Tuesday, February 8, 2011

මෙහෙමත් ගොන් වැඩ කරන එවුන් ඉන්නෙ ලංකාවෙ කලාකාරයො අතරනෙ

මට මගෙ පොඩි කාලෙ කියවපු පොත් මතක් උනා. සත හැත්තෑපහට ගන්න තිබුන  වත්තල ආර් විල්බට්ගෙයි, ටී එම් චන්ද්‍රසේනගෙයි, ඞීමන් ආනන්දගෙයි පොත් තමා නැගලා ගියෙ. මාරක කතා, වීර කතා, භූත කතා උනාට එකම අච්චුව. වීරයා- දුෂ්ඨයා - කෙල්ල - අන්තිමේදී අහේතුක අද්භූත අව්ශ්වාසනීය සිදුවීම් සමුදායක් තුලින් අතිශයෝක්තියට පමුනුවන ලද පැතලි වීරයා ජයගන්නවා. ජේමිස් බන්ඩා උනත් දුෂ්ඨයා ඩ‍්‍රැකියුලා නම් අන්තිමේදී කෙල්ලවත් අරගෙන අපිට බායි කියනවා. ඔන්න එහොම තවත් ඉස්සරහට යනකොට දවසක් පොත් ප‍්‍රදර්ශණයකට ගියා. ඉස්සෙල්ලාම මේසෙ තිබුනෙ කතා පොත් දෙකක් ‘වානේ පන්නරය ලැබූ සැටි’ 1 සහ 2. දෙකටම රුපියල් 6 යි.මම හිතුවා වැරදීමක් තමා කියලා. ගත්තා පොත් දෙක දීවා ගෙදර.අනීත් ඒවා බලන්න හිටියෙ නෑ.

ඔන්න කියෝගෙන යනවා. කොල්ලා පාවෙල් කියලා මගට යන්න පටන් ගන්නකොටම මීටර්. ඔන් ප්‍රෝස්යා කියලා චරිතයක් එනවා එයාට වෙන අසාධාරනයකදි පාවෙල් දත්මිටි කනවා. එතනම කියනවා අර්ට්යොම් අයියා ගැන. අන්න අයියා. මිනිහා නිකම්ම පොරක් වෙනවා. ප්‍රෝස්යාට කෙලවපු එකා එකට වැඩ කරන එකම මට්ටමේ එකෙක්. ඌට ගේම දෙන්නෙ අයියා. මොකද ඒකා පාවෙල්ටත් ගහපු නිසා’ හැබැයි ගේම ලැබෙන්නෙ ප්‍රෝස්යාට කෙලවපු ඒවාට ඇරියස් එක්ක. නමුත් මට  ඕනා කෙල්ල. කොල්ලා විතරයි තාම සීන් එකේ. ඔන්න  68 වෙනි පිටුවට යනකොට කෙල්ල එතන. තෝන්යා. දැන් මම හොයනවා දුෂ්ඨයා . උන් දෙන්නෙක්ම ඉන්නවා එකෙක් සුහර්තෝ අනිකා වික්ටර්. ඒ උනාට කතාවෙ තියෙන්නෙ අර කලින් කියවපු  ඕලාරික සිතුම් පැතුම් හරහා ගමන් කරන හැගීම් හා දෛවෝපගත සිදුවීම් මතින් යන රාම රාජ්‍යයක් තොරොම්බල් කිරීමක් නෙමෙයි.

කියවනකොට ස්ටෝරිය ඇතුලෙ තියන පට්ට යථාර්ථය එලියට එනවා . පාවෙල්  තෝන්යා ගේ නිවසට යනකොටම තමාගේ  නූගත් කම පිළීඹද වැටහීමක් ඇතිවෙනයා. තෝන්යා බෙහෝ  පොත පත කියවනවා.  ඇයට තමන්ගේම කියා පුස්ථකාලයක් ඇත. සංගීතය උගනියි. ඇයට පියානාවක් ඇත.  විදේශීය භාශා හදාරයි. ඇයට ගුරුවරියක් සිටී .එහෙත් පාවෙල්ට මේ කිසිවක් නැත. තමන්ට පමනත් නොව තමා වැනි දුප්පතුන් යයි නම් කරන ලද්දන්ට  වන අයුක්ති සහගත  අසාධාරනකම් වලද සීමාවක් නැති බව ඔහු වටහා ගනී. වේටරයෙක් තමා මෙන්ම දෛනික වැටුපට සේවය කරන තවත් සේවිකාවක් වන ප්‍රෝෂ්යා ¥ෂනය කර ඇයට රූබල් 50 ක් වීසි කරන සැටි ඔහු අහම්බෙන් දකී. ලෝකයේ මුදලට තිබෙන තැන එය වේටරයෙකුට ලැබෙන සුලූ මුදලක් වූවත් එය ඇතැමුන් අනුන් මැඞීමට උපකාර කොට ගන්නා බලයක් බව ඔහු වටහා ගන්න පටන් ගනී. පාවෙල්  ඒ අයුක්තියට එරෙහිව සටන් කිරීමට අවියක් සොයයි. ඔහු අසමානාත්මතාවයෙන් අම්බානක් කට්ට කනවා.  ඒකට හේතුව පොරට සම්පූර්නයෙන්ම අවබෝධ නුවුවත් කොහේ යා යුතුද කවර කදවුරක සිට සටන් කල යුතුද යන්න ඔහුට මැනවින් ජීවිතය කියාදී ඇත. හරි සිස්ටම් එක මොකද්ද කියලා තෙරුම් ගන්නවා. පාවෙල් හරහා මමත් තෙරුම් ගත්තා. තවත්අය තේරුම් ගත්තා. තේරුම් ගන්න උත්සාහ නොකරන අයත් ඉන්නවා.



 ඒ කට්ටිය තාමත් පාවෙල්ට තෝන්යාට බන්දලා දාන්න පුලූවන් ආකාරයේ  පව පින දෛවය පෙරට දාපු ෆැන්ටසියක් හදන්න ටෙලි නාට්‍ය හරහායි සාහිත්‍ය හරහායි මාර ට‍්‍රයි. ඒ ට‍්‍රයි එකට උන්ට සම්මානත් හමුවෙනවා. පොරවල් වෙනවා. හැබැයි හැමෝටම නෙමයි.  

Monday, February 7, 2011

විශිෂ්ටයා යනු


යමෙක් සුවිශේෂී වන්නේ ඔහු පීඩිත පංතියේ අයෙකු වීම නිසාම නොවේ. යමෙකු

පීඩිත පංතියට අයත් වූ පමණින් ඔහු විශිෂ්ට මිනිසකු බවට පත් නොවේ. ඔහු විශිෂ්ටයකු

වන්නේ ඔහු තුළ වන පංති හැඟීමේ පොහොසත් බව නිසාවෙනි. පීඩිත පංතියට අයත්

බොහෝ අය උත්සාහ ගන්නේ කෙසේ හෝ ඉහළට නැග පුද්ගල විමුක්තිය සොයා

ගැනීමටය. ගෙයක් දොරක්, වාහනයක්, සමාජ තත්වය එවන් අයගේ පරමාදර්ශ වෙයි. මේ

දේවල් පසුපස හඹා යන තරගය තුළ එසේ ලූහු බඳින්නා පියවරක් පියවරක් ගානේ

මනුෂ්‍යත්වයේ ගුණාංග මඟ හළා දමයි අවසන නරුමයෙක් බවට පත්වෙයි. තම පන්තියට

පේ‍්‍රම කරනු වෙනුවට ඔහු එකහෙළා ඊට වෛර කරයි. හෙළා දකියි.

 අතීතය අමතක කර දමයි.


මේ ගැන සරල ආකාරයට කියවමු


අප ජීවත් වන්නේ පන්ති සහිත සමාජයක් තුලය. ඒ අනුව මෙම සමාජය පොහොසත්

හා දුප්පත් වශයෙන් වර්ග කර ඇත. පොහොසත් අය සියලූ ආකාරයේ සමාජීය සහ ආර්ථික

හිමිකම් වලට උරුම කම් කියන අතර දුප්පතුන් පොහොසතුන්ගේ ඒ ආකාර හිමිකම් සහිත

ආයතන වල විවිධ රුකියා කරමින් තම ශ‍්‍රමය විකුණා ගන්නා මුදලින් ජීවත් වෙයි. එම

දුප්පතුන් අතරද අද විශමතා වලින් යුක්ත විවිධ පන්ති බිහිවී ඇත. පොහොසත් අය මෙම

සියලූම දුප්පතුන් හසුරවයි. එසේම මෙම දුප්පත් අයගේ කර මත සිටින තාක් කල්

පොහොසත් අය විරාජමාන වෙයි. පොහොසතුන් විසින් දුප්පතුන්ව විවිධ ආකාරයෙන්

ග‍්‍රහනයට ලක්කර තම උවමනාවන් ඉටුකර ගනී. දුප්පත් අය මේ ගැන තේරුම් ගෙන

තමන්ටම සේවය කර දුප්පත් කමෙන් අත් මිදීමට එක් වුවහොත් පොහොසත් අයහට තම

ජීවන ක‍්‍රමය අවසාන කර ගැනුමට සිදුවේ. එම නිසා කවර ආකාරයකින් හෝ කවර

අංශයකින් හෝ කුෂලතා ඇති දුප්පතුන් තම වසඟයට ගැනීමට මෙම පොහොසන් ක‍්‍රියා

කරයි මෙහි යථාර්තය දකින පුද්ගලයෝද සිටී. ඔවුහු මෙම යථාර්තය සැබවක් කිරීම සදහා

මෙම සමාජය නමැති ජල ප‍්‍රවාහයේ උඩුගම් බලා පිහිනති.


පොහොසතුන් විසින් දුප්පතුන් විවිධ ක‍්‍රම මාර්ගයෙන් මුලා කොට ඇත. ඒ අනුව

පිලේ පැලේ ඉපිදි හැදී වැඩුනු ගම්බද ජනතාව පමනක් නොව නගරබද වෙසෙන දුප්පත්

ජනතාවද ඔවුන්ගේ සුරංගනා ලෝකවල මංමුලා කරවති. කළ යුත්තේ කුමක්ද යන්න ගැන

සිතීමට වත් කාල සීමාවක් නොමැති ආකාරයට සියල්ල සකසයි. එම නිසා ඒ ගැන

හැගීමක් ඇතිවන්නේද නැත. ඒ වෙනුවට සිත් කැළඹී ගොස් නිනව් නැතිවෙයි. දුප්පතුන්

හට තම සේවය නිමවී ලැබෙන එකම නිවාඩුව නම් ආපසු ගෙදරට එන වේලාව පමනි. ගෙදර

පැමැනි විටද ඇත්තේ තරගයකි. එය නම් එම කාලය තුල අප හට ලබා දෙන විසූක දස්සක

වලින් කුමකින් සැනසෙන්නේද යන්න සිතන්නට සිතන්නට මොලය තවත් කුරුවල් වෙයි.

කාම චිත‍්‍රපට හරසුන් බොල් කතා ඇති ටෙලි නාට්‍ය එෆ් එම් නාලිකා පුවත් පත්

විවිධ ක‍්‍රීඩා සහ අර බාප්පලා මේ තරු තේරීම වැනි වැඩසටහන් මෙන්ම හරහා විවේකයක්

ලැබූ වහාම මනසට හරවත් යමක් නොදී පංච ඉන්ද්‍රියයන් පමනක් පිනවීමට ඇති ස්ථාන

දුප්පත් අයහට එමටය. එවා භුක්ති විදීමට මුදල් සෙවීම පමනක් කල යුතුය. එයටද විවිධ

ඉපැයීම් ක‍්‍රම හදුන්වා දී ඇත එය කරන්නට යන විට අසල්වාසියා නෑයා ගැන සිතීමට ඉඩක්

වේලාවක් නැත. එහෙම සිතන්නේ නම් මුදල් හරි හම්බ කිරීමට නොහැක. එයාකාරව එම

ක‍්‍රමයේ රුදී සිටින විට අප හට දැනෙන අනාරක්‍ෂිත භාවය සුරක්‍ෂිත කිරීම සදහා රක්‍ෂන

සමාගම් අප වටා පෙල ගැසී ඇත. එයින්ද රුකියා අවස්ථා ලැබී තවත් පිරිසක් තම

ජීවනෝපාය සකසා ගනී.


මෙයාකාරයට පල් ගද සහිත මේ මඩ වලේ අපද පනුවන් බවට පත්වී ඇත. අප හට

ගද කුමක්ද සුවද කුමක්ද කියා වත් තේරුමක් නැත. ගදටද සුවදම යයි කියා තර්ක කර

තම සහෝදර ජනයා අතරද ලූලා නැති වලට කනයන් වන පන්ඩිතයන් එමටය. තමුන් මෙම

සමාජ ක‍්‍රමයේ වහලූන බවට පත් කර ඇති බව නොව තමුන් මෙම ක‍්‍රමය පවත්වාගෙන

යන්නවුන් බවම සිතයි.


ඔවුන් තමා ඉපිද හැදී වැඩුන ඒ සරල අසරන පරිසරය හා වටාපිටාව තුල තමා

සමග එකට ජීවිත ගැටගසාගත් තම මව පියා සහ සහෝදර වර්ගයා ගැන සිතන්නට

හැකියාවක් ඇති ඔවුන් කුසට අහරක් නොමැතිව සිටි ගතට ඇදුමක් නොමැතිව සිටි

ලමුන්ට පාසල්යාමට අවශ්‍යතා පිරිමසා ගැනීමට නොහැතකිව සිටි ලෙඩට දුකට බෙහෙතක්

ගැනීමට වත්කමක් නොමැතිව සිටි තම සහෝදර සමුහයා සමග  විදි ඒ දුක් කම්කටොලූ ගැන මදක් හෝ යලි මතකයට නගනු හැකියාවක් ඇති ඔහු කිසියම් හේතුවක් නිසා රුකියාවක් කරමින්

එදාට වඩා ආර්ථික වශයෙන් යහපත් යයි සමාජය පිළිගන්නා තැනකට පැමින ඇත. ඒ

සියල්ලට යටින් තමා කරන්නේ කුමක්ද යන්න ගැන දැඩි පිලිකුලක් තමා වෙතම ඇති අතර

එය මතුපිටට ඒමට නොදී බොරු ආටෝප වලින් වසා ගෙන ඇත. ලැබෙන වැටුප හෝ

වෙනත් දීමනා වෙනුවෙන් තම ජීවිතය පොහොසතුන් හා බලයේ ඉන්නා පාලකයින්ට උකස්

කර ඇති බව වැටී ඇතත් එයම හිස් කමක් ඇතුව භුක්ති විදී. ඉද හිට ඇරෙන හෘදය මේ

බව තම සහෝදර ජනයා හරහා මතක් කිරීමේදි තම සරුවාංගයම රත් වන්නේ මේ

නිසාවෙනි. මෙය සැබවින්ම පිළිකුලක් මෙන්ම විශාල වදයක්ය. එය වැඩිවන්නේ තමා සහ

තම වර්ගයා වෙත මෙම බර පටවන දේශපාලකයන් කරන්නාවූ සියල්ල හරි යයි තමාටම

පවසා ගනිමින් එම බොරුව උදෙසා ගුන ගයන්නට වීමේ දීය.


නමුත් මෙයින් ඔහුගේ පැවැත්ම තහවුරු වේ. පාලකයන්ගේ ගුණ වර්නනා කරන

නිසා ඔහුද විශාල මිනිසෙක් ලෙස දිස්වේ.


එහෙත් සැබෑ මිනිසා තම පැවැත්ම උදෙසා බොරුව ප‍්‍රතික්‍ෂේප කරයි. එම බොරුව

නිරුවත් කර ඇත්ත හෙලි තරයි. පඩුරු පාක්කුඩම් වලට තමාවම විකුණා නොගනී. තම

වර්ගයාද නොවිකුනයි.


ඔහු විශිෂ්ඨයෙකි


පෙරදී ලියා ඇති පරිදි යමෙක් කිසියම් හේතුවක් නිසා රුකියාවක් කරමින් තමාගේ

මුල් කාලයට වඩා අද ආර්ථික වශයෙන් යහපත් යයි සමාජය පිළිගන්නා තැනකට පැමින

ඇතැයි සිතමු. පොදුවේ ශක්තිය ඇත්තා හැකියාව ඇත්තා කුසලතා ඇත්තා

පොහොසතුන්ට ආවඩමින් තම වර්ගයා අමතක කර ආත්මාර්තකාමී ලෙස පොහොසතුන්ගේ

රුකවරනය උදෙසා මුදල් නිසා කැප වන්නේ නම් දුප්පත් අසරන යන් හට කාගේ

පිළිසරනක්ද ? මේ ආකාරයට දුප්පත් අසරනයා හැමදාම පිළිසරනක් නැත්තෝ වෙති. මේ

කරුන් කාරනා සියල්ල තුලදීත් ඉන් පිටතත් තම වර්ගයාට සෙත සැලසීමට තැත් කරන්නා

විශිෂ්ඨයෙකි.


විවිධ ආකාරයේ ගෙවල් මාලිගා ලෙස බබලමින් ඇත. පොදු අසරන ජනයා ණය වී

හදාගත් මාලිගා වැනි තවමත් තමන්ට හිමි නොවූ පැල්පත් වල සැපසේ දුක් විදින්නේ එය

දුකක් කියා නොමදැනය. අත්තම රජමාලිගා වල වෙසෙන්නන්ද සිටී. ඔවුන් නිතරම ඉහල

බකමින් තවත් ඉහලට යන නිසා පහත ලෝකය එතරම් ගනන් ගන්නේ නැත. ඔවුන් කැමති

තවත් සැප භුක්ත’ි විදීමටය. මෙම පොහොසතුන් රස මසවුළු භුක්තිවිදිති. ඔවුනට මේ

කාමභෝගී ජිවිතයේ අවසානයක් නොමැත. ඔවුන්ගේ ජීවිත සැනකෙලි සිරි ගනී.

දුප්පතුන්ගේ ශ‍්‍රමය මුදල් බවට පත්වී එම ධනයෙන් සහ රටේ ඇති සම්පත් නාස්ති කරමින්

අන්ත කාමභෝගී ජීවිතයක් ගත කරති. ඔවුනට දුප්පත් අසරන අයගේ දුක නොදැනේ.

නොපෙනේ. ඔවුන් සිටින්නේ මවාගත් ලෝක වලය. ඔම මනෝ ලෝකය පවත්වාගෙන යන්නේ

දුප්පත් අසරන අයගේ මහන්සියෙනි. මුදලිනි. පොහොසතුන්ගේ ලෝකය බොරුවෙන්

වංචාවෙන් පිරී ඇත. සෑම තැනකම රුවටීමය. සියල්ලන් සියළු දෙනාම රවටයි. තමනුත්

රුවටෙයි. ඉහල සිට පහලටත් පහල සිට ඉහලටත් රුවටීම ය. මේ කුමක් සදහාද ?

පොහොසතුන්ගේ පංචඉන්දි‍්‍රයන් පිනවීමේ සුඛ විහරණය සදහාමය. මේ රුවටිලිකාර

බොරුකාර වංචාකාර ආත්මාර්තකාමී නඩයෙන් දුප්පතුනට ගැලවීමක් නොමැත.

ඒ නඩය කා බී සතුටින් සිටින විට කායික සංතර්පන වලින්ද පසුව අවුළුපත් ලෙස

මානසික සන්තර්පනය සදහා තලූ මරමින් රස විදිමට ආගමික මගපෙන්වන්නන් සහ ප‍්‍රශස්ති

ගායනා කරන්නාවූ වන්දි බට්ටයින් විසින් මිහිරි මුසා බස් තෙපලයි. අන් ආකාරයකට දුප්පත්

පොදු ජනතාවටද පොහොසත් දේශපාලක නායකයන්ගේ කාර්යභාරය ගැන  මුසාවම

තෙපලයි. ඒවා අසා තලූ ගසා මානසික සුවය ලබන්නෝ එමටය.

මේවාට මුලා නොවී දුප්පත් ජනතාවට ඇත්ත පවසා ඔවුන්ගේ ස්ථානය ඔවුන්ට ලබා

දීමට වෙහෙස වන්නා විශිෂ්ඨය.










Sunday, February 6, 2011

මැයි 9 ද පෙබරවාරි 4 ද



    අද සාමාන්‍යයෙන් ලංකා වාසීන් හදුන්වනු ලබන ආකාරයට නිදහස් දිනය වේ. මා හට නම් මෙය ලංකාව බාරව සිටි එංගලන්ත ජාතිකයකු වන ශී‍්‍රමත් අයිවර් ජෙනිංග්ස් නමැත්තාගේ දුවගේ උපන් දිනය වේ.
    කෙසේ නමුත් මෙම දිය එසේ මෙසේ දිනයක් නොවේය.
x    රට කරවන ඇත්තන්ට විශාල ලෙස මුදල් හරි හමිබ කල හැකි හා හොදින් පාරම් බෑ හැකි දිනයකි.
x    සමාජයට වැඩදායක නොවූ සදාචාරසම්පන්න ව ජීවත්විය නොහැකි එවුන් හට ගරු අධිකරනයෙන් ලැබූ දඩුවම් අළුයම ලූ කෙලපිඩක් සේ වත් නොසලකා  තම සිරගෙවල්වලින් නැවතත් තමා සිටි ස්ථාන වලටම ගොස් එම ක‍්‍රියාවල නියැලීමට අවස්ථාඛාව හිමිවෙන දිනයකි. මෙය අහඹුලෙස තෝරාගත් යම් පිරිසකට පමණක් බව හිතට ගන්න.
x    ඒ වාගෙම ආගමික ස්ථන වලට වැඩ වැඩි දිනයකි. වෙළෙන්දන්ට කොඩි ආදිය විකුණා ගැනීමට අවස්ථාව උදා කරන අවස්ථාවකි.
x    රජයේ හා සමහර පෞද්ගලික ආයතනවල සේවය කරන්නන්ට නිවාඩු දිනයකි.
x    මෙම දිනයට සාපේක්‍ෂව පවත්නා උත්සව වලට සහබාගී වීම නිසා  එදිනට වත් ගෙදරටවී සිටින්නට නොහැකි වුන් ශී‍්‍රමත් අයිවර් ජෙනිංග්ස් ගේ අම්මා මතක් කරන දිනයද වේ.
x    පවත්නා උත්සව වලින් උපරිම ඵල නෙලා ගන්නා තරුන තරුනියන් ද මෙදින දැක ගත හැක.
x    පාසල්  ලමුන්ටද ගුරුවරුන් හටද මෙම නිවාඩුව බලපාන අතර යම් අයට පවතින උත්සව නිසා එලෙස නැත.
x    සෑම නිවසකම ආයතනයකම මෙන්ම ව්‍යාපාරික ස්ථාන වලත් සිංහ කොඩිය ඔසවා තබන එක් දිනයකි.
x    සියලුම රූපවාහිනී නාලිකාවලට මෙන්ද අනිකුත් ගුවන් විදුලි හා පුවත් පත් ප‍්‍රමුඛ මාධ්‍ය වලටද මෙම දිනය සදහා සූදානම් වීමට ඇති අතර ඒ කාලය ඉතා කාර්ය බහුලය.

2010 පෙබරවාරි 4 ද උත්තවාකාරයෙන් බැබලූනි.  එදින යම් යම් මතිමතාන්තර හා සංකල්ප කටකතා බිහිවූවේ මැයි 9 දින අරඹයාය. මක්නිසාද පිරිසක් කතා කලේ ශ‍්‍රී ලංකාවට සැබෑ නිදහස එනම් අධිරාජ්‍යවාධීන්ගේ මෙහෙයවීම මත එල් ටී ටී ඊ නම් සුළුතර කණ්ඩායමක් ගෙන ගිය දෑවැන්ත විනාශකාරී ග‍්‍රහනයෙන් අප මිදීම ලබා ගත්තේ මැයි 9 නිසා මින් මනත සැබෑ ජනතාවාදී නිදහස් දිනය වනුයේ මැයි 9 වන බවයි.

    ඒ නිසාදෝ අද නිදහස් දිනය ගැන ජනතාව තුල ඇත්තේ මන්දෝත්සාහීබාවයකි. ලක පුරා සිංහ කොඩි ලෙලදෙන්නේ නැත. උත්සව නැත. ආයතන මට්ටමින් ජාති්ක තොඩිය ඔසවා නැත. රජය කීවාත් එය මහජනතාව නොකරන්නේ සැබෑ නිදහස මැයි 9 දින ලැබූ නිසාය. සියල්ල කතරගමට සීමාවී ඇත්තේ එය රාජ්‍ය අනුග‍්‍රහය මත වන නිසාය.

මැයි 9 මහ ජනතාව මෙය සමරන්නේ රජයට හොම්බ බිම ඇන ගන්න ආකාරයටය. මහ ජනතාව රජයට උත්සව පවත්වන හැටි එදිනට උගන්වනවා සත්තය. උගන්වනවාය. ස්වෙච්ඡුාවෙන්ම කොඩි දමනවාය. මහ පාරවල් පුරා කිරිබත් උයනවාය. උත්සව පවත්වන්නේ දින ගනනක් බලපාන පරිදිය. නිවාඩු නුදුන්නත් එදින කීපය තුල නිවාඩු ගන්නවාය. එම දිනයට පසුව සියලූම මාධ්‍ය තක්බීර් වී වැඩ පටන් ගන්නේ අම්මා මුත්තා කාලෙවත් මෙහෙම වැඩක් නුදුටු නිසාය.

බොරුනම් මැයි 9 දින වෙන්නේ මොනවා දැයි බලාගෙන ඉන්න   

Wednesday, February 2, 2011

කාල් මාක්ස්



  කාල් මාක්ස්



  



බුදුරජානන්වහණ්සේ,

ජේසුස් වහන්සේ,

මහම්මත් තුමා     වැනි ආගමික නායකයින්ට සමාන බලපැමක් ලෝකයා කෙරෙහි ඇති කල තවත් අයෙකු ලෙස කාර්ල් මාර්ක්ස් හැදින්විය හැක. ලෝකයේ මැතක් දක්වා විහාල ලෙස විකිණි ඇති පොත් තුනෙන් එකක් වන්නේ කාල් මාක්ස්ගේ ප‍්‍රාග්ධනය නමැති කෘතියයි. අනිත් දෙක වුයේ බයිබලය සහ ප්‍රෙඞ්රික් නිට්ෂේගේ සරතුස්ත‍්‍රා ය.


ධනපති ක‍්‍රමයේ ප‍්‍රධානම අභියෝගය හා භයංකාර සිහිනය ලෙසත්, මධ්‍යස පන්තියේ බුද්ධිමය ස්වරුපය හසුරුවන හා බොහෝ වේලාවට එය සසල කරන ප‍්‍රධාන බලවේගය ලෙසත් පිඩිත කම්කරු පන්තියේ එකම ගැලවුම්කාරයා ලෙසත් අභාවප‍්‍රාප්ත වි වසර 125 ක් ඉක්මවුවද තවමත් සලකනු ලබන්නේ කාල් මාක්ස්ය.


කාල් මාක්ස් ජර්මනියේ ප‍්‍රසියාවේ ටි‍්‍රයෙර් නමැති නගරයේ වර්ෂ 1818 මැයි 05 වනදා යුදෙව් පවුලක උපත ලැබිය. ඔහුගේ පියා වෘත්තියෙන් නිතිඥයෙක් විය. ප‍්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයෙන් පසු මාක්ස් අවුරුදු 17 දි එනම් 1835 දි තම පියාගේ බලපැම උඩ නිතිය හැදැරිම සදහා බොන් විශ්ව විද්‍යාලයට ගියමුත් නීති විෂය ගැන කලකිරිමෙන් අනතුරුව දර්ශනය විෂයය හැදැරිමට බර්ලින් විශ්ව විද්‍යාලයට ගියේය.





ෆියුබා බෲනෝ බවර්, ස්ටර්නර්, ප්රුෙදාන් සහ බකුනින් ආදින් මුලදි මාක්ස්ගේ මිත‍්‍රයන් වු නමුත් පසුව එ් සියල්ලෝම පාහේ මාක්ස්ගේ ශාස්ත‍්‍රිය සතුරෝ වුහ. මාක්ස්ට ඔහුගේ ශාස්ත‍්‍රිය මෙන්ම හිතෛශි මිතුරා වු ෆ්‍රෙඞ්රික් එංගල්ස් හමුවුයේ 1844 දිය. මාක්ස්ගේ මරණය දක්වාම එංගල්ස් ඔහුගේ එකම හිතවතා සහ ශාස්ත‍්‍රිය ආධාරකරුවා විය. මාක්ස්, න්‍යායක් වර්ධනය කිරිම සදහා පමණක් ලියුවෙකු නොවු අතර ඔහු තමාගේම දර්ශනය මත ක‍්‍රියාකාරි දේශපාලනයේද නිරත වුවෙකි. ප‍්‍රායෝගික ක‍්‍රියාකාරි දේශපාලනයේ නිරතවිම නිසාම ආර්ථික වශයෙන් දිළින්දෙකු විමෙන් මැදි වයසේදිම සෞඛ්‍ය ප‍්‍රශ්නවලට මුහුණ දිමට ඔහුට සිදු විය. ඒ නිසාම එ් අතර වාරයේ දරුවන් දෙදෙනෙකු ලෙඩවිම සහ දරුවන් දෙදෙනෙකුම අකාලයේ මියයාම නිසා මාක්ස් කම්පනයට පත්ව සිටියද එය දරා ගැනිමට ඔහුට ආත්ම ශක්තියක් තිබිණි.


අප‍්‍රතිහත ධෛර්යකින් යුතුව තමාගේ ෙඔතිහාසික කාර්යභාරය සම්පුර්ණත්වයකට පත් කිරිමට දිවා රාත‍්‍රි වෙහෙසිම නිසා රෝගාතුර වු කාල් මාක්ස් නමැති මේ අග‍්‍රගණ්‍ය චින්තකයා 1883 මාර්තු 14 දින මෙලොවින් සමුගත්තේය.


ලිපිය මුලදි අප දැක්වු ආකාරයේ අති විශාල බලපෑමක් සමකාලින ලෝකය කෙරෙහි මාක්ස් ඇති කලේ කෙසේද? මෙයට හේතුව ශුද්ධ බුද්ධියෙන් හා කාල්පනික චින්තනයෙන් එතෙක් විස්තර කරනු ලැබු ලෝකය කඩා බිද දැමිම සදහා පළමු පියවර ඔසවනු ලැබුවේ කාල් මාක්ස් විමයි.

 ලෝකය යනු විස්තර කල යුතු එකක් නොව වෙනස් කල යුතු හා ගොඩනැගිය යුතු එකක් බව මුල් වරට පැවසුයේ කාල් මාක්ස් විසිනි. මෙම විකල්පිය දර්ශනය සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ භෞතිකවාදි දර්ශනයක් වශයෙනි.


මාක්ස් මෙම දර්ශනයෙන් පළකර සිටියේ ජෝර්ජ් හේගල් සිතුපරිදි ඉතිහාසය යනු මිනිසුන්ගේ අදහස්වල ආපෝහක චලනය පිලිබද ඉතිහාසයක් නොව භෙෘතික කරුණු හා ප‍්‍රත්‍යන්ගේ ආපෝහක චලනය පිලිබද ඉතිහාසය වන බවයි. අදහස් හා චින්තනය යනු අවසාන විශ්ලේශනයේදි භෞතික ලෝකයේම පිලිඹිඹුවක් මිස භෙෘතික ලෝකය අදහස්වල පිලිඹිඹුවක් නොන බව මාක්ස් අවධාරණය කලේය. ඥණය පිලිබද සමාජ විදයාවට මාක්ස් විසින් කරන ලද කොපර්නිකියානු විප්ලවය  මෙය විය. කැම බිම හා වාස්සථාන සපයා ගැනිම මිනිසාගේ පැවැත්මේ ප‍්‍රධානතම අංගය බව මාක්ස්ගේ පළමු ප‍්‍රස්තුතය විය. මිනිස් පැවැත්මේ ස්වාවය ඉහත කි මාර්ග නිපදවා ගැනිම මත තිරණය වෙයි. මිනිස් සමාජය අවසානයේදි මනෝමුලික විස්තරවලින් ඇත්වි මෙම භෙෘතික සත්‍යයෙන් කාර්ය ආරම්භ ක යුතුයැයි මාක්ස් පෙන්වා දෙනුයේ මේ නිසාය.


නිෂ්පාදන ප‍්‍රකාරයන්ගේ ස්වභාවයට අනුව මිනිස් සමාජයේ අවධි 04 ක් දැනට ඉදිවි ඇත. ප‍්‍රාථමික කොමියුනිස්ට් සමාජය හැරෙන්නට අනෙක් සමාජවලදි මිනිසුන් පෞද්ගලික සන්තකය හා ශ‍්‍රම විභජනය මත පන්තිවලට බෙදුණහ. සැම වැදගත් සමාජ වෙන්සවිමක්ම පන්ති අරගලය හා සම්බන්ධවන අතර මේ නිසාම මේ දක්වා පැවති සමාජයන්හි ඉතිහාසය වනාහි පන්ති අරගලවල ඉතිහාසයක් ලෙස මාක්ස් හා එංගල්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ සදහන් කළහ. ඉතිහාසය තුල සමාජයන් එකින් එක ඉදිවී පෙරලී ගොස් අලූත් සමාජ බිහිවිම නිෂ්පාදන මාර්ගයන්ගේ වෙනස්විම හා සම්බන්ධතාවයන් අතර ඇතිවන පරස්පර විරෝදයන්හි වර්ධනය අවසාන හිණිපෙත්තට පත්විමත් සමග සමස්ත නිස්පාදන ප‍්‍රකාරයේ ගුණාත්මක වෙන්සවිමක් ඇතිවන බව මාක්ස් පැවසිය. සමාජ වෙනස්විම පිලිබදව හේතුඵලවාදි විස්තරයක් නොව මාක්ස් විසින් අපෝහකවාදි පැහැදිලි කිරිමක් කරන ලදි.


සමාජය යනු කුමක්ද? යන්නට පිලිතුරු සපයනවාට වඩා    මාක්ස් උත්සාහ කලේ සමාජයේ වෙනස්විම සහ වර්ධනය සදහා න්‍යායක් :විදි ක‍්‍රමයක්* සැපයිමටය. හේගල්ගේ විඥනවාදය ප‍්‍රතික්ෂේප කල මාක්ස් ඔලූවෙන් සිටගෙන සිටි හේගල්ව පමණක් නොව ඔලූවෙන් සිටගෙන සිටි සැම දෙනාවම පාහේ කකුල් දෙකෙන් සිටුවිමේ අවශ්‍යතාවය හොදින් දැන සිටියේය. හේගල්ගේ විදික‍්‍රමය ඓතිහාසික භෞතිකවාදි සන්දර්භයකට භාවිතා කරමින් ඔහු අලූත් නිගමනයක් කරා පැමිණියේය. එ් එ් ප‍්‍රත්‍යයන් තුළ නෛසර්ගිකව පවතින පරස්පර විරෝදයන්ගේ සංඝට්ටනය තුලින් නව බිහිවිමක් සිදුවේය යන්නට සංස්ථිතිකවු භෞතික අර්තකථනයක් ඉදිරිපත් කළේ මාක්ස්ය.


සමාජය කෙරෙහි මිනිසාගේ අවබෝධය පුලූල් කිරිම සදහා මාක්ස් විසින් අලූත් විධික‍්‍රමයක් අලූත් දර්ශනයක් ඉදිරිපත් කරන ලදි. මාක්ස් අභාවප්ප‍්‍රාප්ත වි අවුරුදු 125 ක පිරෙන මොහොතක වුවත් එ් අග‍්‍රගණ්‍ය චින්තකයා කෘත ගුණ පුර්වකව අප විසින් අනුස්මරණය කල යුත්තේ එහෙයිනි. කරනු ලබන කැප කිරිම් නොහොත් ආයෝජනයන් ධනපති ක‍්‍රමය උදුරාගනු ලබන සහන සහ අයිතින් ධනවාදය වර්ධනය විමේ හේතුවෙන් බිහිවු පරිතයාගයන් හැටියට හැදින්විමට ධනවාදය සමත්වි ඇත.  ලෝක ආර්ථිකයේ ව්‍යුහයෙහි හා ශ‍්‍රිතයේ සාමාන්‍යයෙනුත් ලාංකිය ආර්ථිකයේ අයහපත් තත්වය දෙස විශේෂයෙන් බැලිමෙනුත් ධනවාදයේ සියලූම ප‍්‍රකාර ගැලවිය නොහැකි අර්බුදයකට මුහුණ දෙමින් පවතින බව පෙනේ. එම දේශපාලන අර්ථ ක‍්‍රමය පිලිබද මාක්ස් එදා කළ විචාරය අපට පමණක් නොව ධනවාදයෙන් බැටකන සකල පිඩිතයින්ටම ගැලපෙන බව කිව යුතුය.


සමෟද්ධිමත් ධනවාදයක් පිලිබදව මිත්‍යාව පැතිරුණු අවධියේ මාක්ස්ගේ චින්තනය දිරා වැහැරි ගිය එකක් බව පෙන්විම සදහා තවත් අදහසක් ඉදිරිපත් විනි. මෙයිව් කියවුනේ කම්කරු පන්තිය සමස්තයක් වහයෙන් ධනේශ්වර පන්තියට උසස් වෙමින් පවතින බවයි. මෙම මතය මධ්‍යම පංතිකරණවාදය වශයේන හැදින් වේ. මෙයද කාර්මිකරණවාදය පිලිබද මතය මෙන්ම සත්‍යයෙන් තොර බව මෙම ලිපියෙන් පසුව අවබෝධවනු ඇත. මාක්ස්වාදි දර්ශනය යල්පැන ගොස් ඇති නිසා වර්තමාන ලෝකය වටහා ගැනිමට එයින් ලැබෙන රුකුලක් නැතැයි ද මාක්ස්ගේ ප‍්‍රධාන ප‍්‍රස්තුත බොහොමයක් පාහේ ධනවාදයේ වර්ධනය ඉදිරියේ මාක්ස් සමගම මිහිදන්ව ඇතැයි ද බොහෝ අය පවසති.



                   මෙය හරිහැටි  වටහා  නොගත් බොහෝ අය මාක්ස්ගෙන් නිරපේක්ෂ, නොවෙනස් දේව වාක්‍යයන් වැනි සත්‍යන් බලාපොරොත්තු වෙති. මාක්ස් එම බලාපොරොත්තු ඉටු නොකිරිම නිසාම ඔහු යල්පැන ගිය චින්තකයෙකු හැටියට සලකා බැහැර කරයි. මෙම වැරදි නිගමනයට හේතු දෙකක් ඇත. ඉන් පළමු වැන්නම් මොවුන් ආගමික පරාඩිමයක සහ සමාජ පරාඩිමයක වෙනස හදුනා නොගැනිමයි.  ආගමික පරාඩිමයක සත්‍යය නොසෙල්වන ආකාරයට ආගම විසින් නිර්වචනය කර ඇත. සමාජ පරාඩිමයකදි සත්‍යයට සාපේක්ෂ අර්ථයක් ලැබෙන අතර එය අඛණ්ඩව ගොඩනැගෙමින් යන්නක් ලෙස නිර්වචකය වෙනු ලබයි.

බාහිර ලෝකයේ සත්‍යත් තමාගේ දර්ශනය තුල සත්‍යය පිලිබද සංකල්පත් මාක්ස් අර්ථවත් කලේ එපරිදිය. මාක්ස්ගේ නයායන් අද අසත්‍ය වි ඇත ආදි නිගමනයන් මේ අනුව පරාඩිමයන් දෙකක් පටලවා ගැනිම නිසා ජනිත වු එ්වා වෙයි. දෙවැන්න නම් ධනවාදි දෘෂ්ථිවාදය විසින් එදා සිට අද දක්වාම මිනිසාගේ දැස් පුරුදු පුහුණු කලේම සත්‍ය යථාර්ථය නොදකින්නටත් එ් වෙනුවට ව්‍යාජ ක‍්‍රියා සන්තතියක් යථාර්ථය ලෙස දකින්නටත්ය.

ධනවාදය



මේ නිසා දෘෂ්‍යමානයෙන් සහ තාවකාලික වාසිවලින් සැනසෙන බොහෝ අය ධනවාදයේ සශ‍්‍රිකත්වය ඔසවා තබමින් ධනවාදයේ සෘජු පරස්පර විරෝධය හැටියට පත්ව ඇති මාක්ස්ගේ චින්තනයේ කාලින වැදගත්කම ප‍්‍රතික්ෂේප කිරිමට පෙළඹි ඇත. මාක්ස්වාදය ඇත්තෙන්ම අවලංගු වු කාසියක්ද? මාක්ස්ගේ ආකෘතිය ශතවර්ෂයකින් පමණ පරණ වි ගොස් ඇති නිසා එය අද තත්වයට භාවිතා කල නොහැකිද? මාක්ස්ගේ කාර්ය සංසිද්ධිය සැමරිමේදි මෙම ප‍්‍රශ්නයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන නිසා කෙටියෙන් හෝ එ් ප‍්‍රශ්න විග‍්‍රහ කර බැලිම වැදගත් වනු ඇත.


                21 වන ශත වර්ෂයේ සමාජය සැහෙන පරිමාණයකින් වෙනස්වි ඇති බව සත්‍යයකි. මෙම අලූත් සංසිද්ධින් හා ප‍්‍රවණතාවයන් මාක්ස්ගේ ආකෘතිය තුල සටහන්ව නොතිබුනු බවද සත්‍යයකි. එයට හේතුව නම් විෂය බද්ධ ක‍්‍රියාවලින් සිදුවන්නේ මාක්ස්ගේ ආකෘතියට අනුව හෝ එකගව නොවන නිසාය. කෙසේ වුවද ධනවාදි අර්ථ ක‍්‍රමය යම් යම් සහනයන් ජනතාවට මතු පිටින් සපයා ඇති බව අප පිලිගත යුතුය. එහෙත් මෙයින් ධනවාදය පිඩිත ජනතාවගේ ගැලවුම්කරුවා යැයි පිලිගත හැකිද? ඇරත් ධනපති පන්තිය කම්කරුවාට සහන සපයන්නේද අවංක කැමැත්තකින් නොවන බවද අප පිලිගත යුතුය.


ශ‍්‍රි ලංකාවේ කම්කරුවන්ගේ වැටුප් පසුගිය කාලයේ අංකවලින් ඉහල ගිය බව සත්‍යනමුත්, මුදලේ අගයට සාපේක්ෂව ගත්කල ඔවුන්ගේ ජිවන තත්වයේ ඉහලයාමක් සිදුවුනිද? නැත. ආර්ථික වර්ධනයෙන් බිහිවු වාසි හා ජිවන තත්වය ඉහල යාම සමස්ත ජනතාව අතර සමානුපාතිකව බෙදි ගියේද? නැත. නිදහස ලබාගත් දවසේ සිට අද දක්වා ලංකාවේ පැවති ධනේශ්වර තට්ටු මාරු(?* ආණ්ඩු විසින් කරන ලද ආර්ථික සංවර්ධනයේ කැපි පෙනෙන ලක්ෂණය නම් සහනාධාර වලින් යැපෙන 70 ලක්ෂයක ජනතාවක් බිහි කිරිම පමණි. ලෝක ජනගහණයෙන් 2/3 ආසන්න ප‍්‍රමාණයක් අවම ජිවන තත්වයක් මත සිටින බවද මෙහිදි සදහන් කළ යුතුව ඇත.



අද සමාජයේ නව මැද පංතියක් බිහිව ඇතැයි සමහරු පවසන අතර මෙම මැද පංතිය සකස් වි ඇත්තේ වෘත්තිය, ශිල්පිය,  පරිපාලමනය , ලිපිකරු, කළමණාකරණය ආදි රැුකියාවන් කරන පිරිසකගෙනි. මෙය ධනවාදයේ ව්‍යුහය වෙනස් කර ඇති නිසා මාක්ස්ගේ පංති පිලිබදව කල විග‍්‍රහය වෙනස් කල යුතු කාලය එළඹ ඇති බවක් කියැවේ. සමාජ පංතිය නිර්වචනය කල යුත්තේ හිමිකාරිත්ය පිලිබද නිතිමය ප‍්‍රකාරයක් හැටියට නොව නිෂ්පාදන මාර්ගයන්ගේ සාර්ථක පාලනය සැලකිල්ලට ගෙන යැයි මේ අය පවසති. මෙම නිරික්ෂණය නම් තරමක් බැරුරුම් ලෙස ගත යුතු සත්‍යමුත් ප‍්‍රධාන පංතින් අතර ගැටුම අවබෝධ කරගැනිමට අවශ්‍යය මුලික තාර්කික පදනම  මාක්ස් විසින් සපයා දි ඇති බව පිලිගැනිමට එය බාධාවක් නොවේය යන්න මගේ හැගිමයි.


දේශපාලන ආර්ථික ක්ෂේත‍්‍රයේ එදා සහ අද නිරන්තරයෙන් ඉස්මතුවන චලනයන් හා දිශානතින් පමණක් නොව ආගම්වල ආකෘතිය සහ භුමිකාව වටහා ගැනිම සදහා මෙන්ම විද්‍යාවේ නව්‍ය ස්වභාවය තේරුම් ගැනිම සදහාද මාක්ස් විසින් කරන ලද ශාස්ත‍්‍රිය දායකත්වය මිළ කල නොහැකි බව අවධාරණය කල හැකි අතර මාක්ස්ගේ මරණයෙන් 125 වසරක් ගෙවෙන මෙම වර්ෂයේදි එම ශ්‍රේෂ්ඨ චින්තකයා සිහිපත් කල යුත්තේ බටහිර දර්ශනයේ යුග-ප‍්‍රවර්තක අග‍්‍රගණ්‍ය මානවවාදි චින්තකයා අවිවාදයෙන්ම ඔහු පමණක් බැවිනි.
















මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකා ආරච්චිගේ දේශනයක් ඇසුරිනි