Wednesday, June 14, 2017
මෙය ඉතා පැරනි ලිපියක්.. නමුත් මා එදා මෙය ආවේගයෙත් ලියූවද මෙහි පල කිරිමට අමතක වී තිබී පසුව පල කලේය මෙය පාදක වන්නේ 2013- 2014 වකවානුවල මධ්‍ය කාලයයි.
අහිගුන්ඨිකයෙක් සමග මාස කිහිපයක්
ඇත්තෙන්ම මෙවැනි මාතෘකාවක් ගැන මාගේ සිතක වත් තිබුනේ නැති අතර, මා සිහිනෙකින් වත් නොසිතන පුද්ගලයෙක් මෙවැනි තත්වයකට පත්වීමට හේතු වූ කාරනා කටයුතු මේවනතුරු මටද සිතා ගැනීමට නොහැක. මොහුගේ සහේදර සහෝදරියන් විශාල පොහොසතුන්ය. ඉන් කීපදෙනෙක් සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවේ ය. ඔවුනුත් කරන්නේ එහි රාජ්‍ය සේවයේ ඉහල මට්ටමේ රුකියාවන්ය. මොහුගේ පිරිමි දරුවාද සිටින්නේ ද ඔස්ටේ‍්‍රලියාවේ ය. ගැහැණු දරුවා දැනට ලංකාවේ පරිඝණක ඉංජිනේරු විද්‍යාව හදාරයි. ඇයට අවශ්‍ය සියළු වියහියදම් ලැබෙන්නේ විදේශ ගත ඥාතීන්ගෙනි.
මොහු මෑතක සිට අන් අයගේ රුකියා පවා හෑල්ලූවට ලක්කරමින් වන් මෑන් ෂෝ ක‍්‍රියා කලාපයක් අනුගමනය කරයි. නමුත් මගේ පරිකල්පනයට අනුව තම වයස නිසා වෙනත් ස්ථානයක රුකියාවක් සොයාගැනීමට ඇති නොහැකියාවත් ලැබී ඇති නාමික තනතුරු නිසා පිම්බී ඇති පුහු මාන්නයත් මෙම තත්වයට ඔහුව හෙලා ඇත.
සෑම ව්‍යාපෘතියකටම අදාල පරිපාලන ඒකකයක් සහ එයට වෙන්කරන ලද යම් මුල්‍ය සංචිතයක් ඇත. එයින් පවත්වාගන්නේ අදාල ව්‍යාපෘතිය සදහා නේවාසිකව කටයුතු කරන්නාවූ සේවකයින්ගේ අත්‍යාවශ්‍ය පහසුකම් සලකා බලා ඔවුන් ලවා අදාල ව්‍යපෘතිය නිසි ලෙස කරවාලීම සදහා මෙන්ම වෙනත් අමතර පරිපාලන වියදම් සදහාය.
මෙහිදී අප ආයතනයේ ප‍්‍රධාන කාර්යාලය සිට මෙම ව්‍යාපෘති සදහා මුල්‍ය කටයුතු සහ වැඩසටහන් මෙහෙයවන්නන් විසින් හදුන්වා දෙන නවතම තත්වය වනුයේ අවම පහසුකම් පවා කපා දැමීමය. එයටම සරිලන ආකාරයට මෙම පුද්ගලයා එයට හැඩ ගැසී ඇති අතර මොහුගේ වැඩ පිලිවෙල නිසා අන් සේවකයන් හටදද එයටම හුරුවීමට පරිපාලනය පුරුදු පුහුනු කරවීම පුදුම සහගතය.
මෙහි තවත් විස්මය දනවන තවත් පැතිකඩක් ඇත. එනම් ආයතනයේ ප‍්‍රධාන පරිපාලය විසින් ව්‍යාපෘතියේ යම් යම් අත්‍යවශ්‍ය කොටස් සහ වෙනත් වියදම් කපා දැමීමට යම් අදහසක් ඉදිරිපත් කල වහාම එයට අවශ්‍යවන උපදෙස් සහ කැපීම කර ඒ මුදල් ආයතනයට ඉතිරි කර දීමට නොපැකිලව ඉදිරිපත් වීම සහ ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයන් ප‍්‍රශ්ණ කල විට ඒ කාරණය සාධාරනීකරණය කිරීමටද කටයුතු කිරීමය.
අප හට මනරම් නිවසක් ලැබී තිබේ. හොදකට ඇත්තේත් ආයතනයේ ගෞරවය ආරක්‍ෂා වී ඇත්තේත් ඒ නිවස තුල අප වෙසෙන නිසාම පමනක් බව කට පුරාම කිව හැක. ආඩම්බරකමකට ඇත්තේ එපමනය. අන් සියල්ල ගැන කීමට දෙයක් නැත. නමුත් නොකියාම බැරිය. ආහාර පිස ගැනීම සදහා ඇති ඇලූමීනියම් සාස්පානක් ම තේ සෑදීමට වතුර උනුකර ගැනීමට පාවිච්චි කරයි. ගෑස් වලින් ආහාර පිසීමට ලබා දී ඇති තනි දැල්ලේ ලිපේ ඇත්තේ අදාල වළද හෝ තාච්චිය රඳවාගැනීමට අවශ්‍ය රුඳවුම් තුඩු තුනක් පමනය. එපමනකට පරන ලිපක් අප හට නිවාස 100 ක ව්‍යාපෘතියක් සඳහා ලැබී ඇත. දිනක උදෑසන තේ බීමට මා වතුර උනුකිරීමට ගත් උත්සාහයකදී එය පෙරලී කකුලට උනු වතුර වැටී දින 15 ක් පමන ඔත්පලව සිටීමටද සිදුවිය. නිවාඩු පමණක් ලැබින. මොකද වුනේ යන්න ඇසීමට කිසිවෙක් සිටියේ නැත. මාගේ මිතුරන් කිහිප දෙනෙක් විමසා බැලූ නමුත් ආයතනයේ පරිපාලනය උන්නාද මලාද ගැන සොයා බැලූවේ නැති බව සතුටින් ප‍්‍රකාශ කරන්නේ අප ආයතනයේ නාමයටම සරි ලන ආකාරයට ක‍්‍රියා කරන නිසාය. එම සිද්ධයෙන් පසු මා මාගේ අතේ ඇති මුදලින් විදුලි කේතලයක් රුගෙන ආ අතර කිසිදු හැල හොල්මනකින් තොර එයින් ප‍්‍රයෝජන ගනී.
මෙම පුද්ගලයා නම් මාගෙන් ඒ ගැන විමසූ අතර ඔහු ප‍්‍රකාශ කර සිටියේ ”මම ඔයාට කීවානෙ පරිස්සමට වතුර උනුකරන්න කියලා” ය. එය සැබෑවකි. මා මන්නාරමට ආ පළමු දිනම ඇසූ ප‍්‍රශ්ණය වූයේ තේ සෑදීමට විදුලි හීටරයක් ගන්නේ නැද්ද? ඔහු පැවසුවේ දිනක් එය වතුර රත් කිරීමට ප්ලග් කලාට පසු ආ දුරකථන ඇමතුමකට සම්බන්ධ වී අපසු එනවිට අදාල වතුර බාජනය සහ හීටරය එකම උනු ප්ලාස්ටික් ද්‍රවයක් වී තිබූ බවයි. එයට විකල්ප ක‍්‍රමයක් ලෙස ඔහු වතුර උනු කිරීමට යොදා ගත්තේ බත් පිසීමට බාජනය වේ. එහි භයානක කම ගැන මට ඒ අවස්ථාවේ කරුනු පැහැදිලි කල අතර වෙනත් ක‍්‍රියා මාර්ගයක් කරා අවතීර්න වූයේ නැත.
කාර්යාලයද තිබෙන්නේ මෙ නිවසේය. එහි ඇත්තේ කුඩා ම ප‍්‍රමානයේ මේස දෙකක් පමණි. පරිඝණක මේසයකටත් වඩා ඉතා කුඩා මෙම මේස උඩ තබන්නට හැක්කේ ෆයිල් ගොඩවල් දෙකක් පමණි.
ඇඳක් ඇත. ඇත්තේ කුඩාම මදුරු දැලකි. එය අදාල ඇඳට දැමීමට ඉතා අහසුය.
මේ දිනවල දහවල් 12 පසු වර්ෂා සහිත කාලගුණයක් පවතින නමුත් අප හට කුඩයක් නොමැත. අවශ්‍යකරන දෙයක් හෝ ආහාර සදහා යමක් ගැනීමට කඩමංඩියට යාම උගහටය. ඇත්තේද එක් යතුරු පැදියක් පමනි. ඔහුට යතුරු පැදි පැදවීමට හැකියාවක් ද නැත.
මොහු ආහාරයට ගන්නේ සීමිත වර්ග කිහිපයක් පමණි. පරිප්පු අල තක්කාලි බොම්බයි ළුනූ සහ හාල්මැස්සන් වේ. අප සමග සේවය කරන දෙමල සගයා බිත්තර කිහිපයක ඉදහිට ලබා දෙන අතර ඒවා තම්බා ආහාරයට ගැනීමටද ප‍්‍රියතාවයක් දක්වයි. ඇති සෑම කෙටි ආහාරයක්ම හැකි පමණ වේගයෙන් කුසට යවා ගැනීම මොහුගේ විනෝදාංශයයි.
අපහට තිබෙන්නේ එක පාන් කපන පිහියක් පමනි. එය බහු කාර්ය පිහියක් බවට පත්්වී තිබේ. එළවළු කැපීමද කරවල සහ අනිකුත් සියල්ල මෙන්ද වත්ත පිරිසිදු කිරීමේදී අතු රිකිලි කපා දැමීම සඳහාද මෙම පිහිය ප‍්‍රයෝජනයට ගනී. එහි සුමට භාවයක් දැන් නැත.
මේ පුද්ගලයාවද අප ආයතනය එලෙසම ප‍්‍රයෝජන ගනී. ඇත්තෙන්ම ඔහු ඉදිකිරීම් සම්බන්ධව මනා දැනුමක් ඇත. ඒ සඳහා දෙන මූලික වැටුප අදටත් ඔහු හිමිකාරීත්ය ලබයි. නමුත් එයට අමතරව වෙනත් කේෂේත‍්‍ර වල වැඩකටයුතුද ඔහුට පැවරීමේදී නොපිරි හෙලා ඒ වගකීම්ද තම පරම යුතුකම් සේ තමන් සතුු මුදලින් වියපැහැදම් කර ආයතනයට ඉටු කර දෙයි. අද මන්නාරමේ නම් හෙට ගාල්ලට යන්න කී විට රාත‍්‍රිය පුරා ගමනේ යෙදී හෙට දින ගාල්ලට ගොස් ඒ වගකීම් ඉටුකර එදින රාත‍්‍රියේම ගමන් කර පසුදින කොළඹ ප‍්‍රධාන කාර්යාලයට වාර්ථා කරයි. නමුත් ලැබෙන්නේ අර සොච්චම් වැටුප පමණි. ඉංජිනේරුවරයාගේ කටයුතු මොහු කරන නිසා ආයතනයේ එම රුකියාව අදන නැත. සම්පත් කළමණාකරුවන් හට වාහනයක් දී තිබෙන නමුත් මොහුට කිසිත් දී නොමැත. නමුත් ඒ තනතුරේ සියල්ල කරන්නේ පොදු ප‍්‍රවාහන පහසුකම් උපයෝගී කර ගනිමින් හෝ තව කෙනෙකුන් සමග යතුරු පැදියක යමින්ය. මොහු බාර ගන්නා සෑම වෘත්තීයකම ඇති ගරුත්වය අද දින බල්ලාට දමා ඇත. තමාට හැකිදේ නොහැකි දේ තෝරා බේරා නොගෙන දෙන සෑම සහ ඉල්ලා ලබා ගන්නා දේවල්ද කරන්නේ අන් අයගේ වෘත්තීයන් පවා අනතුරේ හෙළමිනි.
ආයතනයෙන් මන්නාරමට අන්තර්ජාල පහසුකම් සදහා (විද්යුත් තැපෑල* ඩොන්ගලයක් දී ඇති අතර එය තුලින් මොහු තම විදේශගත ඤාතීන් සමග ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ දිනකට පැය කිහිපයක් කතා කරන අතර අන් කිසිවෙක් හට එම පහසුකම ලබාදීමට ඔහු වෙහෙස වන්නේ නැත. අවම වශයෙන් මාගේ පරිඝනකයට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ප‍්‍රවේශය සාදා ගැනීමට මා හට මාස දෙකකට වඩා කල්මැරීමක් සිදු විය. එය ද යම් ආකාරයකින් මාගේ තීක්‍ෂණ කම නිසා සිදු විය. එයට මොහුගේ එතරම් කැමැත්තක් තිබුනේම නැත. එය මාගේ පරිඝණකයට බාගත කල පසුවත් මා හට ඩොන්ගලය ද ඉල්ලීමට පමනක් ලබා දෙයි. එය තමාට ඇති පෞද්ගලික වරප‍්‍රසාදයක් ලෙස සිතන බවක් මා හට පෙනී යයි.
එමෙන්ම අප ඉදිරියේ ඔහු තම විදේශිය ඤාතී සමූහයා සමග පැය ගනන් සතුටු සාමීචියේ යෙදී සිට පසුව මා හට ප‍්‍රකාශ කරනුයේ ” මේ සෙල්ලම කරන්න ගියොත් ආය මට වැඩ කරන්න හම්බ වෙන්නෙ නෑ. ආයෙ එහෙම මම මේ විදිහට කතා කරන්නෙ නෑ” යනුවෙනි. මා ඒ සම්බන්ධව ඔහුට කිසිදු මතයක් මේ වනතෙක් ප‍්‍රකාශ කර නොමැත. නිතරම ඔහු අන්තර්ජාලය විවෘතව තබා ගෙන ඇත. පැය 24ම හැකි නම් එලෙස තබා ගැනීමට ඔහු පැකිලෙන්නේ නැත. ඔහුගේ නිවසේද 24 පැයම විවෘතව ඇති පරිඝණක පද්ධතියක් ඇත. එයට අමතරව මෙම ආයතනික ඩොන්ගලයද නිවසට රුගෙන ගොස් එසේම පාවිච්චි කරයි. මා හට අවම වශයෙන් මාගේ ආයතනික විද්යුත් තැපෑල පරීක්‍ෂා කිරීමටත් මොහුගෙන් ඉල්ලීම් කල යුතුය. මා එසේ කරන්නේ නැත. ලැබුනොත් බලන අතර ඉල්ලීම් නොකරයි. ඒ අප කුඩා වුන් නොවන නිසාය.
යම් ඉදිකිරීම් ව්‍යාපෘතියක අදාල වියපැහැදම් ඉතා අවම වනසේ සකසා මුල්‍ය වාර්තා සකසන මොහු එම වාර්තාවෙන්ද තවත් අත්‍යාවශ්‍ය අයිතම කපා හරිමින් ආයතනයට සරි ලන ලෙස තම කීකරු කම ප‍්‍රදර්ශනය කරනුයේ ආයතනයේ ඉහල බලාධිකාරියේ සුවච කීකරු ගෝලයා සේ පෙනී සිටිමින්ය.
මොහු ආයතනයේ ඉහල බලාධිකාරියට දෙන පනිවිඩය මාගේ මනසට ගෝචර වන ආකාරයනම් මෙසේය. මට වයස 62 වුවාට මා ඔබ කියන ලෙසට වැඩ කිරීමට සූදානම්ය. මා අන් අය ලෙස නොව ඔබේ කීකරු සේවකයාය. මා කරන්නේ ඔබ ට අවශ්‍ය දේ පමණි. මා හට දෙන වැටුප සෑහේ. මම තවත් කල්ප කාලාන්තරයක් මෙලෙස කිරීමට සූදානම්ය. මෙය ඔහුගේ පනිවුඩයයි.
මේ පනිවුඩයට අප ආයතනයේ පාළනාධිකාරිය මහත් සේ ඇලූම් කරන අතර ඒ තුලින් අපවද දඩයම් කරයි.
අපේ පනිවුඩය වන්නේ කුමක්ද?
ඒක ඒ සතා ලබා උපන් හැටි ඔයා උනත් ලබන ආත්මේ ඒ වගේ වෙන්න පුලුවන්...ඔයාට
ඒ සතා කැත උනා කියලා ඒ සතාව ඝාතනය කරන්න අයිතියක් කොහෙත්ම නෑ අයියේ..
"නංගි අන්න කැරපොත්තෙක් මං ඌව මරලා එන්නම් කියලා..ෆෝන් එක තිබ්බා..
ඒ තප්පර පහට ඔයා ඝාතනය කලා..අඩුම ලෝකෙට වත් ඔයාට වත් කරදරයක් නැති අහිංසක සතෙක් ව..ඌ කරපු වරද කැතට ඉපදුන එකද.. කැතයි කියලා ජීවිතයක් නැති කරන්න පුලුවන්ද... ඌ මොනවද ඔයාගේ කෑවේ.. ඌ විතරයි කිව්වා නේද ඉන්නෙත්..ඔයා හරි ලස්ස්න කෙනෙක්ද
ඔයා කැතයි කියලා කවුරු හරි ඔයාට පොල්ලකින් ගහලා මැරුවොත්..ඒක ප්‍රජාතන්ත්‍රවාදී ද..කවුද ඒ අහිංසක සතාගේ යුක්තිය වෙනුවෙන් කතාකරන්න ඉන්නේ..අයියේ ඒ ප්‍රාන ඝාතනයක්..මොන ආගමේ විදියට උනත් ඒක ඔයාට විදින්න වෙයි...
පොඩි කැරපොත්තෙක් මැරුවා කියලා ඔයාට හිත හදාගන්න බෑ
ඌ වෙනුවෙන් ඒ අහිංසක ජීවිතය වෙනුවෙන් හිමිකම් තියෙද ජනාධිපති කොමිශන් තියෙද..ඔයා උදේට කොස්සෙන් එහාට විසිකලාම ජීවිතයක් ඉවරයි.. ඇත්තටම ස්වබාදර්මයා ගේ ඇතුලේ පිනට ජීවත් වෙන ඔයාට ඒකේ ජීවත් වෙන ඔයා වගේම තව කෙනෙක්ව ඝාතනය කරන්න අයිතියක් නෑ..ඒක අමුම අමු පාපයක්...
..සමහර විට ඌ එනකම් උගේ අම්මා තාම බලාගෙන ඇති..තමන්ගේ පුතා මග මරලා දාලා කියලා ඌ දන්නෙ නැතුව ඇති..මග ලොකුවට අම්මලා බලන් ඉන්න අතරේ මරපු ටයර් වල පුච්චපු ජීවිත ගැන අකුරු කරන ඔයාලා ඇයි මේ අම්මා ගැන නොසිතන්නේ..මිනිස් ජීවිතයක් නොවුන නිසාද..මිනිස්සුන්ට විතරද ජීවිත තියෙන්නේ...

උදේම අරනායක ගියා... එහෙ හදපු ගෙවල් විවෘත කරන්න .. රෝහිත මාව එක්කාගෙන ගියා ගෙබා නැති නිසා... ගිහින් පෙනී හිටියා.. ලොක්කා එන්න කීවානෙ.. ඒ නිසා ගිය වාහනේටම එහෙ වැඩ කරපු සවල් උදලු වීලි බැරෝ දාගත්තා... එහෙමම ආවා හෙල්බොඩ.. එහෙ මම පොටෝ ගත්තා මේ යකා බොරුවට කැරකුනා කතා කලා පස්සෙ මගෙ කැමරා එක අරගෙන ලොක්කා වාගෙ පොටෝ ගත්තා.. එහෙ වත්තෙ කළමණාකාරවරයා ලෑස්ති කරපු රුස්වීමවලට හූමිටි තිබ්බා ඌන පූරන ලෙස මොනවා හරි කියපු දේවල් අනුමත කලා.. ආවා..
මම දැන් උයන්න අවශ්‍යයයි.. නැත්නම් මගෙ පැවැත්මත් ඉවරයි.. අද බොන්න තමා හිතුවෙ දෙන්නාම.. මම වැඩේ අත හැරියා.. මොකද මමනෙ ඔක්කොම කරන්න අවශ්‍යය. බෝතලේ ගේන්නත් මම .. බයිට් එක හදන්නත් මම.. කෝප්ප
පකයා වෙන එකෙත් සීමාවක් තියෙන්න අවශ්‍ය නිසා මට ඔලුව කකියනවා කියන සම්මප්ප‍්‍රලාපය තමා මෙතන වැඩ කරන්නෙ...
හොදන්නත් මම...උයන්නත් මම... එතකොට මෙයා... .....

Tuesday, June 6, 2017
සරත් මහතා මාතලේ සිට අද මා හට කතා කලා
පසුගිය දිනක එඞ්වර්ඞ් මහතා සහ රෝහිත මහතා සවස නවරත්නගොඩ රුස්වීමක් ඇමතීමට පැමින ඇති අතර එහිදී සරත් මහතා මෙතෙක් කල් සිදුවූ වැඩවල ප‍්‍රගති සමාලෝචනයක් ඉදිරිපත් කර පසුව මෙතෙක් නිම කල වැඩ ගැනද ඇතිවී තිබෙන ප‍්‍රශ්ණ අඩුපාඩු ගැනද කතා කර ඇත. එඞ්වර්ඞ් මහතා කෝපයට පත්ව තදින් ඔවුන් අමතා ඇති අතර මෙවැනි ආකාරයක් ගැන දන්නේ නම් මේ ව්‍යාපෘතිය මෙම ගමමානයට ලබා නොදෙන්න තමා කලින් පියවර ගන්නා බවද එය කිරීමට නොහැකි වීම ගැන මේ මොහොතේ කනගාටුවන බවද පවසා ඇත.
එවිට සරත් මහතා ඔබලා එලෙස කතා කරන්නෙ ග‍්‍රාම සංවර්ධනය කරනා ආකාරය නොදන්නා නිසා බවත් ඔබලා කොළඹින් ආවා කියා ඔබලා කියන කියන දේ කිරීමට අප එකග නැති බවත් ගමට හරිදේ පමනක් කරන්නට ගම් වැසියන් වශයෙන් අප සූදානම් බවත් ප‍්‍රකාශ කර ඇත.
ගම්මුන්ගෙන් කිසිදු සහයෝගයක් ලැබුනේ නැති බව එඩා කී පසු සරත් පවසා ඇත්තේ එය බොරුවක් බවත් මේසන් වරයාගේ වැඩ කිරීම් වලදී ගම්මුන් අදාල දායකත්වය සපයා ඇති බවත්ය .
අවසාන වශයෙන් එඩා ප‍්‍රකාශ කර ඇත්තේ අදාල ජල ව්‍යාපෘතිය සදහා ගමෙන් මුදල් දායකත්වයක් නොලැබෙන්නේ නම් මෙය වසා දැමීමට තමා පියවර ගන්නා බවයි.
ඔහු අසන්නේ මෙයද හැබිටාට් ආයතනයේ ග‍්‍රාම සංවර්ධනය හෝ ප‍්‍රජා සංවර්ධනය කරන පිලිවෙල කියාය.
ඇත්තෙන්ම ඔහුගේ ප‍්‍රශ්ණය වෙනුවෙන් මගේ පැත්තෙන්ද අසන්නට යමක් තිබේනම් එයම වේ මෙහෙමද ග‍්‍රාම සංවර්ධනය හෝ ප‍්‍රජා සංවර්ධනය කරන පිලිවෙල කියාය. මේ වැඩසටහන් නිළධාරිවරයාගේ සුදුසුකම් අතර ඇති මේ විස්තරය අමූලික බොරුව බව වැටහෙන්නේ මට විතරද

Qualification and
skills
·
Degree /Diploma in community
development/
·
Ability to speak English and
sinhala and understanding of Tamil
·
5 year experience in Social
development /Community development in International or National NGO
·
Knowledge of Program
implementation and monitoring and evaluation
·
Prepaeration of project proposals/
budgeting and report writing
·
Basic knowledge of constructions
·
Computer literacy- Word/excel/
powerpoint
·
Good analytical skill
·
Ability to motivate the people
·
Interpersonal skills
·
Willingness to travel
·
Team player
එඞ්වර්ඞ් ගෙ සුදුසුකම් මේවා තමා කියලා හැම තැනම ලියලා තියෙන්නෙ හැබැයි මේ සම්බන්ධව එක් සහතිකයක් වත් නෑ ලිපි ගොනුවෙ. තියෙන්නේ අ පො ස උ පෙ යන්තමට ගා ගත්ත සහතිකයයි පූජකවරය ලැබුනාම ලැබෙන සහතිකයයි විතරයි
මම ඊයෙ කොළඹ මෙතෝදිස්ත මූලස්ථානයේ ඔඩිටෝරියම් එකේ පරිසරය ගැන වැඩසටහනක් කලා... ඒකෙ විස්තරයක් මම අපේ කාර්යාලයේ දිනේෂ මහතාට යැව්වා.. ඒක ගැන පොහොම හොද කියලා එයා ඒකම සියළුම කළමණාකරුවන්ට නැවතත් හරවලා මේල් කරලා තිබුනා.. ක්ලැරන්ස් සහ මෙලිෂා මට සුභ පතලා තිබුනා.. අද එඩ්වර්ඩ් අහනවා රෝහිත ගෙන් මම නිවාඩු දාලද ඒකට ගියෙ කියලා.. රෝහිත කියනවා කොළඹ කාර්යාලයේ සමහරු බලන්නෙ වැරුද්දක් හොයන්න කියලා..
මම නම් දන්නවා එහෙම හොයන්නෙ කවුද කියලා... එඩා විතරයි මගෙ කොනක් අල්ලන්න බලන් ඉන්නෙ.. වෙන කවුරුත් නෑ.. එක දවසක් එය නාකියා එක්ක මම හරි ගම්පොල ඉදන් එනකොට මම කීවා මම අද කොම්පියුටර් පංති යනවා මාව මගින් දාන්න කියලා.. මේකා හාර හාර මොන තරම් දේවල් ඇහුවද කොම්පියුටර් පංතිය ගැන..
මෙහෙම බල්ලොනෙ අපිත් එක්ක ඉන්නෙ ..
තමන්ගෙ නොහැකියාව වහ ගන්න වැඩක් කරන එකාගෙ කුණු හොයන්න විතරයි මූ දන්නෙ.. ඇත්තටම මෙහෙම උනුත් එක්ක මෙච්චර කාලයක් මම බේරිලා හිටපු එකම ලොකු දෙයක්.. මේක රෝහිතට තේරෙන්නෙ නෑනෙ..

Monday, May 29, 2017
අද රෝහිතයි මහේෂුයි කොළඹ ගියා... ඉන්ඩියන් එම්බසියෙ රුස්වීමක්... එයාලට.. මම වෙනදා වාගෙම ගම්පොල කාර්යාලයේ මගෙ වැඩක් පලක් කරගෙන හිටියා... රෝහිත කතා කලා දවල් . ආයෙත් කතා කලා රැු හෙට මාත් එක්ක මහේෂ් යනවාලු පුස්සැල්ලාව බෝඩ් එක බලන්නයි.. අලුතින් සයිට් එකේ ප්ලෑන් එකත් එක්ක තවත් බෝඩ් එකක් අදින්න අවශ්‍ය නිසා ඒක මහේෂ් කරනවාලු...
මමත් එකක් ඩිසයින් කලා... ඒ උනාට මගේ ඒවාට කවදත් තැනක් නෑ.. ඒ උනාට මම මේක ලොක්කට එහෙම දානවා.. බලමු.. උන් මහේෂ්ට තැන දෙනවා වාගෙම මේවා අපිටත් කරන්න පුලුවන් කියලා එකෙක් හරි ඔලුව තියෙනවානම් හිතයිනෙ..
මමත් එකක් ඩිසයින් කලා... ඒ උනාට මගේ ඒවාට කවදත් තැනක් නෑ.. ඒ උනාට මම මේක ලොක්කට එහෙම දානවා.. බලමු.. උන් මහේෂ්ට තැන දෙනවා වාගෙම මේවා අපිටත් කරන්න පුලුවන් කියලා එකෙක් හරි ඔලුව තියෙනවානම් හිතයිනෙ..
Wednesday, May 24, 2017
සරත් මහත්තයා අද කතා කලා
සදුදා රුස්වීම සෙට් කරලා
මෙයාලා 11 වෙනකනුත් නැල්ලූ
පස්සෙ රෝහිතට සරත් කෝල කරාම කීවලූ අද රූට එන්නෙ කියලා
එතකොට කට්ටිය ගිහින්
ටික වෙලාවකිත් මෙන් දිනේෂ් රෝහිත මහේෂ් ඇවිත් ටැංකිය බලලා ගිහින්
ගෑනු කෙනෙක් විතරක් අහලා අපිට ගෙවල් දෙනවා කීවා කෝ ඒ ගෙවල් කියලා
ඒක රෝහිතලා මගඇරවලා ෂේප් කරලා
නමුත් දිවේෂ්ට ඇහෙන් ඇතිලූ
පස්සෙ එයාලා ගිහින් බන්ඩාරපොල ශාන්තගෙ ගෙදර
ශාන්තට රෝහිතයි මහේස් දෙන්නා දිනේෂ ඉස්සරහාම තගක් දාලා
ශාන්ත කියලා මෙයාලා ඔයා ඉස්සරහා ඔහොම කතා කරනවානම් නැති තැන කොහොම කතා කරලා තියනවද කියලා ඔයාට හිතාගන්න බැරිද
කතා කරන්නවත් දන්නෙ නැති අයද මේ වාගෙ වැඩ කරන්නෙ
අර නන්දනී කියන ගෑනියි මේ ගමේ බාස් කෙනෙකුයි මට කොච්චර අපහාස කලාද
මේ ඔක්කොම එකයි කියලා
ලොක්කා මහේෂ්වයි රෝහිතවයි වාහනේ දාලා ආයෙත් ඇවිත් කතා කලාලූ ශාන්ත එක්ක
ශාන්තට පෝන් නොම්මරයත් දීලා කතා කරන්න කියලා
ශාන්ත කීවලූ කට්ටියම ඉස්සරහා රෝහිතටයි මහේෂි්ටයි පුලූවන්නම් තනියම ඇවිත් ව්‍යාපෘති කරන්න කියලා

Subscribe to:
Posts (Atom)