Thursday, May 4, 2017

අද ලොක්කා මේල් එකක් එවලා කියලා රෝහිතයි එඩ්ඩයි කතාව.. මටත් ඇහෙනවා... හෙල්බොඩ වත්තෙ අත්තිවාරම් කපන්න ගත්ත පොටෝ වගයක් මහේෂ් පුතා එඩ්වර්ඩ් තාත්තට යවපු මේල් එක එඩා එහෙමම ලොක්කාට දාලා.. ලොක්කා කලබල වෙලා මේල් එකක් දානවා මැයි 15 වෙනකම් අත්තිවාරම් වලට මුකුත් කරන්න එපා, එදාට තමා මුල්ගල තියන්නෙ කියලා.. ඒකට ඉන්දියානු තානාතිපති කාර්යාලයෙන් එනවා.. කියලා..
මුං දෙන්නා හිනාවෙනවා... ලොක්කට ටියුබ් ලයිට් කියලා
.. යමක් තෙරුම් ගන්න ටිකක් වෙලා යනවා කියලා.. ඒක ඇත්ත සමහර මුං කරන දේවල් නම් ලොක්කට තෙරෙන්නෙම නෑ.. ඒක නිසානෙ අපි තාමත් මෙහෙම ඉන්නෙ.. ආයතනය තාමත් පල්ලමට බහින්නෙ...

Wednesday, May 3, 2017

මට ගිය ඉරිදා දීපිකා කතා කලා. ආපදා කළමණාකරනය ගැන වැඩමුළුවක් ඉන්දියාවෙ තියෙනවා. ඒකට අපෙන් හැබිටාට් එකෙන් හචර දෙනෙක් ඉල්ලලා තියනවා. හැබිටාට් ඒසි්යා එක. ඉතිං අධ්‍යක්‍ෂක තුමා කීවලූ 3 වෙනි ශ්‍රේණියේ සේවකයන් 3 ක් යවන්න කියලා.  ඉත්න් දීපිකා මගෙ නමත් දාලා.   තව දෙන්නෙක්ගෙ නම් දාලා. ඒ ඞීසන් සහ ප‍්‍රගීත් ගෙ නම්. මේක සීනියර් මැනේජර්ලාට දාපු වෙලාවෙ එඞ්වර්ඞ් මගෙ නම දැක්ක ගමන් කේන්තියෙන් කියලා මෙයා යවන්න එපා කියලා. දීපිකා ඇයි කියලා අහපුවාම කීව කියන්නෙ මගෙ ධාරිතාව මදි කියලා. ඒකට ඩුඑයිට් පන්දම අල්ලලා.  මුං මෙහෙම තමා එදා ඉදලම.
හොදම වැඬේ කියන්නෙ අපේ ජාතික අධ්‍යක්‍ෂක තුමාත් මුං දෙන්නා කියපු එහකට හා හූ නෑ . 

ඊලග වැඩේ තමා ඒකට මහේෂ්ව විතරක් යවන්න කියලා එඩා කියනවලු.. උගෙ ඇට හරියටම මිරිකන්නෙ මහේෂ් විතනෙ....දැන් මේ ක ලියන කොටත් මහේෂ් කාම්බෝජයේ... එතකොට මහේෂ්ගෙ වැටුපත් එක් පාරටම 20000 කින් වැඩිකරන්නත් එඩා දැගලුවා.. අනික තමා මහේෂ්ව සීනියර් මැනේජ්මන්ට් එකටත් දාන්න එඩා මාර ට‍්‍රයි එකක් දෙන්නෙ.. ඒ මෙලිෂාට ගහන්න.. මේකත් මෝඩයා වෙලා ඇන ගන්නවා දවසක් හොට බිම වදින්නම..ඒ එඩාට හිටගෙන දෙන්න ගිහින්..
බොක්කෙන්ම එකගයි.

Tuesday, March 28, 2017


සමහර ආයතන තියනවා
වැඩ කරන්න දන්නෙ නැති උන් තම කළමණාකරුවන් වෙලා ඉන්නෙ
එතකොට තමන් ලගට ගන්නෙ තමන්ට කීකරු කියන දේ විතරක් කරන පොලූ බූරුවො ටකක්
වැඩ කරන්න දන්න වැඩක් කරන විදිහ දන්න කළමණාකරුවෙක් කලත් වැඬේ වැරදි නම් ඒක කල යුතු ආකාරය ගැන ඇගයීමක් කරනවා නම් ඌට දෙනවා ගේම
ඒකාව අස්කරන්න බැරිනම්  අයිනකට කරලා තියනවා
කවදාවත් වැඩක් හරියට කරන්න බෑ
ආයතනයම එහෙමයි
එකෙක් දෙන්නෙක් නිසා මුළු ආයතනයම ඉවරයි

Monday, March 27, 2017


මම මඩකලපුවෙ වැඩ කරනකොට මට රෝහිත හරියට කෙනෙහිලිකම් කලා නමුත් මමමයි කොළඹදි දිනේෂ් මහතාට රෝහිත ගැන කීවෙ මඩකලපුවට අපිත් එක්ක දාන්න හොද කෙනෙක් කියලා  ඒක ෆ‍්‍රැන්සිස් දන්නවා
ඉතිං මඩකලපුවෙදි මම ලැන ගොඩාක් දේවල් සුජී තේරුම් ගත්තා  එයා කීවා කවදා හරි මම දිනේෂ් ට ඔයා ගැන කියනවා කියලා
පස්සෙදි දීපිකා ආවා  ඇත්තෙන්ම එයා දුන්වුනා මම ලීඞ්ස් එකේදි හිටපු තනතුරයි දැන්මම කරන දේයි දැකලා එයා කීවා දිනේෂ්ට කියනවා කියලා    නමුත් එයාම මට කීවා එඞ්වර්ඞ් රෝහිත වාගෙ අය ඉන්නකම් ඔයාට ඉදිරියට ඒමක් නෑ කියලා
ඊටත් පස්සෙ මහේෂ් ආවා  මහේෂ්ට මාව එඞ්වර්ඞ් අදුන්නලා දුන්නෙ මෙයා  ඕල් රවුන්ඞ් පොරක් කියලා   නමුත් එ වෙලාවෙම රෝහිත කීවේ මෙයා  ඕල් රවුන්ඞ් උනාට දැන් ඩෙඞ් බොඩි එකක් කියලා   මම ඉතින් මහේෂ්ටත් කීවා මට එයාත් එක්ක දැනෙන වැඩක් කරන්න ගන්න කියලා   හරිගියෙ නෑ මහේෂ් එකක් කලා මගෙන් සේරම අය ගැන දැන ගෙන එයාට අවශ්‍ය දේ කරගන්න ඒ තොරතුරු උපයෝගී කර ගත්තා 
මම හිතන්නෙ  එහෙමයි  අනේ මන්දා  මට එහෙම හිතෙනවා



Thursday, March 23, 2017

ඊයෙ රූ ගේබි‍්‍රයෙල් කියනවා   රෝහිත මයියංගනයේ ඉදලා වැඩට එනකොට සදුදා මාතලේ යනවා වැඩ ඇරිලා ගෙදර යනකොටත් මාතලේ යනවා   ඒ දවස් දෙකටම පර්ඩියම් දානවා ට‍්‍රැවලින් දානවා මාර පොරක්  හම්බ කරන්නමයි දගලන්නෙ කියලා  අනිත් දවස් වලට යන්නෙ අපිත් එක්ක වාහනේක   සදුදායි සිකුරාදායි බස් එකේ යනවා  එතකොට කෑමයි බස් ගාස්තුයි දෙකම ශේප් ඒවාගෙම දවල්ට කෑම මලාට කන්නෙ නෑ කඩෙන්  ඒකත් ඉතුරුයි අතටත් තව ගානක් එනවා

ඇයි දන්නෙ නෑ මූට රෝහිතත් එක්ක මේ තරහා  

Tuesday, February 28, 2017

මම හැබිටාට් එකට අව දවසේ ඉදලා මට මොන තරම් කෙනෙහිලිකම් ආවත් මගෙ හයියට හිටියා ටයිටස් අයියයි ටෝනි මහත්තයයි. ටයිටස් අයියා මියගියාට පස්සෙ ටෝනි මාව අතහරින්නෙ නැතුව අනිත් අයට හානියකුත් නොකර මගෙන් ෂේප් එකේ වැඩ අරගෙන ඔක්කොමලා ගානට තියා ගත්තා, ඔක්කොමලා කියන්නෙ එඞ්වර්ඞ් රෝහිතයි ෆ‍්‍රැන්සිස් යන අයගෙන් තමා මට ප‍්‍රශ්ණ තිබුනෙ.
 ටෝනිටත් මෙයාලාගෙන් තමා ප‍්‍රශ්ණ තිබුනෙ අවසානයෙදිත්. මොකද ප‍්‍රශ්ණ මතු කර කර හිටපු අනිත් අය විවිධ කාල සීමාවල් වලදි ආයතනයෙන් ඉවත් උනා. මේ අපතයො තුන් දෙනා තමා මෙලෝ දෙයක් කර ගන්න බැරිව අනිත් උන්ට වල කප  කප ඇත්තටම අනිත් උන් කිව්වට මටයි ටයිටස්ටයි තමා ටෝනිට අමතරව ගේමට හිටියෙ. මොකද අපි ටෝනිගෙ මිනිස්සු කියලා මෙයාලා අපිව අංවඩු ගැහැව්වා. හැබැයි අපි හොරකම් කලේ නෑ දෙන වැඬේ හරියට කලා කාටවත් නරකක් කලේ නෑ අපිට නෙමෙයි කතුණු දාගත්තෙ ආයතනයට තමා ගෞරවය ලැබෙන්න වැඩ කලේ. මුංට ඒක ඇල්ලූවෙ නෑ.
පස්සෙ ටෝනිත් ගියාම මම තනිවුනා. එතකොට මට ඇතිවන තත්වය හිතා ගන්න පුලූවන් නෙ නේද ? හැබැයි මාත් ඉතින් දත් තිස්දෙක මැද්දෙ තියන පුවක් කෑල්ල වාගෙ හැපී හැපී හිටියා. මුං මාව හපනකොට හයියෙන් හැපෙන්න කැඩෙන්න වෙන්වෙන්න අවස්ථාවක් නොදී මුං අතරින්ම ගමන් කලා. වෙන විකල්පයකුත් නෑ. මට තව අවුරුදු 4 ක් පමන කාලයක්  තියනවා මෙතන ඉන්න ඊට පස්සෙ ගෙදර එතකං වෙ තැනකට යන්න දගලන්න අවශ්‍ය නෑ කියන ස්ථාවරයෙ තමා මම ඉන්නෙ.
එතකොට ආවා දිනේෂ් කනගරත්නම් කියලා නව අධ්‍යක්‍ෂකවරයෙක්. එයාව ආපු ගමන් එඞ්වර්ඞ් සහ ක්ලැරන්ස් අල්ලා ගත්තා නියමෙට අල්ලාගෙන දුන්නා අපි ගැන  ඇත්තටම මම ගැන වෙන කෙනෙක් ගැන කියන්න අවශ්‍ය නැහැනෙ

Monday, February 27, 2017

ආයතනයේ නිවාස ව්‍යාපෘතියක් පටන් ගත්තා අරනායක නාය ගිය ගෙවල් 40 ක නිවාස ලාබීන්ට. ඒකෙ ගෙවල් හදන අයට උපකාර කරන්න අපේ තිබුනා විශාල වැඩ සටහනක් බාලදක්‍ෂ ව්‍යාපාරයත් සමග. 2017 පෙබරවාරි 24 සහ 25 වැඬේ අරනායකදි තිබුනා. විශාල වැඩසටහනක්. බාලද‘ක්‍ෂයෝ 200ක් විතර ඇවිත් හිටියා. කුඩා ලමයි තමා සියයට 90 ක්ම හිටියෙ. වි‘හාලෙ ටෙන්ට් 10 ක් විතර ගහලා සවුන්ඞ් සිස්ටම් ගෙනත් මීටර් 1000 ත් පමන ප‍්‍රදේශයක් ආවරනය වෙන්න ශබ්ද විකාශණය කරලා  ඞීජේ කෙනෙක් ගෙනල්ලා වෙනමම ක්‍ායාරූප ශිල්පියෙක් පවා කොළඹින් ගෙනත් තිබුනා. බීම කෑම සියල්ල හොද කේටරින් සර්විස් එකක් වන කෑගල්ලෙ ශාලිකාවෙන් තමා ඇණවුම් කලේ. අපි 23 රාත‍්‍රී නවා තැන් ගත්තෙ විලා පින්න රෙස්ට් එකේ. ඒක පින්නවල තියෙන විශාල හෝටලයක්.
පළවෙනි සමාරම්බක උළෙලේ කතා පවත්වන වෙලාවේදී ගම වෙනුවෙන් වැඩිහිටියෙක් කතා කලා. සම්ප‍්‍රදානුකූල ආකාරයට සුදු සරමයි සුදු කමිතයයි ඇදලා හරිම අනුවේදනීය ආකාරයට එයාලාට උන විපද නිය ට හසුවුන අයට උන විපත ගැන හැගීම්බරව කතා කලා. කතා කරලූ සීයටත් වඩා වයස කෙනෙක් තමා අපේ ආයතනයේ ජාතික වැඩසටහන් කළමණාකාර පදවිය උසුලන්නෙ. එයා ඇවිත් අර කතා කරන කෙනාට කියනවා කෙටියෙන් කියලා ඉවර කරන්න කියලා. ඇත්තටම එහෙම කියන්න අපිට අයිතියක් තියනවාද .....ඇත්තෙන්ම එහෙම කියන්න හිතෙනවාද...එයාලගෙ ගම එයාලගෙ දුක ප‍්‍රකාශ කරන්න තියෙන වෙලාව.ඇවිත් ඉන්න අයට මේක කියන්න අවශයයි. මැරුන අය එයාලගෙ දේපට හානිය තවමත් කූඩාරම් වල ඉන්න අනිත් හිතවතුන් ඥාතීන් ගැන ඒ අයගෙ අවශ්‍යතාවයන් ගැන....... මෙලෝ දෙයක් කියන්න දුන්නෙ නෑ....
කතා පවත්වලා  පිළි අරගෙන ජාතික කොඩිය ඔසවලා ජාතික ගීය කියලා ඞීජේ එකකට නටලා වැඬේ පටන් ගත්තෙ 11 යි තිහට. 12 ට ස්නැක් ආවා.  1 තිහට බත් ආවා.
3 ට බීම ආවා කේක් එක්ක 4 ට වැඬේ ඉවරයි. පෝලිම් කරා. ජාතික වැඩසටහන් කළමණාකාරවරයා මෙහෙම කතාවක් කළා. මේ පුංචි ළමයින්ගෙන් අහනවා මයික් එකෙන්... නංගිලා මල්ලිලාට සතුටුද......... හෙටත් එනවද..........වැඩ කරන්න ආසද...... හරියට  සකුරා නයිට් එතේ එනවුන්ස් කරන විදිහට තමා දුන්නෙ ටෝන් එක.....තමන්ගෙ මුනුබුරු මිනිඉිරීලා වාගෙ දුවා දරුවන්ටඉ තමා මේ ආකාරයට කතා කලේ. පස්සෙ ඞීජේ දැම්මා නැටුවා ගෙවල් වලට ගියා.
අපිව හෝටලයට අරන් යන්න තිබුනා අපි ආපු වාහට කොළඹින් මඩකලපුවෙන් එහෙම කේ ඞී එච් වෙහිකල් තිබුනෙ...අපි යනකොට අර පුංචි  ළමයි බස් එනකං පාරෙ ඉන්නවා හවස 5ත් පැනලා.
රූ හොද ආහාර වේලක් ලැබුනා. ඒ හෝටලෙත් ඞීජේ දාලා නැටුවා කට්ටියම. අපේ අධ්‍යක්‍ෂක තුමා නැටුවා ඇතිවෙන්න.
ආයෙත් පහුවදා උදේ එහෙමම ගිහින් වැඩ පටන් ගත්තා. වැඩ 3 ට ඉවර වුනා නැටුවා හරි.  ඞීජේ එකට ඔක්කොම නැටුවා අපේ ආයතනයේ. ගමේ කීපදෙනෙකුත් නැටුවා.
එච්චරයි......

විශාල වියදමක් යන්න ඇති ලක්‍ෂ 50 පනින්න ඇති