රතු ලෙයින් නිමවූ සොදුරු අසපුව
වැඩවසම් ක‍්‍රමය රදල වාදය ඒකාධිපති වාදය පැසිස්ට් වාදය ධනවාදය ආදී නම්වලින් විවිධ පාලන ක‍්‍රම හැදින්වූවත් ඒ සෑම ක‍්‍රමකින්ම පිළිඹිමු කරන්නේ පාලකයන්ගේ ම්ලේච්ඡුත්වය හා කෲරත්වයයි, එදාසිට අද දක්වා එවන් පාලකයන්ගෙන් ම්ලේච්ඡුත්වයෙන් හා කෲරත්වයෙන් මිදිමට ජනතාව විසින් කරන ලද අරගල වලින් මානව ඉතිහාසය පිරී ඇතඒ හැම අවස්ථාවකදීම සන්නද්ධ අරගලවලට පිටුපසින් ජනතාව ඉලක්කය කරා යොමුකල පිරිසක් වූහ, ඒ කලාකරුවන්ය, ලේඛකයන්ය, සාහිත්‍යධරයන්ය, ගායකයන්ය, සංගීතඥයන්ය, පුවත්පත් කලාවේදීන්ය, චිත‍්‍ර ශිල්පීන්ය, නාට්‍ය ශිල්පීන්ය, ඔවුන් කැපී පෙනෙන පිරිසක් වෙයි,
රුසියානු විප්ලවය පිටුපසින් සිටි ලියෝ තෝල්ස්තෝයි මක්සීම් ගෝර්කි, ඉන්දියානු නිදහස් සටනට උර දුන් රවීන්ද්‍රනාත් තාගෝර්, ප‍්‍රංශයේ කෲර පාලනය පෙරලා දැමීමට දැමීමට පුරෝගාමීන් වූ පුවත්පත් කලාවේදී පිලිපොන් කාටූන් ශිල්පී හොනරේ ඩුමියර් හා ගායක බෙරෙන්ජර් විප්ලවීය ගී ගයමින් ගිටාර් වාදනය කොට දඩුවම් වශයෙන් සිය ඇගිලි අහිමි කරගත් වික්ටර් හාරා ඉන් කීප දෙනෙක් පමනි,
ජනතාවාදී කලාකරුවන්ට ලෝක ඉතිහාසයේ කොතැනකවත් රාජ්‍ය සම්මාන ලැබී ඇතැයි සිතිය නොහැක, ඔව්හු බොහෝවිට රාජ්‍ය උදහසට ලක්ව සිරබත් කමින් ඇතැම්විට මරනීය දන්ඩනය පවා හිමිකම් කීමට සිදුවු අය වෙත, මරණය ඔවුනට අරුමයක් නොවීය, ඔවුන්ගේ සටන්වල ප‍්‍රථිඵලයක් ලෙසින් ලෝකයේ සදාචාරය ශිෂ්ඨ බව මනුෂ්‍යත්වය හැකි පමණින් හෝ රුක ගැනීමට හැකිව තිබේ,
මේ පිළිඹදව කතා කිරීමේදී ජනතා අරගලවලට සම්මාදම් වූ කලාකරුවන් හා සිදුවීම් පිළිඹදව පැවසීමට ඇති දෑ බොහෝය, මා මෙහි සදහන් කරන්නට අදහස් කලේ අරගලයකින් පසුව ජනතාව ජයගත් ආකාරය මුර්තිමත් කර ඇති තැනක් පිළිඹදව කතාවකි,
පාලකයන්ගේ ම්ලේච්ඡුත්වය හා කෲරත්වය ඊට එරෙහිව කරන ලද අරගලයක ජයග‍්‍රහනය පිළිඹද ස්මාරකයක් චීනයේ වෙයි, එයට පසුබිම් වූයේ ටිබෙට් රටෙහි ලාමාවරුන් සහ පාලකයන් එකතුව ගෙනගිය වැඩවසම් පාලන ක‍්‍රමයයි,
ටිබෙට් දේශයේ දහසය ලක්‍ෂයක් පමණ ජනගහනයෙන් සහ ස්වාභාවික සම්පතින් පරිපූර්ණව පැවතියේය, වැඩවසම් සමාජ ක‍්‍රමයක් පැවති එහි වහලූන්ගෙන් වැඩගැනීමේ ක‍්‍රමය පැවතුනි, එම පාලන ක‍්‍රමය පවත්වාගෙන යනු ලැබූයේ ලාමාවරුන් සහ ඉඩම් හිමියන් ගෙන් සැදුම් ලත් ඉතා කෲර පාලන පැලැන්තියක් මගිනි, රටෙහි සියලූ දේපල ලාමා වරුන් සහ රදලයන් සතුවිය,
මුලූ ජනගහනයෙන් සියයට අසුපහක් පමණ ජනයා වහලූන් වු අතර ඔවුන් පීඩනයෙන් හා මර්ධනයෙන් පෙළනු ලැබීය, ඔවුන් වහලූන් මෙන් වැඩකල අතර කවර ආකාරයක හෝ අයිතිවාසිකමක් හෝ නිදහසක් භුක්ති විදිමට තරම් වාසනාවන්තයෝ නොවූහ,
වහලූන්ගෙන් වැඩ ගැනීමේදී ස්ත‍්‍රි පුරුෂ කියා හෝ බාල මහලූ කියා හෝ රෝගී නිරෝගී කියා හෝ වෙනසක් නොවීය, යන්ත‍්‍රයකට ලැබෙන තරමේ විවේකයක්වත් ඔවුනට නොලැබින, සුන්‍දා ප‍්‍රමාදයකදී පවා කස පහරින් පීඩා විදින්නට ඔවුනට සිදු විය, උසුලාගත නොහැකි බර පැටවූ කල දුර්වල මහල්ලෝත් කාන්තාවෝත් බිම ඇදගෙන වැටුනහ, නිළධාරීන්ගේ ප‍්‍රතිචාරය වූයේ සම පැලී ලේ වැගිරෙන තුරු කස පහර දීමයි,
කුසට අහරක් නැතිව ඉනට යන්තම් දැවටූ කඩමාලූ වලින් සැරහී මුන්‍දා ජීවිත කාලයම වහලූන්ව සිටිමට ඔවුනට සිදුවී තිබුණි, හැම බිම් අගලක්ම සියයට පහක් වු පාලකයන්ට හිමිව තිබු අතර ඒ හැම බිම් අගලක්ම සියයට අනු පහක් වූ වහලූන්ගේ ලෙයින් සහ දහදියෙන් තෙත්ව සරුසාරව තිබුනි එහෙත් ඔව්හු ඒවායේ අස්වැන්නට නොව එයින් කුසගින්න නිමා ගැනීමට තරම් දෙයක් ලබැගැනීමට තරම් වත් වාසනාවන්තයෝ නොවූහ,
තරුණ වියේ පසුවු හැම වහලෙක්ම සීමිත ඉඩකඩක් ඇතිව දෑත් සහ දෙපා යදම් වලින් බැද ලනු ලැබීය, වචනයකින් හෝ විරෝධතාවයක් දැක්වූ වහලූන්ට ඉතාම අමානුෂික ලෙසින් වධ දෙනු ලැබීය, වධ දීමේ එක් ක‍්‍රමයක් වූයේ ගෙල වටා විශාල ලෑලි වලල්ලක් දමා සිරකොට ඇගිලිවල නියපොතු අස්සට ඉදිකටු ගසා ජාවාධික ගවයකුගේ පිටට තබා වහලා බැද ගවයා වේගයෙන් දිවවීමය,
හැම ගමනකටම බාධාවක් ඇත, වැඩවසම් ක‍්‍රමයටද එම බාධාවට මුහුණ දීමට සිදු විය, සදාකාලික වහලූන් ලෙස පීඩනයට මර්ධනයට ගොදුරු වීමට ඔවුන් සූදානම් නොවූහ, පීඩනයට හා මර්ධනයට එරෙහිව නැගී සිටින්නට ඔවුහු එක් දිනක තීරනය කළහ, ලක්‍ෂ සංඛ්‍යාත දාසයෝ සහ වහලූන් පාලකයන්ගේ කසයට පිහියට හෝ රයිපලයට බියෙන් හැමදාමත් හිස නැමීමට සූදානම් නොවූහ,
සියයට අනු පහක් වනජනතාවකට යියයකට පහක් යනු මොන තරම් සුන්‍දා දෙයක්ද ? සටන් කොට ජයගතහොත් සදාකාලික ජයයි, පරාජය වුවහොත් මරණයයි. මළවුන් සේ ජීවත් වීමත් මරණයත් අතර වෙනසක් ඇද්ද ? එවන් භීෂණ සමයක මරණය ජීවත් වීමට වඩා දහසින් සම්පතකි ඔවුහු එය අවබෝධ කර ගත්හ, ක්‍ෂණිකව අරගලයකට හැරුනහ ඔවුනට ඇයුධ නොවීය තමාගේ දෑතට දමා තිබූ යදම් වැඩට ලබාදුන් උදලූ නගුල් සහ ගල් පොලූ වැනි දෑ ආයුධ ලෙස භාවිතා කිරීමට ඔවුහු තීරණය කළහ, එකම මොහොතක එකම ඉලක්කයක් කරා සියන්‍දාම ජනතාව තම උපරිම ශක්තිය යොදා ප‍්‍රහාරය එල්ල කළහ, එහි ප‍්‍රථිඵලයක් ලෙස කෲර පාලකයන්ගේ මැදුරු ගිනිබත් වූහ ජනතාවගේ ප‍්‍රහාරයට ලක්වු පාලකයෝ මරු වැළඳ ගත්හ, සමාජයේ පූර්ණ පරිවර්ථනයක් සිදුවිය,
ඉතිහාසයේ සදහන් වන්නේ මේ අරගලය 1918 දී සිදුවූ බවයි මෙම අරගලයේ නියමුවා වන්නේීනෝර් ලහාමෝීනම් කාන්තාවකි,
මෙම සැබෑ සිදුවීම අනාගත පරපුරට දැකගත හැකිවන පරිදි මූර්තිමත් කල යුතු යයි චීන විප්ලවයෙන් පසු අදහසක් ඇති විය, ඒ අනුව සේන්යෑන් හි ලූ සුං චිත‍්‍රකලා විද්‍යාලයේ ආචාර්ය වරයෙකු පීකිං චිත‍්‍රකලා ඇකඩමියේ මූර්ති ශිල්පීන් පිරිසක් සමග අති විශාල ස්මාරකයක් තැනීම ආරම්බ කලේය, ස්මාරකය ඇරඹීමට පෙර මෙම සිදුවීම් සිදුවූ ටිබෙට් දේශයේ කිලෝමීටර 5000 කට වඩා ඇවිද විවිධ පුද්ගලයන් ගෙන් තොරතුරු රුස් කොට යුගය සංස්කෘතිය ආදිය ගැනද පූර්ණ ගවේශනයක් කරන ලදි,
මෙම ගවේශනයෙන් ලත් සැබෑ තොරතුරු වලට අනුකූලව ඔවුහු ස්මාරකයේ වැඩ ඇරඹූහ, එය අති විශාල කලාගාරයකි සජීව් ප‍්‍රමානයේ ගැහැණු පිරිමි මුර්ති 106 කින් එය සමන්විතය, ඒ හැරුණ විට පසුබිමෙහි බිත්තිවල අඹන ලද අර්ධ උන්නත පසුබිම් දර්ශන රාශියකි ඒ සදහා යොදාගත් මාධ්‍ය වූයේ මැටිය, මෙම ස්මාරකය තනා නිම කිරීම සදහා මාස දහ අටක් ගතවී ඇත,
මෙම මුර්ති කලාගාරය කොටස් හතරකින් සමන්විතය එනම්
x වැඩවසම් සමාජ ක‍්‍රමය
x ලාමා ක‍්‍රමය
x ක ෂා ( දේශීය පාළන ක‍්‍රමය *
x වහලූන් ගේ අරගලය
පිළිඹිඹු වේ මූර්ති වල කැපී ලෙනෙන ලක්‍ෂණ දෙකකි ඒ ඒවායේ
x කලාත්මක භාවය හා
x ජීවමාන භාවයයි,
මෙම නිර්මානයේ වැදගත්කම වනුයේ එහි කලාකෘතියක් වීම පමණක්ම නොවේ, එක් අයුරකින් එය ඉතිහාසය කියා පායි, තවත් අයුරකින් එය අනාගත පරපුරට ආදර්ශයක් දෙයි,
විනී හෙට්ටිගොඩ
විනී හෙට්ටිගොඩ විසින් මෙම ලිපිය 1988 වර්ෂයේ දිවයින පුවත්පතට ලියූවක් වන අතර එයට අදාල පුවතේ මෙම විස්තරය දැනට ඉදිරිපත් කෙරෙන අතර වහල් සේවකයන්ගේ වෛරය නම් එම පොතේ සම්පූර්ණ පරිවර්තනය අචාල චිත‍්‍ර සමගම ඔබට මී හරකා බ්ලොග් අඩවියෙන් නොබෝ දිනකින් කියවීමට හැකිවනු ඇත.
Tuesday, March 15, 2011
Monday, February 28, 2011
SriLanka Rs.1000
Astonishing Fact Behind the 1000 Rupees Note
How many of us know that the elephant printed with a man wearing a
cap near it, appearing on the 1,000/- rupees notes, has an astonishing
story behind it?
Every one of us familiar with the Rupees 1000/- notes for its size,
colour and so on, will not know about the factual story of the elephant
and the man with the cap near it, printed on the 1000/- rupees notes
that are now in circulation in SriLanka.
Can anyone imagine that the elephant and the man wearing a cap near it
are from the eastern province, and the man is a Muslim? Yes, they are
from the eastern province. The man is Umar Lebbai Panicker from Eravur
in the Batticaloa district and the tusker in the note was caught in
1925 in the Eravur forest and reared by him.
It is said Umar Lebbai Panicker presented this tusker to Dalada
Maligawa and within a short period, it escaped from there, and went in
search of him to Eravur. He brought it back again and handed over to
the Dalada Maligawa.
His Excellency President late J.R. Jayawardene in order to honour the
long services of the tusker, had declared it as a national asset in
1984. This tusker named as Raja adored the Esala Perehera processions
in Kandy and thus became national fame and honoured nationally.
After this, the government in power then, decided to honour the person
who presented this elephant, to the Dalada Maligawa, by printing the picture of
him, with the tusker nearby, on the notes of rupees 1000/- and the
village Eravur was thus honoured by this action.
The tusker Raja that served in Dalada Maligawa and brought fame and
honour not only for itself, but also to the person who presented it, to the
Dalada Maligawa, and the village Eravur, finally died on July 15, 1988
after serving 50 years in the Maligawa.
"Panicker "is a name given to people who catch elephants in the
forest, rear them and sell to people involved in business,
transporting or carrying very heavy materials and things. Their
decedents are still identified as "Panicker Thaththi" or "Panicker
Kathara"in Eravur. There is a road in Eravur known as 'Panicker Veedy'
named after their name.
Monday, February 21, 2011
Face Book Rebel ?????????
මුබාරක් ගෙදර යැව්වේ
පේස් බුක් කැරුල්ල හරහාය
අපේ රටේ කැරුල්ල
හරහා කැරලි කරුවා
පේස් ලූක් එකක්
නැතිවම අතුරුදන් වෙන්වාය
Wednesday, February 9, 2011
අපි ගහමු, අපි ගහමු, තුටින- තුටින- ජොලිය දමාලා
ලන්කා ඊ නිව්ස් කාර්යාලය ගිනි තබා තිබේ. එය මේ මොහොතට අදාල නවමු සිදුවීම නොවූවත් එය මේ වන විට වූ මාධ්‍ය අරඹයා සිදුවන ලද බරපතල සිදුවීමකි. සිරස කැමරා ශිල්පියාටද සත්තමක් දමා කැමරාව පැහැරගෙන ඇත. තවත් සුතුල ශරීරයක් ඇති මාධ්‍යවේදියෙක් පජචින් බෑගයක් කර ඇත. මෙවැනි සිදුවීම් ගැන 88 -89 කාලයේ සිටම සිදුවෙද්දී ඒ ගැන කතා කලවුන් බොහෝ ය. ඒ කතා කලවුන්ගෙන් උද්ඝෝෂණ කල වුන් ගෙන අද මේ සිද්ධිය ගැන කතා කරන්නට එන්නේ කීයෙන් කී දෙනෙක්ද යන්න පෙනෙන විට අප හට දැනෙන්නේ සිතෙන්නේ කුමක්ද යන්න ගැන සිතාගැනීමටත් නොහැක.
ඝාතන ගැනද අතුරුදහන් කිරීම් ගැන මෙන්ම මාධ්‍ය මර්දනය ගැනද අද කතා කරන්නේ එකම කුඩා කණ්ඩායමක් පමනි. ඒ අතරද නිවෙන පත්තුවෙන එලිමෙන් කීප දෙනෙක්ද යති එති. ඔවුන් එන්නේ ජනප‍්‍රිය වීමට පමනි. යන්නේ වාසිය සදහාය. ජනරාල් ගේ නිදහස උදෙසා උද්ඝෝෂන කරන්නන් අතරද මෙවැනවුන් බහුලය. එය එලෙසමය.
පැහැදිලිවම මේ කුඩා පොකුර ලේක් හවුස් ගිනිතිබ්බොත් එහි මාධ්‍යවේදීන් ආවත් නොආවත් ඒ සිදුවීමට එරෙහිවද යුක්තිය උදෙසා පෙරට එන බව මා විශ්වාස කරන්නේය.
එමෙන්ම තම කාර්යාලයට ගිනි තිබ්බත් හඩ නොනගන මාධ්‍යවේදීන්ද ඇති බව අද අප මේ සිදුවීම් හරහා වැටහී නොයාමට තරම් අදබාල නොවෙමු. නමුත් එරෙහිවන එවැනි අයද නැතිවා නොවේ. බහුතරයක් එලෙසය. එයට හේතුව ලෙස මා දකින්නේ ඔවුන්ගේ පෑනේ තීන්ත පිරවීම කරන්නේ ජනතා විරෝධින්වන නිසාය. ඒ තීන්ත වල බර මැනිය නොහැක. ඒවා සැදී ඇත්තේ ජනතාවගේ ලේ සහ කදුලූ හරහාය. පන්නරය ලැබී ඇත්තේ ගින්නෙන් සහ යකඩෙනි.
නමුත් ජනතා විරෝධීන්ගේ තීන්ත ඉස්තරම් වන අතර එයින් පරම්පරාවම තෙමා ගත හැක. ඒවා හරු සහැල්ලූය. පාට කර ගත හැක. එයින් ලියන්නට හැක්කේ ප‍්‍රශස්ති පමනි. ඒ, ඒ තීන්ත වල ස්භාවයයි. එයද ඔවුන් දනී. ඒවා පොවන්නට පෙර මේ මාධ්‍යකරුවන් සහ කලාකරුවන් යයි තමන්ම හදුන්වා ගත්තවුන් උගුරට හලා ගනී.
රාජකීය තීන්ත වලින් යැපීම තරම් සුවයක් ඔවුනට නැත.
ඔවුන් නොදන්නා දේ නම් මලපහ කරන විටදීද මුත‍්‍රා කරන විටදීද මේ තීන්ත වල පාට ශරීරවලින් එලියට ඒමය. ඒ පාට වලින් ඔවුන් ගේ පශ්චාත්භාගය නැහැවෙන අතර එයින් මොවුන් කවුදැයි බව හැමෝම දන්නා බව ඔවුන්ට නොවැටහෙන්නේ ඔවුන්ගේම අවාසනාවටය.
Tuesday, February 8, 2011
මෙහෙමත් ගොන් වැඩ කරන එවුන් ඉන්නෙ ලංකාවෙ කලාකාරයො අතරනෙ
මට මගෙ පොඩි කාලෙ කියවපු පොත් මතක් උනා. සත හැත්තෑපහට ගන්න තිබුන වත්තල ආර් විල්බට්ගෙයි, ටී එම් චන්ද්‍රසේනගෙයි, ඞීමන් ආනන්දගෙයි පොත් තමා නැගලා ගියෙ. මාරක කතා, වීර කතා, භූත කතා උනාට එකම අච්චුව. වීරයා- දුෂ්ඨයා - කෙල්ල - අන්තිමේදී අහේතුක අද්භූත අව්ශ්වාසනීය සිදුවීම් සමුදායක් තුලින් අතිශයෝක්තියට පමුනුවන ලද පැතලි වීරයා ජයගන්නවා. ජේමිස් බන්ඩා උනත් දුෂ්ඨයා ඩ‍්‍රැකියුලා නම් අන්තිමේදී කෙල්ලවත් අරගෙන අපිට බායි කියනවා. ඔන්න එහොම තවත් ඉස්සරහට යනකොට දවසක් පොත් ප‍්‍රදර්ශණයකට ගියා. ඉස්සෙල්ලාම මේසෙ තිබුනෙ කතා පොත් දෙකක් ‘වානේ පන්නරය ලැබූ සැටි’ 1 සහ 2. දෙකටම රුපියල් 6 යි.මම හිතුවා වැරදීමක් තමා කියලා. ගත්තා පොත් දෙක දීවා ගෙදර.අනීත් ඒවා බලන්න හිටියෙ නෑ.
ඔන්න කියෝගෙන යනවා. කොල්ලා පාවෙල් කියලා මගට යන්න පටන් ගන්නකොටම මීටර්. ඔන් ප්‍රෝස්යා කියලා චරිතයක් එනවා එයාට වෙන අසාධාරනයකදි පාවෙල් දත්මිටි කනවා. එතනම කියනවා අර්ට්යොම් අයියා ගැන. අන්න අයියා. මිනිහා නිකම්ම පොරක් වෙනවා. ප්‍රෝස්යාට කෙලවපු එකා එකට වැඩ කරන එකම මට්ටමේ එකෙක්. ඌට ගේම දෙන්නෙ අයියා. මොකද ඒකා පාවෙල්ටත් ගහපු නිසා’ හැබැයි ගේම ලැබෙන්නෙ ප්‍රෝස්යාට කෙලවපු ඒවාට ඇරියස් එක්ක. නමුත් මට ඕනා කෙල්ල. කොල්ලා විතරයි තාම සීන් එකේ. ඔන්න 68 වෙනි පිටුවට යනකොට කෙල්ල එතන. තෝන්යා. දැන් මම හොයනවා දුෂ්ඨයා . උන් දෙන්නෙක්ම ඉන්නවා එකෙක් සුහර්තෝ අනිකා වික්ටර්. ඒ උනාට කතාවෙ තියෙන්නෙ අර කලින් කියවපු ඕලාරික සිතුම් පැතුම් හරහා ගමන් කරන හැගීම් හා දෛවෝපගත සිදුවීම් මතින් යන රාම රාජ්‍යයක් තොරොම්බල් කිරීමක් නෙමෙයි.
කියවනකොට ස්ටෝරිය ඇතුලෙ තියන පට්ට යථාර්ථය එලියට එනවා . පාවෙල් තෝන්යා ගේ නිවසට යනකොටම තමාගේ නූගත් කම පිළීඹද වැටහීමක් ඇතිවෙනයා. තෝන්යා බෙහෝ පොත පත කියවනවා. ඇයට තමන්ගේම කියා පුස්ථකාලයක් ඇත. සංගීතය උගනියි. ඇයට පියානාවක් ඇත. විදේශීය භාශා හදාරයි. ඇයට ගුරුවරියක් සිටී .එහෙත් පාවෙල්ට මේ කිසිවක් නැත. තමන්ට පමනත් නොව තමා වැනි දුප්පතුන් යයි නම් කරන ලද්දන්ට වන අයුක්ති සහගත අසාධාරනකම් වලද සීමාවක් නැති බව ඔහු වටහා ගනී. වේටරයෙක් තමා මෙන්ම දෛනික වැටුපට සේවය කරන තවත් සේවිකාවක් වන ප්‍රෝෂ්යා ¥ෂනය කර ඇයට රූබල් 50 ක් වීසි කරන සැටි ඔහු අහම්බෙන් දකී. ලෝකයේ මුදලට තිබෙන තැන එය වේටරයෙකුට ලැබෙන සුලූ මුදලක් වූවත් එය ඇතැමුන් අනුන් මැඞීමට උපකාර කොට ගන්නා බලයක් බව ඔහු වටහා ගන්න පටන් ගනී. පාවෙල් ඒ අයුක්තියට එරෙහිව සටන් කිරීමට අවියක් සොයයි. ඔහු අසමානාත්මතාවයෙන් අම්බානක් කට්ට කනවා. ඒකට හේතුව පොරට සම්පූර්නයෙන්ම අවබෝධ නුවුවත් කොහේ යා යුතුද කවර කදවුරක සිට සටන් කල යුතුද යන්න ඔහුට මැනවින් ජීවිතය කියාදී ඇත. හරි සිස්ටම් එක මොකද්ද කියලා තෙරුම් ගන්නවා. පාවෙල් හරහා මමත් තෙරුම් ගත්තා. තවත්අය තේරුම් ගත්තා. තේරුම් ගන්න උත්සාහ නොකරන අයත් ඉන්නවා.
ඒ කට්ටිය තාමත් පාවෙල්ට තෝන්යාට බන්දලා දාන්න පුලූවන් ආකාරයේ පව පින දෛවය පෙරට දාපු ෆැන්ටසියක් හදන්න ටෙලි නාට්‍ය හරහායි සාහිත්‍ය හරහායි මාර ට‍්‍රයි. ඒ ට‍්‍රයි එකට උන්ට සම්මානත් හමුවෙනවා. පොරවල් වෙනවා. හැබැයි හැමෝටම නෙමයි.
Monday, February 7, 2011
විශිෂ්ටයා යනු
යමෙක් සුවිශේෂී වන්නේ ඔහු පීඩිත පංතියේ අයෙකු වීම නිසාම නොවේ. යමෙකු
පීඩිත පංතියට අයත් වූ පමණින් ඔහු විශිෂ්ට මිනිසකු බවට පත් නොවේ. ඔහු විශිෂ්ටයකු
වන්නේ ඔහු තුළ වන පංති හැඟීමේ පොහොසත් බව නිසාවෙනි. පීඩිත පංතියට අයත්
බොහෝ අය උත්සාහ ගන්නේ කෙසේ හෝ ඉහළට නැග පුද්ගල විමුක්තිය සොයා
ගැනීමටය. ගෙයක් දොරක්, වාහනයක්, සමාජ තත්වය එවන් අයගේ පරමාදර්ශ වෙයි. මේ
දේවල් පසුපස හඹා යන තරගය තුළ එසේ ලූහු බඳින්නා පියවරක් පියවරක් ගානේ
මනුෂ්‍යත්වයේ ගුණාංග මඟ හළා දමයි අවසන නරුමයෙක් බවට පත්වෙයි. තම පන්තියට
පේ‍්‍රම කරනු වෙනුවට ඔහු එකහෙළා ඊට වෛර කරයි. හෙළා දකියි.
අතීතය අමතක කර දමයි.
මේ ගැන සරල ආකාරයට කියවමු
අප ජීවත් වන්නේ පන්ති සහිත සමාජයක් තුලය. ඒ අනුව මෙම සමාජය පොහොසත්
හා දුප්පත් වශයෙන් වර්ග කර ඇත. පොහොසත් අය සියලූ ආකාරයේ සමාජීය සහ ආර්ථික
හිමිකම් වලට උරුම කම් කියන අතර දුප්පතුන් පොහොසතුන්ගේ ඒ ආකාර හිමිකම් සහිත
ආයතන වල විවිධ රුකියා කරමින් තම ශ‍්‍රමය විකුණා ගන්නා මුදලින් ජීවත් වෙයි. එම
දුප්පතුන් අතරද අද විශමතා වලින් යුක්ත විවිධ පන්ති බිහිවී ඇත. පොහොසත් අය මෙම
සියලූම දුප්පතුන් හසුරවයි. එසේම මෙම දුප්පත් අයගේ කර මත සිටින තාක් කල්
පොහොසත් අය විරාජමාන වෙයි. පොහොසතුන් විසින් දුප්පතුන්ව විවිධ ආකාරයෙන්
ග‍්‍රහනයට ලක්කර තම උවමනාවන් ඉටුකර ගනී. දුප්පත් අය මේ ගැන තේරුම් ගෙන
තමන්ටම සේවය කර දුප්පත් කමෙන් අත් මිදීමට එක් වුවහොත් පොහොසත් අයහට තම
ජීවන ක‍්‍රමය අවසාන කර ගැනුමට සිදුවේ. එම නිසා කවර ආකාරයකින් හෝ කවර
අංශයකින් හෝ කුෂලතා ඇති දුප්පතුන් තම වසඟයට ගැනීමට මෙම පොහොසන් ක‍්‍රියා
කරයි මෙහි යථාර්තය දකින පුද්ගලයෝද සිටී. ඔවුහු මෙම යථාර්තය සැබවක් කිරීම සදහා
මෙම සමාජය නමැති ජල ප‍්‍රවාහයේ උඩුගම් බලා පිහිනති.
පොහොසතුන් විසින් දුප්පතුන් විවිධ ක‍්‍රම මාර්ගයෙන් මුලා කොට ඇත. ඒ අනුව
පිලේ පැලේ ඉපිදි හැදී වැඩුනු ගම්බද ජනතාව පමනක් නොව නගරබද වෙසෙන දුප්පත්
ජනතාවද ඔවුන්ගේ සුරංගනා ලෝකවල මංමුලා කරවති. කළ යුත්තේ කුමක්ද යන්න ගැන
සිතීමට වත් කාල සීමාවක් නොමැති ආකාරයට සියල්ල සකසයි. එම නිසා ඒ ගැන
හැගීමක් ඇතිවන්නේද නැත. ඒ වෙනුවට සිත් කැළඹී ගොස් නිනව් නැතිවෙයි. දුප්පතුන්
හට තම සේවය නිමවී ලැබෙන එකම නිවාඩුව නම් ආපසු ගෙදරට එන වේලාව පමනි. ගෙදර
පැමැනි විටද ඇත්තේ තරගයකි. එය නම් එම කාලය තුල අප හට ලබා දෙන විසූක දස්සක
වලින් කුමකින් සැනසෙන්නේද යන්න සිතන්නට සිතන්නට මොලය තවත් කුරුවල් වෙයි.
කාම චිත‍්‍රපට හරසුන් බොල් කතා ඇති ටෙලි නාට්‍ය එෆ් එම් නාලිකා පුවත් පත්
විවිධ ක‍්‍රීඩා සහ අර බාප්පලා මේ තරු තේරීම වැනි වැඩසටහන් මෙන්ම හරහා විවේකයක්
ලැබූ වහාම මනසට හරවත් යමක් නොදී පංච ඉන්ද්‍රියයන් පමනක් පිනවීමට ඇති ස්ථාන
දුප්පත් අයහට එමටය. එවා භුක්ති විදීමට මුදල් සෙවීම පමනක් කල යුතුය. එයටද විවිධ
ඉපැයීම් ක‍්‍රම හදුන්වා දී ඇත එය කරන්නට යන විට අසල්වාසියා නෑයා ගැන සිතීමට ඉඩක්
වේලාවක් නැත. එහෙම සිතන්නේ නම් මුදල් හරි හම්බ කිරීමට නොහැක. එයාකාරව එම
ක‍්‍රමයේ රුදී සිටින විට අප හට දැනෙන අනාරක්‍ෂිත භාවය සුරක්‍ෂිත කිරීම සදහා රක්‍ෂන
සමාගම් අප වටා පෙල ගැසී ඇත. එයින්ද රුකියා අවස්ථා ලැබී තවත් පිරිසක් තම
ජීවනෝපාය සකසා ගනී.
මෙයාකාරයට පල් ගද සහිත මේ මඩ වලේ අපද පනුවන් බවට පත්වී ඇත. අප හට
ගද කුමක්ද සුවද කුමක්ද කියා වත් තේරුමක් නැත. ගදටද සුවදම යයි කියා තර්ක කර
තම සහෝදර ජනයා අතරද ලූලා නැති වලට කනයන් වන පන්ඩිතයන් එමටය. තමුන් මෙම
සමාජ ක‍්‍රමයේ වහලූන බවට පත් කර ඇති බව නොව තමුන් මෙම ක‍්‍රමය පවත්වාගෙන
යන්නවුන් බවම සිතයි.
ඔවුන් තමා ඉපිද හැදී වැඩුන ඒ සරල අසරන පරිසරය හා වටාපිටාව තුල තමා
සමග එකට ජීවිත ගැටගසාගත් තම මව පියා සහ සහෝදර වර්ගයා ගැන සිතන්නට
හැකියාවක් ඇති ඔවුන් කුසට අහරක් නොමැතිව සිටි ගතට ඇදුමක් නොමැතිව සිටි
ලමුන්ට පාසල්යාමට අවශ්‍යතා පිරිමසා ගැනීමට නොහැතකිව සිටි ලෙඩට දුකට බෙහෙතක්
ගැනීමට වත්කමක් නොමැතිව සිටි තම සහෝදර සමුහයා සමග විදි ඒ දුක් කම්කටොලූ ගැන මදක් හෝ යලි මතකයට නගනු හැකියාවක් ඇති ඔහු කිසියම් හේතුවක් නිසා රුකියාවක් කරමින්
එදාට වඩා ආර්ථික වශයෙන් යහපත් යයි සමාජය පිළිගන්නා තැනකට පැමින ඇත. ඒ
සියල්ලට යටින් තමා කරන්නේ කුමක්ද යන්න ගැන දැඩි පිලිකුලක් තමා වෙතම ඇති අතර
එය මතුපිටට ඒමට නොදී බොරු ආටෝප වලින් වසා ගෙන ඇත. ලැබෙන වැටුප හෝ
වෙනත් දීමනා වෙනුවෙන් තම ජීවිතය පොහොසතුන් හා බලයේ ඉන්නා පාලකයින්ට උකස්
කර ඇති බව වැටී ඇතත් එයම හිස් කමක් ඇතුව භුක්ති විදී. ඉද හිට ඇරෙන හෘදය මේ
බව තම සහෝදර ජනයා හරහා මතක් කිරීමේදි තම සරුවාංගයම රත් වන්නේ මේ
නිසාවෙනි. මෙය සැබවින්ම පිළිකුලක් මෙන්ම විශාල වදයක්ය. එය වැඩිවන්නේ තමා සහ
තම වර්ගයා වෙත මෙම බර පටවන දේශපාලකයන් කරන්නාවූ සියල්ල හරි යයි තමාටම
පවසා ගනිමින් එම බොරුව උදෙසා ගුන ගයන්නට වීමේ දීය.
නමුත් මෙයින් ඔහුගේ පැවැත්ම තහවුරු වේ. පාලකයන්ගේ ගුණ වර්නනා කරන
නිසා ඔහුද විශාල මිනිසෙක් ලෙස දිස්වේ.
එහෙත් සැබෑ මිනිසා තම පැවැත්ම උදෙසා බොරුව ප‍්‍රතික්‍ෂේප කරයි. එම බොරුව
නිරුවත් කර ඇත්ත හෙලි තරයි. පඩුරු පාක්කුඩම් වලට තමාවම විකුණා නොගනී. තම
වර්ගයාද නොවිකුනයි.
ඔහු විශිෂ්ඨයෙකි
පෙරදී ලියා ඇති පරිදි යමෙක් කිසියම් හේතුවක් නිසා රුකියාවක් කරමින් තමාගේ
මුල් කාලයට වඩා අද ආර්ථික වශයෙන් යහපත් යයි සමාජය පිළිගන්නා තැනකට පැමින
ඇතැයි සිතමු. පොදුවේ ශක්තිය ඇත්තා හැකියාව ඇත්තා කුසලතා ඇත්තා
පොහොසතුන්ට ආවඩමින් තම වර්ගයා අමතක කර ආත්මාර්තකාමී ලෙස පොහොසතුන්ගේ
රුකවරනය උදෙසා මුදල් නිසා කැප වන්නේ නම් දුප්පත් අසරන යන් හට කාගේ
පිළිසරනක්ද ? මේ ආකාරයට දුප්පත් අසරනයා හැමදාම පිළිසරනක් නැත්තෝ වෙති. මේ
කරුන් කාරනා සියල්ල තුලදීත් ඉන් පිටතත් තම වර්ගයාට සෙත සැලසීමට තැත් කරන්නා
විශිෂ්ඨයෙකි.
විවිධ ආකාරයේ ගෙවල් මාලිගා ලෙස බබලමින් ඇත. පොදු අසරන ජනයා ණය වී
හදාගත් මාලිගා වැනි තවමත් තමන්ට හිමි නොවූ පැල්පත් වල සැපසේ දුක් විදින්නේ එය
දුකක් කියා නොමදැනය. අත්තම රජමාලිගා වල වෙසෙන්නන්ද සිටී. ඔවුන් නිතරම ඉහල
බකමින් තවත් ඉහලට යන නිසා පහත ලෝකය එතරම් ගනන් ගන්නේ නැත. ඔවුන් කැමති
තවත් සැප භුක්ත’ි විදීමටය. මෙම පොහොසතුන් රස මසවුළු භුක්තිවිදිති. ඔවුනට මේ
කාමභෝගී ජිවිතයේ අවසානයක් නොමැත. ඔවුන්ගේ ජීවිත සැනකෙලි සිරි ගනී.
දුප්පතුන්ගේ ශ‍්‍රමය මුදල් බවට පත්වී එම ධනයෙන් සහ රටේ ඇති සම්පත් නාස්ති කරමින්
අන්ත කාමභෝගී ජීවිතයක් ගත කරති. ඔවුනට දුප්පත් අසරන අයගේ දුක නොදැනේ.
නොපෙනේ. ඔවුන් සිටින්නේ මවාගත් ලෝක වලය. ඔම මනෝ ලෝකය පවත්වාගෙන යන්නේ
දුප්පත් අසරන අයගේ මහන්සියෙනි. මුදලිනි. පොහොසතුන්ගේ ලෝකය බොරුවෙන්
වංචාවෙන් පිරී ඇත. සෑම තැනකම රුවටීමය. සියල්ලන් සියළු දෙනාම රවටයි. තමනුත්
රුවටෙයි. ඉහල සිට පහලටත් පහල සිට ඉහලටත් රුවටීම ය. මේ කුමක් සදහාද ?
පොහොසතුන්ගේ පංචඉන්දි‍්‍රයන් පිනවීමේ සුඛ විහරණය සදහාමය. මේ රුවටිලිකාර
බොරුකාර වංචාකාර ආත්මාර්තකාමී නඩයෙන් දුප්පතුනට ගැලවීමක් නොමැත.
ඒ නඩය කා බී සතුටින් සිටින විට කායික සංතර්පන වලින්ද පසුව අවුළුපත් ලෙස
මානසික සන්තර්පනය සදහා තලූ මරමින් රස විදිමට ආගමික මගපෙන්වන්නන් සහ ප‍්‍රශස්ති
ගායනා කරන්නාවූ වන්දි බට්ටයින් විසින් මිහිරි මුසා බස් තෙපලයි. අන් ආකාරයකට දුප්පත්
පොදු ජනතාවටද පොහොසත් දේශපාලක නායකයන්ගේ කාර්යභාරය ගැන මුසාවම
තෙපලයි. ඒවා අසා තලූ ගසා මානසික සුවය ලබන්නෝ එමටය.
මේවාට මුලා නොවී දුප්පත් ජනතාවට ඇත්ත පවසා ඔවුන්ගේ ස්ථානය ඔවුන්ට ලබා
දීමට වෙහෙස වන්නා විශිෂ්ඨය.

Sunday, February 6, 2011
මැයි 9 ද පෙබරවාරි 4 ද
අද සාමාන්‍යයෙන් ලංකා වාසීන් හදුන්වනු ලබන ආකාරයට නිදහස් දිනය වේ. මා හට නම් මෙය ලංකාව බාරව සිටි එංගලන්ත ජාතිකයකු වන ශී‍්‍රමත් අයිවර් ජෙනිංග්ස් නමැත්තාගේ දුවගේ උපන් දිනය වේ.
කෙසේ නමුත් මෙම දිය එසේ මෙසේ දිනයක් නොවේය.
x රට කරවන ඇත්තන්ට විශාල ලෙස මුදල් හරි හමිබ කල හැකි හා හොදින් පාරම් බෑ හැකි දිනයකි.
x සමාජයට වැඩදායක නොවූ සදාචාරසම්පන්න ව ජීවත්විය නොහැකි එවුන් හට ගරු අධිකරනයෙන් ලැබූ දඩුවම් අළුයම ලූ කෙලපිඩක් සේ වත් නොසලකා තම සිරගෙවල්වලින් නැවතත් තමා සිටි ස්ථාන වලටම ගොස් එම ක‍්‍රියාවල නියැලීමට අවස්ථාඛාව හිමිවෙන දිනයකි. මෙය අහඹුලෙස තෝරාගත් යම් පිරිසකට පමණක් බව හිතට ගන්න.
x ඒ වාගෙම ආගමික ස්ථන වලට වැඩ වැඩි දිනයකි. වෙළෙන්දන්ට කොඩි ආදිය විකුණා ගැනීමට අවස්ථාව උදා කරන අවස්ථාවකි.
x රජයේ හා සමහර පෞද්ගලික ආයතනවල සේවය කරන්නන්ට නිවාඩු දිනයකි.
x මෙම දිනයට සාපේක්‍ෂව පවත්නා උත්සව වලට සහබාගී වීම නිසා එදිනට වත් ගෙදරටවී සිටින්නට නොහැකි වුන් ශී‍්‍රමත් අයිවර් ජෙනිංග්ස් ගේ අම්මා මතක් කරන දිනයද වේ.
x පවත්නා උත්සව වලින් උපරිම ඵල නෙලා ගන්නා තරුන තරුනියන් ද මෙදින දැක ගත හැක.
x පාසල් ලමුන්ටද ගුරුවරුන් හටද මෙම නිවාඩුව බලපාන අතර යම් අයට පවතින උත්සව නිසා එලෙස නැත.
x සෑම නිවසකම ආයතනයකම මෙන්ම ව්‍යාපාරික ස්ථාන වලත් සිංහ කොඩිය ඔසවා තබන එක් දිනයකි.
x සියලුම රූපවාහිනී නාලිකාවලට මෙන්ද අනිකුත් ගුවන් විදුලි හා පුවත් පත් ප‍්‍රමුඛ මාධ්‍ය වලටද මෙම දිනය සදහා සූදානම් වීමට ඇති අතර ඒ කාලය ඉතා කාර්ය බහුලය.
2010 පෙබරවාරි 4 ද උත්තවාකාරයෙන් බැබලූනි. එදින යම් යම් මතිමතාන්තර හා සංකල්ප කටකතා බිහිවූවේ මැයි 9 දින අරඹයාය. මක්නිසාද පිරිසක් කතා කලේ ශ‍්‍රී ලංකාවට සැබෑ නිදහස එනම් අධිරාජ්‍යවාධීන්ගේ මෙහෙයවීම මත එල් ටී ටී ඊ නම් සුළුතර කණ්ඩායමක් ගෙන ගිය දෑවැන්ත විනාශකාරී ග‍්‍රහනයෙන් අප මිදීම ලබා ගත්තේ මැයි 9 නිසා මින් මනත සැබෑ ජනතාවාදී නිදහස් දිනය වනුයේ මැයි 9 වන බවයි.
ඒ නිසාදෝ අද නිදහස් දිනය ගැන ජනතාව තුල ඇත්තේ මන්දෝත්සාහීබාවයකි. ලක පුරා සිංහ කොඩි ලෙලදෙන්නේ නැත. උත්සව නැත. ආයතන මට්ටමින් ජාති්ක තොඩිය ඔසවා නැත. රජය කීවාත් එය මහජනතාව නොකරන්නේ සැබෑ නිදහස මැයි 9 දින ලැබූ නිසාය. සියල්ල කතරගමට සීමාවී ඇත්තේ එය රාජ්‍ය අනුග‍්‍රහය මත වන නිසාය.
මැයි 9 මහ ජනතාව මෙය සමරන්නේ රජයට හොම්බ බිම ඇන ගන්න ආකාරයටය. මහ ජනතාව රජයට උත්සව පවත්වන හැටි එදිනට උගන්වනවා සත්තය. උගන්වනවාය. ස්වෙච්ඡුාවෙන්ම කොඩි දමනවාය. මහ පාරවල් පුරා කිරිබත් උයනවාය. උත්සව පවත්වන්නේ දින ගනනක් බලපාන පරිදිය. නිවාඩු නුදුන්නත් එදින කීපය තුල නිවාඩු ගන්නවාය. එම දිනයට පසුව සියලූම මාධ්‍ය තක්බීර් වී වැඩ පටන් ගන්නේ අම්මා මුත්තා කාලෙවත් මෙහෙම වැඩක් නුදුටු නිසාය.
බොරුනම් මැයි 9 දින වෙන්නේ මොනවා දැයි බලාගෙන ඉන්න
Subscribe to:
Posts (Atom)