Wednesday, June 14, 2017

ඒක ඒ සතා ලබා උපන් හැටි ඔයා උනත් ලබන ආත්මේ ඒ වගේ වෙන්න පුලුවන්...ඔයාට ඒ සතා කැත උනා කියලා ඒ සතාව ඝාතනය කරන්න අයිතියක් කොහෙත්ම නෑ අයියේ.. "නංගි අන්න කැරපොත්තෙක් මං ඌව මරලා එන්නම් කියලා..ෆෝන් එක තිබ්බා..
ඒ තප්පර පහට ඔයා ඝාතනය කලා..අඩුම ලෝකෙට වත් ඔයාට වත් කරදරයක් නැති අහිංසක සතෙක් ව..ඌ කරපු වරද කැතට ඉපදුන එකද.. කැතයි කියලා ජීවිතයක් නැති කරන්න පුලුවන්ද... ඌ මොනවද ඔයාගේ කෑවේ.. ඌ විතරයි කිව්වා නේද ඉන්නෙත්..ඔයා හරි ලස්ස්න කෙනෙක්ද
ඔයා කැතයි කියලා කවුරු හරි ඔයාට පොල්ලකින් ගහලා මැරුවොත්..ඒක ප්‍රජාතන්ත්‍රවාදී ද..කවුද ඒ අහිංසක සතාගේ යුක්තිය වෙනුවෙන් කතාකරන්න ඉන්නේ..අයියේ ඒ ප්‍රාන ඝාතනයක්..මොන ආගමේ විදියට උනත් ඒක ඔයාට විදින්න වෙයි...
පොඩි කැරපොත්තෙක් මැරුවා කියලා ඔයාට හිත හදාගන්න බෑ
ඌ වෙනුවෙන් ඒ අහිංසක ජීවිතය වෙනුවෙන් හිමිකම් තියෙද ජනාධිපති කොමිශන් තියෙද..ඔයා උදේට කොස්සෙන් එහාට විසිකලාම ජීවිතයක් ඉවරයි.. ඇත්තටම ස්වබාදර්මයා ගේ ඇතුලේ පිනට ජීවත් වෙන ඔයාට ඒකේ ජීවත් වෙන ඔයා වගේම තව කෙනෙක්ව ඝාතනය කරන්න අයිතියක් නෑ..ඒක අමුම අමු පාපයක්...
..සමහර විට ඌ එනකම් උගේ අම්මා තාම බලාගෙන ඇති..තමන්ගේ පුතා මග මරලා දාලා කියලා ඌ දන්නෙ නැතුව ඇති..මග ලොකුවට අම්මලා බලන් ඉන්න අතරේ මරපු ටයර් වල පුච්චපු ජීවිත ගැන අකුරු කරන ඔයාලා ඇයි මේ අම්මා ගැන නොසිතන්නේ..මිනිස් ජීවිතයක් නොවුන නිසාද..මිනිස්සුන්ට විතරද ජීවිත තියෙන්නේ...

No comments:

Post a Comment