිසායි මමත් දන්නෙ..මාතලේ ඉන්නකොට නන්දනී සෙනරත් ඔක්කොම කරලා ලගටම ගෙනත්  දුන්නා.. එතකොටත් හරි.. ඊට අමතරව ලමයි බලා ගන්න ඒවා තනියට නොතනියට යන ඒවාත් ගේබ‍්‍රියල් එහෙම කරලා මේකගෙ දුවව මොන්ටිසෝරි එක්කාගෙන යනකොට වාහනේකටත් අහුඋනේ..  දැන් මෙතන ගම්පොල වැඩේට අහුකර ගත්තෙ මාව.. ඒකට පාර හැදුවෙ එඩා..

හැබිටාට් වාගෙ ආයතනයකට හිතලා මතලා වැඩක් කරන්න පුලුවන් ලොක්කෙක් හිටියනම් අද මේ ආයතනය හරහා රටේ මොන තරම් සෙනගකට උදව් කරන්න හැකිවෙලාද..  කෝ ඒකටත් එක්ක මුං.. තමන්ගෙ වපසරිය ඇතුලෙ පමනක් යම් යම් දේවල් කර කර ඉන්නවා මිසක් වැඩිය දුරට හිතන්නෙත් නෑ වෙන එකෙකෙුට හිතලා වැඩක් කරන්න දෙන්නෙත් නෑ




අනික මහා ලොකු ගාම්බීරත්වයක් ආරූඩ කරගෙන තමා ඉන්නෙ.. හරි බැරූරුම් ආකාරයට හැසිරෙන්නෙ... හැබැයි කරන්න යන හැම දෙයක්ම චොර... තනියම කිසි දෙයක් කර ගන්න බෑ.. අතට පයට ඔක්කොම කරලා දෙන්න අවශ්‍යයි අනිත් එවුං..
රෝහිත එඩා මුං දෙන්නාම එකයි... හිතාගෙන ඉන්නෙ මේක පල්ලිය .. අපි උන්ගෙ පල්ලි අප්පුලා කියලා.. 

No comments:

Post a Comment