Monday, January 31, 2011

බඩ ගින්දරෙන් රත් වෙන තැටියක කොත්තු කෙටුවත් මදිය මේ වගෙ බැල්ලිගෙ පුත්තු




බේරේ වැව අසල රජයේ ලොන්ඩරියේ
රුපියල් ලක්ස දහයක් දිනකට පාඩුයි*
කෝඩේ මේ තරං අහවල් එකද බොලව්
මෙච්චර හෝදලත් බං රිම් එකෙත් පැච්!

ඇන ඇන විපක්සෙට බුදු පෝරියල් දෙන
බැණ බැණ හතුරු බලමුළු පෙති පෙති ගහන
පැන පැන දි දී වාසල කාරිය කොරන
දින දින පණ අදිනවද "දිනපතා මිණ"?

සුල මුල නොම දනිති පාටක ගුලාපියෝ
පල වැල නෙලති "මුල් පිටුවේ" පෙරේතයෝ
හල හල ඔලුවලට මල පහ කරාපියෝ
හිල "හිල මිණ"ත් පාඩු මල් කුමාරයෝ?

"
ඩේලි නිවුස්" නැෂනල් බත් රැප් පේපර්
වීකෙන්ඩ් ඩිටර්ජන්- "ඔබ්සර්වර්"- චාටර්!
"
සරසවි" කඩමල්ල දොයි! දිල් තෝ පාගල්
"
තරුණිය" එක්ස්පයර්ඩ්! දැං දැම්මට ෆේෂල්

පොඩ්ඩන් බැලූ "මිහිර"ත් අමිහිරට හැරේ
"
බුදු සරණ"ටත් ළඟදිම බුදු සරණ ලැබේ
වහලේ සිදුරු අතරින් "නව යුගය" පෙරේ
කටු මැටි නොගෑ බිම දුන් "පොර ටෝක්" පිරේ

හොරු ටික ප්රොෆිට් වෙති ආයතනය "ලොස්"සා
එළියෙන් පට්ට ෂයිනිං ඇතුළෙං පුස්සා
කෙහෙළියෙ "ජසයා" අල්ලා බේරෙට බස්සා
"
වෙල්ලා හැලිය" නිස්සට දුන් එක මැක්සා

පිළිකනු කසල වළඳන ගැඩවිල් සත්තු
ජන සතු මුදල් ගිලිනා පාදඩ ඇත්තු
බඩ ගින්දරෙන් රත් වෙන තැටියක කොත්තු
කෙටුවත් මදිය මේ වගෙ බැල්ලිගෙ පුත්තු






ඩෝන් පුතා ගේ නිර්මානයකි
උපුටා ගැනීම බූන්දි වෙබ් අඩවියෙන්

3 comments:

  1. සහෝදරයාණෙනි,

    මේක රාවයේ පත්තරේ 2011 ජනවාරි නව වෙනිදා 18 පිටුවෙ (ඔබේ කරදරකාර හෘද සාක්ෂියේ) ඩෝං පුතා කියලා කෙනෙක් ලිව්ව කවියක්... එහි මාතෘකාව " ඩේලි වොෂිං නෝ චිල්ඩ් රන්" නම් වෙනවා.... එහි තිබෙන පටන් ගැනීමේ වාක්‍ය හෙවත් ප්‍රස්තුතය


    "බේරේ වැව අසල රජයේ ලොන්ඩරියේ
    රුපියල් ලක්ස දහයක් දිනකට පාඩුයි" - පුවතක් කියා කියා තිබෙනවා.... ඔබ එය කවියේ මුල් පද දෙකට ගෙන කවියේ මාතෘකාව වෙනස් කොට පද්‍යයේ අවසන් වාක්‍ය දෙක මාතෘකාව ලෙස යොදා ගෙන තිබෙනවා....

    කරුණාකර මෙය ලියූ කෙනාගේ නම දමන්න ඒක හොඳ දෙයක්

    ඔබේ නිර්මාණයක් නොවන සියල්ලටම ඔරිජිනල් ලිපියට හිමි ගෞරවය දීමට වග බලා ගන්න..

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මතක් කලාට නෙරංජි. මම තනියම මේ බ්ලොග් එක හැදුවෙ. හිතුවෙ නැති විදිහට වැඬේ ගොඩ ගියා. එතකොට ලගම තිබුන ඩෝං පුතාගෙ කවිය දැම්මා. කලබලේට තමා එයාගෙ කියලා දාන්න බැරි උනේ. මම එච්චරම පාහරයෙක් නෙමෙයි. කොහොම නමුත් ඔයාගෙ කමෙන්ට් එක තමා මට ලැබුන පලමුවැනි අවවාදය. බොහොම ස්තූතියි. මට මේක කරගෙන යන්න උදව් කරන්න

    මී හරකා

    ReplyDelete