Friday, August 1, 2014

ආදම් ගේ ඉල ඇටයකින් නිර්මානය කල ඒවා නම් වූ ප‍්‍රථම කාන්තාව පරම වූ පාපයේ එනම් මුළු මානව වර්ගයාගේම පාපයේ ආදී මව පත්කරමින් ඉන් පැවත එන සෑම කාන්තාවක්ම සමාජ ගත කර ඇත්තේ පහත්ම ආකාරයටය.එය තව දුරටත් තහවුරු කිරීම සදහා කුප්පත් නමුත් ධෛර්යසම්පන්න වඩුවෙකු වූ යෝසෙප් විවාහබස් දී සිටි මරියා නම් වූත්, සියලූ දුෂ්ඨකම් වලට විරුද්ධව ඉදිරියට යන තම පුත‍්‍රයාව ඉන් වෙන්කිරීමට වදනක් හො නොබිනූ වූත් ශ්‍රේෂ්ඨ මවක්වූ මරියා කීකරු අහිංසක කාන්තාවක් කරමින් අහිංසක කන්‍යාවක් කරමින් ප‍්‍රතිරුපගත කෙරුනේ පවතින ක‍්‍රමයට එරෙහිය යාමේ ඇගේ ධෛර්යසම්පන්න සටන්කාමීත්වය විකෘති කරමිනි. එලෙස වහල් ක‍්‍රමයෙන් එහාට යමින් වහලිය වූ කාන්තාවද වහලා වූ පිරිමියාද වැඩවසම් සමාජ ක‍්‍රමය තුල තවදුරටත් ප‍්‍රවේණි දාසයා හා ප‍්‍රවේණි දාසිය වෙමින් තවදුරටත් සිරගත කරනු ලැබූවේ ඒ සදහා අවශ්‍ය ආයතනික රාවක්ද ගොඩනගමිනි. ඒ සදහා රදලයා ප‍්‍රමුඛ පාලක පන්තිය විසින් පාලන යාන්ත‍්‍රණයන්ද සමාජ ගත කෙරුනි.
        පාපයේ වගකීම මව්කිරිවල පටන්ම කාන්තා පාර්ශවය මත පැටවීම සහ දහස් සංඛ්‍යාත සමාජ තහංචි මගින් පුරුෂ ආධිපත්‍ය කෙරෙහි වන ඇගේ මෙම යටත්වීම ක‍්‍රියාත්මක වෙන්නේය. මුල්ම ගැහැනිය ගෙස හදුන්වන ඒවා වනාහී මුල්ම පුරුෂයා ලෙස හදුන්වන ආදම්ගේ ඉල ඇටයකින් ඔහුගේ සියලූ ආශාවන් සංතර්පනය සදහා නිර්මානය කරනු ලද්දකැයි විස්වාස කිරීමට අපට සමාජයෙනුත් ශුද්ධවූ ලියවිල්ලෙනුත් බල කොට ඇත. සමස්ත මිනිස් වර්ගයාම වන්දි ගෙවිය යුතු මුල්ම පාපයට ස්ත‍්‍රිය වගකිවයුතු බවත් දෙවියන් හා එම දේව වචනයට කීකරුව සිටීමෙන් එම වගකීමෙන් නිදහස් වන බවටත් විශ්වාස කිරීමට අප පොළඹවා තිබේ.
        මේ අර්ධයෙන් රජය,පවුල, පල්ලිය, පාසල, වැඩපල, ආදී වශයෙන් වූ සෑම සමාජ ආයතනයක්ම හරහා පුරුෂාධපත්‍ය සහ ස්ත‍්‍රීන් යටත් කොට තබා ගැනීම දේහපාලනිකවද ආර්ථිකවද සමිජීයයද සංස්කෘතිකවද බුද්ධිමය වශයෙන්ද බල පවත්වනු ලැබේ.

නමුත් අප කෙටියෙන් එම පසුබිමේ වූ කාන්තාව හට එදා යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ සැලකූ ආකාරය දෙස බලමු.

කාන්තාව/ යේසුස් වහන්සේ

        යේසුස් වහන්සේගේ ලොව පහල වීම බලා සිටි කීප දෙනෙක් අතර කාන්තාවන් 3 දෙනෙක් ගැන අලුත් ගිවිසුම කතා කරනවා. ඒ අන්නා, එලිසබෙත් සහ මරියා වේ. මෙහි දී මරියාතුමියය වඩාත් වැදගත් වන්නේ ඒ එතුමියගේ වයස හා එකල තිබූ සමාජ පසුබිම මත කාන්තාවට මුහුණ දීමට සිදුව තිබූ ගැටළු සහගත බව නිසාය. ඒවාට නිර්භීතව මුහුණ දීමට ඒ එතුමියට තිබූ අප‍්‍රමාණ ශක්තිය නිසායි. ධෛර්යමත්බාවය නිසායි. එකල යුදෙව් කාන්තාවන් විශාල ලෙස පීඩනයකට භාජනය වී සිටිය කොටසක්.

    සිනගෝගයට යාමට අයිතියක් නැත.
    අධ්‍යාපනය ලැබීමට අයිතියක් නැත.
    රැුකියාවක යෙදීමට මිල මුදල් ඉපයීමට හැකියාවක් නැත.
    තමන් දන්නා දේ අන් අයට උගන්වන්න බෑ.
    තමා කැමති කෙනෙක් සම`ග විවාහ වීමට අයිතියක් නෑ.
    තමාට කැමති වයසේ දී විවාහ වීමට අයිතියක් නෑ.
    නඩුවකදී සාක්ෂි දීමට හැකියාවක් නෑ.
    අපිරිසිදු කෙනෙක් ලෙස (මාස් ශුස්ධිය නිසා* ගනන් ගැනේ. හඩ නගා කතාකිරීමට/ සිනාසීමට නොහැක.
    පුතෙක් සිටීනම් පමණක් පුරුෂයා මියගිය පසු ඔහුගේ ගේ දේපලවලට අයිතියක් ඇත.
     අනාචාරයහි යෙදුනා යයි පවසා  ගල් ගසා මරා දැමිය හැක.

        මෙවන් පීඩනයකට, මැදිව සිටින වයස අවුරුදු 16ක් පමණ මරියා තුමිය මෙම සියල්ල විදිමින් දරා ගනිමින් සිටින විටෙක දේව ¥තයා පවසන්නේ ඔබ ‘ගැබ් අරගෙන’ කියාය.
මදකට සිතන්න අන් පුරුෂයෙක් හා සිට අසුවුනහොත් ගල් ගසා මරා දමන සමාජයක  විවාහ නොවූ කාන්තාවක් හට දරුවෙක් ලැබෙන්න යනවා කීම. එය සමාජය දැනගතහොත්  ගල් ගසා මරණ තරමට බලවත් දෙයක් .. නමුත් ඇය ගන්නා තනි තීරණය කෙතරම් ධෛර්ය වන්තද කියා. මුළු ජීවිතයම ඇය ඒ උදෙසා කැප කරනවා. අලූත් ගිවිසුම් එක් ස්ථානයක තිබෙනවා. ඇයව විවාහ ගිවිසීමට සිටි තැනැත්තා වන යෝසෙප් ඇයව රහසින් අත් හරින්න සිතුවා කියා’’ ඒ ඇය ඔහුටද නොකියා ගත් මේ තනි තීරණය නිසාදෝ කියා මා හිතනවා.
        අප එලිසබෙත් දෙස බලමු. මහළු වයසේදී ඇය ගැබ් ගත් බව දේව දුතයා සදහන් ලග විට ඇය ගෙදර සැ`ගවුනා. එළියට පහලියටවත් ආවේ නෑ. ලැජ්ජාවට පත් උනා. ගොලූ උනා. නමුත් ඔවුන් ශුද්ධාත්මයෙන්  පුර්න උනා කියලා කියනවා. ඒ කියන්නේ අප සාමාන්‍ය මනසින් දකින දෙයට වඩා බලවත් දැක්මක් ඔවුන් තුල තිබෙනවා. ඒකයි කාන්තාව අපිරිසිදුයි කියනා පුරුෂ මූලික සමාජ වටපිටාවක කාන්තාවන් හට ශුද්ධාත්මයෙන්  පුර්න වන්න දෙවිදුන් ඉඩ හරින්නේ.
        දරුවාට නම් තැබීමේ දී පවා මුළු බලය එළිසබෙත් තම අතට ගෙන අවට සමාජයේ ඇති නීති රීත්  සමුප‍්‍රදායනුකූල අගයන් සමාජයේ ඇති ඒ හර පද්දතියට පයින් ගසා  ඉවතට ලා දේව කැමැත්තට යටත් වී දරුවාට නම තියනවා. ඇයයි නම තබන්නේ. එතන දී එම ස්තානයේ  පැවති පුරුෂාධිපත්‍ය පවා එය අනුමත කරනවා.
        එමෙන්ම ආනා නම් දිවැස්වැකි  කියන්නිය දෙසද බලමු. දිවැස් වැකි යනු   පුද්ගලික නොව ප‍්‍රසිද්ධියේ පවසන දෙයක්. එකල ආගමික නායකයන්ට පවා බියක් නොමැතිව දේව කැමැත්තට යටත් වී පවතින සම්ප‍්‍රදාය කඩමින් දිවැස්වැකි ප‍්‍රකාශ කරන්න ඇය බිය වූයේ නැත. පැරණි ගිවිසුම් කාන්තාවන් ආනා ටත් වඩා ඉදිරියෙන් සිටිය බව ඒ තුලින් අපට පෙනී යනවා.

ඒ එතුමා  බලාපොරොත්තුව සිටි කන්තාවන්. අපි බලමු එතුමා සම`ග සිටි කාන්තාවන් දෙස මදක්.
        තම මව වන මරියාතුමිය මරණය දක්වා ම එතුමා ලගින් සිටියා. මාර්තා සහ මරියා නම් දෙදෙනක් එතුමා කිට්ටුවෙන්ම ආශ‍්‍රය කළා. සමාරියේ ස්ත‍්‍රීය සහ මද්ගලායේ මරියා අපට අළුත් ගිවිසුම් පෙන්වනවා.
තමන් එතරම් ප‍්‍රසිද්ධ නොමැති නමුත් යේ.ව. සමගින් සිටි එතුමාගේ උපකාර ලබා කාන්තාවන් බොහෝ ගණනක් සිටිනවා.
‘‘ජේසුස්ගේ නැන්දම්මා’’ ඇයගේ කිසිදු ඉල්ලීමක් නොමැතිව නමුත් නිවසේ අන් අයගේ ඉල්ලීම මත ඇයට සුවය ලබා දෙනවා. ඇය සනිප වෙනවා. සුවය ලැබුවායින් පසු  ඇත්තෙන්ම දිව්‍යමය සුවය ලබාගත්තාට පසු ඇය මොකද කලේ නිහඩව ගොස් ඇගේ උපස්ථාන මෙහෙය පටන් ගන්නවා. (අද කරන්නේ සව මෙහෙයන් කියලා යටිගිරියෙන් ශබ්දවාහිනී වලින් යාච්ඥා කරලා සුවය ලැබුවවුන්  මෙතැන රෙදි කඩාගෙන නටන එක. ඊට පස්සේ කරන්නෙත්  ඒ සුවය ලැබූ අයගේ පොටෝ ගහලා ප‍්‍රචාරය කරන එක. *
බයිබලය පැහැදිළිව කියනවා වැඩ නැවැත්වූූ ස්ථානයේ පටන් ඇය වැඩ ආරම්භ කලා කියලා.
‘‘කුදු ස්ති‍්‍රයක්’’ සුව කරලා බැනුම් ඇහුවා. නමුත් එතුමා කියනවා ඇය ආබ‍්‍රහම්ගේ දියණියක්. උඹලා ඒ ආබ‍්‍රහම්ගේ වංශයේ. උඹලාට බැරි උනා උඹලාගේ උරුමයේ දියණියක් සුවකරන්න. ඒක කලාම දොස් කියනවා. මැයත් සුවය ඉල්ලූවේ නෑ. නමුත් උන්වහන්සේ අවශ්‍යතාවයට  මුල් තැන දැන්නා.
‘‘මතලේ රෝගී ස්ති‍්‍රය‘’
ඇය බලෙන් ඔහුුයේන් සුවය ගත්තා. එතුමා ප‍්‍රසිද්ධියේ ඇයට ප‍්‍රතිකාර කර එය මනුෂ්‍යයන්ට ප‍්‍රකාශ කරා. එය නොදන්වා ගියා නම් එය සදාකාලික රහසක් බවට පත්වෙනවා. යම් නීති අනපනත් මිනිසාට අවහිරයක් බාධාවක් වෙද්දී ඒවා හෙලා දැක්කා. ඉවත් කලා. කානතාවන් එයට සතුටු උනා.එකල්හි

    කාන්තාවට දික්කසාද වීමට නොහැකි අතර පුරුෂයාට එය පුළුවන්

නමුත් යේසුස් කීවේ පිරිමි දික්කසාදය කරන්නෙ කාමමිත්‍යචාරය පිණිස සදහා පමණක් කියන එයින් අර්ථ ගැන්වෙන්නේ දික්කසාද ඉතා දරුණු ලෙස කාන්තාවට බලපාන බවයි.
කතන්තාව කෙතරම් අසරණ වෙනවාද යන්න එතුමා තේරුම් ගත්තා
මේයාකාර තත්වයට පත්වූ ස්ති‍්‍රයක් තමා ‘‘සමාරියේ ස්ති‍්‍රය’’ ඇය පවුකාර ස්ති‍්‍රයක් නොවේ. පවතින සමාජ ක‍්‍රමය විසින් ඇයට ඒ තත්වයට පත්වන ඉඩ හැර එම තත්වයේ අයවළුන්ට විරුද්ධව නීති පවා සම්පාදනය කර තිබෙනවා.
(මෙය අදටත් වලංගුයි. කාන්තාව කොතරම් අසරණද උසාවියකට පොලිසියකට ගියාම, අහිංසක ගැමි කාන්තාවන් ග‍්‍රාම නිලධාරී ගාවටවත් යන්නේ නෑ. තවත් කරදර වෙයි කියලා. එහෙම ක‍්‍රමයක් තුලනේ අපි ඉන්නෙ.*

ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කල කාන්තාවෝ
        පුරුෂයා මිය ගියාම දරුවෝ නොමැති නම් ඒ කන්‍යාවට අවාරටම අවරයි. එතුමා ඒ නිසා තමා හෙලිලීන වැන්දඹුවන්ට උදව් උපකාර කරන්න ගෝලයන් පෙළඹවූයේ. සෑම තාරාතිරකම කාන්තාවන්ට එතුමාත් උදව් කලේ.
එක් කාන්තාවක් කියනවා ‘‘ඔබට කිරිදුන් පයෝධරද ඔබ දැරූ කුසයද වාසනාවන්තයි’’ ඒ දරුවන් සිටින අම්මා කෙනෙක් හට කියන්න පුළුවන් උපරිම සතුටු දායක වචන. නමුත් එතුමා දෙනවා ඊටත් වඩා අභියෝගයක්. ඒ තමා ‘‘දේව වචනය අසා එය පිළිපදිනා අය ඊටත් වටා වාසනාවන්තයි කියලා.’’
 දේවමාලිගාවේ පඩුර දැමූ වැන්දඹු කාන්තාව.
මෙවැනි දේ විවිධ අය කරන්න ඇති. මේ තමාට තිබූ එකම වස්තුව දේවමාලිගාවට පූජා කල අය කොතෙකුත් ඉන්න ඇති. නමුත් එතුමා ප‍්‍රමුඛස්තානය  දෙන්නේ මේ දුප්පත් වැන්දඹු කාන්තාවට. ඒ ඇයි යන්න මීට පෙර පරිච්ඡෙදයක අප කතා කලා.
(නමුත් අද මෙවැනි දුප්පත් අසරන දේවභය ඇතිව හිස වසාගෙන අයදින තමා සන්තකයේ ඇති එකම වස්තුව රුපියලක් ද ඒකත් දේවමාලිගාවට පූජා කරන කාන්තාවන් හට වෙන්නෙ මොකද ? ඉස්සෙල්ල්ම අහන්න වෙන්ටෙන එහෙම අය ඔබ දේවස්ථානයේ සිටිනවාද කියලා. අද දේව සේවකයින් කැමති වැඩියෙන් පඩුරු දාන හිස පමණක් නොව ශරීරය ද ආවරණය නොකරන කාන්තාවන් සමග නිතරම ගැවසෙන්න. නත්තල්  දිනය ගැන පමණක් සිතන්න. පරාක‍්‍රම නිරි ඇල්ලයන්ගේ පලමුවෙනියා සහ අන්තිමයා බලන්න. ඒ හොඳටම ඇති සත්‍ය කුමක්ද කියා තේරුම් ගන්න*
යේසුස් වහන්සේ කුරුසියට තැබීම.
එම ස්ථානයේ  කාන්තාවන් සමූහයක් එතුමා වෙනුවෙන් දුක්වෙනවා. වැලපෙනවා. එතුමාගේ සිරුර බිමට බාන වෙලාවෙත් කාන්තාවන් සිටිනවා. එතුමාගේ උත්ථානය වීම ගැන ප‍්‍රථමයෙන්ම දැනගන්නේ කාන්තාවන්. එහිදී ද එතුමා කාන්තාවන්ට මුල් ස්ථානයක් දෙනවා. මේ හරහා ගත් කල අද කිතුනු සමාජයේ තිබෙන්නේ කුමක් ද?
        දේවස්ථානයට එන බලය ධනය ඇති කාන්තාවන් සහ අසරණ දුප්පත් කාන්තාවන් අතර ඇති වෙනස ඈතින් සිට හෝ ලගින් සිට හෝ බලන්න. ඇත්තේ සමාජ අසාධාරණය නොවේ ද?. එයට එරෙහිව යාමට සෘජු කොන්දක් ලබාදුන්  යේසුස්වහන්සේගේ අනග‍්‍රාමිකයන් අද කරන්නේ කුමක් ද?
        බයිබලයේ ඇති විමුක්ති හරය අමකලා එහි අධ්‍යාත්මික වටිනාකම් වලට සමාජ සහ මුල්‍ය වටිනාකමක් දී මූලික ප‍්‍රශ්න අමතක කරනවා නොවේ ද?
පවතින දුර්දාන්ත පාලන ක‍්‍රමයේ විවිධ අතුරු ඵල ලෙස කාන්තාවන්/ ළමුන්/ පුරුෂයින් කොටින්ම ගතහොත් මුළු මහත් සමාජයම  අසරණ වන විට රෝගී වන විට  අපට අප දේවස්ථාන පාළකයන් පවසන්නේ යාච්ඥා ලෙසයි. එම දුර්දාන්ත පාලන ක‍්‍රමයට යහපත් ක‍්‍රමයක් ආදේශ කිරීමට හැකි වටපිටාවකට සමස්ථ ජනයා යොමුකරන්නට හෝ එම ක‍්‍රමයට වගකිවයුත්තන් හට එරෙහිව මොරගසන්න හැකියාවක් ඇති කශේරුකාවක් ඇති  දේව සේවකයින් එම ක‍්‍රමයේම කොටස් බවට පත් වීම අපට ද  සමිදුන්ට ද කරන්නේ  මහා ද්‍රෝහී කමක් නොවේ ද?
        ඊනියා කාන්තා විමුක්තියට සභාවේ කොටස කුමක් ද? ඇඹිලිපිටිය දරුවන් සිහිකිරීම සදහා ඉදිකල අහිංසකාරාමයට සහ අතුරුදහන් වූවන්ගේ  ස්මාරකයට පැමිනෙන බහුතරයක් කාන්තාවන් නොවේ ද. ඒම ස්මාරක විනාශකලපසු  ඒ කාන්තාවන්ට ඒ අම්මලාට  කල අසාධාරනයට යුක්තිය ලැබෙන්නේ කෙසේ ද?
රොෂෙන් චානකගේ මවට සහෝදරුයන්ට පෙම්වතියට ඔහුගේ මෘත දේහය තැබූ අවසාන දේව මෙහෙය තුලදීත් අසාධාරනය සාධාරනීකරණ කීරීමට උර දුන් පූජක පන්තිය අපට පෙන්නුම් කරන්නේ  කුමක්ද ?
හලාවත දී මරාදමන ලද  ඇන්තනි සොයුරාගේ  බිරියට දියනියට සොයුරියන්ට අද නිල කිතුණු ප‍්‍රජාවන් ලැබෙන සහයෝගය කුමක් ද?
දෙවියන් ගැන නොව මෙය අපහට දෙවියන් ගේ මග පෙන්නුම් කරනා මාර්ගෝපදේශකයන්ගේ ප‍්‍රශ්නයක් වී ඇත.
අපට කීමට ඇත්තේ මෙයයි. ඉල්ලීමට හා අයදීමට ඇත්තේ මෙයයි.
දෙවිදුනි දොස්තරලාගෙන් ලෙඩුන් බේරා ගත මැනව. ඔබගේ බැටළු පැටවුන් හට මගපෙන්වන එඬේරුන් විසින් බැටළුවන් මරාගෙන කයි. මස් ටිකද විකුණයි. අප බේරාගනු මැනව.

No comments:

Post a Comment