Tuesday, June 6, 2017

මම ඊයෙ කොළඹ මෙතෝදිස්ත මූලස්ථානයේ ඔඩිටෝරියම් එකේ පරිසරය ගැන වැඩසටහනක් කලා... ඒකෙ විස්තරයක් මම අපේ කාර්යාලයේ දිනේෂ මහතාට යැව්වා.. ඒක ගැන පොහොම හොද කියලා එයා ඒකම සියළුම කළමණාකරුවන්ට නැවතත් හරවලා මේල් කරලා තිබුනා.. ක්ලැරන්ස්  සහ මෙලිෂා මට සුභ පතලා තිබුනා.. අද එඩ්වර්ඩ් අහනවා රෝහිත ගෙන් මම නිවාඩු දාලද ඒකට ගියෙ කියලා.. රෝහිත කියනවා කොළඹ කාර්යාලයේ සමහරු බලන්නෙ වැරුද්දක් හොයන්න කියලා..
මම නම් දන්නවා එහෙම හොයන්නෙ කවුද කියලා... එඩා විතරයි මගෙ කොනක් අල්ලන්න බලන් ඉන්නෙ.. වෙන කවුරුත් නෑ.. එක දවසක් එය නාකියා එක්ක මම හරි ගම්පොල ඉදන් එනකොට මම කීවා මම අද කොම්පියුටර් පංති යනවා මාව මගින් දාන්න කියලා.. මේකා හාර හාර මොන තරම් දේවල් ඇහුවද කොම්පියුටර් පංතිය ගැන..
මෙහෙම බල්ලොනෙ අපිත් එක්ක ඉන්නෙ ..
තමන්ගෙ නොහැකියාව වහ ගන්න වැඩක් කරන එකාගෙ කුණු හොයන්න විතරයි මූ දන්නෙ.. ඇත්තටම මෙහෙම උනුත් එක්ක මෙච්චර කාලයක් මම බේරිලා හිටපු එකම ලොකු දෙයක්.. මේක රෝහිතට තේරෙන්නෙ නෑනෙ..



Monday, May 29, 2017

අද රෝහිතයි මහේෂුයි කොළඹ ගියා... ඉන්ඩියන් එම්බසියෙ රුස්වීමක්... එයාලට.. මම වෙනදා වාගෙම ගම්පොල කාර්යාලයේ මගෙ වැඩක් පලක් කරගෙන හිටියා... රෝහිත කතා කලා දවල් . ආයෙත් කතා කලා රැු හෙට මාත් එක්ක මහේෂ්  යනවාලු පුස්සැල්ලාව බෝඩ් එක බලන්නයි.. අලුතින් සයිට් එකේ ප්ලෑන් එකත් එක්ක තවත් බෝඩ් එකක් අදින්න අවශ්‍ය නිසා ඒක මහේෂ් කරනවාලු...
මමත් එකක් ඩිසයින් කලා... ඒ උනාට මගේ ඒවාට කවදත් තැනක් නෑ.. ඒ උනාට මම මේක ලොක්කට එහෙම දානවා.. බලමු.. උන් මහේෂ්ට තැන දෙනවා වාගෙම මේවා අපිටත් කරන්න පුලුවන් කියලා එකෙක් හරි ඔලුව තියෙනවානම් හිතයිනෙ..

Wednesday, May 24, 2017

සරත් මහත්තයා අද කතා කලා
 සදුදා රුස්වීම සෙට් කරලා
මෙයාලා 11 වෙනකනුත් නැල්ලූ
පස්සෙ රෝහිතට සරත් කෝල කරාම කීවලූ අද රූට එන්නෙ කියලා
එතකොට කට්ටිය ගිහින්
ටික වෙලාවකිත් මෙන් දිනේෂ් රෝහිත මහේෂ් ඇවිත් ටැංකිය බලලා ගිහින්
ගෑනු කෙනෙක් විතරක් අහලා අපිට ගෙවල් දෙනවා කීවා කෝ ඒ ගෙවල් කියලා
 ඒක රෝහිතලා මගඇරවලා ෂේප් කරලා
   නමුත් දිවේෂ්ට ඇහෙන් ඇතිලූ
පස්සෙ එයාලා ගිහින් බන්ඩාරපොල ශාන්තගෙ ගෙදර
ශාන්තට රෝහිතයි මහේස් දෙන්නා දිනේෂ ඉස්සරහාම තගක් දාලා
 ශාන්ත කියලා මෙයාලා ඔයා ඉස්සරහා ඔහොම කතා කරනවානම් නැති තැන කොහොම කතා කරලා තියනවද කියලා ඔයාට හිතාගන්න බැරිද
 කතා කරන්නවත් දන්නෙ නැති අයද මේ වාගෙ වැඩ කරන්නෙ
 අර නන්දනී කියන ගෑනියි මේ ගමේ බාස් කෙනෙකුයි මට කොච්චර අපහාස කලාද
මේ ඔක්කොම එකයි කියලා 
ලොක්කා මහේෂ්වයි රෝහිතවයි වාහනේ දාලා ආයෙත් ඇවිත් කතා කලාලූ ශාන්ත එක්ක
ශාන්තට පෝන් නොම්මරයත් දීලා කතා කරන්න කියලා
ශාන්ත කීවලූ කට්ටියම ඉස්සරහා රෝහිතටයි මහේෂි්ටයි පුලූවන්නම් තනියම ඇවිත් ව්‍යාපෘති කරන්න කියලා


Monday, May 22, 2017


අද 19
මාතලේ සරත් පොලිසියෙ කතා කලා. රෝහිත කීවලූ 22 ගමේ රුස්වීමක් කැදවන්න වැසිකිලි හැදුන අය විතරක් එක්ක කතා කරන්න දිනේෂ් එනවා කියලා. බැගෑපත් ආකාරයට කතා කරපු නිසා පොඩි සැකයක් තියෙනවා කියලා මට කීවා. මම කීවා මම නම් මේවෙනකම් දන්නෙ නෑ. මොකද මම හැමදාම කියන එකම බය නැතිව කියන්න පුළුවන්. මට මේ අය ඔය මොකුත් කියන්නෙ නෑ. මට මාතලේ එන්න දෙන්නෙත් නෑ. ඔච්චරයි. මට නම්  හිතෙන්නෙ මොකක් හරි ජල්තරයක් වෙලා වාගෙ. මුං දෙන්නා වැඬේ අනා ගත්ත. මෙච්චර කට්ටක් කන්න උනෙ ඒකයි. මගෙන ඇහුවා මේක කරන්න දන්නවද කියලා කොලඹදි එඩා යි රෝහිතයි. මම කීවා දන්නවා කරලත් තියෙනවා  සුලූ දෙයක් කියලා. එදා ඉදලා නන්දනී එක්ක තමා හැම දෙයක්ම කලේ. මගෙත් එක්ක ආයෙත් ව්‍යාපෘතිය ගැන තියා මාතලේ ගැනවත් කතා කලේ නෑ. ඔක්කොම නන්දනී එක්ක තමා කලේ. ගමත් ඉවරයි. සමිතියත් ඉවරයි. ව්‍යාපෘතියත් ඉවරයි. පිටරට ඔඩිට් එක ආපු වෙලාවෙ ගෙවල් තෝරා ගත්තෙ කොහොමද කියලා කියන්න බැරි උනා. එක ලිපිගොනුවක් වත් තිබුනෙ නෑ. පස්සෙ ඔක්කොම රෝහිත ගම්පොල හැදුවා. මම දින ලීවා අත්සන් කලා . ඔන්න සමාජ සුභසාධනය.


21දා




1st
මහේෂ් කතා කලා හවස. අප්සෙට් වාගෙ හෙට දිනේෂ් එන එක. කතාව යන්නෙ හරි වෙලාවට ඉදි කිරීම් ටික නූනෙ මහේෂ් නිසා කියලා දිනේෂ් මහේෂ් ගෙ මූනටම කියපු එක. මම කීවා ඔයාට ටයිම් ලයින් එකක් දුන්නා නම් ඒකට තමා ඉවර කරන්න  ඕනා කියලා. එහෙම කිසි දෙයක් කීවෙ නැහැල්ලූ එඩා. හිමීට කරමු පස්සෙ බලමු කිය කියලූ හිටියෙ. මම කීවා ඔයා ඒකම කියන්න දිනේෂ්ට කියලා.


2nd
එඩා කීවලූ ඔයාවයි චානකවයි තමා මම ඉන්දියාවට යවන්න හිටියෙ. ඔය දෙන්නටම කැපිල්ල ආවා. මම නම් ඔයා බේරා ගත්තා. චානක වෙනුවෙන් කවුරුත් හිටියෙ නෑ. එයාව කපලා ඞීසන්වයි ප‍්‍රගීත්වයි දැම්මා.   මම කීවා පට්ටපල් බොරුවක්  ඕකගෙ. මහේෂ්  කියනවා එඩා එහෙම නෙමෙයිලූ. මේ හරකට මට අනිත් අය කියපු එක කීවොත් ඒක ආපිට එඩාටම කියලා එඩයි මූයි දෙන්නම කපයි මාව . මම කීවා මම පස්සෙ කතා කරන්නම් කියලා. එඩා වගේ දෙපිට කාට්ටුවෙක්. අනේ අම්මේ මූ පූජකයෙක් වෙලාත් හිටියනෙ.

Wednesday, May 17, 2017

2017-05-12
අද කොළඹ ආයතනයට ගියා. මම එඩාගෙ මූණ වත් බලන්න උගෙ කාමරයට ගියෙනෑ. පාස්ටර් කෙනෙක් ඇවිත් ඩිවෝෂන් පටන් ගත්තා. සෑම රෝගයක්ම කරදරයක්ම එන්නෙ යක්‍ෂ බලපෑමෙන් කියන එක තමා තහවුරු කලේ. ඒ බලපෑම තියන නිසා කෑම .වර්ගයක් වත් හිතේ හැටියට රසවිදින්න බෑ. දියවැඩියාව කොලෙස්ටරෝල් වාගෙ විවිධ අසනීප යක්‍ෂා හදවනවාලූ.  ඒ යක්‍ෂ බලපෑම පරම්පරවෙන් පරම්පරාවට ගමන් කරන නිසා යේසුස්වහන්සේගෙ පාමුලට එන අය විතරක් තම ජීවිතය සතුටින් ගත කරනවා කීවා. ලෙඩ රෝග වැලදෙන්නෙ නෑ කිවා.




අද මේ වැඬේ හැදුවෙ ගාල්ලෙ පුෂ්පකුමාර ගෙ අසනීපයට යාඥඤා කරන්න නමුත් උනේ පාස්ටර් හැමෝටම ඒ අයගෙ අඩුපාඩු වලට යාඥඤා කරන එක  එයා ලගට තනි තනිවම ගිහින් තමන්ගෙ ප‍්‍රශ්ණය කියලා දේව වරප‍්‍රසාද ගන්න එක පාස්ටර් කියනවා දුප්පත් කමත් නැතිවෙනවාලූ යේසුස් වහන්සේ පිලි ගත්තාම  සියළු ප‍්‍රශ්ණ විසදෙනවාලූ
එඩාත් පැනගෙන ගියා යාඥඤා කරගන්න  ලොක්කාගෙ හිත දිනා ගත්තාම තවත් කාලයක් ඉන්න පුළුවන්නෙ මහේෂ් කරන්නෙත්  ඕකම තමා මහේෂ් එඩාව අන්දනවා එඩා දිනේෂ්ව අන්දනවා අමුඩෙයි පුකයි  තාත්තයි පුතයි
ඞීසන් ලගටම ඇවිත් කතා කලා ”මචං මම ලබන මාසෙ ඉන්දියාවෙ යනවා  උඹයි ගෙබයි ඊලග පාර යවනවා කීවා ලොක්කා”  මම කීවා මම ගියා නොගියා කමක් නෑ උඹ ගිහින් වරෙන් මාව කපන එඩා වාගෙ එවුන් ඉන්නකම් මට රුකියාවෙ වගකීමක් වත් නෑ එක එකාට උයන එක විතරයි කරන්න තියෙන්නෙ  අවුලක් නෑ හදවතින්ම සුභ පතනවා කීවා
ප‍්‍රගීත් පවා ආවා එයා කියනවා ”මචං! ආපදා කළමණාකරන වැඩ සටහනකට මම මොකටද යවන්නෙ උඹවනෙ යවන්න අවශ්‍ය. අපි කරන්නෙ ඔපිස් එකේ චෙක් ලියන එකයි ගනන් හදන එකයිනෙ. මිනිස්සුත් එක්ක කෙලින්ම වැඩ කරන උන් එපායැ යවන්න. ”කියලා. එහෙම හරි උන් කතා කරපු එක මට හරිම සතුටුයි.
ඒ වාගෙම ප‍්‍රගීත් මරු සංකල්පයක් දුන්නා . මම ඒක සංවර්ධනය කලා. වැඩිදියුනු කලා පහත ආකාරයට.
ප‍්‍රගීත් කීවෙ මේක හරියට ක‍්‍රිකට් ටීම් එකක් වාගෙ පරන හොදට සෙල්ලම් කරපු එවුන් අද පිටිපස්සෙ වාඩි කරවලා වෙන වෙන වැඩ ගන්නවා. අලූතින් ආපු අය තමා දැන් දිගටම සෙල්ලම් කරන්න දාන්නෙ කියලා . අලූතින් විකට් කීපර්ට ගත්ත එකාව තමා බෝල දාන්න රෙක්මන්ඞ් කරන්නෙ ගහන්නත් දාන්නෙ  බෝල අල්ලන්නෙත් ඌව ග‍්‍රවුන්ඞ් එක හදන්නෙත් මිනිහා  විකට් කනු හිටවන්නෙත් මිනිහා. ටීම් එකට බඩු ක‍්‍රිඩා උපකරන ගන්නෙත් මිනිහා. මිනිහා කරන හැම වැඩක්ම රෙක්මන්ඞ් කරන්නෙ අවුරුද් 60 පැනපු පරනම හැරමිටි වාරුවෙන් ඉන්න ක‍්‍රීඩකයෙක් සහ තවත් වයසක ක‍්‍රීඩකයන් කීප දෙනෙක්. මේතන අයගෙන් අර වයසකම එකා කියන එක තමා කැප්ටන් අහන්නෙ. කැප්ටන් එන්නෙම නෑ සෙල්ලම් කරන්න. එයා එන්නෙ සමහර වෙලාවට විතරයි.ඒ එනකොට අර වයසක පොරවල් ටික ගානට සෙට් කරලා තියනවා තමන්ට අවශ්‍ය සෙටින්ස්. අර නාකි අය මෙච්චරකල්  මෙතන උන දෙවල් සහ දැනට වෙන දේවල් දන්න පරන ක‍්‍රීඩකයින්ව  කපලා අයින්ම කරලා. ඒ අයට කියලා තමා දැන් අනිත් වැඩ කරන්නෙ. තේ හදන්නෙ කෑම උයන්නෙ ග‍්‍රවුන්ඞ් බෝයි වැඬේ එහෙම කරන්නෙ. මොකද කැප්ටන් අලූත් නිසා එයා ඇත්තටම දන්නෙ නෑ නියම ක‍්‍රීඩකයො කවුද කියලා. මේ වයසක එවුනුත් අලූත් කැප්ටන්ට කියන්නෙ අනිත් පැරනි අයට වැඩ බෑ උන් මොකුත් දන්නෙ නෑ කරපු දේකුත් නෑ කියලා. හැබැයි ඇත්තම තත්වය නම්  කලින් හිටපු කැප්ටන් අර පරනම වයසක එවුන්ව රිසව් දාලා හිටියෙ තිබ්බෙ මොනවත්ම බැරි නිසා. වයසකම එකා  දන්නෙ කතා කරන්න විතරයි. වෙන මුකුත්ම බෑ. නමුත් අලූතින් ආපු කැප්ටන් මේ හාදයාගෙ වචන වලට රුවටිලා මිනිහා කියන එකම තමා අහන්නෙ. මිනිහා කියනවා අලූත් එකෙක් ගන්න  ඕනා කියලා . ඔන්න ගන්නවා. අරගෙන අර පරන නාකි එවුන්ට අවශ්‍ය වැඩ සේරම අලූත් එකාට කියලා කර ගන්නවා. අලූත් එකා ඌට නියමිත වැඩයි අර නාකි එවුන් කරන්න  ඕනා ඒවයි සේරම කරනවා. කරලා වාර්තාවත් සපයනවා. ඒ වාර්තාව යන්නෙ අර නාකි සෙට් එකට. එවුන් මේවා වෙනස් කරලා හෝදලා මැදලා වාර්තා ටික අවශ්‍ය තැන්වලට යවන්නෙ උන් කලා වාගෙ. උන්ගෙ උපදෙස් පිට කලා වාගෙ. ලොක්කත් වාර්තා දිහා බලලා මාර සතුටකින් ඉන්නෙ. හැබැයි ඇත්තටම ග‍්‍රවුන්ඞ් එකේ රවුමක් දාලා හොරෙන් බැලූවොත් ඔක්කොම ඉවරයි.
බෝලේ පවා මුදල් දීලා ගන්නෙ කවුද  ග‍්‍රවුන්ඞ් එකේ තණකොල අල්ලන්නෙ කවුද  කාව දාලද  ගහන්නෙ හොරට ගහලා මාට්ටු වෙලා චොර වෙච්ච ඒවා අනන්තයි අප‍්‍රමානයි. අලූත් එකා හැම දේටම බිලක් දානවා. අර නාකි එවුන් ඒවා අනුමත කරනවා. පරන එවුන් බලාගෙන ඉන්නවා. අලූත් කැප්ටන් දැක්කාම සේරම ෂේප් එකේ හිනාවෙනවා. හැබැයි අර නාකි එවුන්ට එරෙහිව කතා කරන්නෙ නෑ උන්ට බය නිසා. මොකද උන්ට පුලූවන් කෙනෙක් තියා ගන්නයි අස්කරන්නයි. උන්ම නීතියන් ගෙනාවා පැරනි ක‍්‍රීඩකයින්ට එරෙහිව කතා කරන්න බෑ කැප්ටන් එක්ක කෙලින් කතා කරන්න බෑ ඉස්සෙල්ලාම මේ නාකි එක්ක කතා කරලා තමා කැප්ටන් හමුවෙන්න යන්න පුළුවන් කියලා. කැප්ටනුත් කියනවා මේ නාකින්ට ගරු කරන්න අවශ්‍යයි එයාලා තමා මේ ටීම් එකේ පැරනි අය කියලා. ඒ නිසාම අලූත් ලොක්කා ලියන හැම ලියුමකම සදහන් වෙන්නෙ    ”ගරු කටයුතු පැරනි ක‍්‍රීඩකයින් ගෙන් උපදෙස් ගන්න” කියලා හැමලේම. ලියුමෙ විතරයි නැති තැන උන්ගෙ අම්මා මෝ නැතුව තමා කතා කරන්නෙ. ඒ උං ටිකදෙනා මේ මුළු ටීම් එකම කාපු හින්දා. අලූත් ලොක්කටත් කවද හරි වැඬේ තේරෙයි. එතකොට පරක්කු වැඩියි.

Monday, May 8, 2017

මට මේ දැන් කාම්බෝජයේ , වැඩසටහන් සහ ප‍්‍රජා සංවිධාන සැලසුම් සදහා එඩ්වර්ඩ් යවපු මහේෂ් කතා කලා.... කීවා මට නම් රට තොට දැක බලා ගන්න පුළුවන් උනා.. එහෙ ලග තියෙන සේරම පන්සල් වලට ගියා. හරිම සතුටුයි.

මම ඇහුවා වැඩ සටහන් කොහොමද කියලා...

මහේෂ් කියනවා.. මම දන්නෙ ඉදිකිරීම් විතරනෙ.. මේක ප‍්‍රජා සංවර්ධනය ට සම්බන්ධ නිසා මම ඉතිං අනිත් අය කියන දේ අහගෙන හිටියා විතරයි.. මට බෙදා ගන්න දෙයක් වත් තිබුනෙ නෑ.. කියලා..

ඔන්න අපේ ආයතනයේ මහ එවුන්ගෙ වැඩ... 

Sunday, May 7, 2017


ආපදා කළමණාකරන වැඩසටහනට මහේෂ්ව ඞීසන්ව සහ ප‍්‍රගීත්ව තෝරාගෙන.  මෙලිෂා කියලා තියනවා ඔය වැඬේට යවන්න තිබුනෙ ඞීසන්වයි චානකවයි විතරයි කියලා. ඒක දීපිකාත් අනුමත කරලා. නමුත් එඩාට අවශ්‍ය දේ කරන්න ලොක්කාත් කැමතිනේ . ඔතන තමා තියෙන අවුල. ලොක්කා කවදා හරි මේක තේරුම් ගනීද ? තේරුම් ගත්තත් වැඩක් වෙයිද? කවුද දන්නෙ. මට මෙතන තියෙන සතුට තමා ඞීසන්ව සහ ප‍්‍රගීත්ව මේ වැඬේට සෙට් උන එක. එු දෙන්නාට හරි අවස්ථාවක් ලැබුනානෙ. ඇත්තටම මට ලැබුන අවස්ථාවනේ එඩා කපලා මහේෂ්ව දැම්මෙ. ඞීසන් හරි  ප‍්‍රගීත්ව හරි කැපුනෙ නැහැනෙ. ඒ දෙන්නාගෙන කෙනෙක් කපලා මහේෂව දැම්මානම් ඒකත් හරි බලූ වැඩක්. මාව ඉතිං කොහොමත් දිනේෂ ආ දවසෙ ඉදලා කැපෙන එකමනෙ උනේ. මට ඒක පුරුදුවෙලා. ගානක් නෑ. එඞ්වර්ඞ් තාත්තා මහේෂ් පුතාට පට්ට සැලකිල්ලක්නෙ තියෙන්නෙ.
මේකෙ ලොක්කට තේරෙන්නෙ නැද්ද මන්දා ඉදිකිරීම් කරන්න දන්න එක වෙනම දෙයක් වැඩසටහන් කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. දෙපාර්තමේන්තු දෙකක් තුල වෙන විෂම කාරනා කටයුතු දෙකක් කියලා වත් තේරුම් ගන්න බැරිකමම තමා. මොකද වැඩසටහන් පිළිඹද පුහුණුවකට තමා මහේෂව කාම්බෝජයට යැව්වෙ. දැන් ආයෙත් මිනිහව යවනවා ආපදා කළමණාකරනයටත්. මෙතන තියෙන්නෙ තමන්ගෙ හිතවත් අයට අවස්තාවක් අනුන්ගෙ සල්ලිවලින් ,අවස්තාවන් වෙන කෙනෙක්ගෙන් හරි උදුරලා අරගෙන දෙන එක....................
කොළඹදි දවසක් දිනේෂ කීවලූ චානක එහෙ උයනවා නේද කියලා එඩා පැනලා කීවලූ නෑ රෝහිතත් උයනවා ගෙබත් උයනවා කියලා හැබැයි ලොක්කා කීවලූ අපි මෙයාලාගෙන් වැඩ ගන්නෙ නෑ ඒක අපරාදයක් කියලා. මම හිතන්නෙ සුජිත් කියන්න ඇති ඔය කතාව. ගෙබයි රෝහිතයි උයනවා අනිත් උන් උයපුවා. ලොක්කාට ටික ටික තේරෙනවා වාගෙ. ඒක තමා රෝහිතයි එඩයි කතා කරද්දි කීවෙ මිනිහ තෙර්ම් ගන්නෙ පරක්කු වෙලා කියලා. එතකොට එඩාටයි රෝහිතටයි අවශ්‍ය දේවල් කරගෙන ඉවරයි. ආයතනයත් ඉවරයි.
මම මේවා කතා කරද්දි යාලූවෙක් එක්ක මගෙ නෝනා අහගෙන ඉන්නවා. පස්සෙ එක දෙයක් විතරක් කියලා කට වහ ගත්තා. ආයෙත් ඒ ගැන මතක් කලෙත් නෑ. ”මුං ලෝගු ඇරලා ඇවිල්ලත් කරන්නෙ බලූ වැඩමනෙ.”