Wednesday, May 3, 2017

මට ගිය ඉරිදා දීපිකා කතා කලා. ආපදා කළමණාකරනය ගැන වැඩමුළුවක් ඉන්දියාවෙ තියෙනවා. ඒකට අපෙන් හැබිටාට් එකෙන් හචර දෙනෙක් ඉල්ලලා තියනවා. හැබිටාට් ඒසි්යා එක. ඉතිං අධ්‍යක්‍ෂක තුමා කීවලූ 3 වෙනි ශ්‍රේණියේ සේවකයන් 3 ක් යවන්න කියලා.  ඉත්න් දීපිකා මගෙ නමත් දාලා.   තව දෙන්නෙක්ගෙ නම් දාලා. ඒ ඞීසන් සහ ප‍්‍රගීත් ගෙ නම්. මේක සීනියර් මැනේජර්ලාට දාපු වෙලාවෙ එඞ්වර්ඞ් මගෙ නම දැක්ක ගමන් කේන්තියෙන් කියලා මෙයා යවන්න එපා කියලා. දීපිකා ඇයි කියලා අහපුවාම කීව කියන්නෙ මගෙ ධාරිතාව මදි කියලා. ඒකට ඩුඑයිට් පන්දම අල්ලලා.  මුං මෙහෙම තමා එදා ඉදලම.
හොදම වැඬේ කියන්නෙ අපේ ජාතික අධ්‍යක්‍ෂක තුමාත් මුං දෙන්නා කියපු එහකට හා හූ නෑ . 

ඊලග වැඩේ තමා ඒකට මහේෂ්ව විතරක් යවන්න කියලා එඩා කියනවලු.. උගෙ ඇට හරියටම මිරිකන්නෙ මහේෂ් විතනෙ....දැන් මේ ක ලියන කොටත් මහේෂ් කාම්බෝජයේ... එතකොට මහේෂ්ගෙ වැටුපත් එක් පාරටම 20000 කින් වැඩිකරන්නත් එඩා දැගලුවා.. අනික තමා මහේෂ්ව සීනියර් මැනේජ්මන්ට් එකටත් දාන්න එඩා මාර ට‍්‍රයි එකක් දෙන්නෙ.. ඒ මෙලිෂාට ගහන්න.. මේකත් මෝඩයා වෙලා ඇන ගන්නවා දවසක් හොට බිම වදින්නම..ඒ එඩාට හිටගෙන දෙන්න ගිහින්..
බොක්කෙන්ම එකගයි.

No comments:

Post a Comment