Wednesday, June 28, 2017

 මීඩියා පොයින්ටර් සහ නන්දනී

මට කීවා මාතලේ ව්‍යාපෘතියෙ සෙනගට වැඩසටහනක් කරන්න කියලා. මම වැඩ සටහන් දෙකක් හොදට සතියක් විතර අරගෙන සූදානම් වෙලා   ලැප් ටොප් එකට පවර් පොයින්ට් වැඩක් කරනකොට අත්‍යවශ්‍යම මීඩියා පොයින්ටර් එකකුත්  ගත්තා.  රුපියල් 4000ක් උනා ඒකට.. මමයි සල්ලි වියදම් කලේ. වැඩ සටහනට ගොඩාක් වියදම් කලා..
ගිය පාර කරපු එකට මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරු දෙන්නාට රුපියල් 15000 ක් දුන්නා  මම නිකං කීවා මට රුපියල් 4000ක් වියදම් උනා ඒකට ගන්න බැයිද කියලා. මොකද්ද කියලා අහලා කැප්ටොප් එක සම්බන්ධ නිසා ඒක කොලඹ අයි ටී මැනේජර්ගෙන් අහන්න අවශ්‍යයි කීවා. මම කීවා අවශ්‍ය නෑ කියලා.. පස්සෙ ආයෙත් කතා කරලා අහනවා මොකට හරි දාන්න බැයිද කියලා මගෙන් ඒ සල්ලි ගන්න.. මම කීවා ඔයා අතේ තමා ඒක තියෙන්නෙ .. එච්චරයි..

වැඩ කරපු එකාට මොකුත් නෑ...අතින් වියදම් කරගෙන වැඩේ කලා..
 වැඩ කරනවා බලන්න ආපු එවුන්ට ගමන් ගාස්තු කෑම වියදම් ඔක්කොම...

වැඩේ ඉවර උනාම නියමෙට කලා කීවා...
මට මෙච්චරක් වියදම් උනා කීවාම.. ම්හු.......


හැබැයි නන්දනීට රුපියල් 3000 ක් දෙන්න පුළුවන්. ගමගේ කියන පත්තර වාර්තා කරුට රුපියල් 1000ක් දෙන්න පුළුවන්..
වෙන කෙනෙක් වැඩේ කලා නම් 15000 ක් දෙන්න පුළුවන්.. මට දෙන්න බෑ
ඔන්න රෝහිතගෙ හැටි...



No comments:

Post a Comment