Tuesday, August 22, 2017

මම අද තීරනයක් ගත්තා.

 ඒ අදින් පස්සෙ පකයෙක් වාගෙ ඉන්නවා කියන එක මේ හැබිටාට් එක ඇතුලෙ. දිනේෂ් ආවට පස්සෙ මම මොනවද මේ ආයතනයට කලේ.  මගෙන් මොනවද මේකෙ ඉන්න එවුන් ලබා ගත්තෙ. මොකුත්ම නෑ. හැබැයි මම ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා දිනේෂ්ට කීවා. මිනිහට තියෙන සුලූ දැනුමෙ හැටියට මිනිහා මම එහෙම කියන හැමලේම මට කීවෙ එඞ්වර්ඞ් එක්ක කතා කරන්න කියලා විතරයි.  එඞ්වර්ඞ් කලේ මාව කැලේට තල්ලූ කරන එක තමා. ඇත්තටම මාව රෝහිත තියාගත්තෙ ඌට උයවාගන්නයි ලියුමක් ලියා ගන්නයි උගෙ ෆයිල් ටික හදන්නයි විතරයි. වසර දෙකක් තිස්සෙම ඒකම කර කර හිටියා. ඔය කාලෙ ඇතුලත කී දෙනෙක් විදේශ පුහුනු වලට යැව්වද? මට පස්සෙ ආපු ඔක්කොම ගියා. මට ඉස්සෙල්ලා ආපු අයගෙන් ශාන්ත ඇර අනිත් එවුන් සේරමත් යැව්වා. ශාන්තටයි මටයි එඩා සහ කොටා කැපිල්ල දාන බව දිනේශ් හැර අනිත් එවුන් සේරම දන්නවා. දිනේෂ් පවා නොදැන නෙමෙයි ඉන්නෙ කියන එක මම තේරුම් ගත්තත් වැඩක් නෑ.

දැන් එඩාට 66 යි. කොටාට 60 යි. උන් තාමත් වැඩ  කරන හැම වැඩක්ම ෆේල්. මම නෙමෙයි දිනේෂ්මයි කියන්නෙ. ඒත් උන් කියන එකමයි ඒකාත් අහන්නෙ. දැන් මුං දෙන්නාව උපදේසකවරු හැටියට අර පඩියම ගෙවලා දිගටම තියා ගන්නලූ හදන්නෙ. කොටා අපිට හරි බයිලා ගහනවා මම හෙට යනවා ඔයාලා ගැන අද කතා කරනවා  මෙහෙම රස්සාව කරලා වැඩක් නෑ කියලා. ශාන්ත දැන් කොළඹට ගෙන්නලා ඔහේ ඉන්නවා. ඞීසන්ටත් වැඩක් නැල්ලූ. ශාන්තටයි ඞීසන්ටයි මේ ලගදි ක්ලැරන්ස් කතා කරලා කියලා ඔයාලා දැන් මෙතන නිකං ඉන්නෙ මුකුත් දන්නෙ නැති නිසානෙ. අඩුම ගනනෙ ඉංග‍්‍රීසිවත් දන්නවානම් මොකක් හරි කරන්න තිබුනා  කිසිම පාඨඹාලාවක්වත් කරලා නෑනෙ කීවලූ. මේක මට කීවෙ කොටා. මිනිහට හරියට හිතට අමාරුයි ක්රුන්ස් එහෙම කීවට . ඒක එඞ්වර්ඞ් කීවානම් අවුලක් නෑ. කොටා කලෙත් ඔය වැඬේම තමා අපිට මට එහෙම. වැඩ දන්න උන්ගෙන් වත් වැඩක් ගත්තෙ නෑ ඒකා. ක්රුන්ස් නම් ඇත්ත කීයලා තියෙන්නෙ එක මුල්‍ය පැත්තෙන්. නමුත් වැඩ සටහන පැත්තෙන් කරන්න කිසිම දෙයක් නැද්ද ඒ දෙන්නට.
ඉතිං මුං තාමත් ඉන්නවා කියන්නෙ අපිට කිසිම සරණක් නෑ. අපි අසරණයි. ඉතිං අසරණ කම තියාගෙන කටයු පුකයි වහගෙන දෙන දේ ඇගෙන තියන දෙයක් කාලා කියන දෙයක් අහගෙන ඉන්නවා
එච්චරයි
වෙලාව එනකං තමා  ඒහෙම ඉන්නෙත් කියන එක අමතක කරන්න එපා




No comments:

Post a Comment