2017-05-12
අද කොළඹ ආයතනයට ගියා. මම එඩාගෙ මූණ වත් බලන්න උගෙ කාමරයට ගියෙනෑ. පාස්ටර් කෙනෙක් ඇවිත් ඩිවෝෂන් පටන් ගත්තා. සෑම රෝගයක්ම කරදරයක්ම එන්නෙ යක්‍ෂ බලපෑමෙන් කියන එක තමා තහවුරු කලේ. ඒ බලපෑම තියන නිසා කෑම .වර්ගයක් වත් හිතේ හැටියට රසවිදින්න බෑ. දියවැඩියාව කොලෙස්ටරෝල් වාගෙ විවිධ අසනීප යක්‍ෂා හදවනවාලූ. ඒ යක්‍ෂ බලපෑම පරම්පරවෙන් පරම්පරාවට ගමන් කරන නිසා යේසුස්වහන්සේගෙ පාමුලට එන අය විතරක් තම ජීවිතය සතුටින් ගත කරනවා කීවා. ලෙඩ රෝග වැලදෙන්නෙ නෑ කිවා.
අද මේ වැඬේ හැදුවෙ ගාල්ලෙ පුෂ්පකුමාර ගෙ අසනීපයට යාඥඤා කරන්න නමුත් උනේ පාස්ටර් හැමෝටම ඒ අයගෙ අඩුපාඩු වලට යාඥඤා කරන එක එයා ලගට තනි තනිවම ගිහින් තමන්ගෙ ප‍්‍රශ්ණය කියලා දේව වරප‍්‍රසාද ගන්න එක පාස්ටර් කියනවා දුප්පත් කමත් නැතිවෙනවාලූ යේසුස් වහන්සේ පිලි ගත්තාම සියළු ප‍්‍රශ්ණ විසදෙනවාලූ
එඩාත් පැනගෙන ගියා යාඥඤා කරගන්න ලොක්කාගෙ හිත දිනා ගත්තාම තවත් කාලයක් ඉන්න පුළුවන්නෙ මහේෂ් කරන්නෙත් ඕකම තමා මහේෂ් එඩාව අන්දනවා එඩා දිනේෂ්ව අන්දනවා අමුඩෙයි පුකයි තාත්තයි පුතයි
ඞීසන් ලගටම ඇවිත් කතා කලා ”මචං මම ලබන මාසෙ ඉන්දියාවෙ යනවා උඹයි ගෙබයි ඊලග පාර යවනවා කීවා ලොක්කා” මම කීවා මම ගියා නොගියා කමක් නෑ උඹ ගිහින් වරෙන් මාව කපන එඩා වාගෙ එවුන් ඉන්නකම් මට රුකියාවෙ වගකීමක් වත් නෑ එක එකාට උයන එක විතරයි කරන්න තියෙන්නෙ අවුලක් නෑ හදවතින්ම සුභ පතනවා කීවා
ප‍්‍රගීත් පවා ආවා එයා කියනවා ”මචං! ආපදා කළමණාකරන වැඩ සටහනකට මම මොකටද යවන්නෙ උඹවනෙ යවන්න අවශ්‍ය. අපි කරන්නෙ ඔපිස් එකේ චෙක් ලියන එකයි ගනන් හදන එකයිනෙ. මිනිස්සුත් එක්ක කෙලින්ම වැඩ කරන උන් එපායැ යවන්න. ”කියලා. එහෙම හරි උන් කතා කරපු එක මට හරිම සතුටුයි.
ඒ වාගෙම ප‍්‍රගීත් මරු සංකල්පයක් දුන්නා . මම ඒක සංවර්ධනය කලා. වැඩිදියුනු කලා පහත ආකාරයට.
ප‍්‍රගීත් කීවෙ මේක හරියට ක‍්‍රිකට් ටීම් එකක් වාගෙ පරන හොදට සෙල්ලම් කරපු එවුන් අද පිටිපස්සෙ වාඩි කරවලා වෙන වෙන වැඩ ගන්නවා. අලූතින් ආපු අය තමා දැන් දිගටම සෙල්ලම් කරන්න දාන්නෙ කියලා . අලූතින් විකට් කීපර්ට ගත්ත එකාව තමා බෝල දාන්න රෙක්මන්ඞ් කරන්නෙ ගහන්නත් දාන්නෙ බෝල අල්ලන්නෙත් ඌව ග‍්‍රවුන්ඞ් එක හදන්නෙත් මිනිහා විකට් කනු හිටවන්නෙත් මිනිහා. ටීම් එකට බඩු ක‍්‍රිඩා උපකරන ගන්නෙත් මිනිහා. මිනිහා කරන හැම වැඩක්ම රෙක්මන්ඞ් කරන්නෙ අවුරුද් 60 පැනපු පරනම හැරමිටි වාරුවෙන් ඉන්න ක‍්‍රීඩකයෙක් සහ තවත් වයසක ක‍්‍රීඩකයන් කීප දෙනෙක්. මේතන අයගෙන් අර වයසකම එකා කියන එක තමා කැප්ටන් අහන්නෙ. කැප්ටන් එන්නෙම නෑ සෙල්ලම් කරන්න. එයා එන්නෙ සමහර වෙලාවට විතරයි.ඒ එනකොට අර වයසක පොරවල් ටික ගානට සෙට් කරලා තියනවා තමන්ට අවශ්‍ය සෙටින්ස්. අර නාකි අය මෙච්චරකල් මෙතන උන දෙවල් සහ දැනට වෙන දේවල් දන්න පරන ක‍්‍රීඩකයින්ව කපලා අයින්ම කරලා. ඒ අයට කියලා තමා දැන් අනිත් වැඩ කරන්නෙ. තේ හදන්නෙ කෑම උයන්නෙ ග‍්‍රවුන්ඞ් බෝයි වැඬේ එහෙම කරන්නෙ. මොකද කැප්ටන් අලූත් නිසා එයා ඇත්තටම දන්නෙ නෑ නියම ක‍්‍රීඩකයො කවුද කියලා. මේ වයසක එවුනුත් අලූත් කැප්ටන්ට කියන්නෙ අනිත් පැරනි අයට වැඩ බෑ උන් මොකුත් දන්නෙ නෑ කරපු දේකුත් නෑ කියලා. හැබැයි ඇත්තම තත්වය නම් කලින් හිටපු කැප්ටන් අර පරනම වයසක එවුන්ව රිසව් දාලා හිටියෙ තිබ්බෙ මොනවත්ම බැරි නිසා. වයසකම එකා දන්නෙ කතා කරන්න විතරයි. වෙන මුකුත්ම බෑ. නමුත් අලූතින් ආපු කැප්ටන් මේ හාදයාගෙ වචන වලට රුවටිලා මිනිහා කියන එකම තමා අහන්නෙ. මිනිහා කියනවා අලූත් එකෙක් ගන්න ඕනා කියලා . ඔන්න ගන්නවා. අරගෙන අර පරන නාකි එවුන්ට අවශ්‍ය වැඩ සේරම අලූත් එකාට කියලා කර ගන්නවා. අලූත් එකා ඌට නියමිත වැඩයි අර නාකි එවුන් කරන්න ඕනා ඒවයි සේරම කරනවා. කරලා වාර්තාවත් සපයනවා. ඒ වාර්තාව යන්නෙ අර නාකි සෙට් එකට. එවුන් මේවා වෙනස් කරලා හෝදලා මැදලා වාර්තා ටික අවශ්‍ය තැන්වලට යවන්නෙ උන් කලා වාගෙ. උන්ගෙ උපදෙස් පිට කලා වාගෙ. ලොක්කත් වාර්තා දිහා බලලා මාර සතුටකින් ඉන්නෙ. හැබැයි ඇත්තටම ග‍්‍රවුන්ඞ් එකේ රවුමක් දාලා හොරෙන් බැලූවොත් ඔක්කොම ඉවරයි.
බෝලේ පවා මුදල් දීලා ගන්නෙ කවුද ග‍්‍රවුන්ඞ් එකේ තණකොල අල්ලන්නෙ කවුද කාව දාලද ගහන්නෙ හොරට ගහලා මාට්ටු වෙලා චොර වෙච්ච ඒවා අනන්තයි අප‍්‍රමානයි. අලූත් එකා හැම දේටම බිලක් දානවා. අර නාකි එවුන් ඒවා අනුමත කරනවා. පරන එවුන් බලාගෙන ඉන්නවා. අලූත් කැප්ටන් දැක්කාම සේරම ෂේප් එකේ හිනාවෙනවා. හැබැයි අර නාකි එවුන්ට එරෙහිව කතා කරන්නෙ නෑ උන්ට බය නිසා. මොකද උන්ට පුලූවන් කෙනෙක් තියා ගන්නයි අස්කරන්නයි. උන්ම නීතියන් ගෙනාවා පැරනි ක‍්‍රීඩකයින්ට එරෙහිව කතා කරන්න බෑ කැප්ටන් එක්ක කෙලින් කතා කරන්න බෑ ඉස්සෙල්ලාම මේ නාකි එක්ක කතා කරලා තමා කැප්ටන් හමුවෙන්න යන්න පුළුවන් කියලා. කැප්ටනුත් කියනවා මේ නාකින්ට ගරු කරන්න අවශ්‍යයි එයාලා තමා මේ ටීම් එකේ පැරනි අය කියලා. ඒ නිසාම අලූත් ලොක්කා ලියන හැම ලියුමකම සදහන් වෙන්නෙ ”ගරු කටයුතු පැරනි ක‍්‍රීඩකයින් ගෙන් උපදෙස් ගන්න” කියලා හැමලේම. ලියුමෙ විතරයි නැති තැන උන්ගෙ අම්මා මෝ නැතුව තමා කතා කරන්නෙ. ඒ උං ටිකදෙනා මේ මුළු ටීම් එකම කාපු හින්දා. අලූත් ලොක්කටත් කවද හරි වැඬේ තේරෙයි. එතකොට පරක්කු වැඩියි.
Wednesday, May 17, 2017
Monday, May 8, 2017
මට මේ දැන් කාම්බෝජයේ , වැඩසටහන් සහ ප‍්‍රජා සංවිධාන සැලසුම් සදහා එඩ්වර්ඩ් යවපු මහේෂ් කතා කලා.... කීවා මට නම් රට තොට දැක බලා ගන්න පුළුවන් උනා.. එහෙ ලග තියෙන සේරම පන්සල් වලට ගියා. හරිම සතුටුයි.
මම ඇහුවා වැඩ සටහන් කොහොමද කියලා...
මහේෂ් කියනවා.. මම දන්නෙ ඉදිකිරීම් විතරනෙ.. මේක ප‍්‍රජා සංවර්ධනය ට සම්බන්ධ නිසා මම ඉතිං අනිත් අය කියන දේ අහගෙන හිටියා විතරයි.. මට බෙදා ගන්න දෙයක් වත් තිබුනෙ නෑ.. කියලා..
ඔන්න අපේ ආයතනයේ මහ එවුන්ගෙ වැඩ...
මම ඇහුවා වැඩ සටහන් කොහොමද කියලා...
මහේෂ් කියනවා.. මම දන්නෙ ඉදිකිරීම් විතරනෙ.. මේක ප‍්‍රජා සංවර්ධනය ට සම්බන්ධ නිසා මම ඉතිං අනිත් අය කියන දේ අහගෙන හිටියා විතරයි.. මට බෙදා ගන්න දෙයක් වත් තිබුනෙ නෑ.. කියලා..
ඔන්න අපේ ආයතනයේ මහ එවුන්ගෙ වැඩ...
Sunday, May 7, 2017
ආපදා කළමණාකරන වැඩසටහනට මහේෂ්ව ඞීසන්ව සහ ප‍්‍රගීත්ව තෝරාගෙන. මෙලිෂා කියලා තියනවා ඔය වැඬේට යවන්න තිබුනෙ ඞීසන්වයි චානකවයි විතරයි කියලා. ඒක දීපිකාත් අනුමත කරලා. නමුත් එඩාට අවශ්‍ය දේ කරන්න ලොක්කාත් කැමතිනේ . ඔතන තමා තියෙන අවුල. ලොක්කා කවදා හරි මේක තේරුම් ගනීද ? තේරුම් ගත්තත් වැඩක් වෙයිද? කවුද දන්නෙ. මට මෙතන තියෙන සතුට තමා ඞීසන්ව සහ ප‍්‍රගීත්ව මේ වැඬේට සෙට් උන එක. එු දෙන්නාට හරි අවස්ථාවක් ලැබුනානෙ. ඇත්තටම මට ලැබුන අවස්ථාවනේ එඩා කපලා මහේෂ්ව දැම්මෙ. ඞීසන් හරි ප‍්‍රගීත්ව හරි කැපුනෙ නැහැනෙ. ඒ දෙන්නාගෙන කෙනෙක් කපලා මහේෂව දැම්මානම් ඒකත් හරි බලූ වැඩක්. මාව ඉතිං කොහොමත් දිනේෂ ආ දවසෙ ඉදලා කැපෙන එකමනෙ උනේ. මට ඒක පුරුදුවෙලා. ගානක් නෑ. එඞ්වර්ඞ් තාත්තා මහේෂ් පුතාට පට්ට සැලකිල්ලක්නෙ තියෙන්නෙ.
මේකෙ ලොක්කට තේරෙන්නෙ නැද්ද මන්දා ඉදිකිරීම් කරන්න දන්න එක වෙනම දෙයක් වැඩසටහන් කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. දෙපාර්තමේන්තු දෙකක් තුල වෙන විෂම කාරනා කටයුතු දෙකක් කියලා වත් තේරුම් ගන්න බැරිකමම තමා. මොකද වැඩසටහන් පිළිඹද පුහුණුවකට තමා මහේෂව කාම්බෝජයට යැව්වෙ. දැන් ආයෙත් මිනිහව යවනවා ආපදා කළමණාකරනයටත්. මෙතන තියෙන්නෙ තමන්ගෙ හිතවත් අයට අවස්තාවක් අනුන්ගෙ සල්ලිවලින් ,අවස්තාවන් වෙන කෙනෙක්ගෙන් හරි උදුරලා අරගෙන දෙන එක....................
කොළඹදි දවසක් දිනේෂ කීවලූ චානක එහෙ උයනවා නේද කියලා එඩා පැනලා කීවලූ නෑ රෝහිතත් උයනවා ගෙබත් උයනවා කියලා හැබැයි ලොක්කා කීවලූ අපි මෙයාලාගෙන් වැඩ ගන්නෙ නෑ ඒක අපරාදයක් කියලා. මම හිතන්නෙ සුජිත් කියන්න ඇති ඔය කතාව. ගෙබයි රෝහිතයි උයනවා අනිත් උන් උයපුවා. ලොක්කාට ටික ටික තේරෙනවා වාගෙ. ඒක තමා රෝහිතයි එඩයි කතා කරද්දි කීවෙ මිනිහ තෙර්ම් ගන්නෙ පරක්කු වෙලා කියලා. එතකොට එඩාටයි රෝහිතටයි අවශ්‍ය දේවල් කරගෙන ඉවරයි. ආයතනයත් ඉවරයි.
මම මේවා කතා කරද්දි යාලූවෙක් එක්ක මගෙ නෝනා අහගෙන ඉන්නවා. පස්සෙ එක දෙයක් විතරක් කියලා කට වහ ගත්තා. ආයෙත් ඒ ගැන මතක් කලෙත් නෑ. ”මුං ලෝගු ඇරලා ඇවිල්ලත් කරන්නෙ බලූ වැඩමනෙ.”
Thursday, May 4, 2017
අද ලොක්කා මේල් එකක් එවලා කියලා රෝහිතයි එඩ්ඩයි කතාව.. මටත් ඇහෙනවා... හෙල්බොඩ වත්තෙ අත්තිවාරම් කපන්න ගත්ත පොටෝ වගයක් මහේෂ් පුතා එඩ්වර්ඩ් තාත්තට යවපු මේල් එක එඩා එහෙමම ලොක්කාට දාලා.. ලොක්කා කලබල වෙලා මේල් එකක් දානවා මැයි 15 වෙනකම් අත්තිවාරම් වලට මුකුත් කරන්න එපා, එදාට තමා මුල්ගල තියන්නෙ කියලා.. ඒකට ඉන්දියානු තානාතිපති කාර්යාලයෙන් එනවා.. කියලා..
මුං දෙන්නා හිනාවෙනවා... ලොක්කට ටියුබ් ලයිට් කියලා
.. යමක් තෙරුම් ගන්න ටිකක් වෙලා යනවා කියලා.. ඒක ඇත්ත සමහර මුං කරන දේවල් නම් ලොක්කට තෙරෙන්නෙම නෑ.. ඒක නිසානෙ අපි තාමත් මෙහෙම ඉන්නෙ.. ආයතනය තාමත් පල්ලමට බහින්නෙ...
මුං දෙන්නා හිනාවෙනවා... ලොක්කට ටියුබ් ලයිට් කියලා
.. යමක් තෙරුම් ගන්න ටිකක් වෙලා යනවා කියලා.. ඒක ඇත්ත සමහර මුං කරන දේවල් නම් ලොක්කට තෙරෙන්නෙම නෑ.. ඒක නිසානෙ අපි තාමත් මෙහෙම ඉන්නෙ.. ආයතනය තාමත් පල්ලමට බහින්නෙ...
Wednesday, May 3, 2017
මට ගිය ඉරිදා දීපිකා කතා කලා. ආපදා කළමණාකරනය ගැන වැඩමුළුවක් ඉන්දියාවෙ තියෙනවා. ඒකට අපෙන් හැබිටාට් එකෙන් හචර දෙනෙක් ඉල්ලලා තියනවා. හැබිටාට් ඒසි්යා එක. ඉතිං අධ්‍යක්‍ෂක තුමා කීවලූ 3 වෙනි ශ්‍රේණියේ සේවකයන් 3 ක් යවන්න කියලා. ඉත්න් දීපිකා මගෙ නමත් දාලා. තව දෙන්නෙක්ගෙ නම් දාලා. ඒ ඞීසන් සහ ප‍්‍රගීත් ගෙ නම්. මේක සීනියර් මැනේජර්ලාට දාපු වෙලාවෙ එඞ්වර්ඞ් මගෙ නම දැක්ක ගමන් කේන්තියෙන් කියලා මෙයා යවන්න එපා කියලා. දීපිකා ඇයි කියලා අහපුවාම කීව කියන්නෙ මගෙ ධාරිතාව මදි කියලා. ඒකට ඩුඑයිට් පන්දම අල්ලලා. මුං මෙහෙම තමා එදා ඉදලම.
හොදම වැඬේ කියන්නෙ අපේ ජාතික අධ්‍යක්‍ෂක තුමාත් මුං දෙන්නා කියපු එහකට හා හූ නෑ .
ඊලග වැඩේ තමා ඒකට මහේෂ්ව විතරක් යවන්න කියලා එඩා කියනවලු.. උගෙ ඇට හරියටම මිරිකන්නෙ මහේෂ් විතනෙ....දැන් මේ ක ලියන කොටත් මහේෂ් කාම්බෝජයේ... එතකොට මහේෂ්ගෙ වැටුපත් එක් පාරටම 20000 කින් වැඩිකරන්නත් එඩා දැගලුවා.. අනික තමා මහේෂ්ව සීනියර් මැනේජ්මන්ට් එකටත් දාන්න එඩා මාර ට‍්‍රයි එකක් දෙන්නෙ.. ඒ මෙලිෂාට ගහන්න.. මේකත් මෝඩයා වෙලා ඇන ගන්නවා දවසක් හොට බිම වදින්නම..ඒ එඩාට හිටගෙන දෙන්න ගිහින්..
බොක්කෙන්ම එකගයි.
හොදම වැඬේ කියන්නෙ අපේ ජාතික අධ්‍යක්‍ෂක තුමාත් මුං දෙන්නා කියපු එහකට හා හූ නෑ .
ඊලග වැඩේ තමා ඒකට මහේෂ්ව විතරක් යවන්න කියලා එඩා කියනවලු.. උගෙ ඇට හරියටම මිරිකන්නෙ මහේෂ් විතනෙ....දැන් මේ ක ලියන කොටත් මහේෂ් කාම්බෝජයේ... එතකොට මහේෂ්ගෙ වැටුපත් එක් පාරටම 20000 කින් වැඩිකරන්නත් එඩා දැගලුවා.. අනික තමා මහේෂ්ව සීනියර් මැනේජ්මන්ට් එකටත් දාන්න එඩා මාර ට‍්‍රයි එකක් දෙන්නෙ.. ඒ මෙලිෂාට ගහන්න.. මේකත් මෝඩයා වෙලා ඇන ගන්නවා දවසක් හොට බිම වදින්නම..ඒ එඩාට හිටගෙන දෙන්න ගිහින්..
බොක්කෙන්ම එකගයි.
Tuesday, March 28, 2017
සමහර ආයතන තියනවා
වැඩ කරන්න දන්නෙ නැති උන් තම කළමණාකරුවන් වෙලා ඉන්නෙ
එතකොට තමන් ලගට ගන්නෙ තමන්ට කීකරු කියන දේ විතරක් කරන පොලූ බූරුවො ටකක්
වැඩ කරන්න දන්න වැඩක් කරන විදිහ දන්න කළමණාකරුවෙක් කලත් වැඬේ වැරදි නම් ඒක කල යුතු ආකාරය ගැන ඇගයීමක් කරනවා නම් ඌට දෙනවා ගේම
ඒකාව අස්කරන්න බැරිනම් අයිනකට කරලා තියනවා
කවදාවත් වැඩක් හරියට කරන්න බෑ
ආයතනයම එහෙමයි
එකෙක් දෙන්නෙක් නිසා මුළු ආයතනයම ඉවරයි
Monday, March 27, 2017
මම මඩකලපුවෙ වැඩ කරනකොට මට රෝහිත හරියට කෙනෙහිලිකම් කලා නමුත් මමමයි කොළඹදි දිනේෂ් මහතාට රෝහිත ගැන කීවෙ මඩකලපුවට අපිත් එක්ක දාන්න හොද කෙනෙක් කියලා ඒක ෆ‍්‍රැන්සිස් දන්නවා
ඉතිං මඩකලපුවෙදි මම ලැන ගොඩාක් දේවල් සුජී තේරුම් ගත්තා එයා කීවා කවදා හරි මම දිනේෂ් ට ඔයා ගැන කියනවා කියලා
පස්සෙදි දීපිකා ආවා ඇත්තෙන්ම එයා දුන්වුනා මම ලීඞ්ස් එකේදි හිටපු තනතුරයි දැන්මම කරන දේයි දැකලා එයා කීවා දිනේෂ්ට කියනවා කියලා නමුත් එයාම මට කීවා එඞ්වර්ඞ් රෝහිත වාගෙ අය ඉන්නකම් ඔයාට ඉදිරියට ඒමක් නෑ කියලා
ඊටත් පස්සෙ මහේෂ් ආවා මහේෂ්ට මාව එඞ්වර්ඞ් අදුන්නලා දුන්නෙ මෙයා ඕල් රවුන්ඞ් පොරක් කියලා නමුත් එ වෙලාවෙම රෝහිත කීවේ මෙයා ඕල් රවුන්ඞ් උනාට දැන් ඩෙඞ් බොඩි එකක් කියලා මම ඉතින් මහේෂ්ටත් කීවා මට එයාත් එක්ක දැනෙන වැඩක් කරන්න ගන්න කියලා හරිගියෙ නෑ මහේෂ් එකක් කලා මගෙන් සේරම අය ගැන දැන ගෙන එයාට අවශ්‍ය දේ කරගන්න ඒ තොරතුරු උපයෝගී කර ගත්තා
මම හිතන්නෙ එහෙමයි අනේ මන්දා මට එහෙම හිතෙනවා
Subscribe to:
Posts (Atom)







