Sunday, May 7, 2017


ආපදා කළමණාකරන වැඩසටහනට මහේෂ්ව ඞීසන්ව සහ ප‍්‍රගීත්ව තෝරාගෙන.  මෙලිෂා කියලා තියනවා ඔය වැඬේට යවන්න තිබුනෙ ඞීසන්වයි චානකවයි විතරයි කියලා. ඒක දීපිකාත් අනුමත කරලා. නමුත් එඩාට අවශ්‍ය දේ කරන්න ලොක්කාත් කැමතිනේ . ඔතන තමා තියෙන අවුල. ලොක්කා කවදා හරි මේක තේරුම් ගනීද ? තේරුම් ගත්තත් වැඩක් වෙයිද? කවුද දන්නෙ. මට මෙතන තියෙන සතුට තමා ඞීසන්ව සහ ප‍්‍රගීත්ව මේ වැඬේට සෙට් උන එක. එු දෙන්නාට හරි අවස්ථාවක් ලැබුනානෙ. ඇත්තටම මට ලැබුන අවස්ථාවනේ එඩා කපලා මහේෂ්ව දැම්මෙ. ඞීසන් හරි  ප‍්‍රගීත්ව හරි කැපුනෙ නැහැනෙ. ඒ දෙන්නාගෙන කෙනෙක් කපලා මහේෂව දැම්මානම් ඒකත් හරි බලූ වැඩක්. මාව ඉතිං කොහොමත් දිනේෂ ආ දවසෙ ඉදලා කැපෙන එකමනෙ උනේ. මට ඒක පුරුදුවෙලා. ගානක් නෑ. එඞ්වර්ඞ් තාත්තා මහේෂ් පුතාට පට්ට සැලකිල්ලක්නෙ තියෙන්නෙ.
මේකෙ ලොක්කට තේරෙන්නෙ නැද්ද මන්දා ඉදිකිරීම් කරන්න දන්න එක වෙනම දෙයක් වැඩසටහන් කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. දෙපාර්තමේන්තු දෙකක් තුල වෙන විෂම කාරනා කටයුතු දෙකක් කියලා වත් තේරුම් ගන්න බැරිකමම තමා. මොකද වැඩසටහන් පිළිඹද පුහුණුවකට තමා මහේෂව කාම්බෝජයට යැව්වෙ. දැන් ආයෙත් මිනිහව යවනවා ආපදා කළමණාකරනයටත්. මෙතන තියෙන්නෙ තමන්ගෙ හිතවත් අයට අවස්තාවක් අනුන්ගෙ සල්ලිවලින් ,අවස්තාවන් වෙන කෙනෙක්ගෙන් හරි උදුරලා අරගෙන දෙන එක....................
කොළඹදි දවසක් දිනේෂ කීවලූ චානක එහෙ උයනවා නේද කියලා එඩා පැනලා කීවලූ නෑ රෝහිතත් උයනවා ගෙබත් උයනවා කියලා හැබැයි ලොක්කා කීවලූ අපි මෙයාලාගෙන් වැඩ ගන්නෙ නෑ ඒක අපරාදයක් කියලා. මම හිතන්නෙ සුජිත් කියන්න ඇති ඔය කතාව. ගෙබයි රෝහිතයි උයනවා අනිත් උන් උයපුවා. ලොක්කාට ටික ටික තේරෙනවා වාගෙ. ඒක තමා රෝහිතයි එඩයි කතා කරද්දි කීවෙ මිනිහ තෙර්ම් ගන්නෙ පරක්කු වෙලා කියලා. එතකොට එඩාටයි රෝහිතටයි අවශ්‍ය දේවල් කරගෙන ඉවරයි. ආයතනයත් ඉවරයි.
මම මේවා කතා කරද්දි යාලූවෙක් එක්ක මගෙ නෝනා අහගෙන ඉන්නවා. පස්සෙ එක දෙයක් විතරක් කියලා කට වහ ගත්තා. ආයෙත් ඒ ගැන මතක් කලෙත් නෑ. ”මුං ලෝගු ඇරලා ඇවිල්ලත් කරන්නෙ බලූ වැඩමනෙ.”

No comments:

Post a Comment