Thursday, May 16, 2013

මානව හිමිකම්

මානව හිමිකම් යනු කුමක්ද?

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශණයක් සම්මත කර ගත්තේ ය. මේ ලෝකයේ කොතැනක හෝ මිනිසෙක් ලෙස උපන්නොත් එ් සෑම මිනිසෙකුටම හිමි මූලික අයිතිවාසිකම් 30 ක් එහි අන්තර්ගතය.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශණය තුල ඇති මිනිසෙකුටම හිමි මූලික අයිතිවාසිකම් 30

1 වන වගන්තිය
සියලූ මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම්වලින් සමාන වෙති. යුක්ත අයුක්ති පිළිබඳ හැඟීමෙන් හා හෘදය සාක්‍ෂියෙන් යුත් ඔවුන්, ඔවුනොවුන්ට සැළකිය යුත්තේ සහෝදරත්වය පිළිබඳ හැගීමෙනි.

2 වන වගන්තිය
 ජාති, වංශ, වරණ, ස්ත‍්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම්, දේශපාලන ආදී කවර භේදයක් හෝ සමාජ, ජාතික දේපල, උපත ආදී කවර තත්ත්වයක විශේෂයක් හෝ නොමැතිව මේ ප‍්‍රකාශනයේ සඳහන් සියලූ හිමිකම් හා ස්වාධීනත්වයන් සෑම පුද්ගලයෙකුටම උරුම වන්නේය.

තවද යම් පුද්ගලයකු අයත්වන රටේ දේශපාලන, නීතිමය හෝ ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳ කිසිදු විශේෂත්වයක් ද ඒ රට ස්වාධීන, භාරකාර, අස්වාධීන ආදී කවර තත්ත්වයක් පිළිබඳ විශේෂයක් ද නොමැතිව මේ හිමිකම් සතු වන්නේය.

3 වන වගන්තිය
 සෑම පුද්ගලයෙකුටම ජීවත්වීමටත්, නිදහස්ව සිතීමටත්, පෞද්ගලික ආරක්‍ෂාවටත් හිමිකම් ඇත්තේය.

4 වන වගන්තිය
 කිසිම පුද්ලයකු වහල් කමෙහි හෝ බන්ධනයෙහි (දාස භාවයෙහි* නොරැුඳවිය යුතුය. සෑම ආකාරයකම වහල් වෙළෙදාම හා වහල්කම තහනම් වන්නේය.

5 වන වගන්තිය
- කිසිම පුද්ගලයකු වධ හිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැළකිල්ලකට හෝ දඬුවමකට හෝ භාජනය නොකළ යුතුය.

6 වන වගන්තිය
 සෑම අවස්ථාවකදීම නීතිය ඉදිරියේ පුද්ගලයකු වශයෙන් පිළිගනු ලැබීමේ අයිතිය සෑම කෙනෙකුම සතුය.

7 වන වගන්තිය
 සියල්ලන්ම නීතිය ඉදිරියෙහි එකිනෙකාට සමාන වන අතර, නීතියේ ආරක්‍ෂාව ලැබීමට කිසිදු විශේෂත්වයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති. මේ ප‍්‍රකාශනයට පටහැනි ලෙස කෙරෙන  ඕනෑම අසාධාරණයකින් ආරක්‍ෂා වීමේ අයිතියත් එබඳු අසාධාරණයන්ට පෙළඹවීමෙන් අරක්‍ෂා වීමේ අයිතියත් සියල්ලන්ටම හිමිවේ.

8 වන වගන්තිය
 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප‍්‍රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී බලධාරී ජාතික අධිකරණයකින් ප‍්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම් සෑම පුද්ගලයෙකු සතුවේ.

9 වන වගන්තිය
 බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්අඩංගුවේ රඳවා තැබීමට හෝ පිටුවහල් කිරීමට හෝ කිසිම පුද්ගලයකු භාජනය නොකළ යුතුය.


10 වන වගන්තිය
 තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව හෝ තමන්ට විරුද්ධව යම් අපරාධ චෝදනාවක් පිළිබඳව හෝ නිශ්චය කිරීම සඳහා සාධාරණවූත්, විවෘත වූත් ස්වාධීන අපක්‍ෂපාත නඩු විභාගයකට සෑම තැනැත්තකුම පූර්ණ සමානත්වයෙන් යුක්තව හිමිකම් ලබයි.

11 වන වගන්තිය
- (1* දණ්ඩන වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සෑම පුද්ගලයෙකුටම නීත්‍යානුකූල විවෘත අධිකරණ විභාගයකින් වරදකරු බව ඔප්පුවන තෙක් නිර්දෝශියකු ලෙස සලකනු ලැබීමටත්, ඒ අධිකරණයේදී තම නිදහසට කරුණු පෙන්වා සිටීමට වුවමනා සියලූ අවශ්‍යතා නොඅඩුව ලැබීමටත්, හිමිකම් ඇත්තේය.

(2* යම් වරදක් හෝ ප‍්‍රමාද දෝෂයක් කිසිවකුගෙන් සිදුවූ අවස්ථාවේදී එම කාලයේ පවතින ජාතික හෝ අන්තර් ජාතික නීතියෙහි එම වරද හෝ ප‍්‍රමාද දෝෂය දණ්ඩන වරදක් සේ නොසඳහන්ව පැවතියේ නම් ඔහු එම වරදට හෝ ප‍්‍රමාද දෝෂනයනට ඔහු වරදකරුවකු ලෙස නොසැලකිය යුතුය. දණ්ඩන වරද කළ කාලයේදී වලංගුව පැවති දක්‍ෂුවමකට වඩා වැඩි දඬුවමක් එවැනි වරදකරුවකු උදෙසා නොපැනවිය යුතුය.

12 වන වගන්තිය
- කිසිම පුද්ගලයකුගේ පෞද්ගලික ජීවිතයට (රහස් භාවයට* පවුලට, නිවසට හෝ ලිපි ගනුදෙනුවලට බලෙන් ඇඟිල් ගැසීම හෝ ගරුත්වයට හෝ වැදගත් භාවයට පහර ගැසීම හෝ පහර ගැසීමට විරුද්ධව නීතියේ රැුකවරණය ලැබීමේ අයිතිය සෑම පුද්ගලයකුම සතුව ඇත.

13 වන වගන්තිය
- (1* සෑම පුද්ගලයෙකුටම තම රාජ්‍ය සීමාව ඇතුළත නිදහසේ ගමනාගමනයට හා පදිංචියට හිමිකම් තිබේ.

(2* ස්වකීය රට ද ඇතුළුව කවර දේශයකින් හෝ ඉවත්ව යාමටත්, තම රටට ආපසු පැමිණීමටත් සෑම පුද්ගලයෙකුටම හිමිකම් ඇත.

14 වන වගන්තිය
 (1* පරිපීඩනයන්ගෙන් මිදී විදේශයකට අභයාරක්‍ෂාව සෙවීමට හා එය භුක්ති විඳීමට සෑම පුද්ගලයෙකුටම හිමිකම් ඇත.

(2* දේශපාලනමය නොවූ අපරාධවලින් උද්ගතවන චෝදනා හා එක්සත් ජාතීන්ගේ අරමුණුවලට පටහැනි කි‍්‍රයාවන් නිසා පැන නගින චෝදනා වලට ලක් වූවන් සම්බන්ධයෙන් යට කී හිමිකම් කි‍්‍රයාත්මක නොවනු ඇත.

15 වන වගන්තිය
 (1* සෑම පුද්ගලයෙකුටම ජාතිකත්වයට හිමිකම් ඇත.

(2* කිසිම පුද්ගලයෙකු සතු ජාතිකත්වය, බලෙන් අහෝසි නොකළ යුතු අතර, ඔහුගේ ජාතිකත්වය වෙනස් කිරීමට ඔහුට ඇති අයිතිය පැහැර නොගත යුතුය.


16 වන වගන්තිය
 (1* පූර්ණ වියට පත් සියලූ ස්ත‍්‍රී පුරුෂයන්ට ජාතිය, ජාතිකත්වය හෝ ආගම ආදී කිසිදු සීමාවක් නොතකා විවාහ වී පවුලක් ඇති කිරීමේ අයිතිය ඇත්තේය. විවාහ වීමේදී මෙන්ම විවාහය අවලංගු කිරීමේදී ද ඔවුහු සමාන අයිතිවාසිකම් දරති.

(2* විවාහයකට ඇතුලත් කළ යුත්තේ එසේ ඇතුළත් වන ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාගේ සම්පූර්ණ නිදහස් කැමැත්ත පිට පමණකි.

(3* සමාජයේ ස්වභාවික වූත්, මූලික වූත්, සමූහ ඒකකය වන පවුල සමාජයේ හා රාජ්‍යයේ රැුකවරණය ලැබීමේ අයිතිය දරයි.

17 වන වගන්තිය
 (1* සෑම පුද්ගලයෙකුටම තනිව මෙන්ම හවුලේ ද දේපල අයිතිය සඳහා අයිතිවාසිකම් ඇත්තේය.

(2* කිසිවකු සතු දේපල බලෙන් අහිමි කිරීමට නොහැකිය.

18 වන වගන්තිය
- සිතීමේ, හෘද සාක්‍ෂිය දැරීමේ හා ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳීමේ අයිතිවාසිකම් සෑම පුද්ගලයෙකුම සතුව ඇත. තම ආගම හෝ විශ්වාසය වෙනස් කිරීමේ නිදහස්, තනිවම හෝ අන්‍යයන් සමඟ සමූහ වශයෙන්, පෞද්ගලිකව මෙන්ම ප‍්‍රසිද්ධියේ තම ඇදහීම් හා ආගම ප‍්‍රකාට කිරීමේ, ඉගැන්වීමේ, පිළිපැදීමේ, වන්දනා කිරීමේ හා අනුගමනය කිරීමේ නිදහසත් එයට ඇතුළත් වේ.

19 වන වගන්තිය
- තම නිදහස් මතය දැරීමට හා ප‍්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුට අයිතිය ඇත. අනුන්ගේ බාධාවන් නොමැතිව, මත දැරීමටත්, දේශ සීමා නොසලකා කවර මාධ්‍යයකින් හෝ තොරතුරු ලැබීමට හා දීමටත් ඇති අයිතිය ද ඊට ඇතුළත්ය.

20 වන වගන්තිය
 (1* සාමකාමීව එක්රැුස්වීමේ හා සංගම් පැවැත්වීමේ අයිතිය සෑම පුද්ගලයෙකු සතුව ඇත.

(2* සමිති සමාගම්වලට බැඳීමට කිසිවෙකුට බලකළ නොහැකිය.

21 වන වගන්තිය
 (1* කෙලින්ම හෝ නිදහස්ව තෝරාගත් නියෝජිතයින් මගින් හෝ තම රටේ රජයට සහභාගිවීමට සෑම පුද්ගලයකුටම සමාන අයිතිය ඇත.

(2* තම රටේ රාජ්‍ය සේවයට ඇතුලත් වීමට සෑම පුද්ගලයෙකුටම සමාන අයිතිවාසිකම් ඇත.

(3* රජයේ බලතලවල පදනම වන්නේ ජනතාවගේ කැමැත්තය. මේ කැමැත්ත ප‍්‍රකාශ වන්නේ සර්වජන ඡුන්ද බලය අනුව රහසේ දෙන ඡුන්දයෙන් හෝ ඊට සමාන ස්වාධීන ඡුන්ද විමසීම ක‍්‍රම මගින් කලින් කලට අව්‍යාජ ලෙසින් පවත්වන ඡුන්ද විමසීම් මගිනි.

22 වන වගන්තිය
 සමාජයට අයත් පුද්ගලයෙකු වශයෙන් සෑම පුද්ගලයෙකුටම සමාජ ආරක්‍ෂාව හිමිවේ. සෑම රාජ්‍යයකම සංවිධානය හා සම්පත්වලට අනුකූලව තමන්ගේ ගරුත්වයට තම පෞරුෂත්වයේ වර්ධනයටත් අත්‍යාවශ්‍ය වන ආර්ථික සමාජයීය. හා සංස්කෘතික අයිතීන් ජාතික ප‍්‍රයත්නයන්ගෙන් හා ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් ද ඒ ඒ රාජ්‍යයන්ගේ සංවිධාන හා සම්පත්වලට අනුකූලව සාක්ෂාත් කර ගැනීමේ හිමිකම් සෑම පුද්ගලයෙකුම සතුව ඇත්තේය.

23 වන වගන්තිය
 (1* වැඩ කිරීමටත්, තම රැුකියාව නිදහස්ව තෝරා ගැනීමටත්, සාධාරණවූත්, යුක්ති යුක්තවූත් වැඩ කිරීමේ පහසුකම් ලැබීමට මෙන්ම විරක්‍ෂා විපතින් ආරක්‍ෂාව ලැබීමටත් සෑම පුද්ගලයෙකුටම හිමිකම් ඇත්තේය.

(2* කිසිදු විශේෂතාවක් හෝ වෙනස්කමක් හෝ නොමැතිව සමාන වැඩට සමාන වැටුප් ලැබීමේ අයිතිය සෑම පුද්ගලයෙකුම සතුව ඇත.

(3* වැඩකරන සෑම පුද්ගලයෙකුටම තමන්ට හා තම පවුලට මිනිස් ගරුත්වය රැුකෙන ජීවිතයකට අවශ්‍ය සාධාරණ වැටුපක් ලැබීමටත්, අවශ්‍ය වුවහොත් අවශේෂ සමාජ ආරක්‍ෂාවන්ට රැුකවරණ අත්කර ගැනීමටත් අයිතිය ඇත.

(4* ස්වකීය අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා වෘත්තීය සමිති ඇති කර ගැනීමට හා ඒවාට බැඳීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.

24 වන වගන්තිය
 වැඩකරන පැය ගණන් පිළිබඳ සීමාවන් ඇතිව කලින් කලට ලැබෙන වැටුප් සහිත නිවාඩු දිනයන් ද ඇතුළුව විවේක ගැනීමේ අයිතිය සෑම පුද්ගලයෙකුම සතුවේ.

25 වන වගන්තිය
 (1* ආහාර, ඇඳුම්, නිවාස හා සෞඛ්‍ය සේවා ආරක්‍ෂාව ද අවශ්‍ය සමාජ සේවා ආරක්‍ෂාව ද ඇතිව තමන්ගේත් තම පවුලේත් සෞඛ්‍යයට හා යහපතට ප‍්‍රමාණවත් ජීවන තත්ත්වයක් භුක්ති විඳීමටත්, රැුකියාව අහිමිවීම, රෝගාබාධ, දුබලතාව, වැන්දඹුවීම, මහළු බව හා වෙනත් තමන්ට පාලනය නොකළ හැකි ආපදාවලින් ජීවිකාව දුෂ්කර වූ විට රැුකවරණය ලැබීමටත් සෑම පුද්ගලයකුටම අයිතිවාසිකම් ඇත.

(2* මාතෘ භාවය හා ළදරු භාවය විශේෂ උපකාර හා ආරක්‍ෂාවට උරුම තත්ත්වයෝය. විවාහක හෝ අවිවාහක මව්වරුන්ගෙන් ලැබෙන සියළුම දරුවෝ සමාන ආරක්‍ෂාවට හිමිකම් ඇත්තාය.

26 වන වගන්තිය
 (1* අධ්‍යාපනය ලැබීමට සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත්තේය. ප‍්‍රාථමික හා මූලික අවස්ථාවලදී පමණක් වත් අධ්‍යාපනය නොමිලයේ විය යුතුය. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ලැබීමට සාමාන්‍යයෙන් අවස්ථාව සැලසිය යුතු වන අතර දක්‍ෂතා පදනම් කොට උසස් අධ්‍යාපනය අත්කර ගැනීමේ අවස්ථාව සමානව සැලසිය යුතුය.

(2* මිනිස් පෞරුෂත්වය පරිපූර්ණ සංවර්ධනයට පත් කරන අතටත්, මානව අයිතිවාසිකම් හා මූලික ස්වාධීනතාවයන් පිළිබඳ ගරුත්වය ප‍්‍රබල වන අතටත්, අධ්‍යාපනය යොමු කරවිය යුතුය. මිනිස් ප‍්‍රජාවගේ සියළු රාජ්‍යයන්, ජාතීන් හා ආගමික කණ්ඩායම් අතර අන්‍යොන්‍ය අවබෝධයටත්, සාමය පවත්වා ගැනීම උදෙසා එක්සත් ජාතීන් ගෙන යන ක‍්‍රියාමාර්ගයටත් එය අනුබලයක් විය යුතුය.

27 වන වගන්තිය 
(1* සමාජයේ සංස්කෘතික ජීවිතයට නිදහසේ සහභාගි වන්නටත්, කලාවෙන් ආශ්වාදය භුක්ති විඳීමට හා විද්‍යාත්මක දියුණුවට සහභාගී වී එහි ප‍්‍රතිඵල භුක්ති විඳීමටත් සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත්තේය.

(2* තමන්ගේ කර්තෘත්වයෙන් නිෂ්පාදිත විද්‍යාත්මක, සාහිත්‍යමය හෝ කලාත්මක කෘතියකින් ජනිත වන අධ්‍යාත්මකි හා භෞතික ඵල ප‍්‍රයෝජන රැුක ගැනීමේ අයිතිය සෑම පුද්ගලයෙකුම සතුව ඇත.

28 වන වගන්තිය
 මෙම ප‍්‍රකාශනයෙහි සඳහන් අයිතිවාසිකම් ස්වාධීනතාවයන් පරිපූර්ණව සාක්‍ෂාත් කරගත හැකිවන සමාජ හා ජාත්‍යන්තර රටවකට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.

29 වන වගන්තිය
 (1* පුද්ගලයෙකුගේ පෞරුෂත්වය නිදහස් පරිපූර්ණ සංවර්ධනයකට පත්කර ගැන්මෙහිලා ඉටුකළ යුතු සමාජ යුතුකම් රැුසක් සෑම පුද්ගලයකු කෙරෙහිම පැවරී ඇත.

(2* පුද්ගලයාගේ අයිතිවාසිකම් හා ස්වාධීනතාවයන් කි‍්‍රයාත්මක වීමේදී සීමාවක් තිබිය යුත්තේ හුදෙක් අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා ස්වාධීනතා ආරක්‍ෂා වීම පිණිසත්, අධ්‍යාත්මික ගුණ වගාව සඳහා අවශ්‍යතාව පිරිමැසීම පිණිසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මහජන සාමය හා පොදු සුබ සිද්ධිය ආරක්‍ෂාව වීම පිණිසත් පැනවෙන නීති පද්ධතියක් මගින් පමණි.

(3* එක්සත් ජාතීන්ගේ පරමාර්ථයන් හා ප‍්‍රතිපත්තිවලට පටහැනි වන අන්දමකින් මෙම අයිතිවාසිකම් හා ස්වාධීනතාවයන් කි‍්‍රයාත්මක නොකළ යුතුය.

30 වන වගන්තිය
 මෙම ප‍්‍රකාශනයෙහි සඳහන් කිසිදු අයිතිවාසිකමක් හෝ ස්වාධීනතාවයක් හෝ වැනසී යන කිසිම කි‍්‍රයාමාර්ගයකට අයිතියක් කිසිදු රාජ්‍යයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට වාසි අත්වන අන්දමේ අර්ථ නිරූපනයක් මේ ප‍්‍රකාශනයෙහි කවර වගන්තියකින් හෝ නොකළ යුතුය.

No comments:

Post a Comment