Monday, July 31, 2017



වැඬේ ගැන ඒ යකා දන්නෙත් නෑ
අපිට 25 තමා කීවේ 27 28 මඩකලපුවෙ ඉදිකිරීම් සම්බන්ධ වැඩ සටහනකට යන්න ලොක්කා මාවයි ශාන්තවයි තෝරාගෙන තියනවා කියලා 24 මට මහේෂ් කීවා
 නමුත් ඔය වැඩේ මට එන්න  ඕනා එක්කො එඩා හරි කොටා හරි හරහා නිසා මම කට වහගෙන හිටියා  ඔන්න එඩා 25 කීවා  වැඬේ ගැන ඒ යකා දන්නෙත් නෑ මේකෙ මොන කොටසද අපිට වැදගත් දවස් කීයක් අපි ඉන්න අවශ්‍යද ඒකෙන් අනාගතයට ආයතනයට ඇති වැඬේ මොකද්ද කියන ඒවා දන්නෙ මෙච්චරයි මහේෂ් එක්ක කතා කරගන්න ඔච්චරයි
 කොටා වැඩට ආවෙත් 25  මම 25 උදේම වත්තට ගියා කොටාගෙ අන පරිදි  එනකොට 2-30 මම දවල්ට කෑම ලෑස්ති කලෙත් නෑ ගෙබා ආවෙත් 25 කොළඹ ඉදන් ගෝබිනාත්ට බයික් එකක් අරන්
ඒකට මොකද කරන්නෙ කියලා කොටා මගෙන් අහනවා මම කීවා ඒ බයික් එක ඔපිස් එකෙන් බාලා හොදට රෙපයාර් කරලා අඩුපාඩු බලලා වත්තට එවන්න මොකද මොනවා හරි උනොත් ගෝබිි අමාරුවෙ වත්තෙ තියෙන්නෙ කන්ද නෙ කියලා මේ ගොන් මෝඩයා ඒකත් අපෙන් අහන්නෙ
 ගෙබා කියනවා මේක හොදයි කොළඹ පැදපු බයික් එක කිසි අවුලක් නෑ නියමයා කියපා හැබැයි හෙල්මට් එකක්වත් එවලා නෑ ඒ අනිත් සක්කිලියා
කොහොම හරි මම වත්තෙ ඉදන් කාර්යාලයට ආවා මුං දවල්ට හරියට කාලා නෑ කොටා දැන් ඌට විතරනෙ බත් ගේන්නෙ ඒක බෙදාගෙන කෑවා ඇයි දවල්ට උයලා නැත්තෙ කියලා ගෙබා මගෙන් ඇහුවා  මම මුකුත් කීවෙ නැ ඒ වෙලාවෙ
මයික් එකට හෙල්මට් ජැකට් ගන්න උං ගම්පොල ගියා  මම ගෙදර ගියා හෙට මඩකලපු යන්න බඩු ගේන්න තියනවා කියලා

පහුවදා උදේම 26 දා මම කිරිබත් හදාගෙන ආවා තනුජා හැදුවෙ  මම එපා කියද්දි මේ ගෑනි හදලා දුන්නෙ  මමත් අරගෙන ආවා’ මුං වත්තට යන්න ලෑස්ති වෙලා මම හිටියා මොකද මහේෂ් එක්ක මඩකලපු යන්න තියන නිසා
නමුත් දවල් වෙනකොට මහේෂ් කෝල් කලා එයාට යන්න බැරිවෙයි  කොටා කතා කරලා ඇහුවලූ ජී වී ටීම් එකක් එනවා ඒකට ඔයා ප්ලෑන් කරලා තියනවද අරකද මේකද කියලා මම කීවා බලමු කියලා  දැන් සාන්තත් කතා කරලා ලෑස්ති වෙලා 
ඔන්න වාහනේ ආවා මම නැග්ගා ගම්පොල රේල් පාර පහුවෙන්න හම්බුනේ නෑ මහේෂ් කීවා වැඬේ කැන්සල් කලා ලොක්කා කියලා
ඹම ආපහු ගියා විතරයි ගෙබා කතා කරලා අහනවා කොහෙද ඉන්නෙ කියලා  මම කීවා අපි යනවා වැඬේට  දැන් දඹුල්ලත් පහු කරලා කියලා මූ රෝහිතට මොනවද කියලා පෝන් එක කට් කලා ඒ පමාවටම කොටාත් ගත්තා කොහොද  කියලා අහනවා  මම කීවා තාම මහේෂ් වාහනේ එවුවෙ නෑ කියලා  එතකොට කොටා කියනවා ගමන යන්න වෙන එකක් නෑ ලොක්කා කීවා සදුදා වෙනකොට දෙවෙනි පේමන්ට් වලට ෆයිල් 12 ක් එවන් කියලා වහාම මම කීවා කරමු කියලා
ඔන්න වැඩ  මහේෂ්ට කියලා ක්‍ි වී වැඬේ ඇද ගන්නයි  මට කියලා ෆයිල් ට්ක හදාගන්නයි කෑම උයා ගන්නයි තියන නිසා මූ ගානට එඩා හරහා වැඬේ දුන්නා
මහේෂ් කතා කලා ආයෙත් මම කීවා වෙච්ච දේ මහේෂ් තියනවා රෝහිත එයාව කපනවා කියලා මම හිතන්නෙ එඩා කියලා වාගෙ  වෙ කවුරුත් ඔය දේ කියන්න කෙනෙක් මහේෂ්ට නෑ ප‍්‍රධාන කාර්යාලයෙන් මම දන්න විදිහට නමුත් දැන් මහේෂ්ට තේරිලා නොටා ගැන  කිසි වැඩක් දන්නෙ නැත් ලොබ්බ හරකෙක් කියලා බැන්නා මුං ඉන්නකං මේකට හරියන්නෙත් නෑ ඉන්න අයට වගතුවක් නෑ කියලා දැන් අපූරුවට කියනවා  මම දැනුයි මේකා ගැන දන්නෙ මේකා සර්පයෙක් කියලා කියනවා 

ඔන්න පස්සෙ ශාන්ත කතා කරනවා ඇයි චානක මෙහෙම කලේ උඹ ෆයිල් හදන්න තියා ගත්තා ඒක හරි මහේෂ ජී වී එකට තියා ගත්තා ඒකත් හරි එතකොට මාව මාව නිකම්ම ලොස්නෙ ෆ‍්‍රැන්සිස් අහනවලූ ඇඅයි ලොක්ක උඹත් එක්ක මොකක් හරි තරහක් තියනවද කියා මේකට උඹවත් කැන්සල් කරන්න  ඒ අනික් අපතයා එහෙමත් අහනවද ඒ වාගෙ අහිංසකයෙක්ගෙන්  මම කීවා මමත් දන්නෙ දැන් මචං මම වාහනේටත් නැගලා මගක් ඇවිත් නෙ වැඬේ දන්නෙ කියලා

 මූ කියනවා මරු කතාවක් ඌ ඩිරෙක්ටර් නම් අපිව පුහුණුවටත් යවලා සෙනසුරාදා ඉරිදා ඒ වැඬේ කරන්න මාව යොදවනවා කීවා  ඒ දින දෙකට ගානක් වැඩිපුර දෙනවා කිවා  එතකොට ඒ වැඩෙයි මේ වැඩෙයි දෙකම වෙනවලූ අනික තමා ශාන්ත කියන්නෙ කෙලින්ම ඒක අදාල මැනේජර්ට කරන්න කියන එක ඒකාට ඒක කරන්න බැරිනම් මොකටද ඔතන ඉන්නෙ  වැඬේ දන්න වැඬේ කරන එකාටනෙ බාරදෙන්න අවශ්‍යය මුලූ වැඬේම කියලා මිනිහා කියනවා

  මේකට තියන නායකත්ව කොලිටිය මහ එකාට නැති එක ගැන හරිම දුකයි

Wednesday, July 19, 2017

කතා කලාට මොනවද කතා කරන්නෙ කියලත් දැන ගන්න අවශ්‍යයි



අද උදේ මම ගියා ගම්පොල ටවුමට පොටෝ කොපි ගහන්න. ෆවුරි මාව දැකලා ඇවිත් කතා කලා.. බොහොම ආවේගයෙන් සැරෙන් කතා කලේ.. රෝහිත එක්ක ගනුදෙනුවක් බේරාගන්න තියනවා කීවා.. ඒකට ගේබ‍්‍රියල් එක්කත් ගනුදෙනුවක් තියනවා කීවා. මිනිහගේ අතිකාල දීමනා සියල්ලම කැපුවා කීවා.. රෝහිත කීවලු මම හෙට කොළඹ යනවා . ගිහින් මේ ගැන කතා කරනවා. එහෙම කතා කරලා මම කෝල් කරන්නම් කීවා. නමුත් කතා කලෙත් නෑ  මම කෝල් කරනකොට ඌ පෝන් එක උස්සන්නෙත් නෑ.. පට්ටහොරු.
අනික තමා රෝහිත අසාර්ට කියලා තියනවාලු මමයි උගෙ බ්ලොක් ගල් බිස්නස් එක නවත්තලා වෙන තැනක් සෙට් කලේ කියලා.. රෝහිත ඒ කියපු එක නිසා මෙයා එක්ක අසාර්   පැටලිලා.  අහුවෙන්න එපා කියන්න කීවා.. මම ඇවිත් බේරා ගන්න හැදුවෙ  පස්සෙ මම නිකං දැන දැන අවුල් කර ගන්න අවශ්‍ය නැ මම ටවුමෙන් මිනිහායි ගේබ‍්‍රියලුයි ුල්ලා ගන්නම් කීවා

වටේට හිටපු ත‍්‍රීවීල් කාරයො ඔක්කොම බලාගෙන හිටියෙ.. මූ කීවා මෙයා වැඩ කරන තැන පොරවල් තමා මට  ගේම  දුන්නෙ මාස එකහමාරක්ම බඩගින්නෙ ඉන්න.. මෙයා එක්ක අවුලක් නෑ අනිත් උං තමා අම්බ කැරියො කියලා..

 ගේම..

ඊයෙ උදේම මහේෂ් ආවා. ඇවිත් වැඩ පටන් ගත්තා. මිනිහා ගාවට හිමීට රෝහිත ඇවිත් කීවා මට රිපෝට් එකක් හදා ගන්න අවශ්‍යයි. ඒක කරලා දෙන්න කියලා. මෙන්න මූට මල පැන්නා.. කීවා රෝහිතට කට උත්තර නැති වෙන්නම.. මම වැඩ කීයක් කරනවාද.. හැමෝගෙම වැඩයි මගෙ වැඩයි ඔක්කොම කරන්න වෙලානෙ.. මම මේක ඉවර වෙච්ච ගමන් අස් වෙනවා. හරිම කරදරයක්.. අරෙහෙ යන්න කියනවා  මෙහෙ යන්න කියනවා.. රැුටත් වැඩ කිසිම නිවාඩුවක් නෑ...
යාළුවා හිමීට තමන්ගෙ තැනට ආවා..
පස්සෙ හෙල්බොඩ ගියා.. එතන මෙයා ඉන්ද‍්‍රාණි මිස්ටයි ධනුෂ්කටයි කියලා තිබුනෙ ගෙවත් හදන තැන රුස්වීම කැදවන්න කියලා.. නමුත් පාසලේ තමා ඒක ලෑස්ති කරලා තිබුනෙ.. එතනත්ඉන්ද‍්‍රාණි මිස් හිටියෙ නෑ.. පුතාගෙ එන්ගේජ්මන්ට් එක කියලා මාරු උනා.. ධනුෂ්ක ඇවිත් හිටියෙත් නෑ..
එතනත් මුල් තැන ගත්තෙ මහේෂ්.. මෙයා කතා කලාට හරයක් නෑ...

වත්තෙ අය මෙයාට දැන් ගේම.. මෙයා වේදමුත්තු පස්සෙන් ගියා විතරයි.. වේදමුත්තුට කියලා මෙයාගෙ වැඩ ටික කරගන්න තමා බැලුවෙ.. දැන් වේද මුත්තු නැති නිසා අනිත් අය සේරම වේදමුත්තුගෙන් කාපු පරිප්පුත් මෙයාගෙ පිටින් අරිනවා...  වේද මුත්තුත් අද එනවා හෙට එනවා තියනවා මිසක් තාම එන්නෙ නෑ...

වත්තෙ දෙවෙනියා උනාට ධනුෂ්ක මෙයාව ගනන් ගන්නෙ ම නෑ.. මූනට හොදයි මම හිතන්නෙ මහේෂගෙ කේස් එකෙන් පස්සෙ මුං ගානට අපිට අරිනවා වාගෙ... ප‍්‍රජා සංවර්ධනය කියන්නෙ දැලි පිහියෙන් කිරි කන වැඩක්... ඒක තෙරෙන්නෙ නැති උනාම ඔන්න ගේම..

Monday, July 17, 2017

දේවගැති පෝල්

මේ දැන් මට දේවගැති පෝල් කියන කෙනෙක් කතා කලා..සිස්ටර් ජෝන් තමා මගෙ නොම්මරේ දීලා තියෙන්නෙ..මගෙන් යම් යම් උදව් ඉල්ලුවා කීප දෙනෙක් සදහා.. මම කීවා මේ ගැන වැඩක් කරන්න පුළුවන් අය නම් එඩ්වර්ඩ් කියන කෙනා තමයි කියලා කියුවා විතරයි මිනිහට මල පැන්නා..මට හොද ආකාරයට එයා ගැනි රෝහිත ගැනයි කීවා..මුං මොන තරම් සවුත්තු වෙච් අයද කියලා මට අදයි තේරුනේ.. මම හිතාන හිටයෙ මට විතරයි මු ගේම දෙන්නෙ  කියලා.. දැන් බලපුවාම මුංව එතන හිටපු අනිත් අයටත් හරාම්..මේ ලගදි එඩායි රෝහිතයි දෙන්නාම ආවලු මෙයා ඉන්න තැනට.. ඇවිත් රාත‍්‍රිය ගත කරලා ගියාලු.. අඩුම ගනනේ මෙයාගෙ ආර්ථික තත්වය ගැනවත් ඇහුවෙ නෑ කියලා කීවා..සිස්ටත් මුං දෙන්නා ගැන හොදට දන්නවා.. මුං තමා කිතුණු සාසනය කන්නෙ කීවා..
මම කීවා මමත් මුං හින්දා අපහසුතාවයට පත්වෙලා ඉන්නෙ..වැඩක් කරන්න දෙන්නෙ නෑ.. මුංගෙ වැඩ ටික කර ගන්න විතරයි මාව තියා ගෙන ඉන්නෙ කියලා.. සිස්ටර් සේරම එයාට කීවාලු ඒ ගැන..

මට ඇවිත් හමුවෙන් කීවා.. එයා ඉන්නෙ නුවරලු.. මෙහෙ එන්නෙ නෑ කීවා රෝහිතගෙ මූන වත් බලන්න ආස නැ.. කියලා.. කතා කරපුවාම කතා නොකර බැරි නිසි කතා කරනවා කීවා..

යකෝ මුං ගැන මම විතරක් නෙමෙයිනෙ දන්නෙ...




රෝහිත අද මරු කතාවක් කීවා... වසන්ත අලුවිහාර මංත‍්‍රීගෙ ලේකම්ට එඩ්වර්ඩ් කතා කරලා අර මාතලේ වතුර ටැංකිය ගැන.. මොනවා හරි එඩා නොදන්න දෙයක් කතා කරන් ගිහිං ලේකම් අම්බානක බැනලා පෝන් එකත් තියලා... මේක රෝහිතට එඩා කියලා ෂේප් කරන්න කියලා..අනේ ඉතිං රෝහිතත් අර හාදයට කතා කරලා එ කතා කරපු කෙනා වැඩිය කරුන් කාරනා දන්නෙ නෑ කියලා සමාව ඉල්ලා  ඒකට රෝහිත අත දාපුවාම ලේකම් ඇහුවලු අර කතා කරපු මෝඩයා මොකාද කියලා.. එහෙ ඇහුවා කියලා එඩාටත් මේ හාදයා කීවා කියපංකො... එඩා ඉවරයි නේද.. අපිට මහ ලොකු ටෝක් දැම්මට අපිත් දන්නවා මේකා පට්ට මෝඩයෙක් කියලා.. අපිට ඒක මූනට කියන්න බැරි කම විතරයි.. අනිත් අය එහෙම නෙමෙයිනේ.. මරු...

Wednesday, July 12, 2017



මට අද හෙල්බොඩ යං කීවා.. මෙයාගෙ තනියට..මම මොකටද මේ යන්නෙ .. නිකං... මේ හාල් කෑල්ලගෙ තනියට විතරයි... නොගියා කියලා වැඩකුත් නෑ ගියා කියලා වැඩකුත් නෑ.. ඊයෙ ආයෙත් වත්තෙ වැඩ කරනකොට ගන්න කියලා පොතට මිලකැදවීම් ගත්තා.. ඒක අද දෙනවා කීවා.. ඒකත් අමතකයි වත්තට යං කියනකොට.. ඇත්තටම කිසිම පෙර සූදානමක් නැති වැඩසටහනක් හිතලා සැලසුම් කර ගන්න පැරි අපතයෙක්.. මෙච්චර කල් වැඩ කලේ අපිට පිං සිද්ධ වෙන්න

හැබිටාට් එකට ආපු අලුත ඩීසන්  එතකොට ශාන්ත තමා සියල් අතට පයට කරලා දීලා තියෙන්නෙ.. උං වෙලාවකට මා එක්ක මේ සෙරම වමාරන නිසායි මමත් දන්නෙ..මාතලේ ඉන්නකොට නන්දනී සෙනරත් ඔක්කොම කරලා ලගටම ගෙනත්  දුන්නා.. එතකොටත් හරි.. ඊට අමතරව ලමයි බලා ගන්න ඒවා තනියට නොතනියට යන ඒවාත් ගේබ‍්‍රියල් එහෙම කරලා මේකගෙ දුවව මොන්ටිසෝරි එක්කාගෙන යනකොට වාහනේකටත් අහුඋනේ..  දැන් මෙතන ගම්පොල වැඩේට අහුකර ගත්තෙ මාව.. ඒකට පාර හැදුවෙ එඩා..

හැබිටාට් වාගෙ ආයතනයකට හිතලා මතලා වැඩක් කරන්න පුලුවන් ලොක්කෙක් හිටියනම් අද මේ ආයතනය හරහා රටේ මොන තරම් සෙනගකට උදව් කරන්න හැකිවෙලාද..  කෝ ඒකටත් එක්ක මුං.. තමන්ගෙ වපසරිය ඇතුලෙ පමනක් යම් යම් දේවල් කර කර ඉන්නවා මිසක් වැඩිය දුරට හිතන්නෙත් නෑ වෙන එකෙකෙුට හිතලා වැඩක් කරන්න දෙන්නෙත් නෑ




අනික මහා ලොකු ගාම්බීරත්වයක් ආරූඩ කරගෙන තමා ඉන්නෙ.. හරි බැරූරුම් ආකාරයට හැසිරෙන්නෙ... හැබැයි කරන්න යන හැම දෙයක්ම චොර... තනියම කිසි දෙයක් කර ගන්න බෑ.. අතට පයට ඔක්කොම කරලා දෙන්න අවශ්‍යයි අනිත් එවුං..
රෝහිත එඩා මුං දෙන්නාම එකයි... හිතාගෙන ඉන්නෙ මේක පල්ලිය .. අපි උන්ගෙ පල්ලි අප්පුලා කියලා.. 

Sunday, July 2, 2017

මෙහෙම සක්කිලියෙක්.. ගේබ‍්‍රියල් කියන යන එකා ගැනයි මේ ලියන්නෙ.. මූ  කොළඹ සති දෙකක් විතර ඉදලා ආයෙත් ගම්පොලට ආවා.. යන්න කලින් මෙතන වෙ ඒවා සමහරක් වියදම් ගැන ඒවාගෙම ක්ලැරන්ස්ට කියන්න එපා කියපුවාත් මූ කියලා රෝහිතටයි එඩාටයි මල පැනලා හිටියෙ..

දැන් මූ ආවා ආයිත් මෙහෙ වැඩට.. ආපු වෙලාවෙ ඉදන් පට්ට ගේමක් දෙන්නෙ රෝහිතට... කෑම පිගාන හෝදනවා.. කෑම බෙදලා දෙනවා.. වතුර එක ලගට ගෙනත් දෙනවා.. කෑවාම පිගාන හෝදනවා..
රෝහිතත් මූට පට්ට ඇල්ලිල්ලක් අල්ලනවා.. අද මාතලේ ඔක්කොම වියදම් කරන්න මූට සල්ලි දුන්නා.. හෙට අනිද්දා වෙන කොට ආයෙත් පෙටි කෑෂ් ටිකත් දෙයි... කෑමට වියදම් කරන සල්ලිත් මූටම බාරදෙයි.. මම දවසක් හිටියෙ නෑ.. ගෙබා රෝහිතට කෙසෙල් ගෙනත්  එලවලු රොටී ගෙනත්.. බලන්න එපායැ..

වහල්කමේ නීච කම.. වතු දෙමල කම නෙමෙයි මෙතන තියෙන්නෙ නිවට කම.. මඩකලපුවෙදි මූ රෝහිතට වහින වෙලාවක කුඩේ ඉහලගෙන  රෝහිතගෙ බෑග් එකත් අරගෙන   මහදැන මුත්තයි පුවක් බඩිල්ලායි වාගෙ යනවා.. සුජී සහ තයාපරන් හිනාවුනා ඒක දැකලා.. අදත් එහෙමමයි.. මහෙදා දවසක් මූ තනියම මුගෙ බෑග් දෙකක් කර ගහගෙන වෑන් එහකට යනවා.. රෝහිත තනියම හිස් අතින් මූත් එක්ක ඇවිදගෙන යනවා.. ඌ කවදාවත් තව කෙනෙක්ගෙ බරකට සහයෝගයක් දෙන්නෙ නෑ.. පරිසිවරු සහ සද්දුසිවරු කියලා යේසුස් වහන්සේ කීවෙ මුං ගැන තමා..