මානව හිමිකම් යනු කුමක්ද?
දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශණයක් සම්මත කර ගත්තේ ය. මේ ලෝකයේ කොතැනක හෝ මිනිසෙක් ලෙස උපන්නොත් එ් සෑම මිනිසෙකුටම හිමි මූලික අයිතිවාසිකම් 30 ක් එහි අන්තර්ගතය.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශණය තුල ඇති මිනිසෙකුටම හිමි මූලික අයිතිවාසිකම් 30
1 වන වගන්තිය
සියලූ මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම්වලින් සමාන වෙති. යුක්ත අයුක්ති පිළිබඳ හැඟීමෙන් හා හෘදය සාක්‍ෂියෙන් යුත් ඔවුන්, ඔවුනොවුන්ට සැළකිය යුත්තේ සහෝදරත්වය පිළිබඳ හැගීමෙනි.
2 වන වගන්තිය
ජාති, වංශ, වරණ, ස්ත‍්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම්, දේශපාලන ආදී කවර භේදයක් හෝ සමාජ, ජාතික දේපල, උපත ආදී කවර තත්ත්වයක විශේෂයක් හෝ නොමැතිව මේ ප‍්‍රකාශනයේ සඳහන් සියලූ හිමිකම් හා ස්වාධීනත්වයන් සෑම පුද්ගලයෙකුටම උරුම වන්නේය.
තවද යම් පුද්ගලයකු අයත්වන රටේ දේශපාලන, නීතිමය හෝ ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳ කිසිදු විශේෂත්වයක් ද ඒ රට ස්වාධීන, භාරකාර, අස්වාධීන ආදී කවර තත්ත්වයක් පිළිබඳ විශේෂයක් ද නොමැතිව මේ හිමිකම් සතු වන්නේය.
3 වන වගන්තිය
සෑම පුද්ගලයෙකුටම ජීවත්වීමටත්, නිදහස්ව සිතීමටත්, පෞද්ගලික ආරක්‍ෂාවටත් හිමිකම් ඇත්තේය.
4 වන වගන්තිය
කිසිම පුද්ලයකු වහල් කමෙහි හෝ බන්ධනයෙහි (දාස භාවයෙහි* නොරැුඳවිය යුතුය. සෑම ආකාරයකම වහල් වෙළෙදාම හා වහල්කම තහනම් වන්නේය.
5 වන වගන්තිය
- කිසිම පුද්ගලයකු වධ හිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැළකිල්ලකට හෝ දඬුවමකට හෝ භාජනය නොකළ යුතුය.
6 වන වගන්තිය
සෑම අවස්ථාවකදීම නීතිය ඉදිරියේ පුද්ගලයකු වශයෙන් පිළිගනු ලැබීමේ අයිතිය සෑම කෙනෙකුම සතුය.
7 වන වගන්තිය
සියල්ලන්ම නීතිය ඉදිරියෙහි එකිනෙකාට සමාන වන අතර, නීතියේ ආරක්‍ෂාව ලැබීමට කිසිදු විශේෂත්වයක් නොමැතිව සියල්ලෝම හිමිකම් ලබති. මේ ප‍්‍රකාශනයට පටහැනි ලෙස කෙරෙන ඕනෑම අසාධාරණයකින් ආරක්‍ෂා වීමේ අයිතියත් එබඳු අසාධාරණයන්ට පෙළඹවීමෙන් අරක්‍ෂා වීමේ අයිතියත් සියල්ලන්ටම හිමිවේ.
8 වන වගන්තිය
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප‍්‍රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී බලධාරී ජාතික අධිකරණයකින් ප‍්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම් සෑම පුද්ගලයෙකු සතුවේ.
9 වන වගන්තිය
බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්අඩංගුවේ රඳවා තැබීමට හෝ පිටුවහල් කිරීමට හෝ කිසිම පුද්ගලයකු භාජනය නොකළ යුතුය.
10 වන වගන්තිය
තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව හෝ තමන්ට විරුද්ධව යම් අපරාධ චෝදනාවක් පිළිබඳව හෝ නිශ්චය කිරීම සඳහා සාධාරණවූත්, විවෘත වූත් ස්වාධීන අපක්‍ෂපාත නඩු විභාගයකට සෑම තැනැත්තකුම පූර්ණ සමානත්වයෙන් යුක්තව හිමිකම් ලබයි.
11 වන වගන්තිය
- (1* දණ්ඩන වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සෑම පුද්ගලයෙකුටම නීත්‍යානුකූල විවෘත අධිකරණ විභාගයකින් වරදකරු බව ඔප්පුවන තෙක් නිර්දෝශියකු ලෙස සලකනු ලැබීමටත්, ඒ අධිකරණයේදී තම නිදහසට කරුණු පෙන්වා සිටීමට වුවමනා සියලූ අවශ්‍යතා නොඅඩුව ලැබීමටත්, හිමිකම් ඇත්තේය.
(2* යම් වරදක් හෝ ප‍්‍රමාද දෝෂයක් කිසිවකුගෙන් සිදුවූ අවස්ථාවේදී එම කාලයේ පවතින ජාතික හෝ අන්තර් ජාතික නීතියෙහි එම වරද හෝ ප‍්‍රමාද දෝෂය දණ්ඩන වරදක් සේ නොසඳහන්ව පැවතියේ නම් ඔහු එම වරදට හෝ ප‍්‍රමාද දෝෂනයනට ඔහු වරදකරුවකු ලෙස නොසැලකිය යුතුය. දණ්ඩන වරද කළ කාලයේදී වලංගුව පැවති දක්‍ෂුවමකට වඩා වැඩි දඬුවමක් එවැනි වරදකරුවකු උදෙසා නොපැනවිය යුතුය.
12 වන වගන්තිය
- කිසිම පුද්ගලයකුගේ පෞද්ගලික ජීවිතයට (රහස් භාවයට* පවුලට, නිවසට හෝ ලිපි ගනුදෙනුවලට බලෙන් ඇඟිල් ගැසීම හෝ ගරුත්වයට හෝ වැදගත් භාවයට පහර ගැසීම හෝ පහර ගැසීමට විරුද්ධව නීතියේ රැුකවරණය ලැබීමේ අයිතිය සෑම පුද්ගලයකුම සතුව ඇත.
13 වන වගන්තිය
- (1* සෑම පුද්ගලයෙකුටම තම රාජ්‍ය සීමාව ඇතුළත නිදහසේ ගමනාගමනයට හා පදිංචියට හිමිකම් තිබේ.
(2* ස්වකීය රට ද ඇතුළුව කවර දේශයකින් හෝ ඉවත්ව යාමටත්, තම රටට ආපසු පැමිණීමටත් සෑම පුද්ගලයෙකුටම හිමිකම් ඇත.
14 වන වගන්තිය
(1* පරිපීඩනයන්ගෙන් මිදී විදේශයකට අභයාරක්‍ෂාව සෙවීමට හා එය භුක්ති විඳීමට සෑම පුද්ගලයෙකුටම හිමිකම් ඇත.
(2* දේශපාලනමය නොවූ අපරාධවලින් උද්ගතවන චෝදනා හා එක්සත් ජාතීන්ගේ අරමුණුවලට පටහැනි කි‍්‍රයාවන් නිසා පැන නගින චෝදනා වලට ලක් වූවන් සම්බන්ධයෙන් යට කී හිමිකම් කි‍්‍රයාත්මක නොවනු ඇත.
15 වන වගන්තිය
(1* සෑම පුද්ගලයෙකුටම ජාතිකත්වයට හිමිකම් ඇත.
(2* කිසිම පුද්ගලයෙකු සතු ජාතිකත්වය, බලෙන් අහෝසි නොකළ යුතු අතර, ඔහුගේ ජාතිකත්වය වෙනස් කිරීමට ඔහුට ඇති අයිතිය පැහැර නොගත යුතුය.
16 වන වගන්තිය
(1* පූර්ණ වියට පත් සියලූ ස්ත‍්‍රී පුරුෂයන්ට ජාතිය, ජාතිකත්වය හෝ ආගම ආදී කිසිදු සීමාවක් නොතකා විවාහ වී පවුලක් ඇති කිරීමේ අයිතිය ඇත්තේය. විවාහ වීමේදී මෙන්ම විවාහය අවලංගු කිරීමේදී ද ඔවුහු සමාන අයිතිවාසිකම් දරති.
(2* විවාහයකට ඇතුලත් කළ යුත්තේ එසේ ඇතුළත් වන ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාගේ සම්පූර්ණ නිදහස් කැමැත්ත පිට පමණකි.
(3* සමාජයේ ස්වභාවික වූත්, මූලික වූත්, සමූහ ඒකකය වන පවුල සමාජයේ හා රාජ්‍යයේ රැුකවරණය ලැබීමේ අයිතිය දරයි.
17 වන වගන්තිය
(1* සෑම පුද්ගලයෙකුටම තනිව මෙන්ම හවුලේ ද දේපල අයිතිය සඳහා අයිතිවාසිකම් ඇත්තේය.
(2* කිසිවකු සතු දේපල බලෙන් අහිමි කිරීමට නොහැකිය.
18 වන වගන්තිය
- සිතීමේ, හෘද සාක්‍ෂිය දැරීමේ හා ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳීමේ අයිතිවාසිකම් සෑම පුද්ගලයෙකුම සතුව ඇත. තම ආගම හෝ විශ්වාසය වෙනස් කිරීමේ නිදහස්, තනිවම හෝ අන්‍යයන් සමඟ සමූහ වශයෙන්, පෞද්ගලිකව මෙන්ම ප‍්‍රසිද්ධියේ තම ඇදහීම් හා ආගම ප‍්‍රකාට කිරීමේ, ඉගැන්වීමේ, පිළිපැදීමේ, වන්දනා කිරීමේ හා අනුගමනය කිරීමේ නිදහසත් එයට ඇතුළත් වේ.
19 වන වගන්තිය
- තම නිදහස් මතය දැරීමට හා ප‍්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුට අයිතිය ඇත. අනුන්ගේ බාධාවන් නොමැතිව, මත දැරීමටත්, දේශ සීමා නොසලකා කවර මාධ්‍යයකින් හෝ තොරතුරු ලැබීමට හා දීමටත් ඇති අයිතිය ද ඊට ඇතුළත්ය.
20 වන වගන්තිය
(1* සාමකාමීව එක්රැුස්වීමේ හා සංගම් පැවැත්වීමේ අයිතිය සෑම පුද්ගලයෙකු සතුව ඇත.
(2* සමිති සමාගම්වලට බැඳීමට කිසිවෙකුට බලකළ නොහැකිය.
21 වන වගන්තිය
(1* කෙලින්ම හෝ නිදහස්ව තෝරාගත් නියෝජිතයින් මගින් හෝ තම රටේ රජයට සහභාගිවීමට සෑම පුද්ගලයකුටම සමාන අයිතිය ඇත.
(2* තම රටේ රාජ්‍ය සේවයට ඇතුලත් වීමට සෑම පුද්ගලයෙකුටම සමාන අයිතිවාසිකම් ඇත.
(3* රජයේ බලතලවල පදනම වන්නේ ජනතාවගේ කැමැත්තය. මේ කැමැත්ත ප‍්‍රකාශ වන්නේ සර්වජන ඡුන්ද බලය අනුව රහසේ දෙන ඡුන්දයෙන් හෝ ඊට සමාන ස්වාධීන ඡුන්ද විමසීම ක‍්‍රම මගින් කලින් කලට අව්‍යාජ ලෙසින් පවත්වන ඡුන්ද විමසීම් මගිනි.
22 වන වගන්තිය
සමාජයට අයත් පුද්ගලයෙකු වශයෙන් සෑම පුද්ගලයෙකුටම සමාජ ආරක්‍ෂාව හිමිවේ. සෑම රාජ්‍යයකම සංවිධානය හා සම්පත්වලට අනුකූලව තමන්ගේ ගරුත්වයට තම පෞරුෂත්වයේ වර්ධනයටත් අත්‍යාවශ්‍ය වන ආර්ථික සමාජයීය. හා සංස්කෘතික අයිතීන් ජාතික ප‍්‍රයත්නයන්ගෙන් හා ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් ද ඒ ඒ රාජ්‍යයන්ගේ සංවිධාන හා සම්පත්වලට අනුකූලව සාක්ෂාත් කර ගැනීමේ හිමිකම් සෑම පුද්ගලයෙකුම සතුව ඇත්තේය.
23 වන වගන්තිය
(1* වැඩ කිරීමටත්, තම රැුකියාව නිදහස්ව තෝරා ගැනීමටත්, සාධාරණවූත්, යුක්ති යුක්තවූත් වැඩ කිරීමේ පහසුකම් ලැබීමට මෙන්ම විරක්‍ෂා විපතින් ආරක්‍ෂාව ලැබීමටත් සෑම පුද්ගලයෙකුටම හිමිකම් ඇත්තේය.
(2* කිසිදු විශේෂතාවක් හෝ වෙනස්කමක් හෝ නොමැතිව සමාන වැඩට සමාන වැටුප් ලැබීමේ අයිතිය සෑම පුද්ගලයෙකුම සතුව ඇත.
(3* වැඩකරන සෑම පුද්ගලයෙකුටම තමන්ට හා තම පවුලට මිනිස් ගරුත්වය රැුකෙන ජීවිතයකට අවශ්‍ය සාධාරණ වැටුපක් ලැබීමටත්, අවශ්‍ය වුවහොත් අවශේෂ සමාජ ආරක්‍ෂාවන්ට රැුකවරණ අත්කර ගැනීමටත් අයිතිය ඇත.
(4* ස්වකීය අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා වෘත්තීය සමිති ඇති කර ගැනීමට හා ඒවාට බැඳීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.
24 වන වගන්තිය
වැඩකරන පැය ගණන් පිළිබඳ සීමාවන් ඇතිව කලින් කලට ලැබෙන වැටුප් සහිත නිවාඩු දිනයන් ද ඇතුළුව විවේක ගැනීමේ අයිතිය සෑම පුද්ගලයෙකුම සතුවේ.
25 වන වගන්තිය
(1* ආහාර, ඇඳුම්, නිවාස හා සෞඛ්‍ය සේවා ආරක්‍ෂාව ද අවශ්‍ය සමාජ සේවා ආරක්‍ෂාව ද ඇතිව තමන්ගේත් තම පවුලේත් සෞඛ්‍යයට හා යහපතට ප‍්‍රමාණවත් ජීවන තත්ත්වයක් භුක්ති විඳීමටත්, රැුකියාව අහිමිවීම, රෝගාබාධ, දුබලතාව, වැන්දඹුවීම, මහළු බව හා වෙනත් තමන්ට පාලනය නොකළ හැකි ආපදාවලින් ජීවිකාව දුෂ්කර වූ විට රැුකවරණය ලැබීමටත් සෑම පුද්ගලයකුටම අයිතිවාසිකම් ඇත.
(2* මාතෘ භාවය හා ළදරු භාවය විශේෂ උපකාර හා ආරක්‍ෂාවට උරුම තත්ත්වයෝය. විවාහක හෝ අවිවාහක මව්වරුන්ගෙන් ලැබෙන සියළුම දරුවෝ සමාන ආරක්‍ෂාවට හිමිකම් ඇත්තාය.
26 වන වගන්තිය
(1* අධ්‍යාපනය ලැබීමට සෑම පුද්ගලයෙකුටම අයිතිය ඇත්තේය. ප‍්‍රාථමික හා මූලික අවස්ථාවලදී පමණක් වත් අධ්‍යාපනය නොමිලයේ විය යුතුය. කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ලැබීමට සාමාන්‍යයෙන් අවස්ථාව සැලසිය යුතු වන අතර දක්‍ෂතා පදනම් කොට උසස් අධ්‍යාපනය අත්කර ගැනීමේ අවස්ථාව සමානව සැලසිය යුතුය.
(2* මිනිස් පෞරුෂත්වය පරිපූර්ණ සංවර්ධනයට පත් කරන අතටත්, මානව අයිතිවාසිකම් හා මූලික ස්වාධීනතාවයන් පිළිබඳ ගරුත්වය ප‍්‍රබල වන අතටත්, අධ්‍යාපනය යොමු කරවිය යුතුය. මිනිස් ප‍්‍රජාවගේ සියළු රාජ්‍යයන්, ජාතීන් හා ආගමික කණ්ඩායම් අතර අන්‍යොන්‍ය අවබෝධයටත්, සාමය පවත්වා ගැනීම උදෙසා එක්සත් ජාතීන් ගෙන යන ක‍්‍රියාමාර්ගයටත් එය අනුබලයක් විය යුතුය.
27 වන වගන්තිය
(1* සමාජයේ සංස්කෘතික ජීවිතයට නිදහසේ සහභාගි වන්නටත්, කලාවෙන් ආශ්වාදය භුක්ති විඳීමට හා විද්‍යාත්මක දියුණුවට සහභාගී වී එහි ප‍්‍රතිඵල භුක්ති විඳීමටත් සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත්තේය.
(2* තමන්ගේ කර්තෘත්වයෙන් නිෂ්පාදිත විද්‍යාත්මක, සාහිත්‍යමය හෝ කලාත්මක කෘතියකින් ජනිත වන අධ්‍යාත්මකි හා භෞතික ඵල ප‍්‍රයෝජන රැුක ගැනීමේ අයිතිය සෑම පුද්ගලයෙකුම සතුව ඇත.
28 වන වගන්තිය
මෙම ප‍්‍රකාශනයෙහි සඳහන් අයිතිවාසිකම් ස්වාධීනතාවයන් පරිපූර්ණව සාක්‍ෂාත් කරගත හැකිවන සමාජ හා ජාත්‍යන්තර රටවකට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.
29 වන වගන්තිය
(1* පුද්ගලයෙකුගේ පෞරුෂත්වය නිදහස් පරිපූර්ණ සංවර්ධනයකට පත්කර ගැන්මෙහිලා ඉටුකළ යුතු සමාජ යුතුකම් රැුසක් සෑම පුද්ගලයකු කෙරෙහිම පැවරී ඇත.
(2* පුද්ගලයාගේ අයිතිවාසිකම් හා ස්වාධීනතාවයන් කි‍්‍රයාත්මක වීමේදී සීමාවක් තිබිය යුත්තේ හුදෙක් අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා ස්වාධීනතා ආරක්‍ෂා වීම පිණිසත්, අධ්‍යාත්මික ගුණ වගාව සඳහා අවශ්‍යතාව පිරිමැසීම පිණිසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මහජන සාමය හා පොදු සුබ සිද්ධිය ආරක්‍ෂාව වීම පිණිසත් පැනවෙන නීති පද්ධතියක් මගින් පමණි.
(3* එක්සත් ජාතීන්ගේ පරමාර්ථයන් හා ප‍්‍රතිපත්තිවලට පටහැනි වන අන්දමකින් මෙම අයිතිවාසිකම් හා ස්වාධීනතාවයන් කි‍්‍රයාත්මක නොකළ යුතුය.
30 වන වගන්තිය
මෙම ප‍්‍රකාශනයෙහි සඳහන් කිසිදු අයිතිවාසිකමක් හෝ ස්වාධීනතාවයක් හෝ වැනසී යන කිසිම කි‍්‍රයාමාර්ගයකට අයිතියක් කිසිදු රාජ්‍යයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට වාසි අත්වන අන්දමේ අර්ථ නිරූපනයක් මේ ප‍්‍රකාශනයෙහි කවර වගන්තියකින් හෝ නොකළ යුතුය.
Thursday, May 16, 2013
Tuesday, May 14, 2013
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****
"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****
"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."
[-සංජීව පුෂ්පකුමාර ගේ "ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටයෙන්]

Thursday, May 9, 2013
මම විතරයි බෝල ගහන්නෙ
තොපි අල්ලපියව් බෝල .........
ඔන්න බාල පුතාට මල පැනලා තරගයෙන් පැරදුනා කියලා. සාමාන්‍යයෙන් ඉගෙන ගත්තෙ නැති පාතාල මැරයෝ කරන දේම කරලා. විනිශ්චය කාරයාට ගහලා. හරි ඉතිං.... වෙන මොනවා කරන්නද.
එතකොට අර යාපනේ පහන් පත්තුකරපු ලමයා , ඒකාව අරන් ඇරියා වැලිකන්දට පුනරුත්තාපනය කරන්න කියලා. ඒකාට එහෙම නම් මේකාට මෙහමයි...
Monday, January 28, 2013
ආහාර අර්බුදය
wo
fï fudfydf;a mjd f,dal ck.ykfhka fldaá 100 laj;a wju jYfhka nv msfrkak wdydr
.ekSug yelshdjla fkdue;sj l=i.skafka isákjd lSfjd;a Tn úiajdi lrk tlla keye'
kuq;a we;a;" f,dfõ YoaOjQ i;Hh kï
thhs'
ta wêm;s udOH úiska tjeks ;s;a; we;;a f,djg
m%pdrh lrkafka keye' ta fjkqjg ;ud wmsjdf.au ta fldaá 100g tl;=fjkak fyg ojfia
fmda,sfï isák rgj,a j,g;a yeÍ fmdg¾ iqm¾ uEka
jdf. taajd ,nd fokakfk' ^wfma uy ;ekaj, whg Woõ lrk wks;a wh;a wms
fudlgo n,j;a rgj,g fofjks fjkafk lsh,d ,.u ;shk bkaÈhdfjka f.k,a,d ,dfng fokak
mq¨jka Ñ;a;s m%ùkd ;j;a ,dfng ÿjk yskaÈ
fou, lisln,a tfyu fmkajkafk&'
f,dalhg óg by;§ id.; lShla wdjdo@
lS odyla id.skof¾ u,do@
n,j;a rgj,a j, wdêm;H ;yjqre lr.ekSfï
wd;aud¾:ldó;ajh ksid fldkao fl,ska
;shdf.k bkak rgj,A lShlg iïndol od,d ta rgj,a j, wysxil ck;dj lkak ke;=j fldÉpr u,do@ kuq;a ta rgj,a ;du;a
;u fomhska ke.Sisákakg ork W;aidyh wmsg olskak wfma udOHh tkï f,daflkau W;=ï
rfÜ yÍu ksoyia udOH wjia;dj fokjdo@
kuq;a
ta uydn,j;a;= ;ukaf. wdydr w;sßla; j,g fudlo lf,a@ u;l ;shd.kak" wdydr
w;sßla; lshkafk ta rgj, whg lkak ;shk
wdydr .ek fkfuhs" ld,d fygg;a ;shdf.k ta .nvd j,g;a jvd jeämqr ksIamdokh lrmq tajdg' ta wdydr w;sßla;
j,g fudlo lf,a" wr lkak ke;s ÿmam;a rgj,g ÿkakdo@ kE' úúO ksldhkag
Y=NdrxÑh m;=rejkak fvd,¾ álla tõjdg" fkdfhl=;a rdcH fkdjk ixúOdk j,g rg
ixj¾Okh lrkak lsh,d ;j;a fvd,¾ álla tõjdg" fhdaO ixj¾Ok ls%hdj,shka lsh,d
wmsg md,ï fndalal= jrdhj,a yokak wvq fmd,S m%;sY;hka j,g Kh ÿkakdg ^ ta .ek
ioyka lf,a ta fhdaO jHmD;s ksid fyg ojfia wfma rg iqÅ; uqÈ; fjkjd lsh,d wmsg
odk nhs,d ksid & fï w;sßla; wdydr f,dal fj,ofmd,g;a fkdoud úkdY lrkjd'
wog;a fïl fjkjd wehs ta" wdodhï úYu;djh ksid' f.da,Sh fj,o fmdf,a we;slrk
,o n,mEï ksid wdodhï fn§ hdfï úYu;djh ksid ta úYu;djh mj;ajdf.k hkak ;ud
Tjqkag;a wjYHh' fukak ;shkjd fydou Wodyrkh'
fudk
jix.;h fudk iqkdñh fyda N+ñlïmdj wdj;a n,j;a rgj, whg ;sfhk m%YaKh ;ud wêl
;rndrelu wêfmdaIKh ksid we;sjk frda.
wmsg yeuodu ukaofmdaIkh
ÿIafmdaIkh iy ukao fmdaIkh' fï m%Yakfha uq,gu huq' ld¾ñl úma,jh g fmr lEu wjYHh
Wfka nv.skakg' lEu uQ,sl ñksia
whs;sdislula' tal ksidfk weußldj mjd wd¾Ól w¾nqofha§ relshd ke;s whg
i,dl l%uhg wdydr ,nd ÿkafka' ^tal ksidfka wfma w;s .re ckdêm;a W;a;uhd wr.sh .y
ukaÈrfha úYd, okaie,la yo,d wirk ÿ.S u.S hdplhkag wdydr ,nd ÿkafk' talu wkq.ukh
lrñka t;=udkka jykafiaf.a wkq.dñlhka wo m,d;a iy m%dfoaYsh uÜgfuka ta okaie,a
k.rfhka .ug wrf.k .syska ;sfhkafk&'
kuq;a
miqj Wfka ñ,§ .ekSfï yelshdj we;s whg mukla ;sfnk Y=oaOjQ whs;sjdislula njg
m;aWkd wdydr lshk foa' wdydr j, ysñlrejka Wfka uqo,a ;shk wh' ta jf.auhs f,v
frda. j,g ysñlrejka Wfk;a ta n,j;a whuhs' fï wdldrhg YsIaGdr.;ùfï idmrdë
wmrdOhg jkaÈ f.jk fldaá 100 .ekhs fuys uq,skau ioyka jkafka
wo
f,dalfha mj;skafk mdrcd;sl iud.ï j,g Tìk wdldrhg ilik ,o ksIamdokh l%uhla iys;
lDIsld¾ñl rgdjla iy fj<o fmdf,a ñ, iu. hk l%ufõohla
tax.,ka;fha
;uhs m%:u j;djg f,dj bvï fldgqlr.ekSu wdrïn lf,a ta yryd ld¾ólrkh ;=, mj;ajdf.k
.sh uqo,a fiùu wog;a úúO fõIhka f.ka fjkafk ta foau ;ud' hg;a úð;lrkh yryd lf,a
;j;a nrm;, fohla' th kï wka rgj,a lvd ouñka fnod fjkalsÍu' tla tla rgj,a tla
tla ksIamdokhg fjka l,d' Wodyrk f,i
,xldj ;uhs ,smagkaf. f;a j;a;' tfyu Wkdu
taa iajdëkj ;snqk rgj,a j, tf;la ;snQ iajhxfmdaIs; wdydr ud¾. úkdY lrkak mdr
lmkjd' ta fjkqjg fjk;a rglg wjYH foa ksYamdokh lr,d úl=Kkak fjk ud¾.hla yo,d
;shkjd' kuq;a wms wfma wjYH;djhka lsh,d ta rgj,a fmkakk W.kajk foaj,a lrkak
hkjd' t;fldg Khfjkak fjkjd' kh f.jkak neßfjkfldg ;j flfkla u; hefmkak fjkjd'
Tfydu .syska n,kfldg fuÉpr l,a ir, wdldrhg uykaisfj,d lEu fõ, Wmhdf.k mßirh;a
tlal noaO fjñka ldg;a nrla lrorhla fkdù ysgmq wfma rgjeishdg wofjkfldg ;ukag
ñ,§ .kak neß ;rug wdydr ñ, by, .syska yeu fohlau ñ,§ .kak fj,d'
,xldfju bkakjd 18] permanent hunger ,d fï bosrshg meñfkkafka End of Cheep Foods hq.hhs' biair ;snqkd ,dnhg .kak mq¿jka t<j¨ wo tfyu tajd úys¨jgj;a ;shkjdo@
.ia,nq weg .%Eï 100la lSho ì;a;r ù wmg
fokafk ljqo ish,a, ndr wrf.k ;sfhkafk msgrg iud.ï" f.úck fiajd uOHia:dk
wu;HdxY ;snqkdg f.dúhdg Wmfoia fokafk ta iud.ï j, wjqkai .dkg m,sfndaO kdYl
rd;a;,a .dkg fmdfydr úl=kk uqo,d,s,d'
kdj,
wkakdis ììf, fodvï wo flda# fudkjd yß jjkjdkï talg .kak fí;aa îc ál;a lDñkdYl
fjkrgl fldïmekshla yryd ;ud .kak fjkafk' tal jjdf.k lkafk jy' tfyu ld,d yefok
f,v j,g;a fí;a ta fldïmeks j,g wkqnoaO fjk;a fldïmeks yo,d tjkjd' frday,a j,
ke;s fí;a úl=kk uqo,d,s,d fodia;r,dg jvd fydog fí;a fndk yeá lsh,d fokjd'
wms
jjuq rg k.uq lSjdg nv.skafk bkak wh jeä
fjkjd ljqre fldfydu lSj;a we;s ke;s lshk mr;rh tkak tkaku nrm;, wdldrhg
jeäfjkjd' fïlg fudlo lrkafk@@@@@@@
wmsg mq,qjkakï
fmfkkjdg
jvd hula olskak
wefikjdg
jeä hula wykak
ysf;kjdg
jeä hula ys;kak
lrkak
´kd fudkjdo lsh,d Tfí ukig jegfyaù' todg fï bkaohka id.f¾ wuq;= wefÜ we;a;gu
uq;= weghla jdf.a nn,dù'
ta
pdkl ;s,lr;ak
Monday, January 2, 2012
මග බලමින් මා සිටියා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා...
ශ්‍රෙක් යනු බියුලොක් නම් සුන්දර රාජධානියේ මඩ වගුරක ජීවත් වන රාක්ෂයෙකි. එමෙන්ම ඔහු අනවසර පදිංචිකරුවෙකි. මිනිසුන් ඔහුට පණ බයේ සිටින බැවින් කිසිවකු ඔහු අසලට ළ`ගා නොවෙන අතර ඔහු තනිවම තමන්ගේ පාඩුවේ ජීවත් වෙයි. පිටතින් අන්‍යයන් බියගන්වනසුලූ රළු නපුරු පෙනුමක් තිබුණත් ඇතුළතින් ඔහු ඉතා මුදු හදවතක් ඇත්තෙකි. මිනිසුන් තමා ගැන දැන ගැනීමටත් පෙර තම බාහිර ස්වරූපයෙන් තමා ගැන පූර්ව විනිශ්චයකට එළැඹීම ගැන ඔහු තුළ ඇත්තේ කනගාටුවකි.
එරට පාලනය කරන ෆාක්වාඩ් ආදිපාදයා විසින් ශ්‍රෙක්ගේ වාසස්ථානය වූ මඩ වගුර බලයෙන් පවරාගෙන රාජධානියේ ජීවත්වූ සුරංගනා කතාවල චරිතයන් සියල්ල බලෙන් ඉවත් කර ඔවුන් එම මඩ වගුරේ නැවත පදිංචි කිරීමට කටයුතු කිරීම නිසා ශ්‍රෙක්ගේ නිහ`ඩ ජීවිතය වෙනසකට භාජනය වෙයි. මඩ වගුර ආපසු ලබාගැනීම ස`දහා ගවේෂණයක යෙදීමට ෆාක්වාඩ් ආදිපාද තැන ශ්‍රෙක්ට පවරයි. ඒ ඈත දූපතක ක`දු මුදුනක් මත ඇති කුළුණක සිර කර ඇති සුන්දර ෆියෝනා කුමරිය බේරා ගෙන ඇය ෆාක්වාඩ් ආදිපාදයා වෙත ගෙනවිත් දීම පි‚සය. අනවශ්‍ය සියලූ අංග ඉවත් කොට සියලූ ආකාරයෙන් පිරිසිදු කරන ලද මේ බියුලොක් නැමැති පරිපූර්ණ රාජධානියේ රජවීමට බලාපොරොත්තු වන ෆාක්වාඩ් ආදිපාදයාට ඒ ස`දහා ඇති බාධාව තමන් රජ පෙළපතක කෙනෙකු නොවීමයි. පළමු විමලධර්මසූරිය රජතුමා දෝන කතිරිනා කුමරිය පැහැරගෙන විවාහ කරගෙන රාජ්‍යත්වයට උරුමය ලබා ගත්තා සේ, ඔහුගේ මර‚න් පසු ඔහුගේ සොහොයුරෙකු වන සෙනරත් නැවතත් දෝන කතිරිනා තමන් විසින් විවාහ කරගෙන රාජ්‍යත්වයට උරුමකම් ලබා ගත්තා සේ, ෆාක්වාඩ් ආදිපාදයා ද රජ කෙනෙකු බවට පත්වීම ස`දහා රජ කුමරියක විවාහ කරගත යුතුය. ඒ ස`දහා සුරූපී ෆියෝනා කුමරිය විවාහ කර ගැනීමට තීරණය කරන ඔහු එම ගවේෂණය ස`දහා ශ්‍රෙක් යවන්නේ ෆියෝනා කුමරිය මුදා ගෙන තමන් වෙත ගෙනැවිත් භාර දුන්නොත් ඔහු පවරාගත් මඩ වගුර ඔප්පුවකින් ආපසු පවරා දෙන බව කියයි.
සාම්ප්‍රදායික යුද වීරයන් හෙවත් නයිට්වරුන්ට තම සාම්ප්‍රදායික සටන් ක්‍රම මගින් බේරා ගැනීමට නොහැකි වූ ෆියෝනා කුමරිය ඉතාම අසම්ප්‍රදායික ආකාරයෙන් බේරා ගැනීමට ශ්‍රෙක් සමත් වන්නේ ඔහුගේ මිතුරු කතා කරන බූරුවාගේ ද උපකාරයෙනි. තමා බේරාගත් වීර කුමරුවාට තම ප්‍රථම හාදුව පිරිනැමීමට බලාපොරොත්තුවෙන් පෙරුම්පුරාගෙන බලා සිටි සුන්දර ෆියෝනා කුමරියට දැන ගැනීමට ලැඛෙන්නේ ශ්‍රීමත් ශ්‍රෙක් උතුමාණන් යනු ආකර්ෂŒය කුමාරයෙකු නොව නිකංම නිකං රාක්ෂයෙකු බවත්, ඔහු තමා බේරාගත්තේ තමා විවාහ කර ගැනීමට නොව තමා ෆාක්වාඩ් ආදිපාදයාට පවරා දී ඔහුගේ අහිමි වූ වාසස්ථානය ලබා ගැනීමට බවත්ය. කෙසේ වුවද ආපසු ගමන අතර මගදී ශ්‍රෙක් සහ ෆියෝනා ප්‍රේමයෙන් බැෙ`දති. එහෙත් ඒ බව පිළිගැනීමට දෙදෙනාම කැමති නැත. ෆියෝනා කුමරිය ෆාක්වාඩ් ආදිපාදයාට භාර දී තම මඩ වගුරේ ඔප්පුව රැගෙන ආපසු ගියත් ශ්‍රෙක්ගේ හිතට සැනසිල්ලක් නොලැඛෙන්නේ ෆියෝනා කුමරියට බැ`දි ප්‍රේමය නිසා ඔහු වෙනස් පුද්ගලයෙකු බවට පත් වී ඇති නිසා හෙවත් ඔහු විසින් zබියජනක රාක්ෂයකුZ වූ තමා zඅවංක පෙම්වතෙකුZ ලෙස නැවත සොයා ගනු ලැබ ඇති නිසාය.
අනපේක්ෂිත සිදුවීම් රාශියක ප්‍රතිඵලයක් වශයෙන් ෆාක්වාඩ් ආදිපාදයාගේ රජවීමේ සැලැස්ම අසාර්ථක වන අතර ෆියෝනා කුමරිය සහ ශ්‍රෙක් විවාහ වෙයි. මේ සියල්ලට උදව් වන්නේ ෆියෝනා කුමරිය ආරක්ෂා කරගෙන සිටි භයානක මකරායි. ශ්‍රෙක් කුමරිය බේරාගන්නට යන අවස්ථාවේදී ශ්‍රෙක්ගේ මිතුරු බූරුවා විසින් ස්ත්‍රියක වූ එම මකරා වස`ග කර ගැනීම නිසා මෙය සිදුවෙයි. ඇත්ත වශයෙන්ම සුරූපී ෆියෝනා කුමරියට ද අන් සියල්ලන්ටම මෙන් අ`දුරු පැත්තක් ඇත. මායාකාරියකගේ ශාපයකට ලක්ව සිටින ඇය දිවා කාලයේ කුමාරියක් ලෙස සිටියත් රාත්‍රියේදී රාක්ෂියක බවට පත් වෙයි. එම ශාපය නැති කළ හැක්කේ ඇගේ සැබෑ ප්‍රේමවන්තයාගෙන් ලැඛෙන ප්‍රථම හාදුවෙනි. ශ්‍රෙක් ඇය සිප ගත් පසු ඇය සදාකාලික සුරූපිනියක් වීම වෙනුවට සිදුවන්නේ ඇය සදාකාලික රාක්ෂියක් වීමයි. කෙසේ වුවද ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයට එයින් බාධාවක් නොවන අතර ඔවුහු එතැන් පටන් මඩ වගුරෙහි ඇති තම කුඩා නිවසේ සතුටින් ජීවත් වීමට පටන් ගනිති.
කාලය මෙසේ ගතවී යද්දී ශ්‍රෙක් යුවළට දරුවන් ගණනාවක්ම ලැඛෙයි. බූරුවා, මකරිය සහ ඔවුන්ගේ දරුවන් ද, සපත්තු පූසා ද ඇතුළු මිතුරු සමාගම හා එක්ව ඔවුන්ගේ ජීවිත නිසංසලේ ගලා යයි. තවදුරටත් ශ්‍රෙක් යනු දඩබ්බරයෙකු නොවේ. ඔහු සැබෑ ලාංකික විවාහකයෙකු මෙන් දයාබර පියෙකු සහ පෙම්බර සැමියකු, හිතවත් මිතුරෙකු බවට පත්වී ඇත. තවදුරටත් කිසිවෙකු ඔහුට හෝ ඔහුගේ ගෝරනාඩු කිරීම්වලට බිය නැත. ඔහු කුඩා ළමයින්ට පවා සෙල්ලමට ගත හැකි ආකාරයේ අහිංසකයෙකු බවට පත්ව ඇත. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබ`ද දැනුමක් ලබා සිටින ඔහු ස්ත්‍රී භූමිකා සහ පුරුෂ භූමිකා යනු සමාජය විසින් ගොඩනංවන ලද ඒවා බව තේරුම් ගෙන සිටින අතර ගෙදර දොරේ වැඩ කටයුතුවලට තම බිරි`දට උදව් කරන ආදර්ශමත් ස්වාමි පුරුෂයෙකු බවට පත් ව සිටී.
එහෙත් කාලයාගේ ඇවෑමෙන් තමා ගෙවන එAකාකාර ජීවිතය ගැන කලකිරෙන ශ්‍රෙක් තමා කලින් ගත කළ නිදහස් හුදකලා ජීවිතය ගැන සිහින මවයි. සියලූ දෙනාම තමන්ට බිය වූ, තමා සැබෑ රාක්ෂයකු ලෙස ගත කළ ඒ යුගය ගැන සිතා අතීත වේදනාවකට පත්වෙයි. තම දරුවාගේ ප්‍රථම උපන් දින සාදයේදී ඇතිවන සිදුවීම් නිසා ඉවසීමේ සීමාව ඉක්මවා ගිය ශ්‍රෙක් ෆියෝනාට කියන්නේ zතමා ඇයව බේරා නොගත්තා නම් වඩා හො`ද බව තමන්ට දැන් සිතෙනZ බවයි.
ඇත්ත වශයෙන්ම ශ්‍රෙක්ට තම ජීවිතය නැවත සොයා ගැනීමට අවශ්‍ය වී ඇත. එනම් ඔහු කල්පනා කරන්නේ තමා ෆියෝනා කුමරිය බේරා ගැනීමට ඉදිරිපත් නොවූවා නම් කුමක් විය හැකිව තිබුණා ද කියාය. අතීත කාලයේ ජීවත් වූ මිනිසුන්ට ද තම ජීවිතය පිළිබ`දව කලකිරුණු අවස්ථාවන්හි එවැනි කල්පනා ඇතිවන්නට ඇති නමුත් අවසානයේදී ඇත්ත වශයෙන්ම තිඛෙන්නේ එක තෝරා ගැනීමක් බවත් එය තෝරාගත් පසු ආපසු හැරෙන්නට බැරි බවත් ඔවුහු දැන සිටියහ.
උදාහරණයක් වශයෙන් සිද්ධාර්ථ කුමාරයාට තම බිරි`ද හා දරුවා සම`ග රජ සැප වි`දිමින් ගිහි ගෙයි රැ`දීම හෝ නොදන්නා, අවිනිශ්චිත අනාගතයක් සොයා අභිනිෂ්ක්‍රමණය කිරීම යන තෝරා ගැනීම් දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවිය.
ඊළගට zසක්විති සැපත ලැඛෙතැයි මරු වළකද්දීZ දිගටම ඉදිරියට යෑම හෝ ආපසු යෑම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවිය. අප අදහන බුද්ධාගම ගොඩනැගුණේ එවැනි තෝරා ගැනීමක ප්‍රතිඵලයක් ලෙසය.
එහෙත් අප ජීවත් වන පශ්චාත්-නූතන යුගයෙහි මිනිසුන්ගේ ජීවිතයට විකල්ප තෝරා ගැනීම් කිහිපයක් ඇත. එක තෝරා ගැනීමක් අසාර්ථක වුවහොත්, පරිගණක ක්‍රීඩාවක මෙන් zඩීල් අගේන්Z යන බොත්තම ඔබා අලූතෙන් පටන් ගත හැකිය.
මේ අනුව තම ජීවිතයට අතීත කාලයේ මිනිසුන්ට තිබුණාක් මෙන් ඇත්තේ එක ආඛ්‍යානයක් නොවී විකල්පයන් කීපයක් හෙවත් එකිනෙකට වෙනස් ආඛ්‍යානයන් කිහිපයක් තිබුණේ නම් කෙතරම් අගනේදැයි zශ්‍රෙක්Z කල්පනා කරයි. තමා මේ ගෙවන ඒකාකාරී ගෘහස්ථ ජීවිතයෙන් මිදී නැවතත් අතීතයේ සිටි ප්‍රතාපවත් රාක්ෂයා වන්නට හැකි නම් කෙතරම් අගේද? මේ අවස්ථාවේ ඔහුට පිහිටට එන්නේ zඔබගේ ඕනෑම ප්‍රශ්නයක් මොහොතින් අතුරුදහන් කරනZ බවට ඔබට සහතික වන zරම්පල්ස්ටිල්ට්ස්කින්Zය.
ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමේ නායකයන් පත්තරවලට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවලින් හෙළිවන කරුණු අනුව පක්ෂය තුළ මතවාදී අරගලය ආරම්භ වී තිඛෙන්නේ මීට වසර 12 කට පමණ පෙර එනම් 1999 වැනි කාලයකය. ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සම`ග පරිවාස ආණ්ඩුවක් ඇති කර ගැනීම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ගොඩනැගීමට නායකත්වය දීම, 2004 දී පොදුජන එක්සත් පෙරමුණ සම`ග හවුල් වී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා හවුල් ආණ්ඩුවක් පිහිටුවා ඇමතිකම් ලබා ගැනීම, 2005 දී සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ වීම, 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත්කිරීම ස`දහා කටයුතු කිරීම මෙන්ම 2010 ජනාධිපතිවරණයේදී ජෙනරාල් ෆොන්සේකා බලයට පත්කිරීමට මැදිහත්වීම ආදිය පක්ෂ අභ්‍යන්තරයේදී විවේචනයට ලක්ව ඇත. පක්ෂය දකුණට ගමන් කරන තත්ත්වයක් තුළ පක්ෂයේ අනන්‍යතාවය රැකගෙන ස්වාධීන ක්‍රියාමාර්ගයක් ගතයුතුය යන යෝජනාව ඉදිරියට ගැනීමට කැරලිකාර කණ්ඩායම ක්‍රියා කොට ඇත. දැන් ඔවුන් අපේක්ෂා කරන්නේ ස්වාධීන වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැගීම ස`දහා විප්ලවවාදීන් සොයා යමින් සංවිධානගත කිරීමටය.
1994 ට පෙර ජනතා විමුක්ති පෙරමුණ යනු එක්තරා ප්‍රමාණයකට අද්භූත ප්‍රපංචයක් විය. එය කුමක්දැයි යන්න හෝ එයට සම්බන්ධ විය හැක්කේ කෙසේදැයි යන්න විවෘතව කතා බහ කළ නොහැකි වූයේ වසර 10 කට ආසන්න කාලයක් එය තහනම් කරන ලද පක්ෂයක් වශයෙන් පැවතුණු නිසාය. එක්තරා ප්‍රමාණයකට එය ශ්‍රෙක්ගේ ජීවිතය වැනි හුදකලා, අවදානම් සහිත එහෙත් ගාම්හීර ජීවිතයකි. සමාජය ජ.වි.පෙ. දෙස දැක්වූයේ ගෞරවය සහ බිය මිශ්‍රිත ආකල්පයකි.
1994 න් පසු ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමෙන් පසු 2000 දක්වා එය සතුව සිටියේ එක් මන්ත්‍රීවරයෙකි. එහෙත් දෙමළ සන්නද්ධ දේශපාලනයේ බලපෑම හෙතුවෙන් ඉන් අනතුරුව රට තුළ ඇති වූ දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ජ.වි.පෙ. ට රටේ තීරණාත්මක භූමිකාවක් ර`ගපෑම ස`දහා අවස්ථාවක් ලැබි‚. ෆාක්වාඩ් ආදිපාදයාට රජ වීම ස`දහා මෙන්ම බියුලොක් රාජධානිය පරිපූර්ණ රාජධානියක් බවට පත්කිරීම ස`දහා මකරා පරදවා ෆියෝනා කුමරිය බේරා ගැනීමට අත්‍යවශ්‍ය වූවා සේම ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පරිපූර්ණ ස්වෛරී, ඒකීය රාජ්‍යයක් බවට පත්කොට අතීත ශ්‍රී විභූතිය යළි ලබාගැනීම ස`දහා එල්.ටී.ටී.ඊ. සංවිධානය පරදවා, දෙමළ ජනතාව zමුදා ගැනීමZ අවශ්‍ය විය. ඒ ස`දහා අවශ්‍ය ධෛර්යය, ශක්තිය හෝ සාම්ප්‍රදායික නොවන ක්‍රමවේදයන් පාලක පන්තියේ ෆාක්වාඩ් ආදිපාදවරුන්ට නොතිබීම නිසා ඒ වෙනුවෙන් ශ්‍රෙක්ගේ හෙවත් ජ.වි.පෙ. සහයෝගය අකමැත්තෙන් හෝ ලබා ගැනීමට සිදුවිය.
අවසානයේදී ශ්‍රෙක් විසින් ෆියෝනා කුමරිය බේරාගත්තා සේම ජ.වි.පෙ. විසින් ඉදිරියට තල්ලූ කරන ලද ජාතිවාදී මතවාදයේ බලයෙන් ජනතාව බලමුළු ගන්වා ගෙන එතෙක් පරාජය කළ නොහැකි යයි විශ්වාස කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සාම්ප්‍රදායික නොවන ක්‍රම මගින් පරාජය කිරීමට හැකිවිය. නමුත් ජයග්‍රහණය ෆාක්වාඩ් ආදිපාදයාට භාර දීම වෙනුවට තමන්ම හිමිකර ගැනීමට හෙවත් තීරණාත්මක අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත්වී ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමට නොහැකි වුවහොත් තම නායකත්වය යටතේ ෆියෝනා කුමරිය බේරාගෙන රාජධානිය, රජකම සහ කුමරිය යන ත්‍රිත්වයම තමන් සතු කර ගැනීමට ඔවුන් උත්සාහ කළ අතර, අනපේක්ෂිත ලෙස ෆාක්වාඩ් විසින් ජයග්‍රහණය හිමිකර ගැනීමත් සම`ග ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ අවුල් විය. මීළ`ගට යුද්ධයේ සැබෑ උරුමක්කාරයා වශයෙන් ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී ඉදිරියට ගැනීමෙන් ද ජයග්‍රහණයක් ලබා ගත නොහැකිවූ තත්ත්වයක් යටතේ ඔවුන්ගේ ඊළ`ග තුරුම්පුව වූයේ ආණ්ඩුව බලය ඛෙදීමේ ක්‍රියාදාමයකට එළඹුණු අවස්ථාවක ඊට එරෙහිව ජනතාව බලමුළු ගැන්වීමටය යනු අපගේ අදහසයි. එහෙත් ආණ්ඩුව යුද්ධය අවසන් වී වසර දෙකක් ගතවනතුරුත් එවැනි පියවරක් නොතැබීම නිසා නැවතත් ඇති වූයේ අර්බුදයකි.
ආණ්ඩුව අර්බුදයට ගමන් කරන තුරු බලා සිටි ජ.වි.පෙ. ට ආණ්ඩුවේ කල් ඇල්ලීම නිසා සිදු වූවේ තමන් අර්බුදයට යාමටය. ඔවුන්ගේම යෙදුමකින් ප්‍රකාශ කළොත් zරට අවුලක - පෙරට එන්නZ කියමින් උද්ඝෝෂණයක් ඇරඹූ ජ.වි.පෙ. ට සිදුවූවේ පක්ෂය අවුලක පෙරට එන්න යන කැරලිකරුවන්ගේ ඉල්ලීමට උත්තර සපයන්නටය. කැරලිකරුවන් විසින් කළේ මහින්ද රාජපක්ෂ පාලනය තව වසර දෙකකට දීර්ඝ කර දීම බව ජ.වි.පෙ. පවසන විට එහි අර්ථය අප තේරුම්ගත යුත්තේ ඒ ආකාරයෙනි.
ෆාක්වාඩ් විසින් ෆියෝනා කුමරිය බේරා ගැනීම ස`දහා තමන් යැවීමට යෝජනා කරන ලද අවස්ථාවේදී ශ්‍රෙක් හමුවේ තෝරා ගැනීම් තුනක් පැවතු‚:
1. ෆාක්වාඩ් තමාගෙන් පැහැරගත් තමා අනවසරයෙන් හෙවත් නීත්‍යනුකූල නොවන ආකාරයට ජීවත්වූ මඩ වගුර ආපසු නිත්‍යනුකූලව ලබා ගැනීම ස`දහා ෆාක්වාඩ් වෙනුවෙන් ෆියෝනා කුමරිය බේරා ගැනීමේ ගවේෂණයට ගොස් කුමරිය බේරාගෙන පැමිණ ඇය ෆාක්වාඩ්ට භාර දී ඔහුට රජෙකු වීමට අවස්ථාව ලබා දී ඔහු යටතේ වැදගත් නීත්‍යනුකූල පුද්ගලයෙකු ලෙස ජීවත් වීම.
2. ෆාක්වාඩ්ට බම්බු ගහ ගන්නට කියා තම මඩ වගුර ලබා ගැනීම ස`දහා සාමාන්‍ය ජනතාවගේ බිය සහ ගෞරවය උපදවන ආකාරයේ නීත්‍යනුකූල නොවන කැරලිකරුවෙකු ලෙස සටන් වැදීම.
3. ෆාක්වාඩ්ගේ ඉල්ලීමට එක`ග වී ෆියෝනා කුමරිය බේරා ගැනීමේ මෙහෙයුමට හවුල් වී ඇය බේරා ගෙන පසුව ඇයට බැදි ආදරය නිසා ෆාක්වාඩ්ට ඇය භාර නොදී ඈ හා විවාහ වී රජකමට උරුමය ලබා ගැනීම.
ශ්‍රෙක් තෝරා ගත්තේ තුන්වන විකල්පය වන අතර ඉන්පසු ඔවුහු සතුටින් ජීවත් වෙති. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ශ්‍රෙක් තම වර්තමාන ජීවිතය ගැන කලකිරී අතීත රැඩිකල්, නීත්‍යනුකූල නොවන ජීවිතය ගැන අතීත වේදනාවක් ඇති කර ගනී. ඒ නිසා ඔහු සිහින දකින්නේ අතීත ජීවිතය ගැනය. එනම් ඔහු zඅපරාදෙ මම පළමුවන විකල්පය තෝරාගත්තෙ නැත්තෙ, එහෙම වුණානම් මට දඩබ්බර කැරලිකරුවෙකු හැටියට සමාජයේ ගෞරවයක් ඇතිව ජීවත් වෙන්න තිබුණාZ යයි සිතයි.
ජ.වි.පෙ. ට ද ශ්‍රෙක්ට හමු වූ අභියෝගයම මුණ ගැසෙයි.
1. තමා ජීවත්වන නීත්‍යනුකූල නොවන තත්ත්වය ඉවත් කරගෙන සිංහල බෞද්ධ බහුතර සමාජයේ පිළිගැනීමක් ලබා ගැනීම ස`දහා ආණ්ඩුවට එකතු වී ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කරගෙන, ඉන්පසු ඒ මගින් ලැඛෙන ජන බලය හරහා තම ශක්තිය වැඩි කරගෙන, තමන්ගේ මතවාදී ආධිපත්‍යය යටතේ හැසිරෙන ආණ්ඩුවක් බලයට පත් කරගෙන එය සම`ග එක්ව යුද්ධය ස`දහා ජනතාව බලමුළු ගන්වා ජයග්‍රහණය ලබා ගෙන එම ආණ්ඩුවේ පාලකයන් වන ෆාක්වාඩ්ලා යටතේ වැදගත් පුද්ගලයන් ලෙස ජීවත් වීම. (විමල් වීරවංශ ඇතුළු පිරිස තර්ක කරන්නේ කළ යුතුව තිබුණේ එය බවයි.)
2. මේ යුද්ධය ධනපති පන්තියේ යුද්ධයක් ලෙස සලකා, උන්ගේ යුද්ධය උන්ට ඕන විදියකට කරගන්නැයි කියා පාලක පන්තියට බම්බු ගහ ගන්නැයි යෝජනා කරමින් සියලූ පීඩිත බලවේගවල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් පන්ති අරගලය ස`දහා බලවේග පෙළගැස්වීම ස`දහා ක්‍රියා කිරීම. (පුබුදු ජයගොඩ ඇතුළු කැරලිකාර කණ්ඩායම කියන්නේ තමන් දිගටම යෝජනා කළේ මෙය බවයි.)
3. පළමු පියවර අනුගමනය කරමින් යුද්ධය ස`දහා ජාතිවාදී පදනමක් මත ජනතාව බලමුළු ගන්වා එමගින් සුළු ජාතියේ විමුක්ති අරගලය මර්දනය කිරීමට යන පාලක පන්තියේ හමුදාව ශක්තිමත් කොට එම යුද්ධය අසම්ප්‍රදායික ආකාරයෙන් මෙහෙයවා ජයග්‍රහණය ලැබීමට අපොහොසත් වන විට තමා නායකත්වය ලබා ගෙන යුද්ධය මෙහෙයවා ජයග්‍රහණය කොට ජයග්‍රහණයේ අයිතිය සහ කීර්තිය තමන් විසින් ලබා ගැනීම හෝ එම විකල්පය අවසන්වී ආණ්ඩුව යුද්ධය ජයග්‍රහණය කළහොත්, ඊළ`ගට ඉන්දියානු මෙහෙයවීම මත ආණ්ඩුව් බලය ඛෙදීමට සැරසෙන විට එයට විරුද්ධව බලවේග මෙහෙයවා ජයග්‍රහණය ලබා ගැනීම. (ජවිපෙ නිල නායකත්වය නොකියන නමුත් ඔවුන්ගේ ස්ථාවරය පක්ෂ සාමාජිකත්වයට සාධාරŒයකරණය කරන ස්ථාවරය මෙයයි.)
ශ්‍රෙක්ට මෙන්ම ජ.වි.පෙ. ට ද අදාළව මෙම විකල්ප තුනෙන් ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වූයේ එක් විකල්පයක් පමණකි. එනම් තුන්වන විකල්පයයි. එය අපට zයථාර්ථයZ ලෙස හැ`දින්විය හැකිය. විකල්පයන් 3 පැවතිය හැක්කේ යථාර්ථයට පෙර පැවති ප්‍රාග්-යථාර්ථය තුළ පමණකි. එබැවින් විමල් වීරවංශ සහ තවත් අය කියන ආකාරයට ජ.වි.පෙ. ට 1 වන විකල්පය හෙවත් දේශප්‍රේමී විකල්පය අනුගමනය කළ හැකිව තිබුණාය යන්න මතයද, ජ.වි.පෙ. කැරලිකරුවන් පවසන ආකාරයට ජ.වි.පෙ. ට 2 වන විකල්පය හෙවත් වාමාංශික විකල්පය අනුගමනය කළ හැකිව තිබුණාය යන මතය ද අයත් වන්නේ ප්‍රාග්-යථාර්ථයට මිස යථාර්ථයට නොවේ. යථාර්ථය වන්නේ තුන්වන විකල්පය වන අතර එම විකල්පය ක්‍රියාත්මක කිරීමේදී අසම්ප්‍රදායික සටනකින් පසු ෆියෝනා කුමරිය බේරාගත් ශ්‍රෙක් මෙන් දෙමළ මිනිසුන් මත අතිමහත් විනාශයක් පතිත කරන ලද සාම්ප්‍රදායික නොවන යුද්ධයකින් පසු ජයග්‍රහණය ෆාක්වාඩ්ලා විසින් පැහැර ගැනීමට ලක්වීම බලා සිටීමට සිදුවීමයි.
පීඩිත ජනතා අරගලයක් විනාශ කිරීම ස`දහා තම පක්ෂය සතු සියලූ හැකියාවන් යොදවන ආකාරය හෘදය සාක්ෂියේ කිසිදු සෙලවීමක් නොමැතිව ඉවසා වදාරා සිටි, ඒ නමුත් එදා වෙනත් විකල්පයක් අනුගමනය කළ හැකිව තිබුණා යැයි දැන් කියන කැරලිකාරී කණ්ඩායමට අප කිව යුත්තේ එම සිදුවීම සිදුවී අවසන් බවත්, අසරණ මිනිසුන්ගේ රුධිරය ඔබගේ දෑතේ ද ගෑවී ඇති බවත්ය. දැන් තමා නැවත සොයා ගැනීමට අවශ්‍ය නම් ඔවුන්ට සිදුවන්නේ zඔබගේ සියලූ ප්‍රශ්න අතුරුදහන් කරවනZ රම්පල්ස්ටිල්ට්ස්කින් කෙනෙක් සොයා ගැනීමටය.
රම්පල්ස්ටිල්ට්ස්කින්ගෙන් තම පැර‚ ජීවිතයෙන් දවසක් ඉල්ලා සිටින ශ්‍රෙක් ඒ වෙනුවට තම ජීවිතයෙන් එක දවසක් ඔහුට දීමට එක`ග වෙයි. ඒ අනුව රම්පල්ස්ටිල්ට්ස්කින් ලබා ගන්නේ ශ්‍රෙක් ඉපදුණු දිනයයි. ශ්‍රෙක්ට තම පැර‚ ජීවිතය ලැඛෙන අතර අතීතයේදී මෙන් සියලූ දෙනාම ඔහුට බිය වෙති. එහෙත් දවස අවසානයේ නිවස බලා යන ඔහුට දකින්නට ලැඛෙන්නේ තමන්ගේ ඡායාරූපය සහිතව zදුටු තැන අල්ලනුZ යනුවෙන් දැන්වීම් අලවා ඇති බවයි. නැවතත් තහනම් පුද්ගලයෙකු බවට පත්වීම නිසා (එක දිනකට) සතුටට පත්වන ඔහුට තරු විසි වෙන්නේ තම බිරි`ද වන ෆියෝනා කුමරිය රාක්ෂියක වශයෙන් සිටින අවස්ථාවක ඡායාරූපයක් ද දුටු තැන අල්ලනු තේමාව යටතේ අලවා ඇති බව දකින විටයි. මෙහිදී ඔහුට දැන ගැනීමට ලැඛෙන්නේ තවමත් ඔහු විසින් ෆියෝනා බේරාගෙන නැති බවයි. අතීතයේදී තමා ෆාක්වාඩ් වෙනුවෙන් ෆියෝනා සොයා යද්දී තමාගේ සහයට සිටි මිත්‍රයා වන කතා කරන බූරුවා පවා දැන් ඔහු නොහ`දුනයි. ඔහු ෆියෝනා සොයා ඇය ර`දවා සිටි මකරා විසින් ආරක්ෂා කරනු ලබන කුළුණ වෙත ගිය ද ඔහුට ෆියෝනා හමු නොවේ. තම ගැලවුම්කරුවා එනතුරු කුළුණට වී දින ගනිමින් සිටි ෆියෝනා ස්වෝත්සාහයෙන්ම කුළුණෙන් පැන ගොස් යටි බිම් ගත් වී හෙවත් අන්ඩර්ග්‍රවුන්ඩ් ගොස් අනෙකුත් රාක්ෂයන්ට නායකත්වය දෙමින් රම්පල්ස්ටිල්ට්ස්කින් ගෙන් නගරය බේරා ගැනීම ස`දහා විප්ලවයක් සූදානම් කරයි. මෙහිදී ඇය සොයා ගොස් තමා ඇගේ නැතිවූ ස්වාමිපුරුෂයා බව පවසා ඇයට තම සැබෑ ආදරයේ ප්‍රථම හාදුව දීමට ශ්‍රෙක් උත්සාහ කරන්නේ එසේ කළ විට සියල්ල නැවත පෙර තිබූ තත්ත්වයට පත්වන හෙයිනි. ඒ අවස්ථාවේ ශ්‍රෙක් මෙසේ කියයි.
—නමුත් මම ඔබේ සැබෑ ආදරවන්තයාæ˜
එවිට ඔහුගේ ආදරය සහ හාදුව ප්‍රතික්ෂේප කරන ෆියෝනා කුමරිය කියන්නේ මෙයයි:
—මට ඔබ තදින්ම වුවමනා වූ මොහොතේ ඔබ හිටියේ කොහේද?˜
දෙමළ ජනතාවගේ සහ අනෙකුත් පීඩිත ජන කොටස් සමාජවාදය කරා කැ`දවා ගෙන යාමට දෛවය විසින් වරම් ලබා ඇතැයි සිතන නිල ජ.වි.පෙ. සහ නව වාම කැරලිකරුවන් තම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පවා අහිමි කරනු ලැබ ඇති දෙමළ ජනතාව ඇතුළු අනෙකුත් පීඩිත ජන කොටස් වෙත ගොස් —අපි ඔබේ සැබෑ ගැලවුම්කරුවන්˜ යැයි කියන විට මෙසේ පෙරළා විමසනු ඇත.
—මට ඔබ තදින්ම වුවමනා වූ මොහොතේ ඔබ හිටියේ කොහේද?˜•
සුදර්ශන ගුණවර්ධන මහතා සමබිම මාසික සගරාවට ලියන ලද ලිපියක් සයිබර් අවකාශයට දමා ගැසුවේ චානක තිලකරත්න විසින් ය
ශ්‍රෙක් 1 - 2 - 3 යන චිත්‍රපට ත්‍රිත්වයම මෙයට දායක කර ඇත

Wednesday, June 1, 2011
මම මේ වෙනකොට වාකරේ ගෙවල් වගයක් හදන්න ගිහින් ඉන්නෙ. මොකද මම මේසන් වැඩත් දන්න හින්දා කීයක් හරි වැඩිපුර හොයන්න එපායැ. මොන තරම් දුකක් විදිනවාද එහෙ සෙනග කියලැ මට හිතෙනවා. අපි මොන තරම් සැපටද මෙහාට වෙලා ඉන්නෙ. මම පස්සෙ එහෙ අයගෙ ඡායාරූප ටිකක් දාන්නම්කො බලන්න.
Tuesday, March 15, 2011
රතු ලෙයින් නිමවූ සොදුරු අසපුව
වැඩවසම් ක‍්‍රමය රදල වාදය ඒකාධිපති වාදය පැසිස්ට් වාදය ධනවාදය ආදී නම්වලින් විවිධ පාලන ක‍්‍රම හැදින්වූවත් ඒ සෑම ක‍්‍රමකින්ම පිළිඹිමු කරන්නේ පාලකයන්ගේ ම්ලේච්ඡුත්වය හා කෲරත්වයයි, එදාසිට අද දක්වා එවන් පාලකයන්ගෙන් ම්ලේච්ඡුත්වයෙන් හා කෲරත්වයෙන් මිදිමට ජනතාව විසින් කරන ලද අරගල වලින් මානව ඉතිහාසය පිරී ඇතඒ හැම අවස්ථාවකදීම සන්නද්ධ අරගලවලට පිටුපසින් ජනතාව ඉලක්කය කරා යොමුකල පිරිසක් වූහ, ඒ කලාකරුවන්ය, ලේඛකයන්ය, සාහිත්‍යධරයන්ය, ගායකයන්ය, සංගීතඥයන්ය, පුවත්පත් කලාවේදීන්ය, චිත‍්‍ර ශිල්පීන්ය, නාට්‍ය ශිල්පීන්ය, ඔවුන් කැපී පෙනෙන පිරිසක් වෙයි,
රුසියානු විප්ලවය පිටුපසින් සිටි ලියෝ තෝල්ස්තෝයි මක්සීම් ගෝර්කි, ඉන්දියානු නිදහස් සටනට උර දුන් රවීන්ද්‍රනාත් තාගෝර්, ප‍්‍රංශයේ කෲර පාලනය පෙරලා දැමීමට දැමීමට පුරෝගාමීන් වූ පුවත්පත් කලාවේදී පිලිපොන් කාටූන් ශිල්පී හොනරේ ඩුමියර් හා ගායක බෙරෙන්ජර් විප්ලවීය ගී ගයමින් ගිටාර් වාදනය කොට දඩුවම් වශයෙන් සිය ඇගිලි අහිමි කරගත් වික්ටර් හාරා ඉන් කීප දෙනෙක් පමනි,
ජනතාවාදී කලාකරුවන්ට ලෝක ඉතිහාසයේ කොතැනකවත් රාජ්‍ය සම්මාන ලැබී ඇතැයි සිතිය නොහැක, ඔව්හු බොහෝවිට රාජ්‍ය උදහසට ලක්ව සිරබත් කමින් ඇතැම්විට මරනීය දන්ඩනය පවා හිමිකම් කීමට සිදුවු අය වෙත, මරණය ඔවුනට අරුමයක් නොවීය, ඔවුන්ගේ සටන්වල ප‍්‍රථිඵලයක් ලෙසින් ලෝකයේ සදාචාරය ශිෂ්ඨ බව මනුෂ්‍යත්වය හැකි පමණින් හෝ රුක ගැනීමට හැකිව තිබේ,
මේ පිළිඹදව කතා කිරීමේදී ජනතා අරගලවලට සම්මාදම් වූ කලාකරුවන් හා සිදුවීම් පිළිඹදව පැවසීමට ඇති දෑ බොහෝය, මා මෙහි සදහන් කරන්නට අදහස් කලේ අරගලයකින් පසුව ජනතාව ජයගත් ආකාරය මුර්තිමත් කර ඇති තැනක් පිළිඹදව කතාවකි,
පාලකයන්ගේ ම්ලේච්ඡුත්වය හා කෲරත්වය ඊට එරෙහිව කරන ලද අරගලයක ජයග‍්‍රහනය පිළිඹද ස්මාරකයක් චීනයේ වෙයි, එයට පසුබිම් වූයේ ටිබෙට් රටෙහි ලාමාවරුන් සහ පාලකයන් එකතුව ගෙනගිය වැඩවසම් පාලන ක‍්‍රමයයි,
ටිබෙට් දේශයේ දහසය ලක්‍ෂයක් පමණ ජනගහනයෙන් සහ ස්වාභාවික සම්පතින් පරිපූර්ණව පැවතියේය, වැඩවසම් සමාජ ක‍්‍රමයක් පැවති එහි වහලූන්ගෙන් වැඩගැනීමේ ක‍්‍රමය පැවතුනි, එම පාලන ක‍්‍රමය පවත්වාගෙන යනු ලැබූයේ ලාමාවරුන් සහ ඉඩම් හිමියන් ගෙන් සැදුම් ලත් ඉතා කෲර පාලන පැලැන්තියක් මගිනි, රටෙහි සියලූ දේපල ලාමා වරුන් සහ රදලයන් සතුවිය,
මුලූ ජනගහනයෙන් සියයට අසුපහක් පමණ ජනයා වහලූන් වු අතර ඔවුන් පීඩනයෙන් හා මර්ධනයෙන් පෙළනු ලැබීය, ඔවුන් වහලූන් මෙන් වැඩකල අතර කවර ආකාරයක හෝ අයිතිවාසිකමක් හෝ නිදහසක් භුක්ති විදිමට තරම් වාසනාවන්තයෝ නොවූහ,
වහලූන්ගෙන් වැඩ ගැනීමේදී ස්ත‍්‍රි පුරුෂ කියා හෝ බාල මහලූ කියා හෝ රෝගී නිරෝගී කියා හෝ වෙනසක් නොවීය, යන්ත‍්‍රයකට ලැබෙන තරමේ විවේකයක්වත් ඔවුනට නොලැබින, සුන්‍දා ප‍්‍රමාදයකදී පවා කස පහරින් පීඩා විදින්නට ඔවුනට සිදු විය, උසුලාගත නොහැකි බර පැටවූ කල දුර්වල මහල්ලෝත් කාන්තාවෝත් බිම ඇදගෙන වැටුනහ, නිළධාරීන්ගේ ප‍්‍රතිචාරය වූයේ සම පැලී ලේ වැගිරෙන තුරු කස පහර දීමයි,
කුසට අහරක් නැතිව ඉනට යන්තම් දැවටූ කඩමාලූ වලින් සැරහී මුන්‍දා ජීවිත කාලයම වහලූන්ව සිටිමට ඔවුනට සිදුවී තිබුණි, හැම බිම් අගලක්ම සියයට පහක් වු පාලකයන්ට හිමිව තිබු අතර ඒ හැම බිම් අගලක්ම සියයට අනු පහක් වූ වහලූන්ගේ ලෙයින් සහ දහදියෙන් තෙත්ව සරුසාරව තිබුනි එහෙත් ඔව්හු ඒවායේ අස්වැන්නට නොව එයින් කුසගින්න නිමා ගැනීමට තරම් දෙයක් ලබැගැනීමට තරම් වත් වාසනාවන්තයෝ නොවූහ,
තරුණ වියේ පසුවු හැම වහලෙක්ම සීමිත ඉඩකඩක් ඇතිව දෑත් සහ දෙපා යදම් වලින් බැද ලනු ලැබීය, වචනයකින් හෝ විරෝධතාවයක් දැක්වූ වහලූන්ට ඉතාම අමානුෂික ලෙසින් වධ දෙනු ලැබීය, වධ දීමේ එක් ක‍්‍රමයක් වූයේ ගෙල වටා විශාල ලෑලි වලල්ලක් දමා සිරකොට ඇගිලිවල නියපොතු අස්සට ඉදිකටු ගසා ජාවාධික ගවයකුගේ පිටට තබා වහලා බැද ගවයා වේගයෙන් දිවවීමය,
හැම ගමනකටම බාධාවක් ඇත, වැඩවසම් ක‍්‍රමයටද එම බාධාවට මුහුණ දීමට සිදු විය, සදාකාලික වහලූන් ලෙස පීඩනයට මර්ධනයට ගොදුරු වීමට ඔවුන් සූදානම් නොවූහ, පීඩනයට හා මර්ධනයට එරෙහිව නැගී සිටින්නට ඔවුහු එක් දිනක තීරනය කළහ, ලක්‍ෂ සංඛ්‍යාත දාසයෝ සහ වහලූන් පාලකයන්ගේ කසයට පිහියට හෝ රයිපලයට බියෙන් හැමදාමත් හිස නැමීමට සූදානම් නොවූහ,
සියයට අනු පහක් වනජනතාවකට යියයකට පහක් යනු මොන තරම් සුන්‍දා දෙයක්ද ? සටන් කොට ජයගතහොත් සදාකාලික ජයයි, පරාජය වුවහොත් මරණයයි. මළවුන් සේ ජීවත් වීමත් මරණයත් අතර වෙනසක් ඇද්ද ? එවන් භීෂණ සමයක මරණය ජීවත් වීමට වඩා දහසින් සම්පතකි ඔවුහු එය අවබෝධ කර ගත්හ, ක්‍ෂණිකව අරගලයකට හැරුනහ ඔවුනට ඇයුධ නොවීය තමාගේ දෑතට දමා තිබූ යදම් වැඩට ලබාදුන් උදලූ නගුල් සහ ගල් පොලූ වැනි දෑ ආයුධ ලෙස භාවිතා කිරීමට ඔවුහු තීරණය කළහ, එකම මොහොතක එකම ඉලක්කයක් කරා සියන්‍දාම ජනතාව තම උපරිම ශක්තිය යොදා ප‍්‍රහාරය එල්ල කළහ, එහි ප‍්‍රථිඵලයක් ලෙස කෲර පාලකයන්ගේ මැදුරු ගිනිබත් වූහ ජනතාවගේ ප‍්‍රහාරයට ලක්වු පාලකයෝ මරු වැළඳ ගත්හ, සමාජයේ පූර්ණ පරිවර්ථනයක් සිදුවිය,
ඉතිහාසයේ සදහන් වන්නේ මේ අරගලය 1918 දී සිදුවූ බවයි මෙම අරගලයේ නියමුවා වන්නේීනෝර් ලහාමෝීනම් කාන්තාවකි,
මෙම සැබෑ සිදුවීම අනාගත පරපුරට දැකගත හැකිවන පරිදි මූර්තිමත් කල යුතු යයි චීන විප්ලවයෙන් පසු අදහසක් ඇති විය, ඒ අනුව සේන්යෑන් හි ලූ සුං චිත‍්‍රකලා විද්‍යාලයේ ආචාර්ය වරයෙකු පීකිං චිත‍්‍රකලා ඇකඩමියේ මූර්ති ශිල්පීන් පිරිසක් සමග අති විශාල ස්මාරකයක් තැනීම ආරම්බ කලේය, ස්මාරකය ඇරඹීමට පෙර මෙම සිදුවීම් සිදුවූ ටිබෙට් දේශයේ කිලෝමීටර 5000 කට වඩා ඇවිද විවිධ පුද්ගලයන් ගෙන් තොරතුරු රුස් කොට යුගය සංස්කෘතිය ආදිය ගැනද පූර්ණ ගවේශනයක් කරන ලදි,
මෙම ගවේශනයෙන් ලත් සැබෑ තොරතුරු වලට අනුකූලව ඔවුහු ස්මාරකයේ වැඩ ඇරඹූහ, එය අති විශාල කලාගාරයකි සජීව් ප‍්‍රමානයේ ගැහැණු පිරිමි මුර්ති 106 කින් එය සමන්විතය, ඒ හැරුණ විට පසුබිමෙහි බිත්තිවල අඹන ලද අර්ධ උන්නත පසුබිම් දර්ශන රාශියකි ඒ සදහා යොදාගත් මාධ්‍ය වූයේ මැටිය, මෙම ස්මාරකය තනා නිම කිරීම සදහා මාස දහ අටක් ගතවී ඇත,
මෙම මුර්ති කලාගාරය කොටස් හතරකින් සමන්විතය එනම්
x වැඩවසම් සමාජ ක‍්‍රමය
x ලාමා ක‍්‍රමය
x ක ෂා ( දේශීය පාළන ක‍්‍රමය *
x වහලූන් ගේ අරගලය
පිළිඹිඹු වේ මූර්ති වල කැපී ලෙනෙන ලක්‍ෂණ දෙකකි ඒ ඒවායේ
x කලාත්මක භාවය හා
x ජීවමාන භාවයයි,
මෙම නිර්මානයේ වැදගත්කම වනුයේ එහි කලාකෘතියක් වීම පමණක්ම නොවේ, එක් අයුරකින් එය ඉතිහාසය කියා පායි, තවත් අයුරකින් එය අනාගත පරපුරට ආදර්ශයක් දෙයි,
විනී හෙට්ටිගොඩ
විනී හෙට්ටිගොඩ විසින් මෙම ලිපිය 1988 වර්ෂයේ දිවයින පුවත්පතට ලියූවක් වන අතර එයට අදාල පුවතේ මෙම විස්තරය දැනට ඉදිරිපත් කෙරෙන අතර වහල් සේවකයන්ගේ වෛරය නම් එම පොතේ සම්පූර්ණ පරිවර්තනය අචාල චිත‍්‍ර සමගම ඔබට මී හරකා බ්ලොග් අඩවියෙන් නොබෝ දිනකින් කියවීමට හැකිවනු ඇත.

Subscribe to:
Posts (Atom)